ඒ දෙදහස් හතර වර්ෂයයි. එනම් රනිලුත් ප්‍රභාත් සාම සාකච්චා කල අවධියයි. එකල දකුණේ අපිට උතුරට යන්නටත් උතුරේ ඔවුන්ට දකුණට එන්නටත් යම් හැකියාවක් ලැබුණි. ඔය අවසරයෙන් අපිත් යාපනය සහ මඩකලපු විශ්ව විද්‍යාල වලට චාරිකාවක් සංවිධානය කර ගතිමු.
මා එතෙක් සිතාගෙන සිටියේ යාපනය පාලනය කලේ රජය බවයි. ඔව්, එය ඇත්ත. නමුත් යාපනය වි.වි පාලනය කලේ ප්රභාකරන් ගැන්සියයි. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලටවත්ම පිහිටියේ කොටින්ගේ නීති පද්ධතිය සදහන් පලකයක්. ශාලාවේ ඉහල සවිකර තිබ්බේ ප්රභාගේ ඡයාරුපයක්. එදාත් ප්රභාගේ රුව පාමුල බෝතල් එකිනෙක හිස් විය. නමුත් "උබලාට පඩි ගෙවන්නේ අරූද" යන්න අසන්නට තරම් ගටක් එදා ඇති නොවීය. අස්ථානයේ ඇත්ත නොකිව යුතුය. එහෙත් ප්රභාගේත් රනිල්ගෙත් රුව ඇතුලත් ඔරලෝසුවක් දැක පදම් වූ අපේ එකෙක් ඇස් ලොකු කර බලා සිටින විට එහේ එකෙක් කීවේ. "දිස් ඉස් යුවර් ලීඩර් ඇන්ඩ් දිස් ඉස් අවර් ලීඩර්" ලෙසය.
යාපනයේ දමිළයන් උගත් කම අගය කරති. ගරු කරති. අපි වි. විද්‍යාලයෙන් යයි දැනගත් කල කොටි ප්‍රාදේශීය නායකයන් තම පුටුවෙන් නැගිට කතා කරන තරම් විය. මුර කපොළු වලින් සෝදිසි කිරීම් කලෙත් නැත.
කෙසේ වෙතත් අපි එදා ඇති පදම් කෑවෙමු. බිව්වෙමු. ආපහු බිව්වෙමු. නැවතත් එහි යන්නට සිත් විය. ආගන්තුක සත්කාරයට ස්තුති කරමින් අපි යාපනයෙන් සමුදී මඩකලපුවටත් ගියෙමු.
මඩකළපුව බහුතරය මුස්ලිම්ය විය යුතුය. එනම් යාපනය කෙසේ වෙතත් මඩකපුව එදා ඉදන් අපේ විය යුතුයි කියා සිතුවෙමු. එම සිතිවිල්ලත් අතහැරුනේ විශ්ව විද්‍යාල ගේට්ටුව ළගින් ඇතුළු වෙනවාත් සමගයි. එක අතකට යාපනය හොදය. දකුණු පැත්තේ ප්රභාගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවකි. විදුලියෙන් ආලෝකයද ලබා දී ඇත. එනම් වි. විද්‍යාලයට ඇතුළුවන දරුවන් දෙස ප්‍රභා බලාගෙන සිටියි. ඇත්තටම මට දුක සිතුනි. ප්රභාගේ පිළිරුවට නොව, ඔව්න්ගේ ලීඩර් කැම්පස් දෙස බලා සිටියත් අපේ ලීඩර් වි. විද්‍යාල දෙස නෙතු යොමන්නේ නැති බැවිනි. එක අතකට අපේ ලීඩර්ලාගේ පිළිම තියා පස් පාගන්න හෝ එන්නේවත් නැත්නම් ලොකු උදව්වකි. ආවොත් මොකක් හෝ විජ්ජුම්බරයකි.
එදා ගියායින් පසුව නැවත යාපනයේ මිතුරන් සොයා යන්නට නොහැකි විය. නමුත් එක්තරා සංගමයක් මගින් පවත්වන්නට යෙදුනු වැඩසටහනක් පසුගිය සතියේ යාපනය වි.විද්‍යාලයේ පැවැත්වෙන්නට නියමිතව තිබිණි. එම සංගමය "SLAAS" නොහොත් "Sri Lanka Association for the Advancement of Science" ලෙස හදුන්වයි.
මෙය ගැනත් පොඩියට හෝ සදහන් කිරීම වටී යයි සිතේ. ලංකාවේ බොහෝ විද්‍යාර්ථයින් මෙම සංගමයේ සාමාජිකයන් වන අතර ඔවුන්ගේ සොයා ගැනීම්, නිපැයුම්, නව අදහස් මේ මගින් එළි දැක්වේ. විවිධ විෂයන් හතක් යටතේ වර්ගීකරණය කර ඇති අතර, අදාළ සුදුසු කාණ්ඩයට තමුන්ගේ ලිපිය යොමු කල හැක. එය පිළිගත හැකිනම් ඒ පිළිබද අනෙක් ප්රාමානික පුද්ගලයන් දැනුවත් කිරීමටත් ඔව්න්ට ගැටළු විචාරීමටත් අවස්ථාවක් ලබා දී අදාල සොයා ගැනීම ලෝකයට හදුන්වාදෙයි . නමුත් බ්ලොග් අවකාශයේ හෝ වෙනයම් මාධ්‍යක මේ සදහා වැදගත් තැනක් දෙනවා කවරදාකවත්ම දැක නැත. මෙහාට ඔව්වා වැඩක් නැති උනත් යාපනයට නම් වැඩක් ඇති බව අපි හොදාකාරවම දැන සිටියෙමු. ශාලා පිරෙන්නට සෙනගත්, එමෙන්ම යොමුවන ගැටලු වලටත් මුහුණ දිය යුතුය. එනයින්ම ඒවා ඉදිරිපත් කරන්නන් වඩාත් සුදානම් වුවාට සැක නැත.
කෙසේ හෝ අවසාන සතියේ යාපනය වි.විද්‍යාලයේ අව්ලක් ඇති විය. මහ-විරු දිනයට එකෙක් කොඩියක් උස්සනට ගොස් ඇත. යාපනයේ සියල්ලම අවලංගුය. කෝකටත් තෛලය ලෙස තවමත් කොළඹ වැජඹේ. අවසානයේ අතේ ඇගිලි ගන්නට අඩුවෙන් සාමාජිකයින් සිටි, ප්‍රශ්න කිසිත් නැති, නීරස ෂෝට් ඊට්ස් වලින් වැඩ අහවර විය.
යාපනයට "SLAAS" අහිමි විය. කොල්ලන්ට දැනුම අහිමි විය. අපට හෙන ට්‍රිපක් අහිමි විය.
අහිමි වූ දේ ගැන පසු තැවිලි වී පලක් නැත. "අප්පමාදේන සම්පාදේථ" විය යුතුය. රේසින් කාර් නිකන් දුන්නත් පලක් වේද. පැට්‍රොල් ගණන් ගිය නිසා නැවත කාර් රේස් නොතියෙන්නට බැරි නැත. අද නම් කෙසේවත් මගහැරගත යුතු නැත. කොළඹ හතේ පොෂ් කෑලි බලාගෙන, බඩගින්නට ගෝල්ෆේස් හුළං බී, පරක්කුවී ගෙදර එන්නට, ප්‍රස්ථාවකි. ලැම්බෝගිනි රේස් අද ඇත.
ජය වේවා,,,
මෙනවා කියන්නද මන්දා....
ReplyDeleteම්ම්ම්ම්ම්,,,,
Delete//අහිමි වූ දේ ගැන පසු තැවිලි වී පලක් නැත. "අප්පමාදේන සම්පාදේථ" විය යුතුය. රේසින් කාර් නිකන් දුන්නත් පලක් වේද. පැට්‍රොල් ගණන් ගිය නිසා නැවත කාර් රේස් නොතියෙන්නට බැරි නැත. අද නම් කෙසේවත් මගහැරගත යුතු නැත. කොළඹ හතේ පොෂ් කෑලි බලාගෙන, බඩගින්නට ගෝල්ෆේස් හුළං බී, පරක්කුවී ගෙදර එන්නට, ප්‍රස්ථාවකි. ලැම්බෝගිනි රේස් අද ඇත //
ReplyDeleteසෞභාග්‍යය කියන්නෙ මේවට නෙමේද :D
එක අතකට,,,,
Deleteඅනේ මේ රේස් එකක් බලලා කට පියන් නිකන් හිටපන් බන් සහෝ :)
ReplyDeleteඑසේ මැයි,,
Deleteමේක ගැන කථා කරන්න දේවල් හිතට එනවා , ඒත් අතීතයට එකතු වුනු මම බ්ලොග් අවකාශයේදී ඉතාම අඩුවෙන් කථා කරන දෙයක් ඔය "සාම ක්‍රියාවලිය " , සහ ආශ්රිත සිදුවීම් .
ReplyDeleteපොශ් කැලි බලන්නවත් යන්න හිතෙන්නේ නෑ මුන්ගේ මලසමයං වලට , පොෂ් කැලි පස්සේ බලනවා , බ්ලොග් වල කමෙන්ට් කොටල ඉවර වෙලා දොය්ය ගන්නවා :D
බුවා තවමත් නිදිද,,,
Deleteකමෙන්ටුවට නම් ස්තුතියි. මොකක් හරි කොටල ගියහම තමා ආපහු ලියන්න හිතෙන්නෙ.
ඊනියා සාම කාලයේදී කොටි අපිට පුක පෙන්නුවා මතකයි. එදත් මම උන්ට වැඩ දුන්න සාමය යකාට පල කියලා. සාමය කියා නිල ඇඳුමේ තරු පුකේ ගහගන්න බැරිය.
ReplyDeleteවිශ්ව විද්‍යාල සිසුන්ට, කාගේ හෝ අතකොලු නොවී, ඇත්තටම නිදහසේ ලෝකය දෙස බලන්නට මේ කපේදී ඉඩක් ලැබෙයිද?
කිසිම දේශපාලන පක්ෂයකට උවමනාවට වඩා බලය ලබා නොදිය යුතුය යන්න ජේ.ආර්. ප්‍රේමදාස චන්ද්‍රිකා තුන් දෙනාගෙන්ම අත්දැකීම් ලැබිලත් හතර වැනි වතාවටත් ඒකම කරලා දැන් වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඔව් විචාරක. මම මේ ලිපියෙන් වක්‍රව ලියන්නට යෙදුනේ, එදා යාපනය වි.වි තුල කොටි බලය තිබූ අයුරුත්, දැන් තත්වයත්. එමෙන්ම නැවත කචල් ඇති උනොත් යාපනේ (දුප්පත්)ළමුන්ට හොද අවස්ථා මග හැරෙන බවත්.
Deleteජනතාවට පට්ට කාර්,පට්ට කෑලි සහ කොලබ නගරෙ සුන්දරත්වය දකිද්දි බඩගින්න ගැන වගේ වගක් නැහැ.මොකද? ආශ්චර්ය අත ලග කියල හිතෙනවනේ පට්ට දේවල් දකිද්දී.
ReplyDeleteආශ්චර්යට නම් තව ගොඩක් දුරයි වගේ.
Deleteමොනව අහිමි උනත් මොකද? දැන් ලංකාවෙ කොඩිය අභ්යාවකාෂෙත් තියෙනව. මාරයි. ලංකාවෙ හයිවේ තියෙනව. ඒවයි යන්නෙ ලැම්බිගිනි. ජනතාව ෆුල් ආතල් එකේ ඉන්නෙ. ඊයෙ පෙට්‍රල් 10කින් වැඩි කරපු සතුටට ත්‍රීවීල් රේස්තුත් තිබුනා..
ReplyDeleteඋඹල දේශද්‍රෝහියෝ....
ඕව්වා කෙරෙන්නත් ඕනි. නමුත් ප්රමුඛ දේවල් මුලින් කරල.
ReplyDeleteඅපරාදෙ SLAAS! :(
ReplyDeleteඔව් අලියා, යාපනේ ට්‍රිප කැන්සල්.
Delete//අහිමි වූ දේ ගැන පසු තැවිලි වී පලක් නැත.//
ReplyDeleteඕක තමා අන්තිමට හැමෝටම කියන්න වෙන්නේ.....
පෙරලිච්ච පිට හොදයි කියනවා හැර මක් කරන්නද,,,
DeleteMewwa dakina apita pissu misak mewwa karana unta pissu netha...!!
ReplyDeleteකරන්නේ කෝටිපතියෝ,, බලන්නේ දුප්පත් අපි. ඉන්දියාවේ සිනමාව වගේ තමයි.
Deleteඕවා ඔහොම තමයි බං. හිත හදා ගනිං. ජය....!!
ReplyDeleteනොසිතූ දෙය සිදුවෙයි
Deleteසිතූ දෙය නොම වෙයි.