දණ්ඩා නම් කුන්ෆු, වූෂු කරාටේ වල කෙල පැමිණියෙකි. හැඩි දැඩිය. වලි බරය. කිසිදා ගුටි කෑ බවක් නොදන්නා මුත් දණ්ඩාම කියා ඇති පරිදි පසල් දනව්වේ සියලුම චන්ඩින් දණ්ඩාට අවනතය.
දණ්ඩා:- එම්බල දූපත් වැසිය, අද දින ඉර හැරී අගල් තුනක් ගිය කල මහා සංග්‍රාමයක් වෙති. ජය පැන් බීමෙහි තුටුවේ නම් අප හා එක්වෙව. ජය ශ්‍රී.
දණ්ඩා:- නැත නැත බොල, සැලෙන්නට කාරණා නැත. අප වනාහි සිරිලක ශ්‍රේෂ්ඨ වංශයට අයත් අග්‍ර කොලිජියක සිප්සතර හදාරන්නෙමුය. එපමණක්ද නොව බ්‍රැඩ්මන්ටත් වඩා කිරිකැට් ශිල්පහිද, රිචී මැකාව්ටත් වඩා රගර් ශිල්පහිද, දෝන් සීනාටත් වඩා අගස්ති පොරවලත් සමර්ථකම් පෑවෙහිය.
වෙනකක් තබා SSP,ASP මෙන්ම DIG ද සලියුට් ගසති. තෙපි කුමක් අරභයා මැලවී යන්නෙහුද... තොපි කිසිවෙකුට කිසිම දෙයක් කොරන්නට නැත. හාවුන් මැදට පිනූ සිංහයෙකු මෙන් සතුරන් කීතු කීතු කර දමමි. එසේනම් නියමිත හෝරාවේ නුගේගොඩ පුරවරයෙහි ඩොම් නම් පොට් එකට සැපත් වේව. ජය ශ්‍රී.
+(19).jpg)
.jpg)
දූපත් වැසියා නම් තරමක බිය සුල්ලෙකි. හේ දණ්ඩානන්ව ප්‍රථමකොට යන්නට හැර හෝරා අඩකින් ඩොම් තිප්පොළ කෙරේ සැපත් විය.
දූපත් වැසියා:- ප්‍රිය මල්ලවයනි, අපගේ දේශ-ශක්තී ජාති-මාමක වූෂූ කරාටී කළුපටිධාරී දණ්ඩානන් මෙහි පැමිනියහිද??
මල්ලවයන්:- එසේය එසේය. දණ්ඩාණෝ අහස පොළව ගුගුරුවමින්, වාතලය කළම්ඹමින් සතුරු සෙනග කැති ගාන්නට ශාන්ත ජෝන් කොටුව වෙත ගියෙහුය. (ශාන්ත ජෝන් කොටුවනම් මාළු ජෝන් කරවූ නුගේගොඩපුර යම පල්ලන්ගේ කොලීජියයි.)
එකල sms තබා ගඩොල් බාගේ උපකරණයක්ද පහළවී නොමැති හෙයින් ස්ටේටස් අප්ඩේට් කිරීමට හැබැහින්ම විචාරිය යුතුය. කෙසේ වෙතත් මේ වන විට ශාන්ත ජෝන් කොටුව සුනුවිසුණු වී තිබිය යුතුය. සතුරන් හිස් ලූ ලූ අත ඇදිවත පමණක් ගෙන දිව යනවා ඇත. උපන්තේකට ගුටිකා පමණක් ඇති, ගුටි දී නැති ගැත්තන්ටද මහගු අවසරයකි. අද නම් දූපත්ගෙන්ද මාළු ජෝන්ලා කනවා ඇත. එසේ නම් නොපමාව යායුතුය. මගේ කුමරිකාවකටත් මුන්ගෙන් එකෙක් පැණි හලා ඇත. බැස්ටිය දිය යුතුමය.
..................................
කිමෙද මේ,,,, සංග්‍රාමය කල්ගිය සේක්යැ. දණ්ඩානන් ජෝන්ලා සමග මන්ත්‍රණයකි. දණ්ඩා මැදිකරගෙන ජෝන්ලා හත් අට දෙනෙකි. තවත් සමීපයට ගොස් විපරම් කල යුතුය.
..................................
අහෝ,,,,,,, දණ්ඩානන් ගේ නෙතට රොඩ්ඩක් ගොස් විය යුතුය. ඇසක් ගිනිපැහැ වී ඇත. නැත, නැත නිකටද ඇද වී ඇත.
පවිටු, කොළ ජෝන්ලා එක්ව දණ්ඩානන්ට නෙළා ඇතිබව සක් සුදක් සේ පැහැදිලිය. එසේ හේ නම් මා මෙතන දිය කෙළින්ටද, වහාම ඌර්ද්රවපාතනය විය යුතුය.
..................................
"අන්න යකෝ තව එකෙක් ඇවිත්, තෝ විතරද, තව ඉන්නව නම් එන්න කියපල්ල."
අහෝ ඛේදයකි. මා ප්‍රමාදය.
...................................
|අඩෝ කැxx, තෝත් ආවද හුxxxx xx..... |මුවත් ගනින්.... | අම්ම මුත්තා යුගයේවත් අසා නැති මුවදන්ය
චටාස් පටාස්,,, |ෂ්ෂ්ෂ්ෂ්,, ෂ්ෂ්ෂ්ෂ්ෂ්. |අනේ ඉතින් මම මොකවත් කලාද,,| තොපි ඔක්කොම එක xxx පxx... |චටාස් පටාස්,,,
ගහපිය දන,, |දන ගහපිය කැxx කිවම. |ඇයි තොට බැරිද හුxxx,,, |චටාස් පටාස්,,,
ජෝන්ලා:- ගහපිය දන. වැදලා ගනින් යකෝ සමාව.
දූපත් වැසියා:- අනේ ගහන්න එපා, අපිට යන්න දෙන්නකෝ. අපි කාටවත් ගැහුවද.
ලොකු ජෝන්:- තොපි දෙන්න හම ගහනවා. දණ ගහගෙන ඉදහන් අපි කියනකල්. යකෝ තොපි හිතුවද නුගේගොඩ වලි දාන්න.
දණ්ඩානනුත්, දූපත් වැසියාත් දණ නොගසා වෙන මක් කොරන්නද!
|දෙනෝදාහක් නුගේගොඩ පෙට්‍රල් සෙඩ් එක ඉස්සරහා| ගෙදර කාටහරි ආරංචි උනොත්,| අඩේ මිනිස්සු බල බලා යනව. |මූගේ ගෙවල් නම් අනුරාධපුරේ මම මහරගම, හපෝ ආපහු පාරේ බැහැල යන්නද|(එහෙම ඉන්දැද්දී මොනවා නොහිතුනාද). |වටේ මිනිස්සු| ක්ලාස්වල කෙල්ලෝ|..... ඊයා විලි ලැජ්ජයි.
ලොකු ජෝන්:- මොකද යකෝ බිම බලන්නේ. හුx xxx ඕනැද,,,, ඉස්සරහ පාර දිහා බලාගෙන හිටපිය.
*******************************************************************************
ඔන්න ඔහොමයි නුගේගොඩ සෙන් ජෝන්ස් එකට නෙළුවේ. ඒ කාලේ ජනප්‍රිය දඩුවමක්. දැන් නම් මතක වෙනකොට හිනා,,, හික් හික්,,,,,, කැමරා ෆෝන් නැති කාලයක් හින්දා ලොකු කචල් එකක් උනේ නෑ. අද කාලෙ නම් සදාකාලික විලි ලැජ්ජාවක්.