Thursday, May 23, 2013

රජාගේ මනාපේ,,,,

රජ්ජුරුවෝ රට කරන විට ඇමැති මණ්ඩලේ තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.
රජ්ජුරුවෝ රට කරන විට අධිකරණයේ  ලොක්කා තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.
රජ්ජුරුවෝ රට කරන විට බැංකුවේ  ලොක්කා තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.
රජ්ජුරුවෝ රට කරන විට කනිජ තෙල් සංස්ථාවේ   සභාපති තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.
ඔව්වා හැමදාමත් එසේමය.
ඒත් රට්ටු නොදන්නා තවත් තවත් දේ තෝරන්නේත් රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.
පාමංකඩ පියනන්ද හිමිට ඇමරිකාවේ සංඝ නායක තනතුර ලැබුනේත් රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය. තවත් නිවැරදි කලොත් රජ්ජුරුවන්ගේ මල්ලීගේ මනාපයට අනුවය. කවදාවත් නොතිබුණ අටමගල් තනතුරු ලැබෙන්නට එක්කෝ පින් කර තිබිය යුතුය. නැත්නම් ජනතාව පව් කර තිබිය යුතුය. අපේ හාමුදුරුවන්ට දැන් තවත් චාන්ස් එකක් ඇත. තවම උගන්ඩාවේ සංඝ-නායක කමට කෙනෙක් පත්වී නැත. රජ්ජුරුවන්ගේ පවුලේ කෙනෙක් දන්නවා නම් වැඩේ ගොඩය.
ඔවැනි තවත් නායක කමක් නම් විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරයි. රට්ටු හිතන්නේ ඔව්වා පත්කරන්නේ විශ්වවිද්‍යාලයෙන්ම බවයි. එක අතකට රට්ටුන්ට ඔව්වා වැඩක් නැත. එක අතකට ඕනිම කුනුගොඩකත් වැදගත්කමක් ඇත.
කොළඹ වාසිටියේ හිටපු වී.සී  (උපකුලපති=Vice Chancellor = වී.සී  ) ශානිකා හිරිබුරේගම නෝනායි. ඉදිරිපත් වූ නම් අතරින් අඩුම සුදුසුකම් තිබුනේත් ඇයටයි. නමුත් රජ්ජුරුවන් දැන හැදින ගැනීමේ සුදුසුකම් තිබුනේත් ඇයටයි. මහාආචාරියාලාගේ පවර්ස් රජුට වලංගු නැත. මනාපය ලැබුනේ  හිරිබුරේගම නෝනාටයි. තනතුර ගන්නට අනෙක් මහාආචාරියාලා කොච්චර තැටමුවත් අන්තිමට කොළඹ ලොක්කී ඇයම විය.
ඇය දැන් උපකුලපති පදවියේ නැත. ඊටත් එහා ගිය පදවියක් ඇයට ඇත. ඒ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මහ පුටුවයි. සරලව ලංකාවේම  විශ්ව විද්‍යාල සියල්ලේම ලොක්කායි ලොක්කීයි. ඉස්ටෝරිය ඉවර නැත. ඇයගේ සැමියාත් කොළඹ වාසිටියේම ආචාරියා වරයෙකි. අව්ලක් නැත. ඒත් දැන් සීන් කෝන් එක යන්නේ මෙසේය. නෝනා ගේ පුරප්පාඩු වූ කොළඹ වාසිටියේ උපකුලපතිකමට සැමියා පත් කරන්නට යයි. කව්රුත් නොදන්නවා වුවාට වැඩේ ෂුවර්ය.
(රජයේ රහස් දැන් කෝච්චියේ, බස් රථයේ,  අතන මෙතන කියන්ට ඕනෑ නැත. බ්ලොග් පිටුවේ දැමිය හැක.)
අඩුම සුදුසුකම් වලින් නෝනාට හා මහත්තයාට  උපකුලපතිකම ලැබුන ලෝකයේ එකම වාසිටිය කොළඹයි. පේරේට නැති වාර්තා කොළඹට ඇත. ලෝකෙටම නැති වාර්තා කොළඹට ඇත. කොළඹ උන් ආඩම්බර විය යුතුය.
එනම් තවමත් කොළඹට කිරිය. පේරේට කැකිරිය.



16 comments:

  1. Thank you for the exposure.More and more exposures please!

    ReplyDelete
  2. තූ නොදකින්, ලජ්ජා නැතිකම ජිල්මාට් රජකමටත් වඩා ලොකුයි කිව්වලු.

    ReplyDelete
  3. ඔබ මැකියාවෙලිගේ prince පොත කියවා ඇතැයි සිතමි.කුමාරයා නමින් එහි සිංහල පරිවර්තනයක්ද ඇත.රාජ්‍ය පාලකයෙක් තම පාලනය ස්ථාවරව පවත්වා ගෙන යාමට අවශ්‍ය මහත් හෝ සුළු ක්‍රියා මාර්ග ගත යුතුය. යන්න එහි පැහැදිලිව අවධාරණය කර ඇත. පාලකයෙකු සාර්තක හෝ අසාර්තක වන්නේ ගන්නාවූ ක්‍රියා මාර්ග වල ස්වභාවය අනුව නොව එය නියමිත වේලාවට ගැනීම හෝ නොගැනීම අනුවය.

    ReplyDelete
    Replies
    1. මැකියවෙල්ලි ලියු උපහාස (political satire) කතාවකට අනුව රට පාලනය කරන්න යන පාලකයා නම් ඇන ගනී.

      Delete
  4. අනේ නිකන් බොරු නොකියා පල.
    කොළඹට තාම වීසී කෙනෙක් නෑ. ඇක්ටිං වීසී කෙනෙක් විතරයි ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇක්ටිං වේසීත් හිටපු වේසී වගේමද බොල?

      Delete
  5. හයියූ...මෙහෙමද වෙන්නෙ දැන්...

    ReplyDelete
  6. මේ හිරිඹුරේගම නෝනා ඇවිල්ලා මහචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගලගේ දුවක් නේද?....හපොයි දරුවො නිසා දෙමව්පියන්ටත් සැනසිල්ලෙ ඉන්ට නැතිහැටි ඉන්න තැනක....ඇමති මණ්ඩලේ බාගෙකට වඩා සම්මාන ආචාර්ය උපාධි දුන්න මෙයයි ඉන්න කාලෙ කොළඹ විස විජ්ජාලෙං...

    ReplyDelete
    Replies
    1. අර ටියුෂන්කාරයත් මෙයාලගේ නෑයොද

      Delete
    2. ඔව්.
      උපුල් ශාන්ත කියන්නේ මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නසගල ගේ මල්ලි ගේ පුතා.

      Delete
    3. උපුල් ශාන්ත සන්නස්ගල ගේ කුඩා කාලය දරිද්‍රතාවයෙන් පීඩිත එකක් බවත් උපුල් කුඩා කල වෙනත් පවුලකට හදාගන්න දීමට පවා ගිය බවත් අසා තිබෙනවා.ඒවා කියවන කොටම මට සැක ඇතිවුනා.ඒවා එතකොට උගෙ අතේ රෝල් නේද?

      Delete
    4. ඒ ගැන නම් දන්නේ නෑ.

      Delete
  7. හිගන්නාටත් මහ රජාටත් ලජ්ජාවක් නැත.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ අපි අපිටත් ලැජ්ජාව අඩු වැඩි වශයෙන් නැති හැඩයි.

      Delete
  8. මහ රජාට තේරිය හැක්කේ යවන නම් තුනෙන් එකකි. ඒ නම් තුන පාලක සභාව යන එකෙන් චන්දයෙන් තෝරා යවනු ලැබේ. කෙනෙක්ව කපා හරීමට ඇති හොඳම ක්‍රමය අර චන්දයෙන් නම් කැපෙන සේ වැඩේ කිරිමය. පාලක සභාවේ සහය ඇත්නම් කල නොහැකි වැඩක් නොවේ.කර ඇති වැඩකි.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා. නමුත් යවන නම් තුන දෙපාරක් රිටන් කරල අදාළ නම දාන්න කියල ඇවිත්. කොහොමද වැඩේ.

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,