Saturday, December 10, 2011

අමුතු බඩුවක් ,,,,

Spellbinder නැත්නම් මායා බන්ධන කලකට ඉස්සර සෑහෙන ජනප්‍රිය වෙච්ච කතාවක්. ටාසන්, රොබින්හුඩ්, නයිට් රයිඩර්, ඕශන්-ගර්ල් ගෙන් පස්සෙ ආපු කතාව. නිළියන් අතරින් ලස්සන ඕශන් ගර්ල් උනාට  මායා බන්ධන කතාවෙ තියන කුතුහලය ඊට ගොඩක් වැඩියි. සයන්ටිෆික් පැත්තට පොඩි බරක් තිබුනට ඒකත් ඕනිම කෙනෙකුට තේරෙන විදියට ලස්සනට ගලාගෙන යනව.
කතාවෙ නළුවා පෝල්. නිළිය  රියානා එතකොට දුෂ්ටයා, ආශ්කා ඇතුළු අමතක නොවෙන චරිත ගොඩක් තිබුන. ඒ වගේම රංගනයත් උපරිමයි.
මේ කතාව බොරු බව දන්නව උනාට මට එක දෙයක් ගැන නම් මාරම ආසාවක් ඇවිත් තිබුන. ඒ තමයි අර උඩින් යන වාහනේ,,, ඕක ගියේ මැග්නටික් ෆීල්ඩ් එකක් ඇතුලෙනේ, ඉතින් මටත් හිතුන කාන්දම් කෑලි ටිකක් අරගෙන මොකක් හරි පාවෙන්න හදන්න උත්සාහයක් ගන්න.
මුලින්ම පරණ කවකටු පෙට්ටිවල, සෙල්ලම් බඩු වල තිබ්බ කාන්දම් කෑලි ටික අරගෙන එක එක විදියට බැලුව. හරි ගියෙ නෑ.
"ට්‍රයි ඇන්ඩ් ට්‍රයි යූ කැන් ෆ්ලයි" කියලත් කතාවක් තියනවලුනෙ. පස්සෙ ස්පිකර් ටිකක් හොයාගෙන ගලවල කරල රවුම් කාන්දම් වලිනුත් ටෙස් කෙරුව. කෝ ඒත් කෑලි ටික එකට ඇලෙනව මිසක්, හරියට බැලන්ස් කරල උඩ හිටින විදියට මෙලෝ දෙයක් හදා ගත්තෙ නෑ.
ම්ම්ම්ම්ම්,,,,,, කොහොමින් කොහොම හරි අන්තිමට මේ පිස්සු වැඩ හින්ද ගෙවල්  වලිනුත් බැනුම් අහල නෝන්ඩිත් වෙලා වැඩේට තිත තියන්න උනා.
මේ කතා ඔක්කොම ආපහු මතක් වෙන්න ගත්තෙ ගිය බදාදා යාළුවෙක් ගෙනාපු අමුතු බඩුවක් හින්ද,, බලන්නකෝ වීඩියෝ එක.

ඔන්න වැඩේ, කොහොමද?? මම පාවිච්චි කරන රුපියල් දෙදාහේ චයිනීස් ෆෝන් එකේ වීඩියෝ නැති හින්ද යාලුවගෙ එක නම් දාන්න විදියක් නැති උනා. නමුත් ඒකත් ඔය උඩ දැක්ක වගේ එකක්ම තමයි.
පි‍ටරටවල ඉන්න අපේ බ්ලොග් කියවන කට්ටිය නම් මේව දැකල කරල ඇති. හැබැයි ලංකාවෙ නම් වැඩිය නෑ කියලයි හිතෙන්නෙ.
අනං මනං කිව්වට මේවගේ අමුතු බඩු ගන්න තැනක් නොකිව්වොත් ඒකත් ලොකු අඩුවක් හින්ද ඔන්න තැන් දෙකකම ලින්ක්. 1) මෙතන 2) මෙතන
එහෙනම් ඉතින්,,,, "යන්නෙ කොහෙද මල්ලේ පොල්" වගේ බ්ලොග් සටහනක් අදටත් ඉවරයි...

16 comments:

  1. එල බඩුවක්. ගන්න සල්ලි නෑ බන් :(

    ReplyDelete
  2. යකෝ බොට කොමිශන් එක කීයක් හම්බ වෙනවද,,,
    ඒගාන අඩු කලොත් මම ගන්නව හික් හික්.

    ReplyDelete
  3. මායා බන්ධන බලල මටත් එක එක අයිඩියා ආවා පස්සෙ කාලෙක තමයි තේරුණේ ඒවායෙ තියන අඩුපාඩු , විඩියෝ එක එල ඇ .

    ReplyDelete
  4. සිරා වීඩියෝව මාත් ආසයි විජ්ජා වලට.. (ඇත්තටම විජ්ජා කීවට මේවා ෆිසික්ස්)

    ReplyDelete
  5. දෙවැනි අනොන් මටනම් කීයක්වත් කොමිෂන් නෑ. කෝකටත් ඔය indika @ internet money ගෙන් ඇහුවනම්,,, හික් හී.

    ReplyDelete
  6. මගේ හිතේ ඕක බලපු ගොඩක් දෙනාට එක එක අයිඩියා එන්න ඇති බුවා. මොකද අමුතුම කතාවක්නෙ

    සෑම් ගේ කතාව හරි,, ෆිසික්ස් විජ්ජා.

    ReplyDelete
  7. ම්..මයා බන්දන හොඳකතාවක් උනාට ආටිෆිෂල් ගතිය වැඩි මචො...

    ReplyDelete
  8. Raj ඔය නොකිය කියන්නෙ ඕශන් ගර්ල් හොදයි කියල වෙන්ටැ,,

    ReplyDelete
  9. නිකන් බෑ බං බැලන්ස් කරන්න!ඔය ෆිසික්ස් වල තියන සූත්‍ර දාල ගනං හදලා ඒ විදිහට වැඩේ සැට් කරානං හරි!

    ReplyDelete
  10. උඹත් මාර භාණ්ඩනෙ හොයාගන්නෙ. හිටපංකො අරක පටංගන්නකං මාත් මොකක්හරි ජිල්මාට් එකක් කරන්න :D

    ReplyDelete
  11. Sabith මට එච්චර දෙයක් කරන්න දැනීමක් තිබුනේ නෑ..

    අනේ බොල අලියො,, අරක පටන් ගත්තම වැඩ වැඩි වෙනව. මැක් ඩොනල්ඩ් යන්නයි, ක්ලාස් කට් කරල රස්තියාදු ගහන්නයි, එක එක ෆන්ෂන්, practical අරව මේවා දහසක් බොරුනම් බලපන්කො,,,

    ReplyDelete
  12. අප්පේ... දැන් තියෙන ජාති! හීනෙන්වත් හිතුව දේවල් ද මේ!

    ReplyDelete
  13. මේවගේ එකක් හොයාගන්න ඕනේ..එළ ඈ...

    ReplyDelete
  14. මරු ගැජමැටික්ස් එකක්නෙ...

    ReplyDelete
  15. කස්ටිය එකක් ගත්තොත් අපිටත් පෙන්නන්න,,

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,