Tuesday, February 14, 2012

අමන දනන් කෑගැසුවත් හතර වටේ,,

ලංකාව නම් අමුතුම රටකි. ලෝක තෙල් මිල ඉහල ගිය සැනින් මෙහෙත් මිල උස්සයි. තවම ඒ ගණන වලට තෙල් කදුලක්වත් අරගෙනත් නැත. ගොන්කම කියන්නෙ මිල වැඩි කලාම එන ප්‍රශ්න ගැන හිතලාවත් නොමැති කම. 
ඔන්න අද උදේ ITN නිව්ස් දැම්මම බස් වර්ජනය ගැන කිවේ මාර කතාවක්. එක සේවක සංගමයක් වර්ජනය කරනවා නමුත් අනිත් ඒවා දුවනව කියල. ඔන්න අර දුවන සංගමේ එකෙක් ඇවිත් අනිත් සංගමේට දෙහි කැපුවා. ඊළගට වර්ජනේ මිනිස්සුන්ට වදින්නේ නැති දෙයක් වගේ පොඩි ටෝකක් දුන්න. අනේ මන්ද දැන් රජයේ මාධ්‍ය රාජපක්ෂ පවුලට කඩේ යනවා වගේ කාලයක් ප්‍රේමදාස මහත්තයටත් කඩේ ගියා. වන්දි භට්ට සේවාව  කියන එක ITN කියනවට වඩා ගැලපෙනව.
කොහොම උනත් මොකක් හරි ලබාගන්න නම් වර්ජනයක් කරන්නම ඕනි තත්වයට රට පත්වෙලා. මගේ අදහස නම් බස් වර්ජනය හරියට හරි. මොකද ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් කරන්න ඕනි. කුමාර වෙල්ගම කියන   ප්‍රවාහන ඇමටිට උකුනෙක්ගෙ සයිස් මොළයක් තිබ්බ නම් ප්‍රස්නේ ඇති වෙන්න කලින් විසදන්න තිබ්බ.
හලාවත ධීවරයින් කරපු වැඩෙත් හරි. එහෙම නැත්නම් මහා රජාගේ ඇස් ඇරෙන්නේ නෑ. තගරියට තේරෙන්නෙ තගරි බාසාවෙන්මයි කියන එකයි ඕකෙන් ඔප්පු වෙන්නෙ.

ඔන්න ලියාගෙන යනකොට වැලන්ටයින් දවසත් ඇවිල්ල ... හරියට 12 යි වෙලාව. වැලන්ටයින් දවසෙම බස් ගාස්තුත් වැඩිවෙලා. බුමිතෙල් අනං මනං වැඩි හින්ද කෑමත් ගණන්. මේ මාසෙම ගෑස්, ලයිට් බිල් ඒවත් වැඩි වෙනව. හැබැයි මොක වැඩි උනත් රට කරවන සෙට් එකේ ගසා කෑමත් නාස්තියත් අඩුවෙන පාටක් නෑ. අවංකවම මට තියන දුක රටේ සම්පත් ටිකත් උන්ගේ බූදලය කියල හිතල විකුණන් කන එකට. 
පුංචිම උදාහරණයක් කිවොත් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට වගාකරන්න බිම්අගලක් ගන්නත් අමාරුයි. CIC එකට අක්කර දාස් ගානක් කුණු කොල්ලෙට දෙන්න පුළුවන්. ඒකත් නැෂනල් පාක් එකකින්. නීතියට අනුව නම් ඇතුළු වෙන්නත් අවසර ගන්න ඕනි. මාධ්‍ය කරුවනුත් අඩුම තරමේ නෙත් fm කට්ටියත් මේවට වැඩිය සද්ද දාන්නෑ.
හරි,,,, මම මේ පොස්ට් එකෙන් කියන්න අදහස් කලේ මේ විදියට රට ඉස්සරහට ගෙනියන්න නම් මොන මොනවද කරන්න ඕනි සහ කරන්න වෙන්නෙ කියල. අන්න ඒ දේවල් ටික අහන්න පුළුවන් පල්ලෙහා යූ-ටියුබ් ලින්ක් එකෙන්. 
නමුත් ඔතෙන්ට "සංචාරක කරුමාන්තේ කියල සංස්කෘතියම විකුණගෙන නැති කරගන්න  එකත්", "වෙන රටවල් වලට ගිහින් අපේ මිනිස්සු හම්බු කරන එකෙනුත් ගාන කපාගන්න එකත්" එකතු කරන්න ඕනි. ඇයි "තෙල්ටික, ඒකත් මොකෙකුට හරි පොස්පේට් ටික දෙන්න හැදුව වගේ දීල දාමු"...මොකද ඔය දෙක තුනම අද හෙට වෙනව. 






15 comments:

  1. අනේ මන්ද ඔය ලංකාවෙ වෙන දේවල් ගැන මට නම් ලියන්න හිතන්න දෙයක් නෑ......

    ReplyDelete
  2. දැන් පඩි වැඩිකර ගැනිමේ මහා සටනට සැරසෙවු...

    ReplyDelete
  3. මහරජතුමාටයි පිරිවරටයි හැපී වැලන්ටයින් ඩේ එකක් ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
    Replies
    1. හික් හික් එළ ටෝක් එක....

      Delete
  4. මහා එකා ආයෙත් උගේ ...... දෙක පරීක්ෂා කරන්ඩ සිංගප්පූරු ගියා. ඒක කරෙන් වැටෙන්න පයින් එකක් ගහන්ඩ ආසයි.

    ReplyDelete
    Replies
    1. හප්පා එහෙමත් සීන් එකක් ද....

      Delete
  5. රටම තමා ඉන්න වෙන්නේ...ලංකාවට ගිහිල්ලා රස්සාවක් කරලා කාලා බීලා ආතල් එකක් අරං ඉවරයි....

    ReplyDelete
  6. රට මහින්දට
    පාර්ලි‌‌මේන්තුව චමල්ට
    හමුදාව ගෝඨාට
    ආර්ථිකය බැසිල්ට
    උරුමය නාමල්ට
    කරුමය ජනතාවට

    ReplyDelete
  7. මට හිතෙන හැටියට ලංකාවට දියුනු වෙන්න ඔ්නතරං සම්පත් තියනව!සම්පත් තිබ්බට වඩක් නෑ! එව්ව පාවිච්චි කරන්න පින තියෙන්නත් ඔ්න!

    ReplyDelete
    Replies
    1. පින නෙමේ ඔනිකමයි දැනුමයි තියෙන්නෙ ඕනි කියල මට හිතෙන්නෙ

      Delete
  8. බස් ස්ට්‍රයික් එකනම් සාධාරණයි.මොකෝ ඒවා වතුරෙන් දුවන්නේ නැහැනේ.අන්තිමට ඔක්කොම පව් අපේ කරපිට.දුප්පත් අපි මක්ක කියලා කොරන්නද?.

    අමතර කාරණයක් දරුවෝ : වෙල්ගමට අයිති ලංගමේයි,දුම්රියයි විතරයි නේද?. පවුද්ගලික ප්‍රවාහනය අයිති සි.බි රත්නායක උන්දෑටද කොහෙද.ඕවා ඉතින් මතකතියාගන්නත් අමාරුයි නෙව.හිසේ කෙස් ගානට ඇමතිලා ඉන්නවා නෙව.

    ReplyDelete
    Replies
    1. අන්කල් මහත්මයාට ස්තුතියි...
      වෙල්ගමනෙව තමන්ගෙ බස් වල වුතිය සමිතිය ස්ට්‍රයික් නොකර දුවන්න ගත්තෙ.

      Delete
  9. දූෂණ ගසා කෑම තුන්වන ලෝකයට දැන් අමුත්තක් නෙමේ. හරියට කලොත් කරන්න බැරි දෙයක් නෑ ලංකාවේ. අනේ මන්දා අනාගතේ ගැන හිතද්දිත් බය හිතෙනවා !!

    ReplyDelete
  10. අර මැච් එකේ විස්තරේ අවුල් දරුවෝ. බ්ලොග් 1 වහාගෙන වීඩියෝ 1 පෙන්වා.මට එ පොස්ට් එකේ කමෙන්ට් කරන්නවත් විදියක් නැහැ. කමෙන්ට් බොක්ස් 1 වීඩියෝ එකෙන් වැහිලා. අනිත් පොස්ට් වලත් වීඩියෝ 1 පෙන්වා. ඕක අයින් කොරලා ස්කෝර් 1 විතරක් පෙන ගැජට් 1ක් දැම්මොත් නරකද ???

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,