Sunday, January 29, 2012

දණ්ඩා සහ විළි ලැජ්ජාව,,,,,

දණ්ඩාගේ කථා වස්තුව මෙසේ දක්වමු
දණ්ඩා නම්  කුන්ෆු, වූෂු කරාටේ වල කෙල පැමිණියෙකි. හැඩි දැඩිය. වලි බරය. කිසිදා ගුටි කෑ බවක් නොදන්නා මුත් දණ්ඩාම කියා ඇති පරිදි පසල් දනව්වේ සියලුම චන්ඩින් දණ්ඩාට අවනතය.
දණ්ඩා:- එම්බල දූපත් වැසිය, අද දින ඉර හැරී අගල් තුනක් ගිය කල මහා සංග්‍රාමයක් වෙති. ජය පැන් බීමෙහි තුටුවේ නම් අප හා එක්වෙව. ජය ශ්‍රී. 

දූපත් වැසියා:- දණ්ඩානණි... කුමන බිමක?? කුමන කැනහිලුන් සමග?? කුමක් අරභයා  සංග්‍රාම කෙරෙත්ද???? ග්වේත වර්ණ සළු හැර දමා කලර් හැදිය යුතුද??? නැත හොත් පන්මල්ල පෙරටුකොට සුදු ඇදුමෙන්ම පැමිනියෙම්හද?? දණ්ඩානණි... තවත් සැකයකි. එදා මෙන් අදද, නැට්ටට ගුටිකා, දෙකන් හකුලා උකටලී වෙත්ද???

දණ්ඩා:- නැත නැත බොල, සැලෙන්නට කාරණා නැත. අප වනාහි සිරිලක ශ්‍රේෂ්ඨ වංශයට අයත් අග්‍ර කොලිජියක සිප්සතර හදාරන්නෙමුය. එපමණක්ද නොව බ්‍රැඩ්මන්ටත් වඩා කිරිකැට් ශිල්පහිද, රිචී මැකාව්ටත් වඩා රගර් ශිල්පහිද, දෝන් සීනාටත් වඩා අගස්ති පොරවලත් සමර්ථකම් පෑවෙහිය.
වෙනකක් තබා SSP,ASP මෙන්ම DIG ද සලියුට් ගසති. තෙපි කුමක් අරභයා මැලවී යන්නෙහුද... තොපි කිසිවෙකුට කිසිම දෙයක් කොරන්නට නැත. හාවුන් මැදට පිනූ සිංහයෙකු මෙන් සතුරන් කීතු කීතු කර දමමි. එසේනම් නියමිත හෝරාවේ නුගේගොඩ පුරවරයෙහි ඩොම් නම් පොට් එකට සැපත් වේව. ජය ශ්‍රී.

නුගේගොඩ පුරවරය ගැන බිදක් තැබුවහොත්, කෙහෙල් ලේල්ලක් මැදිකල අනුලාවියනුත්, නෙක පැහැ ලෙලි එල්ලාගත් ආනන්ද බාලිකා සහ ජොසපින් අගනුන්ගෙනුත්, හවහට ටෙස්ටියුබ් අතින් ගත් විශාකාවියනුත්, Sයිමන්ගේ Poඔල් Moඕලේ (spm) සහ තට්ටු පහකින් බිම් ගත වෙන්ටද, කර බැදී ටයි පොලුවෙන් වැසිකිලියෙහි අවලම්බනය වන්නට එදා මෙදා තුර සමර්ථකම් පාන්නාවූ මමීඋසියන් මෙන්ම සතර දිග්බාගේ අරක්ගත් හුට්ටප්පර වලින් පිරී ඉතිරී යන්නාවූ සුර පුරකි.
එහි හයිලෙවල් දුර්ගයට නුදුරුව "ඩොම්" යනුවෙන් ගුබ්බෑයමකි. නැත නැත කුවීන්ස් කෝට් වැනි විවෙකාරමයකි. පූ(උල්) කෙළියෙහි යෙදෙන්නටත්, පහේ ටොපි, බාබුල්, ගල් පොල් වන්දනා කරන්නටත් ආදී දහසකුත් එකක් විප්ලවයන් මස්තකයන්ට, මදාවියන් සුදු කොල්ලන්, පෙම්බරියන්ගෙන් බූට් කෑ  කුමාරවරුන් ඇතුළු එකී මෙකී නොකී ධීර වීර කුමාරවරුන්ගේ තිප්පොළකි.දැන් දැන් කථා වස්තුව ට්‍රැක් පනින සෙයකි.

දූපත් වැසියා නම් තරමක බිය සුල්ලෙකි. හේ  දණ්ඩානන්ව ප්‍රථමකොට යන්නට හැර හෝරා අඩකින් ඩොම් තිප්පොළ කෙරේ සැපත් විය.
දූපත් වැසියා:- ප්‍රිය මල්ලවයනි, අපගේ  දේශ-ශක්තී ජාති-මාමක වූෂූ කරාටී කළුපටිධාරී දණ්ඩානන් මෙහි පැමිනියහිද??
මල්ලවයන්:- එසේය එසේය. දණ්ඩාණෝ අහස පොළව ගුගුරුවමින්, වාතලය කළම්ඹමින් සතුරු සෙනග කැති ගාන්නට ශාන්ත ජෝන් කොටුව වෙත ගියෙහුය. (ශාන්ත ජෝන් කොටුවනම් මාළු ජෝන් කරවූ නුගේගොඩපුර යම පල්ලන්ගේ කොලීජියයි.)

එකල sms තබා ගඩොල් බාගේ උපකරණයක්ද පහළවී නොමැති හෙයින් ස්ටේටස්‌ අප්ඩේට් කිරීමට හැබැහින්ම විචාරිය යුතුය. කෙසේ වෙතත් මේ වන විට ශාන්ත ජෝන් කොටුව සුනුවිසුණු වී තිබිය යුතුය. සතුරන් හිස් ලූ ලූ අත ඇදිවත පමණක් ගෙන දිව යනවා ඇත. උපන්තේකට ගුටිකා පමණක් ඇති, ගුටි දී නැති ගැත්තන්ටද මහගු අවසරයකි. අද නම් දූපත්ගෙන්ද මාළු ජෝන්ලා කනවා ඇත. එසේ නම් නොපමාව යායුතුය. මගේ කුමරිකාවකටත් මුන්ගෙන් එකෙක් පැණි හලා ඇත. බැස්ටිය දිය යුතුමය.
..................................
කිමෙද මේ,,,, සංග්‍රාමය කල්ගිය සේක්යැ.  දණ්ඩානන් ජෝන්ලා සමග මන්ත්‍රණයකි. දණ්ඩා මැදිකරගෙන ජෝන්ලා හත් අට දෙනෙකි.  තවත් සමීපයට ගොස් විපරම් කල යුතුය.
..................................
අහෝ,,,,,,, දණ්ඩානන් ගේ නෙතට රොඩ්ඩක් ගොස් විය යුතුය. ඇසක් ගිනිපැහැ වී ඇත. නැත, නැත නිකටද ඇද වී ඇත.
පවිටු, කොළ ජෝන්ලා එක්ව  දණ්ඩානන්ට  නෙළා ඇතිබව සක් සුදක් සේ පැහැදිලිය. එසේ හේ නම් මා මෙතන දිය කෙළින්ටද, වහාම ඌර්ද්‍රවපාතනය විය යුතුය.
..................................
"අන්න යකෝ තව එකෙක් ඇවිත්, තෝ විතරද, තව ඉන්නව නම් එන්න කියපල්ල."
අහෝ ඛේදයකි. මා ප්‍රමාදය.
...................................
|අඩෝ කැxx, තෝත් ආවද හුxxxx xx..... |මුවත් ගනින්.... | අම්ම මුත්තා යුගයේවත් අසා නැති මුවදන්ය
චටාස් පටාස්,,, |ෂ්ෂ්ෂ්ෂ්,, ෂ්ෂ්ෂ්ෂ්ෂ්. |අනේ ඉතින් මම මොකවත් කලාද,,| තොපි ඔක්කොම එක xxx පxx... |චටාස් පටාස්,,,
ගහපිය දන,, |දන ගහපිය කැxx කිවම. |ඇයි තොට බැරිද හුxxx,,, |චටාස් පටාස්,,,
ජෝන්ලා:- ගහපිය දන. වැදලා ගනින් යකෝ සමාව.
දූපත් වැසියා:- අනේ ගහන්න එපා, අපිට යන්න දෙන්නකෝ. අපි කාටවත් ගැහුවද.
ලොකු ජෝන්:- තොපි දෙන්න හම ගහනවා. දණ ගහගෙන ඉදහන් අපි කියනකල්. යකෝ තොපි හිතුවද නුගේගොඩ වලි දාන්න.
දණ්ඩානනුත්, දූපත් වැසියාත් දණ නොගසා වෙන මක් කොරන්නද! 
|දෙනෝදාහක් නුගේගොඩ පෙට්‍රල් සෙඩ් එක ඉස්සරහා| ගෙදර කාටහරි ආරංචි උනොත්,| අඩේ මිනිස්සු බල බලා යනව. |මූගේ ගෙවල් නම් අනුරාධපුරේ මම මහරගම, හපෝ ආපහු පාරේ බැහැල යන්නද|(එහෙම ඉන්දැද්දී  මොනවා නොහිතුනාද). |වටේ මිනිස්සු| ක්ලාස්වල කෙල්ලෝ|..... ඊයා විලි ලැජ්ජයි.
ලොකු ජෝන්:- මොකද යකෝ බිම බලන්නේ. හුx xxx ඕනැද,,,, ඉස්සරහ පාර දිහා බලාගෙන හිටපිය.

*******************************************************************************
ඔන්න ඔහොමයි නුගේගොඩ සෙන් ජෝන්ස් එකට නෙළුවේ. ඒ කාලේ ජනප්‍රිය දඩුවමක්. දැන් නම් මතක වෙනකොට හිනා,,, හික් හික්,,,,,, කැමරා ෆෝන් නැති කාලයක් හින්දා ලොකු කචල් එකක් උනේ නෑ. අද කාලෙ නම් සදාකාලික විලි ලැජ්ජාවක්.

Thursday, January 26, 2012

කට නොහැර සිටිම්ද?

වැඩි කතා ඕනි නැත. ලියන්නට කාරණා හිගයක්ද නැත. නමුත් නමුත්... කෙටියෙන් හෝ බැළුම් ගලේ අඩව්වක් බ්ලොග් එකකටත් දැම්මාට කිසිදු අඩුවක් නොමැත. එය බ්ලොග් කියවන්නන්ටත් බැලුම්ගල වැඩසටහන මෙහෙයවන්නන්ටත් දෙපිරිසටම වෙන සේවයකි.
බැළුම් ගලේ නොකියපු නමුත් කොලබ වි.වි යාලේ සයන්ස් ෆැකල්ටියේ ඉන්න  ඩීන් මහා ඇදුරු ඇතුළු අදාළ සෙට් එක දන්න, මරුවින්ගේ වැඩක් මමත් කියන්නම්. මුලින්ම බැළුම් ගලේ මරුවින් ගැන කතාව අහන්න....
මෙතන ලින්ක් එක

මෙන්න මේකයි කොලබ  වි.වි යාලේ සයන්ස් ෆැකල්ටියේ ඩීන් මහා ඇදුරුත් දැන දැනම කොරපු, නමුත් ඔප්පු කරන්න බැරි, ඔප්පු කලත් වැරැද්ද UGC එකට යන වැඩේ.
මරුවින්ගේ පුත්තර රත්නයකට (පියා මරුවින්ද? නැත්නම් වෙන එකෙක් දැයි නොදනිමු) කොලබට ඇතුළු වෙන්නට ලකුණු (z-අගය) මදිව තිබෙත්දිත් දැන දැනම කොලේ වහල වෙන එවුන් කපල සයන්ස් ෆැකල්ටියට ගත්ත. මේක උනේ 2008 නැත්නම් 2009.
කෙමෙස්ට්‍ට්‍රි හෙඩ් (ගෝඪාට බයේ වී. වි වැඩවර්ජනයට ආපු නැති), ෆැකල්ටි ඩීන් ඇතුළු වෙනකක් තබා වී.සී ත් (ඉදිරිපත් වූ නම් අතරින් පරිසාධන මට්ටම අඩුවෙන්ම පැවති මහා ආචාරිය ශානිකා හිරිබුරේගම:- මැයට ජනාධිපති විසින් අනෙත් වැඩි සුදුසුකම් පිරිස පැත්තක තබා V.C පට්ටම ලබා දෙන ලදී.) ඇතුළු රටේම නමගිය තැන්වල ලොක්කොත් (කැලණියේ වී.වී. යේ ආසනික් පොරත් ඇතුළුව) මුන්ට බලුවී මුන්ගේම සරණ යන කල, මේ කතා බ්ලොග් එකකින් මිස, කාට කොහොම කියන්නද...

Tuesday, January 24, 2012

නෙත නොගැටුණු දසුන්,,,

දෙදාස් දොළහ පටන් ගත්තත් හරි බ්ලොග් එකට අත තියන්න බැරි උනාට, එහේ මෙහේ රව්ම් ගහන්න නම් පොඩි පහේ වාසනාවක් ලැබුන. දුන්හිද, දියළුම, ඩෙවෝන්, සෙන්ට් ක්ලෙයාර්, ලෝකාන්තය සිරිපාදේ ඔන්න ඔකොම තැන් කීපයක්. මේ තැන් බොහොම සුන්දර උනත් ගොඩක් දෙනා අහල තියන දැකල තියන බොහොම ප්‍රසිද්ධ ස්ථාන. ඒ හින්ද කට්ටිය වැඩිය නොදකින නමුත් දවසකින් දෙකකින් ගිහින් එන්න පුළුවන් තැනක පුංචි විස්තරයක් අද පොස්ට් එකෙන්.

1)පළවෙනි තැන
මේක තමයි බඹරකන්ද දිය ඇල්ල, අඩි 790ක් උසයි. ලංකාවේ උසම ඇල්ල වගේම ලෝකෙම 48 වෙනියට උසම ඇල්ල. මෙතන පාමුල ඇල්ල ලගටම ගිහින් නාන්න පුළුවන්. පිටරට සංචාරක යුවලකගෙත් ලස්සන දසුනක් කැමරාවේ සටහන් කරගන්න පුළුවන් උනා.


 2)දෙවැනි තැන
මේ මුලින් තිබ්බ බඹර ඇල්ලේ උඩ කොටස. මේ කොටස බලන්න නම් ඇල්ල උඩට නගින්න ඕනි, ෆයිනස් කැලේ ඇතුලින්. මෙතනත් පොඩ්ඩක්වත් ගැඹුරු නෑ. 
ලොකු ඇල්ල පටන්ගන්නෙත් මෙතනින්. ඒ වගේම ලොකු ඇල්ල පටන් ගන්න තැනටම ගිහින් ඔලුව දාල බලන්නත් පුළුවන්. පරිස්සමින් , හොද සිහියෙන්, පොඩ්ඩක් එහේ මෙහේ උනොත් අඩි හත්සීයක් පල්ලෙහා.
ඔතෙන්ට නගින අතරමග පල්ලෙහා බලන්න ගල් කුලකට යන්නත් පුළුවන්. එතනත් ටිකක් පරිස්සමින් යන්න ඕනි තැනක්.

3) තුන්වෙනි තැන

මෙන්න ලංකාවේ ලස්සනම දිය ඇල්ලක්. නම "ලංකා ඇල්ල". වැඩිය උසනම් නෑ, නමුත් ෆොටෝ එකකට ගන්න බැරි තරම් ලස්සනයි. මේ ඇල්ල වැටෙන්නේ තනි කළු ගලක් ඇතුලෙ ලංකාව වගේ හැඩේට. පුදුම ලස්සනක්, හිතට සැහැල්ලුවක් ලැබෙන දිය ඇල්ලක්. දෙවියනේ කියල මේක නම් තාමත් ප්ලාස්ටික් ටොෆි කොළ අනං මනං වලින් අපිරිසිදු වෙලා නෑ. මොකද වැඩිදෙනෙක් යන්නේ නැති හින්ද. ඇල්ලට යන්නෙ බඹර කන්ද ඇල්ල පාමුලින් වම් පැත්තට කිලෝමීටරයකට අඩු දුරකින්. ඇත්තටම ගිහින් බලන්න වටිනා තැනක්.
ඇල්ල වැටෙන තැන නම් නාන්න යන්න එපා ඊට වඩා හොදයි එල්ලිලා මැරෙන එක. මොකෝ බොඩියවත් කරදරයක් නැතුව ගන්න පුළුවන්නේ. නාන්නම ඕනි නම් ඇල්ල උඩ පූල් එක වගේ තැනක් තියනව ගැඹුර නැති.

4) හතර

මේ ඇල්ල බලන්න යන කට්ටිය අල්පයි. ඒ ටික දෙනාගෙනුත් ඇල්ල ලගට යනව ඇත්තේ දාහකට එකක් විතර. මොකද පාර දුෂ්කර නිසා. මේකට කියන්නෙ උඩුවර ඇල්ල කියල.ඇල්ල පේන හරියට යන්න බඹර කන්ද ඇල්ලේ ඉදන් කිලෝමීටර  දෙකක් විතර කන්දක් නැගල යන්න වෙනව. පාමුලට යන්න නම් එතන ඉදන් තවත් කිලෝමීටර් 5ක් විතර අති දුෂ්කර ගමනක් තියනව. මේ ඇල්ලත් ඊලග එකත් දෙකම තියෙන්නෙ එක ලග. දෙකම එකට පේනවා

5) ඇලි සෙට් එකේ අන්තිමය

කිව්ව වගේ මේ ඇල්ල තියෙන්නෙ උඩුවර ඇල්ල ලගමයි. දෙකම හැදෙන්නෙ එකම වතුර පාරෙන්. වැරදිලා හරි තව මීටර පනහකින් විතර ඇලි දෙක ලං වෙලා තිබ්බ නම් බඹරකන්ද උසට වඩා උස වැඩි වෙනව. මේකට කියන්නෙ "නාගදෝව ඇල්ල" කියල. ඇත්තටම ගත්තොත් මේකට ගිහින් තමයි උඩුවර ඇල්ලට යන්න වෙන්නෙ. මේක පහල පොඩි කෝවිලකුත් තියනවලු. (අවාසනාවන්ත හේතුවක් නිසා ඇල්ල පාමුලට යාමේ අවස්ථාව නම් අපිට නැති උනා. නමුත් අතේ දුරට එනකම් යන්න පුළුවන් උනා).

ඔන්න දවසක හරි දෙකක හරි ට්‍රිප් එකක් යන්න නියම තැන. නමුත් කට්ටිය ගොඩක් යන එකක් නම් හරියන්නේ නෑ. අන්තිමට කියපු ඇලි දෙක ලගටම යන්න අදහස් කරනවා නම් ඕනි දුකක් විද දරාගන්න පුළුවන් වෙන්න ඕනි. කූඩැල්ල්ලෝ කවාගෙන, කටු ඇනගෙන, අත පය පතුරු යවාගන්න සූදානමින් ඉන්න වෙනව.
තවත් මදිනම් හෝටන් තැන්නට 15 km විතරයි තියෙන්නෙ. හැබැයි පයින්ම අදින්න වෙනව.
නමුත් බඹර කන්දටත් ලංකා ඇල්ලටත් එකදවසකින් අපහසුවකින් තොරව ගිහින්, බොහෝම රිලැක්ස් එකේ ඉදල එන්න කියාපු තැනක්.
පරිසරය නැති කරන කාළකන්නියෝ නම් නොයන තරමට හොදයි. මොකද මෙතන තවම ජරාවෙලා නැති නිසා.
ඔක්කොම ටික කියල යන පාර හරියට නොකීවොත් අඩුවක්.

කොළඹින්, අවිස්සාවේල්ල, රත්නපුර, පැල්මඩුල්ල, බලන්ගොඩ, බෙලිහුල්ඔය හරහා කලුපහනට එන්න වෙනව. තවත් සරල කරනවා නම් කොළඹින් බදුල්ල (99 රූට් එක)යන බස් එකකින් කලුපහනෙන් බහින්න පුළුවන්. එතන ඉදන් බඹරකන්ද ඇල්ල ලගට 5km විතරයි. ඕනි නම් 3-වීලරුත් තියනව.
ලංකා ඇල්ලට යනව නම් බඹර කන්ද ඇල්ලට යන පාරේම ගිහින් (පයින් යන ටිකේ) , මුලින්ම හම්බුවෙන ෆයිනස් වගාවකින් උඩට යන්නෙ නැතුව වම් පැත්තට ගිහින් ෆයිනස් කැලේ ඇතුලින් කන්ද උඩට නැගගෙන යනකොට අඩි පාර මුලින්ම බෙදෙන තැනෙන් වම් පැත්තට යන්න ඕනි. එතනින් දකුණට ගියොත් බඹර ඇල්ලේ උඩ කොටසට යන්න පුළුවන්.
නාග දෝව සහ උඩුවර ඇලි බලන්න යනව නම් බමරකන්ද ඇල්ල බලන්න අඩි පාරට එන්නේ නැතුව තවත් මීටර අටසීයක් විතර ලොකු පාර දිගේ කන්ද උඩට නැගල අතුරු පාරක යන්න වෙනව. යන්න වෙන්නෙ "බෝතලේ වත්ත" කියන වත්ත ලගින්. (දමිල කස්ටිය ඉන්න වත්තක්). බෝතලේ වත්තට යන පාර ඇහුවොතින් ඕනි කෙනෙක් කියාවි. බෝතලේ වත්ත පහුකරගෙන තවත් කිලෝමීටරයක් විතර ගියාම ඔන්න දිය ඇලි දෙක පේනවා. ඇලි ලගට යන්න ටිකක් අමාරුයි. අද හෙටම යනව නම් අපි පොඩ්ඩක් සුද්ද කරපු හින්ද පොඩ්ඩක් ලේසි වෙයි. කෝකටත් පාර හොයාගන්නත් එක්ක වත්තෙන් මීට ඉස්සෙල්ල ඔය පාරේ ගියකෙනෙක් අඩගහ ගත්තොත් හොදයි.

ඔන්න එහෙනම් පොඩි පික්නික් එකකටත්, ඇඩ්වෙන්චර් ගමනකටත් ඕනිම එකකට සුදුසු තැනක් අද ලිපියෙන් ඉදිරිපත් කළා.
මේක ලියාගෙන යනකොට මොකක්දෝ එරර් එකක් ඇවිත් ලියපුවයින් බාගයක් මැකිලා ගියා. ආපහු ලියනකොට කරන්ට් එක ගියා. එපා වෙලා ඉන්නකොට තවත් ගමනක් සෙට් උනා. ඒ ගමන ගිහින් එනකොට නෙට් කපල. ඔන්න අද නෙට් එකේ බිල ගෙවල යන්තම් ගොඩ දාගත්ත. අර පස්සෙ ගිය ගමන තමයි හික්කඩුව , උණවටුන පැත්ත. එහෙත් නරකම නෑ. බලන්න ලස්සනයි. ඔන්න යටින්ම එහෙත් පින්තුරයක් දැම්ම.