Thursday, January 26, 2012

කට නොහැර සිටිම්ද?

වැඩි කතා ඕනි නැත. ලියන්නට කාරණා හිගයක්ද නැත. නමුත් නමුත්... කෙටියෙන් හෝ බැළුම් ගලේ අඩව්වක් බ්ලොග් එකකටත් දැම්මාට කිසිදු අඩුවක් නොමැත. එය බ්ලොග් කියවන්නන්ටත් බැලුම්ගල වැඩසටහන මෙහෙයවන්නන්ටත් දෙපිරිසටම වෙන සේවයකි.
බැළුම් ගලේ නොකියපු නමුත් කොලබ වි.වි යාලේ සයන්ස් ෆැකල්ටියේ ඉන්න  ඩීන් මහා ඇදුරු ඇතුළු අදාළ සෙට් එක දන්න, මරුවින්ගේ වැඩක් මමත් කියන්නම්. මුලින්ම බැළුම් ගලේ මරුවින් ගැන කතාව අහන්න....
මෙතන ලින්ක් එක

මෙන්න මේකයි කොලබ  වි.වි යාලේ සයන්ස් ෆැකල්ටියේ ඩීන් මහා ඇදුරුත් දැන දැනම කොරපු, නමුත් ඔප්පු කරන්න බැරි, ඔප්පු කලත් වැරැද්ද UGC එකට යන වැඩේ.
මරුවින්ගේ පුත්තර රත්නයකට (පියා මරුවින්ද? නැත්නම් වෙන එකෙක් දැයි නොදනිමු) කොලබට ඇතුළු වෙන්නට ලකුණු (z-අගය) මදිව තිබෙත්දිත් දැන දැනම කොලේ වහල වෙන එවුන් කපල සයන්ස් ෆැකල්ටියට ගත්ත. මේක උනේ 2008 නැත්නම් 2009.
කෙමෙස්ට්‍ට්‍රි හෙඩ් (ගෝඪාට බයේ වී. වි වැඩවර්ජනයට ආපු නැති), ෆැකල්ටි ඩීන් ඇතුළු වෙනකක් තබා වී.සී ත් (ඉදිරිපත් වූ නම් අතරින් පරිසාධන මට්ටම අඩුවෙන්ම පැවති මහා ආචාරිය ශානිකා හිරිබුරේගම:- මැයට ජනාධිපති විසින් අනෙත් වැඩි සුදුසුකම් පිරිස පැත්තක තබා V.C පට්ටම ලබා දෙන ලදී.) ඇතුළු රටේම නමගිය තැන්වල ලොක්කොත් (කැලණියේ වී.වී. යේ ආසනික් පොරත් ඇතුළුව) මුන්ට බලුවී මුන්ගේම සරණ යන කල, මේ කතා බ්ලොග් එකකින් මිස, කාට කොහොම කියන්නද...

11 comments:

  1. අනේ මංදා...අන්තිම කාලේ මිනිහගේ මගේ හිතේ....

    ReplyDelete
  2. රට බල්ලට ගිහින් ද ඉන්න බල්ලෝ නැගිටලා ද මන්දා..

    ReplyDelete
  3. ඔය කියන අය ඒ ලෙවල් යංතං වත් පාස් උනා කියන එකත් මම ඇහුවෙ අද තමා. මං හිතුවෙ අට පාස් ඝනයෙ කියල

    ReplyDelete
  4. විස්තරත් එක්කම දාපන්කො.....

    ReplyDelete
    Replies
    1. මහ එඋන්ගේ වැරදි වලට පොඩි එඋන් අමාරුවේ දන්නේ මොටද, මේවා කාටවත් නොකීවට ඔය උද කියපු උදවිය දන්නා දේවල්.

      Delete
  5. සොරිම තමයි! :(

    ReplyDelete
  6. මරුවින් විතරද, මහ රජාගේත් පුත්තරය නීති විබාගේ මාර විදියට ලීවලු. පුත්තරය කෙසේ වෙතත් මම දන්නා තරමට මහ රජාත් නීති විබාගේ ලියල තියෙන්නෙ පුත්තරය ලිව්වට වඩා හපන් විදියට.
    තව ඕනි තරම් තියනව දේශ-පාලුවන්ගේ ළමයින්ට අඩු සුදුසුකම් වලින් පිටරට ශිෂ්‍යත්වත් ගත්ත. ලක්ෂ්මන් යාපාගේ කොලුවත් මෙඩිසින් කොරන්න රට ගියා වෙන එකෙක්ව කපල දාල. පොරනම් අඩුම තරමේ දත් දොස්තර වෙන්න හරි තීරෙච්ච එකෙක්. එහෙමත් නැති ඩයල් දුප්පත් ළමයි කපල උඩට යනව.

    ReplyDelete
  7. Replies
    1. කවිකාරිට පුළුවන් නම් ශිෂ්‍යත්වයක් ගන්න විදිය කියල ලිපියක් දාන්නකෝ. හැමෝටම වැදගත් මම හිතන්නේ.

      Delete
  8. මිනිහට ලොකු දෙයක් ලගදීම වෙයි නේද?දැන් ඉතින් ගොඩක් කාලයක් දෑගලුවනේ..

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,