Tuesday, January 24, 2012

නෙත නොගැටුණු දසුන්,,,

දෙදාස් දොළහ පටන් ගත්තත් හරි බ්ලොග් එකට අත තියන්න බැරි උනාට, එහේ මෙහේ රව්ම් ගහන්න නම් පොඩි පහේ වාසනාවක් ලැබුන. දුන්හිද, දියළුම, ඩෙවෝන්, සෙන්ට් ක්ලෙයාර්, ලෝකාන්තය සිරිපාදේ ඔන්න ඔකොම තැන් කීපයක්. මේ තැන් බොහොම සුන්දර උනත් ගොඩක් දෙනා අහල තියන දැකල තියන බොහොම ප්‍රසිද්ධ ස්ථාන. ඒ හින්ද කට්ටිය වැඩිය නොදකින නමුත් දවසකින් දෙකකින් ගිහින් එන්න පුළුවන් තැනක පුංචි විස්තරයක් අද පොස්ට් එකෙන්.

1)පළවෙනි තැන
මේක තමයි බඹරකන්ද දිය ඇල්ල, අඩි 790ක් උසයි. ලංකාවේ උසම ඇල්ල වගේම ලෝකෙම 48 වෙනියට උසම ඇල්ල. මෙතන පාමුල ඇල්ල ලගටම ගිහින් නාන්න පුළුවන්. පිටරට සංචාරක යුවලකගෙත් ලස්සන දසුනක් කැමරාවේ සටහන් කරගන්න පුළුවන් උනා.


 2)දෙවැනි තැන
මේ මුලින් තිබ්බ බඹර ඇල්ලේ උඩ කොටස. මේ කොටස බලන්න නම් ඇල්ල උඩට නගින්න ඕනි, ෆයිනස් කැලේ ඇතුලින්. මෙතනත් පොඩ්ඩක්වත් ගැඹුරු නෑ. 
ලොකු ඇල්ල පටන්ගන්නෙත් මෙතනින්. ඒ වගේම ලොකු ඇල්ල පටන් ගන්න තැනටම ගිහින් ඔලුව දාල බලන්නත් පුළුවන්. පරිස්සමින් , හොද සිහියෙන්, පොඩ්ඩක් එහේ මෙහේ උනොත් අඩි හත්සීයක් පල්ලෙහා.
ඔතෙන්ට නගින අතරමග පල්ලෙහා බලන්න ගල් කුලකට යන්නත් පුළුවන්. එතනත් ටිකක් පරිස්සමින් යන්න ඕනි තැනක්.

3) තුන්වෙනි තැන

මෙන්න ලංකාවේ ලස්සනම දිය ඇල්ලක්. නම "ලංකා ඇල්ල". වැඩිය උසනම් නෑ, නමුත් ෆොටෝ එකකට ගන්න බැරි තරම් ලස්සනයි. මේ ඇල්ල වැටෙන්නේ තනි කළු ගලක් ඇතුලෙ ලංකාව වගේ හැඩේට. පුදුම ලස්සනක්, හිතට සැහැල්ලුවක් ලැබෙන දිය ඇල්ලක්. දෙවියනේ කියල මේක නම් තාමත් ප්ලාස්ටික් ටොෆි කොළ අනං මනං වලින් අපිරිසිදු වෙලා නෑ. මොකද වැඩිදෙනෙක් යන්නේ නැති හින්ද. ඇල්ලට යන්නෙ බඹර කන්ද ඇල්ල පාමුලින් වම් පැත්තට කිලෝමීටරයකට අඩු දුරකින්. ඇත්තටම ගිහින් බලන්න වටිනා තැනක්.
ඇල්ල වැටෙන තැන නම් නාන්න යන්න එපා ඊට වඩා හොදයි එල්ලිලා මැරෙන එක. මොකෝ බොඩියවත් කරදරයක් නැතුව ගන්න පුළුවන්නේ. නාන්නම ඕනි නම් ඇල්ල උඩ පූල් එක වගේ තැනක් තියනව ගැඹුර නැති.

4) හතර

මේ ඇල්ල බලන්න යන කට්ටිය අල්පයි. ඒ ටික දෙනාගෙනුත් ඇල්ල ලගට යනව ඇත්තේ දාහකට එකක් විතර. මොකද පාර දුෂ්කර නිසා. මේකට කියන්නෙ උඩුවර ඇල්ල කියල.ඇල්ල පේන හරියට යන්න බඹර කන්ද ඇල්ලේ ඉදන් කිලෝමීටර  දෙකක් විතර කන්දක් නැගල යන්න වෙනව. පාමුලට යන්න නම් එතන ඉදන් තවත් කිලෝමීටර් 5ක් විතර අති දුෂ්කර ගමනක් තියනව. මේ ඇල්ලත් ඊලග එකත් දෙකම තියෙන්නෙ එක ලග. දෙකම එකට පේනවා

5) ඇලි සෙට් එකේ අන්තිමය

කිව්ව වගේ මේ ඇල්ල තියෙන්නෙ උඩුවර ඇල්ල ලගමයි. දෙකම හැදෙන්නෙ එකම වතුර පාරෙන්. වැරදිලා හරි තව මීටර පනහකින් විතර ඇලි දෙක ලං වෙලා තිබ්බ නම් බඹරකන්ද උසට වඩා උස වැඩි වෙනව. මේකට කියන්නෙ "නාගදෝව ඇල්ල" කියල. ඇත්තටම ගත්තොත් මේකට ගිහින් තමයි උඩුවර ඇල්ලට යන්න වෙන්නෙ. මේක පහල පොඩි කෝවිලකුත් තියනවලු. (අවාසනාවන්ත හේතුවක් නිසා ඇල්ල පාමුලට යාමේ අවස්ථාව නම් අපිට නැති උනා. නමුත් අතේ දුරට එනකම් යන්න පුළුවන් උනා).

ඔන්න දවසක හරි දෙකක හරි ට්‍රිප් එකක් යන්න නියම තැන. නමුත් කට්ටිය ගොඩක් යන එකක් නම් හරියන්නේ නෑ. අන්තිමට කියපු ඇලි දෙක ලගටම යන්න අදහස් කරනවා නම් ඕනි දුකක් විද දරාගන්න පුළුවන් වෙන්න ඕනි. කූඩැල්ල්ලෝ කවාගෙන, කටු ඇනගෙන, අත පය පතුරු යවාගන්න සූදානමින් ඉන්න වෙනව.
තවත් මදිනම් හෝටන් තැන්නට 15 km විතරයි තියෙන්නෙ. හැබැයි පයින්ම අදින්න වෙනව.
නමුත් බඹර කන්දටත් ලංකා ඇල්ලටත් එකදවසකින් අපහසුවකින් තොරව ගිහින්, බොහෝම රිලැක්ස් එකේ ඉදල එන්න කියාපු තැනක්.
පරිසරය නැති කරන කාළකන්නියෝ නම් නොයන තරමට හොදයි. මොකද මෙතන තවම ජරාවෙලා නැති නිසා.
ඔක්කොම ටික කියල යන පාර හරියට නොකීවොත් අඩුවක්.

කොළඹින්, අවිස්සාවේල්ල, රත්නපුර, පැල්මඩුල්ල, බලන්ගොඩ, බෙලිහුල්ඔය හරහා කලුපහනට එන්න වෙනව. තවත් සරල කරනවා නම් කොළඹින් බදුල්ල (99 රූට් එක)යන බස් එකකින් කලුපහනෙන් බහින්න පුළුවන්. එතන ඉදන් බඹරකන්ද ඇල්ල ලගට 5km විතරයි. ඕනි නම් 3-වීලරුත් තියනව.
ලංකා ඇල්ලට යනව නම් බඹර කන්ද ඇල්ලට යන පාරේම ගිහින් (පයින් යන ටිකේ) , මුලින්ම හම්බුවෙන ෆයිනස් වගාවකින් උඩට යන්නෙ නැතුව වම් පැත්තට ගිහින් ෆයිනස් කැලේ ඇතුලින් කන්ද උඩට නැගගෙන යනකොට අඩි පාර මුලින්ම බෙදෙන තැනෙන් වම් පැත්තට යන්න ඕනි. එතනින් දකුණට ගියොත් බඹර ඇල්ලේ උඩ කොටසට යන්න පුළුවන්.
නාග දෝව සහ උඩුවර ඇලි බලන්න යනව නම් බමරකන්ද ඇල්ල බලන්න අඩි පාරට එන්නේ නැතුව තවත් මීටර අටසීයක් විතර ලොකු පාර දිගේ කන්ද උඩට නැගල අතුරු පාරක යන්න වෙනව. යන්න වෙන්නෙ "බෝතලේ වත්ත" කියන වත්ත ලගින්. (දමිල කස්ටිය ඉන්න වත්තක්). බෝතලේ වත්තට යන පාර ඇහුවොතින් ඕනි කෙනෙක් කියාවි. බෝතලේ වත්ත පහුකරගෙන තවත් කිලෝමීටරයක් විතර ගියාම ඔන්න දිය ඇලි දෙක පේනවා. ඇලි ලගට යන්න ටිකක් අමාරුයි. අද හෙටම යනව නම් අපි පොඩ්ඩක් සුද්ද කරපු හින්ද පොඩ්ඩක් ලේසි වෙයි. කෝකටත් පාර හොයාගන්නත් එක්ක වත්තෙන් මීට ඉස්සෙල්ල ඔය පාරේ ගියකෙනෙක් අඩගහ ගත්තොත් හොදයි.

ඔන්න එහෙනම් පොඩි පික්නික් එකකටත්, ඇඩ්වෙන්චර් ගමනකටත් ඕනිම එකකට සුදුසු තැනක් අද ලිපියෙන් ඉදිරිපත් කළා.
මේක ලියාගෙන යනකොට මොකක්දෝ එරර් එකක් ඇවිත් ලියපුවයින් බාගයක් මැකිලා ගියා. ආපහු ලියනකොට කරන්ට් එක ගියා. එපා වෙලා ඉන්නකොට තවත් ගමනක් සෙට් උනා. ඒ ගමන ගිහින් එනකොට නෙට් කපල. ඔන්න අද නෙට් එකේ බිල ගෙවල යන්තම් ගොඩ දාගත්ත. අර පස්සෙ ගිය ගමන තමයි හික්කඩුව , උණවටුන පැත්ත. එහෙත් නරකම නෑ. බලන්න ලස්සනයි. ඔන්න යටින්ම එහෙත් පින්තුරයක් දැම්ම.

19 comments:

  1. එළකිරි......වෙලවක් හම්බ උනොත් මාත් කරන්නෙ ඕකම තමා.මේ මං ගියපු තැන්.
    http://chayaruupa.blogspot.com

    ReplyDelete
  2. wow, නියමයි,, නමුත් මම මේ ලිපි මොකක් හරි පත්තරයක මෙහෙමම දැකල තියනව. මම හරිද??

    ReplyDelete
  3. අයියෝ පත්තර වලට දැම්මෙ නෑ.මේ මම පහු ගිය දවස් ටිකේ ඇවිදපු තැන්.

    ReplyDelete
  4. අපිත් තුන් හතර සැරයක් ම ගියා බඹරකන්ද බලන්න, අපේ අල්ලපු වැටේ නේ තියෙන්නේ, මම ඉන්නේ කැම්පස් එකේනේ. ඒ වුනත් අර අනිත් ඇලි ගැන නම් දැනගෙන හිටියෙ නෑ, ආයෙත් යන්නෝන බලන්න! ස්තූතියි කිව්වට ඒ ගැන!

    ReplyDelete
  5. ආ,,, ලහිරු බෙලිහුල්ඔයද?... යන්න යන්න බලන්න.

    ReplyDelete
  6. ලංකාවෙ මිනිස්සු වැඩිය නොයන ලස්සන තැන් හුඟක් තාමත් තියෙනවා...යන්න වෙන්නෙ නැති එක තමා. ඉදල ඉදල ආවමත් යන්නෙ හැමදාම යන නුවර එලියි.. කතරගමයි තමා

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හ්ම්ම්ම් ලස්සනයි යන්න ඕනේ වෙලාවක! 'සම හරක්' නම් මේ වගේ තැන් වලට නොයන තරමට හොදයි තමයි! එක වතාවක්,(හ්ම්ම් ගගේ නම මතක නැහැනේ) නාන්න ගිහින්, මගේ කකුල කැපුන අගක් කාලක් විතර යටට, බීලා බෝතල් කඩලා වතුරට දාලා ගියපු 'සම හරක්' නිසා! ඒ ගගේ හැම තැනකම, වගේ විදුරු කටු පිරිලා!!

    තව කෙනෙකුට, සතුටු වෙන්න විනෝද වෙන්න, ඉතුරු කරලා නෙවෙයි එන්නේ ගියාම! බහුතරයක් මිනිස්සු මානසික රෝගීන් ද කියලා හිතෙනවා, ප්‍රසිද්ද සංචාරක ස්ථාන, කැලැවල්, විනාස කරලා තියෙන හැටි දැක්කම!

    ReplyDelete
    Replies
    1. මගෙත් ඔහොම වීදුරු කටු අනිල තියනව.

      Delete
  9. පිස්සාගේ පලාමල්ල කියන දේත්, නෙලුම් කියන " සම හරක්" වැඩ ගැනත් කතාව ඇත්ත. නමුත් ඉතින් ඔය "සම හරක්" ඉන්නෙත් අපි අතරෙම තමයි.

    ReplyDelete
  10. දියඅැලි වල ලස්සනට සම කරන්න දෙයක් නෑ!

    ReplyDelete
  11. එළ එළ ...මමත් ගිය අගෝස්තුවේ ගියා බඹරකන්ද පැත්තේ...හැබැයි ඇල්ල ලගට ගියේ නෑ....හොටේල් එකේ ඉදන් ඒක දිහා බලාගෙන හිටියා..එළ පිංතූරටික ඈ.....

    ReplyDelete
    Replies
    1. ඊලග පාර ආපුවහම කස්ටිය එකතුවෙලා යමු.

      Delete
  12. හරිම ලස්සනයි දූපත්.... සෑහෙන දුෂ්කර ගමනක් ගියපු බව පේනවා.... මට මේක බලනකොට මතක් උනේ ටිකක් ඉස්සර කාලෙක රූපවාහිනියෙ ඉන්දැද්දි හේම නලින් කරුණානායක මහත්මයා කරපු 'ගලා හැලෙන රිදී නදී...' කියන වැඩසටහන.... ඒකෙන් ලංකාවෙ තියෙන ඔක්කොම වගේ දිය ඇලි පෙන්නුවා...මං හරිම ආසාවෙන් බැලුවෙ...

    ReplyDelete
  13. 9.05 එකෙනුත් පොඩියට පෙන්නුව මතකයි..

    ReplyDelete
  14. බමරකන්ද දිය ඇල්ල උඩට යන පාර ඩන්නවද?

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,