මේ ටිකේ හොදටම වහිනව. වැඩක කරන්නත් කම්මැලි හින්ද පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නකොට මගේ ඔළුවට ආව පොඩි පහේ ගැටළුවක්. මිනිස්සුන්ට ගන්න පුළුවන් හොදම සැප මොකක්ද,,,,,
බුදු වදනට අනුව නම් "නිරෝගී කම උතුම්ම සැපතයි". ඔය නිරෝගී කමේ සැපත දැනෙන්න නම් ලෙඩක් හැදෙන්නම ඕනි. තියන සැපත නැති උනාම හොදට තේරෙනව අගේ.
යම් කෙනෙකුට සුව කරන්න බැරි ලෙඩක් හැදුනොත් මොනව හිතෙයිද,,,, ගොඩක් දුක්බර අවස්ථාවකට මූණ දෙන්න වෙනව. නමුත් ඉස්සර සුවකරන්න බැරිවෙච්ච බොහෝදෙවල් දැන් සුවකරගන්න පුළුවන්.
දැනට අව්රුදු හතර පහකට උඩදි අපේ නැන්ද කෙනෙකුටත් හැදුන ටිකක් අමාරු පැත්තට බර ලෙඩක්. කෙලින්ම කිව්වොත් බ්රෙස් කැන්සර් එකක්.
ම්ම්ම්ම්.... අපේ පවුලෙ කට්ටියත් බෙහෙත් හේත් වගේම බෝධි පූජා, බාර හාර ගොඩක් දේවල් කලා ඔය ප්රස්නෙදී. මම ඕව තඹේකට විස්වාස නොකලට උපරිමයෙන්ම හැම දෙකටම උදව් පදව් කලේ මොක නැතත් නැන්දගේ හිත හරි හැදෙන නිසා.
ඔන්න ඔය අතරෙ කොහොම හරි කට්ටිය එලියන් වයිට් (ජනාධිපති දොස්තර) ගාවටත් ගිහින් නමුත් මොකක් හරි දේකට මගේ කණට කතාව වැටුනේ නෑ. දැන් ඉතින් බේත් හේත් කරගෙන යනකොට අන්තිමට ඔපරේෂන් කරන්න ඕනි කියන තැනටත් ඇවිත්. ඔන්න එතකොටයි කතාව ඇදිල එන්නෙ.
මොකද කිව්වොත් එලියන් කියල තියනව ඔපරේෂන් නැතුව වැඩේ ගොඩ දාන්න පුළුවන් කියල. මම එලියන් ලොක්කගෙ වැඩ කිඩ ටිකක් ටිකක් දන්නව. ඉතින් කව්ද පොරගෙන් බේත් ගන්නෙ.
මම එදා මිනිහගෙ පැටිකිරිය කියන්න කියල ඉක්මනට ආවට මොකුත් කියන්න ඕනි උනේ නෑ. මොකද වාසනාවට ඒ වැඩේට කිසිම කෙනෙක් හා කිව්වේ නෑ. දෙවියනේ කියල ඔපරේෂන් එක කරල නැන්ද තාම කරදරයක් නැතුව ඉන්නව.
ඊයෙ පෙරේදා බැළුම් ගලෙන් පොර ගැන කිව්ව.
නමුත් එතනින්වත් නොකියපු දෙයක් තිබුන, ඒ තමයි මිනිහ ගංX අබරල බේත් කියල දෙන එක. සමහර විට වැඩසටහන කරපු කට්ටිය ඕක දන්නවා ඇති. නමුත් ඇත්ත උනත් අස්ථානයේ කියන්න හොද නෑ කියල තියනව පංච තන්ත්රය කියන පොතේ.
ම්ම්ම්ම්ම්... රටේ බහුතරය නොදන්න තිත්ත කතාව???? මම මෙහෙම කියන්නම්. කට්ටිය කැමති විදියට හිතා ගන්න.
කොහොම කියන්නද මන්ද. ඔන්න මම බේරිලා
--------------------------------------------------------------------------------------------------------------------
(පහල කතාව නිකන්ම හුදු සිහිනයක් පමණි,,,,)
එක රටක(කේතුමතියේ), රටේ (මහා,,, රජ වෙච්ච)ලොක්කෙක්ට මෙයා ගංජා බේත් දුන්නේ නෑ. ඒ ලොක්කත් මෙයාට අහු උනේ නෑ. ඒව ගහල ආතල් එකක් ගන්නෙත් නෑ. ඒ ලොක්කට බේත් නොකල හන්ද වෙන කව්රුත් මෙයා ගැන කචල් අදින්නෙත් නෑ. ඒ ලොක්ක හින්දම මෙයා අපේ ක්රිකටර්ස්ලට බේත් කලෙත් නෑ. ඔය මාලින්ගට එහෙම මෙයා බේත් දෙන කතාව රූපවාහිනියේ එහෙම ගියෙත් නෑ.
එතකොට ඒ ලොක්ක කව්ද??_______???
ඒ ලොක්ක ෆුල් මතට තිත, වෙන විදියකට කීවොත් හිල්ටොන් ජයික් එකේ බෝතල් 2ක් උස්සගෙන ගිහින් මාට්ටු වෙලත් නෑ.
(හිල්ටොන් ජයික් කතාව පහු කාලීනව කියන්නම්)
තව පොඩි අතුරු කතාවකුත් තියනව.
මේ වෙදනාව මීට ටික කලකට ඉහතදී බත්තරමුල්ල ආර්පිකෝ එකේදී නෝනත් එක්ක මට හම්බු උනෙත් නෑ. කතා කලෙත් නෑ.
----------------------------------------------------------------------------------------------------------------------
ඔන්න පල්ලෙහා තියනව බැළුම් ගලේ ලින්ක් දෙක..
මෙන්න මෙතන තියනව පාර්ලිමේන්තුවේ මේ ගැන කතාව...
ඇත්තටම ලංකාව ගැන දුකයි නේද,,, කොහොම හරි යන්තම් යුද්දේ ඉවර කර ගත්ත එක ලොකූ දෙයක් කියලයි මම හිතන්නෙ, ඒ හින්ද තවම මගේ තරාදියේ ඒ පැත්ත ගොඩක් බරයි,,,,,,,
මේ පොස්ට් එකට වැඩිපුර ගල් මුල් ඒවි. කොහොම නමුත් ඇත්ත සගවන්න බෑ කියනවනෙ, කවදා හරි හරි සාධකත් එක්ක කතා ටික ලෙහිලා ඒවි...