Thursday, March 22, 2012

මත්පැන් සමග ඩ්‍රයිවින්.

"මත්පැන් ශරීරයට අහිතකරයි" ඔන්න මම මුලින්ම කීව. ඕක අහන නැතුව දිගටම බීවොත් වෙන දේ මෙන්න මෙතන තියනව. ඒ විතරක්ද ගුවන්තොටුපළේ, අරලියගහ මන්දිරේ වගේ හයි ෆයි තැන්වල ඇරුණුකොට බීල අහුඋනොත් 50,000/= ක් දඩ කාල අවුරුදු 2ක් වැලිකඩ ඉන්න පුළුවන් කියල මෙන්න මෙතනින් මම දැක්ක. බුදු අම්මෝ හිතෙනව නේද.
හරි හරි ,, දැන් කියන්න හදන මාතෘකාව බොන එක නෙමේ. බීල ඩ්‍රයිව් කිරීමමත් නෙමේ. එහෙනම්??, බීල ඩ්‍රයිව් කරල රාළහාමි කෙනෙකුට මාට්ටු උනාම වෙන සිද්දිය. තනිකරම අත්දැකීම් එක්ක ලියවෙන්නෙ. කතාවේ පෙරවදන මෙහෙමයි.
අපේ අවාසනාවට පොඩියක් ගත්ත දවසට රා-හාමි කෙනෙක්ට මාට්ටුවෙලා බැලුමක් පුම්බල, දඩේකුයි, මාස හයකට ලයිසන් කැන්සලුයි, රස්තියාදුවකුයි, නෝන්ඩියකුයි වීම අතිශය බයානකයි. අන්න එහෙම නොවී රා-හාමිත් ශේප් කරගෙන කීයක්වත් නොදී බ්ලොග් පාඨකයන් ගෙදරට එතර කරවීම මේ පෝස්ට් එකේ අරමුණයි.

ඔන්න එහෙනම් කතාවට බැස්ස.
දැන් පාරේ තොටේ රාළහාමිල වැඩියි. මොකද යුද්දෙත් නෑ. වෙන වැඩකුත් නෑ. රජයට සල්ලිත් නෑ. ඒ වගේම මහජනයා ඇතුළු රාලහාමිලටත් සල්ලි වැඩිය නෑ කියන එක පොඩියට හිතේ තියාගත්තට කමක් නෑ. ඔන්න ඒ හන්ද රෑ වෙලා ගමන යනකොට මේ රා-හාමිලගෙන් ගැලවුම් නැත. සිකුරාදට නම් උපරිමයි.
මුලින්ම කියන්න ඕනි දේ තමයි "ප්‍රිවෙන්ශන් ඉස් බෙට්ර් දෑන් කියෝ" කිවලුනෙ. අහු නොවී යන්න තියනව නම් උපරිමයි. ඒකට තමයි ප්‍රධාන පාරවල් නැතුව ඕෆ් රෝඩ් හදල තියෙන්නෙ. දෙවියනේ කියල කිසිම වාතයක් නැතුව යාගන්න උපරිමයට අතුරු පාරවල් පාවිච්චි කරන්න ඕනි. අනික තමුන් ඉන්න ප්‍රදේශයේ සාමාන්‍යයෙන් රා-හාමිල රෑට රෑට ඉන්න තැන් දැන කියාගෙන සිටීම වැදගත්. නමුත් ඕෆ් රෝඩ් පහසුකම් නැත්නම් කරන්න දෙයක් නෑ යන්න වෙන්නෙ මහපාරේ.
ඔන්න ඔහොම රෑ ජාමේ යනකොට තමුන්ට ඈතීන පේනවා රා-හාමිල ඉන්නව, තමුන්ගෙ හිතත් දන්නව අහු උනොත් කේස් කියල, ඕන්න නොදැනිම බ්රේක් එකට කකුල ගිහින්. මේක තමයි හැමෝම අතින් වෙන වැරැද්ද. රා-හාමි දැක්කොත් 90% ෂුවර් ඇත දානව. අන්න ඒ හන්ද කොහොම හරි හිතට දහිරය අරන් රා-හාමි දැක්කත් නොදැක්ක වගේ ආපු විදියටම එන්න ඕනි.
අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඔය වගේ වෙලාවට මාරම ඇක්ශන් එකක් දානව. වාහනේ රා-හාමි ලගට එනකොට පොඩ්ඩක් ස්ලෝ කරල ලයිට් එක ගහල හෝන් එකත් ගහල වීදුරුවෙන් පොඩි "ටටා" පාරක් කියාගෙන ඇරල යනව. එතකොට රා-හාමිලට හිතා ගන්න බෑ, මූ කව්ද මේ කියල?? පොර හිතනකොට අපි ගිහින් ඉවරයි. කොහොමද, සිම්පල් ප්ලෑන් එකක්.
හ්ම්ම්ම්,,, ඕක කීවට හිතේ ගට නැත්නම් ක්‍රියාත්මක කරන්න අමාරුයි. බීවම සමහරු ඉමෝෂනල් වෙනවලුනෙ. "අනේ මන්ද. කේස් එකක් වෙයිද? පස්සෙන් පන්නයි ද?" අබල බබල හිත හිත දෙපැත්තට වැනි වැනී ඔයක බෑ.
ඉහත වැඩේ හිතෙන් ඇත ඇරල නම් ඉන්නෙ රා-හාමි වාහනේට අත දාන්න හදනවා නම් තීරණ දෙකක් තියනව. 1) එකක් තමා නොදැක්ක වගේ ඇරල යන එක. 2) අනික් එක පූස වගේ නවත්තන එක.
තීරණ දෙකෙන් පළමු වැඩේ තෝරාගන්න හොදම වෙලාවක් තියනව. ඒ තමයි වැඩි දුරක් නැතුව ඉස්සරහින් අතුරු පාරකට දාල ගෙදරට (හෝ අදාල තැනට) යන්න පුළුවන් තැනක නම්, නොදැක්ක වගේ තවත් ටිකක් පාගල ගිහින් පේන දුරකින් හරි අතුරු පාරකට හැරෙව්වොත් හරි. කචල් එකක් නෑ. ලග ගෙදරකට යන සෙට් එකක් කියල කේස් එක පන්නන් නෑ. පන්නල වැඩකුත් නෑනෙ.
එහෙම අතුරු පාරවල් නැත්නම් තමුන් තීරණයක් ගන්න වෙනව. ඉස්සරහ පොලිසියක් හෙම තියනව නම්, ඔය වගේ භාධක වැඩියි නම් අකමැත්තෙන් උනත් වාහනේ නවත්තන වෙනව. කොරන්න දෙයක් නෑ. නෑ,, නෑ ,, එහෙම නෑ. නැවැත්තුවත් කරන්න දේවලුත් ශේප් වෙන්න ක්‍රමත් සෑහෙන්න තියනව.
2) හරි ඔන්න දෙවැනි තෝරා ගැනීම. රා-හාමිගේ අණට අවනතව වාහනේ නැවත්වීම. ඔන්න ඔතෙන්දි යමක් අපේ සිහියට එන්න ඕනි... මොකක්ද? "විෂ්ණු ශර්මන්"ගේ සුප්‍රකට පංච තන්ත්‍රයේ "අස්ථානයේ ඇත්ත නොකිව යුතුය" කියන එක.
පංච තන්ත්‍රයේ   ඔය කියන කතාව නොදන්නෙක් වෙත් නම්,, ඒ කෙසේද යත්.... වදුරෙක් හා කිබුලෙක් මිත්‍රව සිටින අතර වදුරා හැමදාම කිබුලාට අති-මිහිරි අඹ ගෙඩිය බැගින් ගෙනත් දෙයි. කිබුලාද එය රැගෙන ගෙදර ගොස් කි ඹු ලීට දෙයි. කිඹුලී සිතයි "වදුරා දෙන අඹේ මෙහෙම ස්වීට් නම් හදවත කොහොම ඇත්ද,,". " කිඹුල මට වදුරාගේ හදවත කන්නට ඕනෑය. එය නැත්නම් මට පලක් නැත.. බ්ලා,, බ්ලා,,බ්ලා,," (නොදෝකින්, කිඹුලාගේත් ගෑනු සතා ඔහොම්මය). එකල්හි වදයෙන් බේරෙන්නට බැරි තන්හි කිඹුලා "වරෙන් මචන් වදුරෝ, අද අපේ දිහා රෑ කෑමට සෙට් වෙමු" කියා වදුරා පිටේ තබා පීනයි. ඔන්න ඔහොම එත්දී කිඹුලාට ටිකක් දුක හිතී ටිකක් ජෙනුයින් වෙන්නට හදයි. එනම් අස්ථානයේ ඇත්තක් කියයි. "අඩේ මචෝ සමාවෙයන්, මගේ ගෑණිට උබේ හාට් එක ඕනෑලු. මම මේ තකහනියක එක්කගෙන යන්නෙ ඒකට. මග හිටියොත් මම නසී, ගෙදර ගියොත් තෝ නසී". මේක ඇසූ වදුරාට එක දෙක වී රෝම කෙලින් වී මට කෙළවීය යන්න පසක් කර "කිඹුල් මස්සිනා, මාර සීන් එක. උබ ඕක කියන්න තිබ්බනේ. මම හාට් එක බර වැඩි හන්ද ගහ උඩ තිබ්බනේ,,," අයියෝ "මේ ආපහු හැරෙමු. උබ ඒ මගුලත් අරන් වරෙන්කො."
ඔන්න ඔහොම ටෝකකින් වදුරා ගැල උනත්. අපිත් මතක තබා ගත යුත්තේ "අස්ථානයේ" එනම් රා-හාමි අල්ලාගත් විට "ඇත්ත නොකිව යුතුය" යන්නයි. කොහොමටත් බීලා සුරාමේරය සිල්පදේ කඩල හන්ද මුසාවාදේ කැඩුව කියල අමුතුවෙන් පිරෙන්නට පවක් නැත.

මොනවා කරන්නද, බොහොම රිලැක්ස් එකේ ලියනකොට පීළි පනිනව. ඒ මදිවට දිගත් වැඩි වෙනව. රෑත් වෙලා උදෙත් වෙලා. නමුත් ලියන්න තියන දේ ටිකක් දිගයි. "රා-හාමි සමග ටෝකකට ඇතුළුවීම". "රා-හාමි සමග හිතවත් වීම". "රා-හාමිගේ දුර්වල තැන් අදුරා ගැනීම". "ඊට අනුකුලව පානිය දැමීම". "රා-හාමිට කිසි දෙයක් නොදී මාරුවීම". ඒවාට ඇද බාන බේගල්. ඔක්කොම බැරි නම් 500ක් දී ශේප් වීම". ඔන්න ඔහොම කතාව ගගක් වගේ ලියන්න ඕනි.
දවසක් ඩ්‍රැයිවර් කෙනෙක් මේ ඔක්කොම තුරුම්පු දාලත් හරිගිහින් නෑ. මේවට අහු නොවන නීතිගරුක ජරාව නොකන 0.5% විතර කට්ටිය ඉන්න හන්ද. නමුත් පොරත් වැඩේ අත ඇරල නෑ. නොවදිනා වැදුම් වැද වැද ඉන්න අතරෙ දඩ කොළ දෙන පොත උස්සල, එහෙනම් සර් මම ගියා කියල ඒක උස්සන් ඇවිත්.

එහෙමනම් සමාවෙන්න. අද ලියන පෝස්ටුවට දිග මේ ඇති. "රා-හාමි සමග ටෝකකට ඇතුළුවීම" සිට "බැළුම පිම්බේමේදී දක්වා" ක්‍රියා පටිපාටිය සහ ගැලවීමේ අවස්ථා ඉතිරිය ඊලග ලිපියෙන්.

19 comments:

  1. ඔහෙ රා හාමිළා එක්ක දාන කිසිම සෙල්ලමක් මෙහෙ රා හාමිළ එක්ක නම් මේ ආත්මෙට බැරිය...........

    ReplyDelete
    Replies
    1. හාපෝ ඇත්තද??? වින්චැට් යුරෝපාකරයේද????

      Delete
  2. 500 ගානේ දීලා කීපාරක් බේරිලා ඇත්ද...ඉඳලා හිටලා නීති ගරුක බුවලා සෙට් වෙනවා එතකොට දුකම කියන්න ඕනේ.ලොකු ටෝක් දුන්නොත් කෙලින්ම නඩු..බුවාගේ මූන බලලා ප්ලෑන් කරාම හරි ලේසියි...අපේ එකෙක් වැරදිලා ලොකු අය්යේ කියලා යංතං බේරුනේ මළම පැන්නා පොලිස් මාමට....

    ReplyDelete
    Replies
    1. හික් හික්.. මම දන්නව ඔබතුමා මේ ගැන expert කෙනෙක් කියල. හික් හික්. මම ටෝක පටන් ගන්නෙ ඔෆිසර් කියල අන්තිම වෙනකොට මචං ගානට එනව.

      Delete
  3. රා-හාමිලාගෙන් ලේසියකට බේරෙනවා බොරු. අහුමුලුවලත් එක්ක හැංගිලා ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා කිරි පුතේ. නමුත් මම නම් තවම හැමදාම බේරිල ගිහින් තියෙන්නෙ.

      Delete
  4. අපොයි..ඔහොම හැම ඩ්‍රියිවස්ලර්ම කලොත් රා-හාමිලට ගෙදර තමයි යන්න වෙන්නෙ..:D

    ReplyDelete
    Replies
    1. අහුවෙන් නැති ඇට්ටර වෙච්ච රා-හමිලත් ඉන්නව

      Delete
  5. මගෙනම් හොඳම සහ සාර්ථකම ක්‍රමය "අහක බලාගෙන නොදැක්ක වගේ යාම".. සිකුරාදනම් ඉතින් off road තමා...:D

    ReplyDelete
  6. බොහොම අපූරු උපදෙස් ටිකක්.
    ඒ වගේම මේක කියෝනකොට මෙන්න මේ වීඩියෝව (http://www.youtube.com/watch?v=WATrM9GSzyE) මතක් උනා..

    ReplyDelete
    Replies
    1. හා නියම වීඩියෝ එකක්. මම අදමයි දැක්කෙ. ස්තුතියි දැම්මට..

      Delete
  7. ඉක්මනට දැම්මොත් හොඳයි වගේ .... දැන් පොලීසියෙන් ගැලවීම ලේසි නැති නිසා ඔබේ ලිපිය ඉතා වටී.

    ReplyDelete
  8. මේ වගේ එ්ව තමයි වැඩි වැඩියෙං දාන්න ඔ්න! රාලහමිල උඩගියා වැඩියි! :D

    අර කිව්වත් වගේ හොඳම එක තමා පඅත උස්සන එක! :D

    ReplyDelete
    Replies
    1. එක තමා තනි අලිය. නමුත් වැඩේ අමාරුයි.

      Delete
  9. ඊට වඩා හොඳ නැත්ද වැඩි වුනාම බිව්වෙ නැති කෙනෙක්ගෙ වාහනේක, නැත්නම් ටැක්සියක යන්න, සෙට් වෙන එක? නැත්නම් මතේ බහිනකම් ඉඳලා යන එක?

    ඔහොම පාට් දාලා නීතියෙන් ගැලවෙද්දී අවසාන පාඩුව නීතිගරුක නොවන රාළහාමිලත් ඇතුළු සමාජයක ජීවත්වෙන්නට සිද්ධ වීම.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳ නැත්ද වැඩි වුනාම බිව්වෙ නැති කෙනෙක්ගෙ වාහනේක, නැත්නම් ටැක්සියක යන්න, සෙට් වෙන එක? නැත්නම් මතේ බහිනකම් ඉඳලා යන එක?// හරියට හරි, නමුත් මේ රටේ ඔහොම නැති අය ඉන්නවනෙ. (මේ මම වගේ).
      කොහොමටත් ඕනිම දේක දෙපැත්තක් තියනවා කියලයි මගෙ හිතේ. කොච්චර කලත් සර්ව සාධාරණ හොර බොරු නැති ලොවක් නම් නොමැති.

      //ඔහොම පාට් දාලා නීතියෙන් ගැලවෙද්දී අවසාන පාඩුව නීතිගරුක නොවන රාළහාමිලත් ඇතුළු සමාජයක ජීවත්වෙන්නට සිද්ධ වීම.//
      කෙසේ වෙතත් ඔබතුමිගේ අදහස හිස නමා පිලිගනිමි. මමද රාළහාමිලා බහුතරයද 100% ක් නීති ගරුක නැත.

      Delete
  10. පවර් ෆුල් මදි බොරු හොය හොය ගියා මගෙ බ්ලොග බැලුවද ? බළිය බලන්න

    ReplyDelete
    Replies
    1. හික් හික්,,, ස්වීට්, කියුට් බලියකි....

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,