Saturday, March 10, 2012

ජන/සත්ව සංගණන අනාවැකි,,,

පහුගිය ටිකේම ගෙදර හිටියේ නෑ. අතින් පයින් කට්ට කාගෙන යාළුවෙකුට වතුර ඇද්ද. නමුත් වෙනස් වැඩක් හින්දත් ෆීල්ඩ් වැඩ වලට පොඩි ආසාවක් තියන හින්දත් ඇගේම තියන සබ්ජෙක්ට් එකක් හින්දත් මමත් වැඩේට සෙට් උනා.
වැඩිපුර බ්ලොග් ලියන්නේ කියන්නෙ කොම්පීටර ජිල්මාට් දන්න මහතැන්/මහ තැනීල හින්දත්, මේ වැඩ කොම්පීටර වැඩ වලට වෙනස් හින්දත් මේ අමුතු කේස් එක ගැන චූටි සටහනක් ලියල යන්නම හිතුන.

සිද්දිය මෙහෙමයි. මගේ යාළුව ලංකාවේ එක එක කැලෑ ප්‍රදේශ තෝරාගෙන ඒ ප්‍රදේශ වල ඉන්න සත්තු වර්ගයක් තෝරාගෙන උන්ගෙන් කීදෙනා කීදෙනා ගානේ ඉන්නවද බලනවා. ඔන්න මගෙන් අහන්න එපා මොකටද ඔය ගණන හිලව් හොයන්නේ කියල. මතකනේ පහුගිය කාලේ අලි කීයක් හිටියද කියල ගැන්න. වැඩිය ඕනි නෑ දැන් මේ දවස් වල මිනිස්සු කීයක් ඉන්නවද කියලත් ගනිනවනේ.(ඒ ගැන අන්තිමට කියන්නම්)

හැබැයි ලස්සන වැඩේ කියන්නෙ සත්තුන්ගේ ස්වභාවය අනුව ගනින සිස්ටම් එක වෙනස් කරන්න වෙනව. අලි, කොටි හෝ මිනිස්සු උනත් ගනින්නේ කස්ටිය දාල මේ මේ ටිකේ කියල වෙන් කරලා දීල දවසක් දෙකක් ඇතුලත වැඩේ ඉවර කරනව. නමුත් හිතල බලන්න පොඩි සත්තු, හිතමු මීයො වගේ එකෙක්,,,මොකෝ ලොකු උන් වගේ ගනින්න පුළුවන්යැ.
අන්න එහෙම වෙලාවට උන් කීයක් ඉන්නවද කියල පොඩි එස්ටිමෙට් පාරක් දාන්න අමුතු වැඩක් කරනව. වැඩේට කියන්නෙ " මාක්. රී කැප්චර් මෙතර්ඩ්" කියල. සරල උනත් මාර මෙතර්ඩ් එකක්. මතක තාලෙට ඉස්කෝලේ පොත පතේ නෑ.

1) මුලින්ම අදාල ප්‍රදේශයේ සිතියම අරගෙන උගුල් අටවන තැන් ටික ලකුණු කරගන්නව. අඩි 50න් 50 හරි කොටු රුල් පොතේ කොටු ආකාරෙන් හරි සුදුසු විදියකට.
2) ආපහු කියන්න දෙයක් නෑ ඊළගට ගිහින් පොල් කෑලි ටිකක් ඇමට තියල උගුල් ටික අටවල එන්න වෙනව. උගුල් වර්ගත් තියනව, අල්ලන සතා අනුව උගුල් ටයිප් එකත් වෙනස් කරන්න වෙනව.
3) ඔන්න ඔහොම වැඩේ සෙට් කරල, පැය ගානකින් නැත්නම් දවසකින් විතර උගුල් ටිකත් එක්ක අල්ලපු සත්තු ටික ගේනව.
4) ගෙනත් අහුවෙච්ච උන්ගේ පොඩි සලකුණක් දානව. සලකුණක් කීවේ එක්කෝ උන්ගේ නියපොත්තක් කපනව, නැත්නම් මැකෙන් නැති මාකර් පෙන් එකකින් අපිට විතරක් අදුරගන්න පොඩි තිතක් තියනව. ඊට පස්සේ උන්ටික ආපහු හිටපු තැන් වලටම නිදහස් කරල දානව.
5) ඔහොම ඔහොම දවස් ගානක් උගුල් තියල අල්ලල අල්ලපු උන් සලකුණු කරල අත අරිනව. ටික දවසක් යනකොට මුලින් අල්ලල සලකුණු දාපු එවුනුත් ආපහු උගුල් වලට අහුවෙනව. අන්න එහෙම ටික කලක් යනකොට වැඩේ හරි.
6)පස්සේ පොඩි සමීකරණයකින් ගාන හදනව.

N/n = S/s
නොහොත් [N බෙදීම n සමානයි Sබෙදීම s]

N කියන්නෙ සත්තු ගහනය කීයද කියන එක. අපිට හොයන්න ඕනි එක මේක
n වලින් අදහස් කරන්නෙ උගුල් තියල අල්ලල කීදෙනෙක් සලකුණු කරල ආපහු අතඇරිය මුළු සත්තු ගාන.
S = අන්තිම පාර උගුල් වලට අහුවෙච්ච සත්තු ගාන
s = අන්න ඒ අන්තිම පාර උගුල් වලට අහුවෙච්ච සත්තු ගානෙන් කීදෙනෙක් මුලින් සලකුණු කරපු උන්ද කියල.

කියවගෙන යන කට්ටියට වැඩේ තේරුණාද මන්ද... තව සරල කරොත්, අපි නොදැනුවත්වම ඒ ප්‍රදේශයේ ඉන්න ඔක්කොම සත්තු ටික අල්ලල නම් S = s වෙනව. (අන්තිමට අල්ලපු උන් ඔක්කොම සලකුණු වෙච්ච සත්තු). එතකොට අපි දවස් ටිකේම සලකුණු කරපු ඔක්කොම ගාන මුළු ගහනයට සමාන වෙනව.
හ්ම්ම්ම්ම් ,,, ඔක්කොම සත්තු අල්ලල සලකුණු දාන්න කල් යන හන්දත් ප්‍රායෝගික නැති හන්දත් ටික කලක් සත්තු අල්ලල මුලින් කියපු සමීකරණයෙන් තක්සේරු කරනව. ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ...
ලියන්න පටන් ගත්ත අටුවාව නම් ඉවරයි. නමුත් හාවෝ මියෝ වගේද ජනසංගණනය,,,
 ඇත්තටම ලංකාවේ ජනගහනය කීයක් විතරද. ඔය ප්‍රශ්නෙට හරි උත්තර එන්න ජනසංගණන වැඩේ ඉවර වෙන්න ඕනි. නමුත් හරිම හරි උත්තරේ නැතත් ඔය අගය දෙකෝටි තිස්ලක්ෂයට මදක් ඉක්මවා යයි කියල මගේ අදහස. බලමු ජනගහනය ගැන මගේ අනාවැකිය හරි ගියොත් මේ පාර අවුරුදු උත්සවේ පැපොල් ගෙඩියේ ඇට ගානත් හරියන්න පුළුවන්..........

14 comments:

  1. හපෝ උඹගේ යාළුවෝ මීයෝ අල්ලනවා වගේ අපෙත් නියපොතු කපලා ගනින්න පටං ගනියිද දන්නෑ...මොනවා උනත් එළ වැඩක් වගේ....

    ReplyDelete
    Replies
    1. ලගදී ලංකාවට ආවම උබෙනුත් මොකක් හරි කපල ගන්නම්කො,,හික් හික් ,,,

      Delete
  2. Replies
    1. ඔව් ඉන්ද්‍රජිත්,,, නමුත් මේවා ඒලෙවල් පොත පතේ නෑ.

      Delete
  3. //දෙකෝටි තිස්ලක්ෂයට මදක් ඉක්මවා යයි// ඒ ආසන්න අගයක් වියහැකියි. පසුගිය සංගනන වාර්තා එක්ක බැලුවම. මගේ අදහස ඔය ගාන ඉක්මවන්නේ නැති ඊට අඩු අගයක්.

    ReplyDelete
    Replies
    1. පහුගිය සංගණන වල උතුරු නැගෙනහිර මුස්ලිම් සහ දමිළ කට්ටිය හරියට ගැන්නේ නෑ. ඒවත් එකතු කලාම දෙකෝටි තිස්ලක්ශේ පනී කියල මට හිතෙනව. අපි බලමු.

      Delete
  4. අපි මේ ගේම දුන්න කඩොල් කැලේ කඩොලාන විශේෂ වල ගණං හිලව් හොයන්න. කොච්චරක ද සමචතුරස්‍රයක් ගහල එ්ක අස්සෙ තියන එක එක වශේෂ වල ගාණ ගනං කරන්න. මඩේ බැහැගෙන කලා! :D

    ReplyDelete
  5. ඒ සත්තු සංගණනය කරන විදිය ගැන නම් ඇහුවෙ පළවෙනි වතාවට....

    ReplyDelete
    Replies
    1. තව සිස්ටම් තියනව. හිමීට කියන්නම්

      Delete
  6. මාත් ආසයි කැලෑවලට ගිහින් ඒ වගේ වැඩ වලට හවුල් වෙන්න....සත්තු එක්ක ඉන්න....

    ReplyDelete
    Replies
    1. වින්චැට් ඔයා කුරුළු ලෝලියෙක්ද?

      Delete
  7. ලංකාවෙ ජනගහනය ඊට වැඩි. ඇයි අප්පා දෙවිවරුම ඉන්නවනෙ තිස්තුන් කෝටියක්. :)
    අර සත්තු ගණන් ක්‍රමය හරිද මන්ද ?.......

    ReplyDelete
  8. හරියටම බැලුවොත් ලිපියේ ගොඩක් අඩුපාඩු ලියපු මටත් පේනවා. නමුත් මේ කටයුතු වලින් බැහැරව ඉන්න කට්ටියට පොඩියට අදහසක් දෙන්න ලීවේ. බරපතල වැරද්දක් තියනවා නම් හෝ වැරදියි කියන්න තර්කයක් තියනව නම් පෙන්වාදෙන්න.

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,