එතකොට ඒ ඒ වලින් ලබාගන්නා සහතික වල පිළිගැනීම කොහොමද,, ඔව්වට එක එක කෙනා එක එක කතා කියනව. නමුත් බහුතර අදහසට අනුව ලංකාවේ සරසවි වලින් වැඩිපුර පිට වෙන්නේ නිර්මාණයශීලීතාව හීන හීන මෙලෝ මල දානයක් බැරි චාටර් ඩයල් ටිකක්ලු.
ඔන්න ඉතින් ලංකාවේ රජයේ වි.වි වලින් ඩිග්රි ගත්තත්, පිට රටකින් ගත්තත් සමහර වෙලාවට ඒ කට්ටියගේ දැනුම, හැකියාව මනින්න තව තව අන්තර් ජාතික විභාග තියනව. ඇත්තම කීවොත් අන්තිම පොස්ටුවෙන් දැම්මේ එවැනි හැමෝටම (කලා, වාණිජ ඕනි කෙනෙකුට ) පොදු පරික්ෂණයක ගැටළුවක්.
මේ වගේ ගැටළුවකට ලැබෙන්නේ විනාඩි එක හමාරක් වැනි කාලයක්. උත්තරේ හොයාගෙන කොටුව පාට කරන්නත් වෙනව. තියෙන්නෙත් කඩ්ඩෙන්.
ලස්සන කියන්නෙ ඇමතිල ළමයි ගැන මොක මොක කීවත් මේ වගේ අමුතු ගැටළු තියන පේපර් වල ඔක්කොම ටික හරියට හදන අපේ ලංකාවේ කොල්ලො කෙල්ලො ඕනි තරම් ඉන්නව.
ඔන්න එහෙනම් ආපහු ගැටලුව මතක් කරල උත්තරෙත් දැම්ම. බලන්න ඔයාටත් පුළුවන්ද,,,, විනාඩියෙන් හදන විදිය, ඔබටත් හිතුනද, නොසිතුනේ මොකද.......
1.සම්මතයට එහා ගිය අසම්මතයෙන් අපහසු දේවල් වලට සරලව උත්තර ගලපන්න පුළුවන්.
2. සමචතුරස්‍රයක වර්ගප්‍රමාණය හොයන සූත්තරේ:- දිග වැඩි කිරීම පළල
3. වෘත්තයක වර්ගප්‍රමාණය හොයන්නේ :- πr2
4. උඩ සුත්තරයේ π කියන්නේ 22/7 සහ r කියන්නේ වෘත්තයේ අරය.
5. රුපය පරිමාණයටම ඇදලා ඇත. වැරදියට ඇදලා අබ්ලික් කරලා අනං මනං කචල් නැත. (රුපයේ තියන ඇද කුද ගණන් ගන්න එපා)
උත්තර 5 ක් ඇත. 4 ක් වැරදියි. හරි එක හොයාගන්න ඕනි තාර්කිකව.
ඔන්න ගැටළුව...
රුපයේ පරිදි ABCD නම් සමචතුරස්රයකි. එහි අර්ධ වෘත්ත හතරක් ඇද ඇති අතර ඒවායේ කොන් සමචතුරස්‍රයේ මැද පිහිටන ලෙස ඇත. AB= 4 යි නම්, අදුරු කල කොටසේ වර්ගඵලය පහත පිළිතුරු වලින් කුමක්ද?
a) 8π
b) 32-8π
c) 16-8π
d) 8π-32
e) 8π-16
උත්තරේ බලන්න ඉස්සෙල්ල හිතන්න,,, බැරිම නම් පහළට යන්න.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
පිළිතුර:-
ABCD කොටුවේ සයිස් එක 4 x 4 = 16 යි. අදුරු කල කොටස එයින් බාගයකට මදක් වැඩි බව තේරුම් ගත යුතුය. (පරිමාණයට ඇද හින්ට් එකක්ද දී ඇත.) එනම් පිළිතුර 8 ට වඩා ස්වල්පයක් වැඩි 16 ට වඩා අඩු විය යුතුයි.
π තුනට සමානයි සරලව ගත් විට
a) 8π යනු 24 කි. මහ කොටුවටද වඩා වැඩි අගයකි.
c) 16-8π යනු බින්දුවටත් අඩුය.
d) 8π-32 මේකත් බින්දුවට අඩුයි. කට්ටිය දැක්කේ නැද්ද.
යන්තම් ගෑවීගෙන යන්නේ b) 32-8π. නමුත් එහි අගය කොටුවේ වර්ග ප්‍රමාණයේ බාගයකටත් මදක් අඩු බව පැහැදිළිය.
එසේ නම් නිවැරදි පිළිතුර 8π-16 කියන එක.
ටක්කෙටම පිළිතුර දීල තිබුනේ ජගත්. අනික් කට්ටියත් උත්තරේ කීවට සරලම පැහැදිළි කිරීම තමා වටින්නෙ.
මේ බ්ලොග් එක බලන සයිබර් ජනතා සංඛාව කීය උනත්, මෙතෙක් නොදුටු කීපදෙනෙක්ම අදහස් ලියල තිබ්බ එක ගැන අවන්කවම සතුටුයි. (අනොන්ගේ කුණු-හරුප හැර).
සියල්ලන්ටම ස්තුතියි.....
සියල්ලන්ටම ස්තුතියි.....
අඳුරු කල රූපය සෑදී ඇත්තේ අර්ධ වෘත්ත 4ක් මගිනි.
ReplyDeleteඅර්ධ වෘත්ත 4ක වර්ගඵලය = වෘත්ත 2 ක වර්ගඵලය = 2(π*2^2) = 8π
සමචතුරස්‍රයේ වර්ගඵලය = 4*4 = 16
අඳුරු කල රූපයේ වර්ගඵලය
= අර්ධ වෘත්ත 4ක වර්ගඵලය - සමචතුරස්‍රයේ වර්ගඵලය = 8π-16
2 න් වැඩි කරන්නයි, අඩු කරන්නයි දන්නවනම් වැඩේ ගොඩ !
π යනු අපරිමේය සංඛ්‍යාවකි , එනිසා 22/7 යනු π ට ආසන්න අගයක් පමණි.
ඔය තියෙන්නෙ
Deleteඇත්තමයි මේ කියන්නේ.... අපේ මහත්තයා ඒ කාලේ ටොකු ඇන ඇන ගනන් කියලා නොදුන්න නම් මමකොහොද කියලා නෑ.. අදටත් මට ගනන් බෑ... වැඩිපුරම සූත සම්බන්ධ ගැටළු.... අනේ මන්දා..... මට මේකේ වචන ටික මිසක් ගැටලුව තේරැන් ණැ....
ReplyDeleteගණන් ගන්න එපා හිරු
Deleteමෙන්න මේ වැකියට හා එයින් ඔබ කියන තර්කයට නම් එකග වෙන්න නම් මට බැ . "ABCD කොටුවේ සයිස් එක 4 x 4 = 16 යි. අදුරු කල කොටස එයින් බාගයකට මදක් වැඩි බව තේරුම් ගත යුතුය. (පරිමාණයට ඇද හින්ට් එකක්ද දී ඇත.) ". මට නම් ඔබ කියන ලෙසට අදුරු කල කොටස එයින් බාගයකට මදක් වැඩි බව නම් හිතෙන්නෙම නැත. ඒක බැලු බැල්මට නොපෙනේ. ඒ කෙසේ වෙතත් මේවන ගැටළු ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. අයෙත් මේ වගේ ඒවා දාන්න. හැබැයි තෑගිත් දෙන්න ට්‍රයි කල නම් එලම එල :)
ReplyDeleteඅඩෙවි රජ ඉන්නෙ තෑගි දෙන්න
Deleteපිස්සු හැදෙනවා මට නම් මෙලෝ මඟුලක් තේරුනේ නැහැ
ReplyDeleteඋඋඋහ්
Deleteඔහ් මමත් ගානනම් හැදුවා විනාඩියක් ඇතුලත. හැබැයි ඔය කියපු ක්‍රමේට නෙමෙයි. කෙලින්ම හදලා දැම්මා :) ඇත්තටම මේ වගේ ප්‍රශ්න වැඩි හරියක් විසඳන්න ලේසි ක්‍රමය තමයි දීපු උත්තර දිහා ටිකක් විමසිල්ලෙන් බලන එක.
ReplyDeleteගණන් මාස්ටර් කෙනෙක් වගේ
Deleteබෑයි කියල බැරිය මලේ...
ReplyDeleteබෑ කියල බැරිය මලේ
Deleteබෑ කියල බැරිය මලේ
බෑ බෑ බෑ
ගණන් නම් මට අරහං :D
ReplyDeleteහපොයි..
Deleteසමචතුරස්ර්න් වර්ගපලයෙන් සම්පුර්ණ වුර්තයේ වර්ගපලය අඩු කරන්න. දෙකෙන් වැඩි කරන්න.__සුදු පැහැ කොටසේ වර්ගපලය ලැබේ.
ReplyDeleteනැවත සමචතුරස්ස්යේ වර්ගපලයෙන් අඩු කරන්න.__දැන් කළු පැහැ කොටසේ වර්ගපලය ලැබේ.