Friday, December 16, 2011

ගෙන්දගම් පොළොවටම මනුස්සකම උරාගෙන,,,,,

අපේ ජිවිත හරිම විෂමයි විවිදාකාරයි සමහර වෙලාවට පුදුමයි. මේ අද වෙච්ච දෙයක්. 
දවල් වරුවෙ නුගේගොඩ පැත්තෙ කැරකිලා, පොඩි රස්තියාදුවකුත් ගහල ගෙදර එන්න කියල හෝල්ට් එකට ආව. 
මෙන්න ඉන්නව අන්තිම චා ඩයල් ටිකක්. හිප්පියෝ වගේ. ඔය සෙට් එකේ කෙල්ලො තුන් දෙනෙකුත් හිටිය. හිතා ගන්න පුළුවන්නේ කොමලේ... ඇබරෙනව, කැරකෙනව, ටින්කිරි පෙරනව, මල විකාරයයි. එකෙක් එක කෙල්ලෙක්ගෙ එහෙං අල්ලනවා මෙහෙන් අල්ලනවා,, අරව මේව දහසක්. මෙතන මිනිස්සු කෝටියක්‌ හිටියත් මුන් උන්ගෙ ලෝකෙ. හරියට තමුන්ගෙ ගෙදර තමුන්ගෙ කාමරේ අස්සෙ වගේ.
ඔන්න ඔය ඒ මේ අස්සෙ ඇස් පේන්නැති මනුස්සයකුත් සෙනග අතරින් හැපී හැපී එනව. හැබැයි මිනිහගෙ මුණෙන් පේනව නිකන් පාරක් තොටක් දන්නෑ අසරණ ගතියක්. මමත් මනුස්සයට යන්න කියල පොඩ්ඩක් ඉඩ දුන්න. මුන්ට උදව් කරන්න ගිහින් ඇදගෙන නාන්න උනොත්. මොකෝ මට ඔහොම වෙලා තියනව. නැතත් දැන් කාලේ පොරවල් ෂුවර් නෑ, මගේ හිතත් ටිකක් ගල්.
අන්කල් කොහාටද යන්නෙ,,, පාර හොයා ගන්න පුළුවන්ද?" අර පිස්සු ගැන්සියේ පොරක්.
පුතේ මම නාවලට යන්න බස් එකක් ගන්න යන්නෙ"
(නාවලට යන්න හෝල්ට් එකට යන්න සෑහෙන දුරක් යන්න වෙනව. නුගේගොඩ සුපර් මාකට් එක පැත්තට. මේක උනේ හයිලෙවල් ස්ටෑන්ඩ් එකේ.)
මෙන්න ආපහු අර ගැන්සිය කුටුකුටුව...
"ම්ම්ම්ම්... මචෝ මම එහෙනම් අන්කල්ව දාල එන්නම්"
"ඕකේ,,,, බබා වීල් එකක යන්නකො." එක කෙල්ලෙක් අදහසක්.
ඔන්න අන්තිමට අර ඇස් පේන්නැති මනුස්සයව 3වීල් එකක දාගෙන එක්ක ගියා...
ඇතටම ඔහොම උදව් කරපු සෙට් එක මගේ ලෝකයේ වීරයෝ, වැඩිහිටියන්ට ආදර්ශයක්, මම දහස වාරයක් උබලට ඔලුව නමනව,,,,,,
නමුත් කිසි උදව්වක් නොකර නොදැක්ක වගේ පාරෙන් අයින් වෙච්ච මම......., මම මොකෙක්ද,,,, නරුමයෙක්ද??,,,,,, ගෙන්දගම් පොළොවටම මනුස්සකම උරාගෙන, රොඩ්ඩ විතරක් ඉතුරු වෙලා,,,,,,,

අහන් ඉන්න,,,, අහගෙන ඉන්න,,,,,
 (ඇත්තටම මට මම ගැනම ගොඩක් දුක හිතුන.)

10 comments:

  1. හිතාගන්න බෑ මොකක්ද කියන්නේ කියලා,බලං ගියාම ඒ හිපියා උඹට වැඩිය හොද මහත්තයෙක්.......හික් හික් හික් ....

    ReplyDelete
  2. හොඳ හිපියො ටිකක්....ඇත්තටම ඒ කරපු දේ හරිම ලස්සනයි...ඒ උනාට මට ටිකක් සැකයි......කොහෙ අරන් ගියාද ඒ මනුස්සයව කියල.....

    ReplyDelete
  3. අපි කොහොමද බං දන්නේ හරියටම ඒ පොර අන්දද කියල අපො ගෙන්දගං පොලොවෙ දැන් ඉන්න අසරණයො ඇත්ත එවුන්ද කියල දැනගන්ඩ හෙන ගේමක් දෙන්ඩ වෙනව...අර හිපියා හරි මොකහරි කරපු වැඩේ හොඳයි..හැබැ ඌටත් පස්සේ වඳින්ඩ ගිය දේවාලේ ඔලුවට පාත් උනාද දන්නැනේ..අනික බං 176 බස් එකක නැග්ගුවනං ඉවරයිනේ...නිකන් බොරු පාට් දාන්නැතුව...අනික අපි කොහොමද දන්නේ ඒ අර හිපියගෙයි..අර පොරගෙයි ගෙමක් ද කියලා..

    ReplyDelete
  4. හිපියි කියල සම්මත හැමෝම හිපියො නෙවෙයිනෙ බං! :(

    ReplyDelete
  5. අනේ මන්ද,,, එකපාරක් පිටකොටුවෙ අන්ධ ඩයල් එකකට උදව් ලරන්න ගිහින් චා උනා..

    ReplyDelete
  6. බාහිර පෙණුමෙන් මිනිස්සු මනින්න බෑ කියනවනේ. සමහර වෙලාවල් වල මම දැකල තියනව ඔයවගේ සෙට් බස්වල යන්නෙත් ටිකක් අහීලාචාර විදියට. ඒත් වයසක කෙනෙකුට, දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙකුට සීට්එකක් දෙන්න පැකිලෙන්නෙ නැති අය.

    ReplyDelete
  7. මනුස්සකම හැම මනුස්සයා ළගම තියෙනවා... එත් පෙන්නන්නේ නැහැ..එකයි වෙනස! අවස්ථාවේ හැටියට ඔයා ඒ මනුස්සයට ඉඩ දීමත් මනුස්සකමක් විදියටයි මම දකින්නේ!!

    ReplyDelete
  8. ඒ දේ එහෙම කියන්න බෑ, ඒ වුනත් එයාලා කල දේ අගය කරන්න ඕන, ඒත් සමහර වෙලාවල් තියෙනවා ඔය ගෙන්දගම් පොළවේ, අපේ නහය විදින ජාතියේ...ඒ නිසා දැන් කාලේ උදව් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා!

    ReplyDelete
  9. මමත් මිනිස්සුන්ට උදව් කරන්න ගිහින් හොඳට ඇන්දිලා තියෙනවා.... ඒත් තවමත් කරනවා.... මෝඩකමද , වෙන මොකක් හරිද මන්දා....

    ReplyDelete
  10. මොකක්ද මචන් ඇත්තටම සිද්ද උනේ.උන් දිහා බැලුවහම එහෙම දෙයක් කරයි කියල හිතන්න අමරුයිනේද

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,