අනෙක් බොහෝ දේ අමතකවූ දවසක, නිසසල නිස්කලංක රාති‍්‍රයක් ගෙවන විට පැහැදිළි අහසක් ඔබත් දැක තිබෙනවාද? ඔව් එහි තරු බොහෝ ගණනකි. සදත් පායා තිබෙන්නට හැකියි. එහි ඇති චමත්කාරයෙන් ඔබ්බට යමක් සිතන්නට විවෘත මනසක් අපිට හිමිද.
සඳ යනු කුමක්ද, තරු යනු මොනවාද, මෙහි අවසානයක් පවතීද. කෙනෙකුට මේවා හරහා යා හැකි නම් ඉවර වන්නේ කොතනින්ද. මේවා හැදුනේ කොහොමද, කවදාද, කුමක් සදහාද???? නිමක් නැති ගැටළු පෙළක් ආරම්භ වේවි.
අතීතයක් පුරාවටද අනාගතයේද සෑම මිනිස් සමාජයකම මේ ගැටළු පැවතුනා. ඔබත් මමත් එහි මුල් පුරුක නොවෙනවා මෙන්ම අවසන් පුරුකද නොවෙනු ඇත. එසේම ඒ ඒ සමාජ තලයන් සහ කාලයන් වල විවිධ පිළිතුරු මේ තේරුම් ගත නොහැකි ගැටළු වලට සම්මත කරගත්තා. දිව්‍ය බලයක් හෝ එවැනි බලයක් විසින් මේ සියල්ල මැව්වා හෝ ඇති කළා යන්න අතීත ඉන්දියානුවන්ගේ පටන් වර්ථමාන මිනිසා විසිනුත් සම්මත කරගෙන ඇති එක් අදහසක්. තවත් විටෙක එය තේරුම් ගත නොහැකි, තේරුම් ගැනීමට උත්සාහ නොකළ යුතු දෙයක් ලෙසද අර්ථ දක්වන්නට යෙදුනා. මිනිසා ආගමකින් සොයන්නට වෙහෙසුනේත් මෙවැනි විසදිය නොහැකි ගැටළු වලට සාර්ථක අර්ථය දැක්වීම්.
එමෙන්ම විද්‍යාවටත් මේ ගැටළු පිළිබද එයටම අනන්‍ය වූ කතාවක් තියනව.
එහිත් මේ විශ්වය හැදුනේ මෙහෙමයි යන්න පැහැදිළි කිරීමට උත්සාහ දරා තිබෙනවා.
නමුත් මේ විද්‍යාවේ කතාවත්, ආගමික හා ප්‍රබන්ධ කතාත් අතර දැනෙන වෙනසක් හදුනා ගන්න පුළුවන්. එනම් ඕනෑම කෙනෙකුට මෙය පරික්ෂා කර බලන්නටත් එය අභියෝගයට ලක් කරන්ටත් අවස්ථාවක් තිබීමත් අභියෝග සහ අළුත් අදහස් දිරිගැන්වීමත් යන කාරණායි.
ඔන්න එහෙනම් ඔය ගැටළුවට ගැන විද්‍යාවේ කියන කතාව ගැන පොඩි සටහනක් අද.
ආරම්භයේදී කිසිවක් තිබී නැත. කාලයක්, අවකාශයක් හෝ ඉඩක් කිසිම දෙයක් නැති හුදු අවසානයක් පමණි. ඉනික්බිති අව්රුදු බිලියන තිහයි දශම හතකට පෙර කිසිම දෙයක් නැතිව තිබුන අවසානයෙන් සියල්ලම ඇතිවීම ආරම්භ උනා. විශ්වය පිපිරීමක් ඇති උනා එහි ආරම්භයට. ඒ මුල් ප්රසාරණයෙන් අවකාශයේ ඉඩක් ගන්නා දෑ හි ප්‍රාථමික ස්කන්ධ ඇති උනා. එයින් ද්විතීක ස්කන්ධ ආදී වශයෙන් ක්‍රම ක්‍රමයෙන් පටන් ගැන්ම සිදුඋනා. සරලම කතාව ඕකයි.
ඉතින් මේ කතාවට පරික්ෂණාත්මක සාක්ෂි සොයා ගැනීමට දරන්නා වූ උත්සාහය තමා මේ ශත වර්ෂයේ මානව විද්‍යා ගවේෂණයේ වැදගත් සංදිස්ථානයක් වන්නේ.
වීශ්වය යනු නිසොල්මනේ පිහිටියාවක් නොවේ. එක ප්‍රසාරණය වන සංකෝචනය වන පරිණාමය වන දෙයකි. එය අනාගතයේදී තවත් වෙනස් වේවි. පටන් ගැන්මේදී තිබු ප්‍රාථමික දෑ එක්වී පරමාණු අනූ සංයෝග හරහා අවසානයේ ග්‍රහලෝක තාරුකා මණ්දාකිණි වැනි අති සංකිර්ණ ක්‍රියා වලියකට දාමයකට එක් පුරුකක මමත්, කියවන ඔබත්, සියල්ලෝමත් වර්ථමානය නම් යදමින් බැදි සිරකරුවන් වශයෙන් සිටියි.
ඔන්න ඔය සදහන් කල රහස් ගැන හොයන්නටම හදාපු පර්යේෂණාගාරයක් තියනව.
එය නමින් "CERN" (Conseil Européen pour la Recherche Nucléaire/ European Organization for Nuclear Research).
ඇත්තෙන්ම මෙම ආයතනයේ තමයි මේ විශ්ව රහස් සොයන්නට දැනට වැඩිපුරම පහසුකම් තිබෙන්නෙ. ප්‍රමාණයෙනුත් සෑහෙන ලොකුයි. ඒ විතරක් නොවෙයි, පර්යේෂණාගාරයේ වැඩිපුර කොටස් තියෙන්නෙත් පොළොව යට. ඔය අතර තවත් මතයක් උනේ මෙතැන කරන පර්යේෂණ නිසා එක් වර "කලු කුහර" (black hole- විශ්වයේ තියනවා කියන) වැනි පාලනය කල නොහැකි දේවල් ඇතිවී සමස්ථ පෘතුවියටම බලපෑමක් ඇතිවිය හැකියි යන්න. සත්‍ය වශයෙන්ම එය ප්‍රායෝගිකව කෙසේ වෙතත් සෛද්ධාන්තිකව සෑහෙන විභවතාවක් ඇති දෙයක්, එක් අතකට එය සාධාරණ චෝදනාවක්.
විශ්වගේ අදුරු අගාධ තුළ ඇති තරම් අඩු උෂ්ණත්වය යොදා ගනිමින් එමෙන්ම ආලෝකයේ ප්‍රවේග තරම් වේගයෙන් අංශු ත්වරණය කරමින් පර්යේෂණාගාරය තුළ රහසේම කෙරෙන්නේ මොනවාද,, ඒවායේ නිරීක්ෂන, නිගමන සහ අයින්ස්ටයින්ටත් විසදීමට ඉතුරුවූ ගැටළුත් ගැනත් කොටින්ම මිනිසා විශ්වය ගැන කොපමණ දුරකට තේරුම් ගෙන සිටිනවාද යන්න වගත් පිළිබඳව මහා විද්‍යාර්ථයින් නොවන අපට තේරෙන සරල බසින් ලියනා සටහනකින් නොහොත් මෙහි ඉතිරිය සමගින් නැවතත් හමුවෙමු.
// ආරම්භයේදී කිසිවක් තිබී නැත. //
ReplyDeleteකිසිවක් නැති තත්ත්වයක් ගැන චිත්තරූපයක් මවා ගන්නේ කොහොමද ? අඩු ගානෙ ශුන්යත්ත්වයවත් තිබුනේ නැද්ද ? හිතනකොටත් පිස්සු වගේ.
මමත් කාලෙකට ඉස්සර විදුසරේ විද්‍යා ප්‍රබන්ධයක් කියෙව්වා පරික්ෂණාගාරයක හදපු කලු කුහරයකින් මුලු ලෝකයම විනාශ වෙලා යන කතාවක්..
CERN පරික්ෂණාගාරය මේ මෑතකදි අයින්ස්ටයින්ගේ මතයක් බිඳ දමන පරීක්ෂණයක් කළා වගේ මතකයි.
සෙන්නා,, මොහොතකට සිතන්න අවකාශය ඇතුළු මුළු විශ්වයම එක් තිතකට සංකෝචනය වී තිබ්බා නම්. කෙළවරක් නැති අවසානයක් නැති අවසානයක්.
Deleteඅයින්ස්ටයින්ගේ නියම වලින් පැහැදිළි කල නොහැකි නිරීක්ෂනයක්, එවැනි නිරීක්ෂණ තිබෙනවා ඒවා තවමත් සෛද්ධාන්තික භෞතික විද්‍යාවන්ට පරිපූර්ණව පැහැදිළි කල නොහැකි ගැටළු.
මොකුත්ම තිබුනෙ නෑයි කියන එක මට නම් හිතාගන්න එච්චර අමාරු නෑ සෙන්නා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මට නම් ඒක මාර අමාරුයිනෙ..ඩූඩ්, ඒක ටික වෙලාවක් හිතනකොට මගෙ ඔළුව ඇතුලෙ නිකන් ශෝට් සර්කිට් වෙනවා වගේ මොනවදෝ වෙනවා. මුකුත්ම නැති තත්ත්වයක්..අඩුම ගානෙ හිස් බවවත් ? අනේ මංදා..
Deleteඔය ගැන තවත් එක් මතයක් තමයි ස්ට්‍රීන් තියරිය "String theory". එයට අනුව සියල්ල ඉතා ලගින් තවත් මාන යටතේ ලක්ෂියව අධික බලයකින් කේන්ද්‍ර ගතව පැවතීමයි.
DeleteString Theory එක ගැන මමත් ටිකක් අහලා තියෙනවා. ඒත් සෙන්නා කියන කතාව මටත් පොදුයි. අපි පැවැත්ම තුල ජීවත් වෙන නිසා වෙන්න ඇති අපිට ඒ වගේ දෙයක් ගැන හිතාගන්න බැරි.
Deleteහ්ම්... මට ඇති උන ප්‍රශ්නේ තමා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය සීයට සියයක්ම සත්ය්යද කියලා
ReplyDeleteඑය සැලකෙන්නේ අවකාශය සහ කාලය එකතු කර තැනූ තරමක් හොද පැහැදිළි කිරීමේ න්‍යායක් ලෙස. හොද ආරම්භයක් නමුත් එය පූර්ණ නැහැ.
Deleteමම හිතන්නේ බුදු දහම ඇර කිසි දෙයක් පූර්ණ තියරියක් නෙවෙයි.
Deleteඔව් මගෙත් විස්වාසය එහෙමයි.
Deleteනමුත් අපිත් වෙන රටක, වෙන ආගමක් අදහන පිරිසක් අතර ඉපදී ඒ ආගම පොඩි කාලේදී ඉදන්ම ඇදහූවා නම් ඒක තමා හරි යයි කියාවි.
ඔබට එකඟයි මමත්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
බුදු දහම කවදාවත් අසා නැති කෙනෙක්, මොකකටද එකග වෙන්නෙ.
Deleteමට මෑතකදී මහා පුදුම හිතෙන,එක අතකට කලකිරීමක් මෙන්ම තවත් අතකින් හාස්‍යයද මුසුවූ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුනා. රාත්‍රී කාලයේ පැහැදිලි අහසක් තිබුනා. ඒ අහසේ ක්ෂීර පථය ලස්සනට දිස්වූනා. මා සමග සිරියා බැංකුවක දෙවැනි මට්ටමේ විධායක නිලධාරියෙක්. පොලිස් පරීක්ෂක වරයෙක්, සහ පෞද්ගලික අංශයේ විධායක නිලධාරියෙක්. මධු විතක් ඇරඹුනා පමණයි. කිසිවකුත් මත්වී සිටියේ නැහැ. මම ඔවුන්ට අහස පෙන්වා මන්දාකිනිය, ක්ෂීර පථය, සෞරග්‍රහ මන්දරය, විශ්වය ගැන සෙමෙන් විස්තරයක් කළා. ඔවුන්ගෙන් කිසිවෙකුත් ඒ ක්ෂීර පථය යයි ගන්නට ති වූ අතර එය වලාකුලක් හෝ ජෙට් යානයකින් විසිරුන දුමාරයක් බවයි කිව්වේ. මා කොපමණ කරුණු කිව්වත් ඔවුන් එය පිළිගත්තේ නැහැ. මට හිතුනා මටම ටොක්කක් ඇනගන්න.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අයියෝ,, විචාරක.
Deleteමට පොඩි ගැටළුවක් තියනව. ඔබලා හිටියේ කොහෙද කියල,, විවෘත අහසක් ඇති තැනක්ද? ඒ කියන්නෙ ගෙදර නොවේ. හෝටලයක වෙන්නත් බෑ.බීච් එකේ හිටියත් ඔහොම තැනක් (වාඩි වෙන තැනම අහස පේන) හොයාගන්න ලේසි නෑ.
මහ වනයක අඳුරු විවෘත භූමියක්. මගේ හමුදා පුහුණුව මගින් මා දන්නවා වලාකුලක්, ජෙට් දුමක්, සහ ක්ෂීර පථය වෙන් කරගන්න.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
චියර්ස් වේවා! හා හා පරිස්සමින්, සතා සිව්පාවා ආවොත් හෙම ඕවයෙ සුවදට.
Deleteම්ම්ම්ම්,,, කැලේ අතරමං උනොත් තරු වලින් දිශාව හොයා ගන්න දන්නව ඇති.
තරු වලින් දිශාව සොයාගැනීම නම් මට ඉතාම සරල දෙයක්.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඕක නිසා වෙන්න ඇති බුදු හාමුදුරුවොත් විශ්වයේ කෙලවර වගේ දේවල් හොයන්නෙ නැතිව ඉන්න කියල තමන්ගේ අගසව් නමකට දේශනා කලේ... :)
ReplyDeleteම්ම්ම්ම්ම්,,,, විශ්වය ආරම්භ වෙච්ච විදියත් හොයල වැඩක් නෑ කියල දේශනා කරල තියනව නේද.
Deleteවටිනා පෝස්ටුවක්... ගොඩාක් අලුත් දේ දැනගත්තා..
ReplyDeleteබොහොම ස්තුතියි සිරා,,, මේ වගේ ආත බූත ලියනකොට දිගටම ලියන්න දිරිදීමට කමෙන්ටු හයියක්.
Deleteඅළුත් අළුත් දේවල් ඉගෙන ගත්තු පෝස්ටුවක්.
ReplyDeleteදිටගම එන්නම් දූපත් වැසියෝ !
ස්තුතියි මාළුවා.
Deleteඔබතුමාගේ මාළු ටැංකි කතාත් සෑහෙන වටිනව.
යම් කාලයකදි සෑහෙන්න අාදරේ කරපු විශයයක්! නමුත් කාලාත්‍රයේ පසුයාමයේදි බයෝකෙමිස්ට්‍රි අාතල් උනා! :)
ReplyDeleteහා හා ගණන් ගන්න එපා, ඕවල කෑලි හරි ආපහු එනවා. ජීන් මැපින්, ස්ටැටිස්ටික්ස්, එන්සයිම් කයිනටික්ස්,මොලිකියුලර් මොඩලින් අරක මේක මොක කරත් අන්තිමට භෟතික විද්‍යාව ගෑවෙනවා.
Deleteආරම්භයක් නැතිව අවසානයක් තිබිය හැකිද??? මට තේරෙන විදියට ආරම්භයක්වත් අවසානයක්වත් පෙන්නන්න බෑ නේද??? අනේ මන්දා...මට තේරෙන්නේ නෑ....
ReplyDeleteඒ නිසා වෙන්න ඇති බුදුහාමුදුරුවෝ ඕවා විමසිය යුතු නැති ප්‍රශ්න විදියට සඳහන් කලේ.... වැඩිය හිතන්න ගියොත් උන්මත්තකයෝ වෙනවා කිව්වෙ..... :)
ඔව් සමනලී,, අපිට තේරුම් යන්නේ නෑ බොහෝ දේ ඉතාම ගැඹුරින්.
Delete