Tuesday, February 14, 2012

අමන දනන් කෑගැසුවත් හතර වටේ,,

ලංකාව නම් අමුතුම රටකි. ලෝක තෙල් මිල ඉහල ගිය සැනින් මෙහෙත් මිල උස්සයි. තවම ඒ ගණන වලට තෙල් කදුලක්වත් අරගෙනත් නැත. ගොන්කම කියන්නෙ මිල වැඩි කලාම එන ප්‍රශ්න ගැන හිතලාවත් නොමැති කම. 
ඔන්න අද උදේ ITN නිව්ස් දැම්මම බස් වර්ජනය ගැන කිවේ මාර කතාවක්. එක සේවක සංගමයක් වර්ජනය කරනවා නමුත් අනිත් ඒවා දුවනව කියල. ඔන්න අර දුවන සංගමේ එකෙක් ඇවිත් අනිත් සංගමේට දෙහි කැපුවා. ඊළගට වර්ජනේ මිනිස්සුන්ට වදින්නේ නැති දෙයක් වගේ පොඩි ටෝකක් දුන්න. අනේ මන්ද දැන් රජයේ මාධ්‍ය රාජපක්ෂ පවුලට කඩේ යනවා වගේ කාලයක් ප්‍රේමදාස මහත්තයටත් කඩේ ගියා. වන්දි භට්ට සේවාව  කියන එක ITN කියනවට වඩා ගැලපෙනව.
කොහොම උනත් මොකක් හරි ලබාගන්න නම් වර්ජනයක් කරන්නම ඕනි තත්වයට රට පත්වෙලා. මගේ අදහස නම් බස් වර්ජනය හරියට හරි. මොකද ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් කරන්න ඕනි. කුමාර වෙල්ගම කියන   ප්‍රවාහන ඇමටිට උකුනෙක්ගෙ සයිස් මොළයක් තිබ්බ නම් ප්‍රස්නේ ඇති වෙන්න කලින් විසදන්න තිබ්බ.
හලාවත ධීවරයින් කරපු වැඩෙත් හරි. එහෙම නැත්නම් මහා රජාගේ ඇස් ඇරෙන්නේ නෑ. තගරියට තේරෙන්නෙ තගරි බාසාවෙන්මයි කියන එකයි ඕකෙන් ඔප්පු වෙන්නෙ.

ඔන්න ලියාගෙන යනකොට වැලන්ටයින් දවසත් ඇවිල්ල ... හරියට 12 යි වෙලාව. වැලන්ටයින් දවසෙම බස් ගාස්තුත් වැඩිවෙලා. බුමිතෙල් අනං මනං වැඩි හින්ද කෑමත් ගණන්. මේ මාසෙම ගෑස්, ලයිට් බිල් ඒවත් වැඩි වෙනව. හැබැයි මොක වැඩි උනත් රට කරවන සෙට් එකේ ගසා කෑමත් නාස්තියත් අඩුවෙන පාටක් නෑ. අවංකවම මට තියන දුක රටේ සම්පත් ටිකත් උන්ගේ බූදලය කියල හිතල විකුණන් කන එකට. 
පුංචිම උදාහරණයක් කිවොත් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට වගාකරන්න බිම්අගලක් ගන්නත් අමාරුයි. CIC එකට අක්කර දාස් ගානක් කුණු කොල්ලෙට දෙන්න පුළුවන්. ඒකත් නැෂනල් පාක් එකකින්. නීතියට අනුව නම් ඇතුළු වෙන්නත් අවසර ගන්න ඕනි. මාධ්‍ය කරුවනුත් අඩුම තරමේ නෙත් fm කට්ටියත් මේවට වැඩිය සද්ද දාන්නෑ.
හරි,,,, මම මේ පොස්ට් එකෙන් කියන්න අදහස් කලේ මේ විදියට රට ඉස්සරහට ගෙනියන්න නම් මොන මොනවද කරන්න ඕනි සහ කරන්න වෙන්නෙ කියල. අන්න ඒ දේවල් ටික අහන්න පුළුවන් පල්ලෙහා යූ-ටියුබ් ලින්ක් එකෙන්. 
නමුත් ඔතෙන්ට "සංචාරක කරුමාන්තේ කියල සංස්කෘතියම විකුණගෙන නැති කරගන්න  එකත්", "වෙන රටවල් වලට ගිහින් අපේ මිනිස්සු හම්බු කරන එකෙනුත් ගාන කපාගන්න එකත්" එකතු කරන්න ඕනි. ඇයි "තෙල්ටික, ඒකත් මොකෙකුට හරි පොස්පේට් ටික දෙන්න හැදුව වගේ දීල දාමු"...මොකද ඔය දෙක තුනම අද හෙට වෙනව. 






Sunday, February 12, 2012

යුධබිමේ අමතක සටහන්...

යුද්ධයේ පැතිකඩක් තිරයට නගන "මාතා" මේ දවස් ටිකේ උණු උණුවේ ප්‍රදර්ශනය වෙනව. මුල් පැය බාගෙ නම් උපරිමයි. හිතාගන්න බැරි තරම් උපරිමයි. නමුත් පස්සට යද්දී කතාවේ ෆ්ලෝ ඒකට අදාළ නැති දේවල් දාල හමුදාවේ වැඩ කිඩ ටිකකුත් තියනව. කොහොමත් පොස්ට් එකේ අරමුණ ඔය ෆිල්ම් එක නෙමේ. ෆිල්ම් එකක් කරන්න පුළුවන් තවත් කතාවක්.
හරි ඉතින් ඔය ෆිල්ම්, නවකතා වගේ දේවල පොඩි ඇත්තකුත් ඒ ඇත්ත ඇතුලේ ලොකු ප්‍රබන්ධයකුත් ගොතල තියනව. පෝසත් කෙල්ලෙක් අන්තිම දුප්පත් කොල්ලෙක් එකක පැනල යනව නැත්නම්  කොල්ල දහයකට පහළොවකට ගහල කෙල්ලෙක් බේරගන්නව. කදුළින් තෙත් උන ප්‍රේමකතා සහ සටන් එදා වගේම අදටත් හොදට මාකට් වෙන ටොපික්.
නමුත් සත්‍ය ලෝකෙත් බොහොම විරලව හරි ඔයවගේ සිදුවීම් නෑ මයි කියන්නම බෑ. තියනව. නමුත් විවිධ හේතු හින්ද හරියට එළියට එන්නෙ නෑ.
මම කියන්න හදන කතාව සිද්ධ උනේ යාපනය ප්‍රදේශයේ, කොටි කචල් උපරිමයට තිබුන දවස වල. කොටින්ගෙ පිස්තෝල කල්ලිය, හමුදාවටයි පොලිසියටයි මහා වාතයක් වෙලා තිබුන. ඉස්කෝලෙ ළමයි එක්ක ඇවිත් වෙඩි තියල  ශේප් වෙනව. දවසක් ඔන්න ඔය පිස්තෝල කල්ලියේ සෙට් එකක් අල්ලන්න කියල ඔත්තුවකට සීමිත නිලධාරීන් පිරිසකගෙන් හැදුන භට පිරිසක් මහ රෑ පොඩි මෙහෙයුමක් කළා. නමුත් අවාසනාවකට කොටි මේ ගැන සෙවිල්ලෙන් ඉදල.
හමුදාවට සිද්ද උනේ ඉල්ලගෙන කනව වගේ වැඩක්. කොටි වටකරගෙන වෙඩි තියනකොට ජීවත් වෙන්න තියන වාසනාව නැතිවෙලා ගියා. ඒ වෙනකොට පලාලි වලත් දරුණු සටන්. කොහොම හරි සපෝට් එකට වැඩිපුර භට පිරිසක් ලැබුනේ නැහැ.
ෆිල්ම් වල වගේ ඇත්ත ජීවිතේ වැඩ සිද්ද වෙන්නේ නෑ. එතන හමුදාවේ හිටපු ඔක්කොමලට වගේ ජිවිතය නැති උනා.
තමුන්ගේ සහෝදරයො ටික වෙඩි කාල වැටෙනකොටත් නොසැළී සටන් කරපු කෙනෙක් හිටිය. ඔහු තරමක උසස් නිලදරුවෙක්. අන්තිමට ඉතුරු වෙලා හිටපු ටික දෙනාත් එක්ක ප්‍රතිරෝධය අඩුම පැත්තකින් ආපහු පහු බහින්න අන්තිමට තීරණය උනා. කොහොමත් ඒ වෙනකොට උපදෙස් ලැබිල තිබ්බේ පහුබහින්න මොකද පහළොවක් විස්සකට, සියක් එකසිය පනහක් එක්ක හැප්පෙන්න බැරි හන්ද. ඔන්න ඔය කියපු පහු බහින වැඩේදි මම අර කියපු නිලධාරියාට පිටුපස්සට එන්න බැරි උනා.
ඔන්න කට්ටිය කෑම්ප් එකට ගිහින් බලද්දී අර නිළධාරියාත් මිසින්, වෙන විදියකට කිවොත් මැරිල. නමුත් බොඩියක් නැති හින්ද හැමෝමව වැටුනේ අතුරුදන් වෙච්ච ගොඩට. මේ කියන දවස වල කොටින්ට හමුදාවේ කෙනෙක් අහු උනත්, හමුදාවට කොටින්ගේ කෙනෙක් අහු උනත් වෙන්නේ එකමදේ. එහෙම නැතුව දැන් කේ.පී ට වගේ කේක් කවල කොපි පොවන්නෑ.
ඔන්න කට්ටිය හිතන ඉන්නේ අරය නැති උනා කියල. ගෙදරටත් පණිවිඩය ගියා. හැබැයි ඇතටම එහෙම උනේ නෑ. එවෙලේ ඔහුට පස්සට එන්න බැරි උනත්, ඇග පුරාම තුවාල වෙලා දුවාගන්න බැරි උනත්, හොදට සිහිකල්පනාව තිබ්බ. කෙලින් හිටගන්නවත් පණක් තිබ්බේ නෑ. මහ රෑ කළුවරේම හැංගෙන්න තැනක් හොයා හොයා බඩගෑව. අන්තිමට ඔහු තරමක ජනාකීර්ණ නිවාස පේළියකින් යුක්ත තැනකට එනව.
වටින ගොඩින් එලිය වැටීගෙන එනකොට ඔහුටම තේරෙනව තවත් මෙහෙමම හිටියොත් නිකන් බෙල්ල කපාගත්ත වගේ වෙනවා කියල. අන්න එහෙම හිතල ඔහු තමන්ගේ සසරේ ගත්ත නිවැරදිම තෝරා ගැනීම කරනව.
ගෙවල් අතරින් තරමක ලොකු නිවසකක් බලල අන්න ඒකට ගිහින් දොරට ගහනව. ජීවිතය පුදුමාකාරයි කියන්නේ මේවගේ දේවල් වලට. ඒ ගෙදර හිටියෙ තරුණ දොස්තරවරියක්. කොටින්ගේ පාලනය තිබ්බ තැනක උනත් ඇය ඔහුට උදව් කළා. බරපතල තුවාල තිබ්බ ඔහුට හැකි පමණ බේත් දීල දවස් කීපයක් කාටවත් නොකිය හොරෙන් ගෙදරම නවත්ත ගත්ත.
ඒත් ඇයට ලොකු ප්‍රශ්නයක් ආව. මොකද මෙයාව ඉස්පිරිතාලෙකම නවත්තන්න ඕනි හින්ද. තුවාල ඒ තරම් බරපතලයි. කොටි ඉන්න පැත්තෙ නවත්තන්න බෑ අහුවෙනව. ඇය වෛද්‍යවරියක් නිසා  කොහොම හරි රජයේ පාලන පැත්තට ආවත් හමුදාවට ගිහින් මෙයාව බාර දෙන්න බෑ. ඒක කොටින්ට ආරංචි උනොත් තමනුත් ගෙදරත් ඔක්කොමල ඉවරයි. හමුදාවෙනුත් කරදර. ඔය ගැටළු වලින් බේරෙන්න ඇය ඔහුව කොහොම හරි මාතලේ පැත්තට ගෙනත් මෙහේ රෝහලක නවත්තනව.
ඔන්න හොහොම යන්තම් අපේ කතාවේ මාතෘකාව වෙච්ච නිලධාරියාගෙ පණ රැකෙනව. ටික දවසක් යනකොට යාපනේදී මැරුන කියල හිතපු කෙනා යුද්දේ ගෑවිලා නැති පැත්තක ඉස්පිරිතාලෙක ඉන්නව. දෙපැත්තේම බුද්ධි අංශයේ කස්ටියට ලජ්ජා සහගතයි. මොකවත් දන්නේ නෑ.
කතාව ඔහොම ඉවර වෙන්නේ නෑ. ගොඩක් ලස්සන වෙනව. කෙටියෙන්ම කීවොත් අර  වෛද්‍යවරිය යාපනේ දාල රජයේ පාලන පැත්තට එනව. ඒ විතරද අර නිලධාරියා තමුන්ව බෙර ගත්ත වෛද්‍යවරියත් සමග විවාහ වෙනව. ආදරේට ජාති භේද නෑ කියන්නෙ ඕවට.
කතා වල තිබ්බට ඇත්තටම මේවා  වෙනවද කියල හිතාගන්නවත් බෑ නේද.. ඔව් මේක ඇත්තම කතාවක්. මේ කතාව හමුදාවේ ගොඩක් දෙනා දන්නව. ඒ හින්ද පුද්ගලිකත්වය නැතිවෙන්න කියල දෙයක් ඉතුරු වෙලා නෑ. මට හිතෙන විදියට අර හමුදා නිලධාරියා එහෙම නැත්නම් "මේජර් තල්ගස්වෙල" තවමත් හමුදාවේ වැඩ.
නමුත් මේ සිද්දියෙන් පස්සේ ඔහුගේ හමුදා ජීවිතය ගොඩක් හැලහැප්පීම් වලට ලක් උනා. උසස් වීම් ලැබුනේ නෑ. "එකපාරට යාපනේ කෙල්ලෙක් බැන්දේ කොහොමද", "කොටින්ගෙම ට්‍රික් එකක් ද" දහසක් ප්‍රශ්න. කොටින්ම හමුදාව ඔහුට පල නොකිය පලා බෙදුව. ජෙනරාල්තුමාත් ගෝඨාතුමාත් කොටි ගෑවිච්ච කවුරුත් ලගට ගත්තෙ නෑ. බලතල දුන්නෙත් නෑ.  එක අතකට ඒකෙ වරදකුත් නෑ. මොකද මුත්තයියා මුරලිදරන් හැරුනුකොට අනිත් හැම ද්‍රවිඩයාම කොටියෙක්දෝ කියල සැක කරපු කාලයක් හින්ද.
ම්ම්ම්ම්,,,,,, ඒ කාලේ ඉවරයි. යුද්ධයත් ඉවරයි. දැන් ලෝකේ පෙරලිලා. ජෙනරාල් හිරේ. කරුණා ජොලියෙ නයිට් ක්ලබ්වල. එතකොට කේ.පී, පොර ෆුල් කූල් එකේ කේක් කනව. පිල්ලෙයාර් තවත් මොකක්දෝ හුට්ටප්පරයක් කරගෙන... කොහොම කොහොම හරි  අපේ කතාවේ දෙන්නටත් දැන් කරදරයක් නෑ මගෙ හිතේ....
කවදාහරි මාතා එකේ "පාර්වතී" සහ "යෝගරාජා" වගේ මේ කතාව අල්ලල ෆිල්ම් එකක් ගහන්න බැරිකමකුත් නෑ.

මේ කතාව ලියන්න මතක් උනේ "මතක මංපෙත" නැත්නම් "අහස් ගව්ව"කියන බ්ලොග් එකේ ලිපියක් කියවනකොට. යුද්දේ සැගවුනු කතා වලට කැමති නම් "මතක මංපෙතත්"  අමතක කරන්න එපා.

Thursday, February 2, 2012

ලිංගිකත්වය පාලනය...

මම මීට අව්රුදු එක හමාරකට විතර ඉස්සර මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න ඩොකෙක් ගෙන් උස්සපු චාට් එකක් තිබ්බ. ඉස්සුව කීවට මම ෆොටෝ කොපියක් ගහල, ඔරිජිනල් එක තිබ්බ පොත අස්සටම දැම්ම. පස්සේ ඔන්න මමත් හිමීට අර ඩොකාගෙන් ඇහුව මොකක්ද මේ සීන් එක කියල. එයා කියපු විදියට නම් මේක 80% විතර හරිලු චීනගේ රහසක්ලු. මමත් 2ක් 3ක් හැදුව. වැඩේ හරි.
නමුත් කාටවත් කොළේ දුන්නේ නෑ මොකද ඩොකා මට කීව ඕක හැමෝටම ගියොත් හරි කරදරයක් කියල. කොල්ලෝ විතරක් හදයිලු. ඒ හින්ද කාටවත් දෙන්නේ නෑලු. හැබැයි මට තේරුම්ගිය විදියට ඕක ෆැකල්ටියේ හැමෝම ගාව නැතත් ටික දෙනෙක් ගාව හරි තියෙන්නේ ඇති.
ඔන්න ඔහොම කාලේ ගෙවිලා ගියා, මටත් වැඩේ අමතක උනා. මතක් උනා නම් මීට ඉස්සර දානවා. මෙන්න බොලේ අද එකෙක් ඒ වගේම එකක් මූණු පොතට දාල (නමුත් ඒ කොලේම නෙමෙයි). ඉතින් මම මොකද තවත් මේක හංගන් ඉන්නේ.
ඔන්න මේ දැම්මම මගේ කොළේ ෆොටෝ එකක් ගැහුව....
බබාල හදන්න ඉන්න කස්ටියට ගෑණු බබෙක් ඕනි නම් ඒකට කාලයත්, පිරිමි බබෙක් ඕනි නම් ඒකට කාලයත් පැහැදිලිව තියනවා. හැබැයි අපිට ඉස්කෝලේ උගන්නපු තියරි අනුව නම් පහදන්න බෑ.වෙනම තියරියක් ඕනි කරනවා.
ඔන්න චාට් එක තියනව පල්ලෙහා ,,,,
ඔන්න එහෙනං අද පොස්ට් එක ඉවරයි........
තමන්ට බබාල ඉන්නවනම්, ඔන්න හරියටම චාට් එකේ විදියටද ගෑණු පිරිමි තීරණය වෙලා තියෙන්නේ කියල ගණන් හදල බලන්න පුළුවන්. එහෙම හැදුවොත් හරිද, වැරදිද කියල පොඩි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.