Tuesday, May 15, 2012

ගේ දොර හරි උගස්‌ කරන්,,,,

පිටරට ගිහින් ඉන්න යාළුවො සෙට් එකක් මේ දවස වල ලංකාවට ඇවිත්. හවසට හවසට කට්ටිය මුහුදු වෙරල පැත්තේ හෙම කැරකෙනවලු. මුන් කට්ටිය එක රටකින් නෙමේ. එකෙක් ඇමරිකාවෙන් තවත් එකෙක් ඔස්ට්‍රේලියාවෙන්,,, කොරියා, එංගලන්තෙ, නවසිලන්තේ, දකුණු අප්‍රිකාවේ ඔන්න ඔහොම ලෝකේ වටේ ඉන්න සෙට් එකක්. අනික සමහර ඩයල් උපත්තියෙන්ම ධනපති පන්තියේ. සමහරු අන්තිම දුප්පත්. ගේ දොර උකස් තියන් රට ගිය කට්ටිය. 

කට්ටිය හිමීට කතාව දාගෙන ඉන්නකොට ඒක ඒක රටවල පුරුදු, සැප පහසුකම්, දුක කරදර ඔක්කොම එලියට එනව. එකට ඉස්කෝලේ ගිය සුන්දර අතීතයත්, කරපු කොලු වැඩත් මතක වෙනව. 
ඔන්න ඔය කොළු වැඩ ගැන කියන කොට බිග් මැච් අමතක කරන්න අමාරුයි. කොල්ලෙකුට පාරේ නට නටා යන්නත්, හැට් කලෙක්ෂන් දාන්න චාන්ස් එන්නෙත්, මියුසියස් එකට පැනල හරි හූ තියන්න ගටක්‌ ආවෙත් මේ කාලේ. ඔය දවස්වල ලැබෙන පොඩි අවසරයකින් මීවිත තොලගාන්නේ බේබද්දෙක් වෙන්න හිතාගෙන නම් නෙවෙයි. නමුත් එහෙම බීල බේබද්දෝ වෙච්ච එවුන් ඕනි තරම් ඇති. 
හැබැයි ඒ දවස වලත් බොන එකට විරුද්ධ කොල්ලෝ හිටිය. ඔන්න ඔහොම එකෙකුත් මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නව. පොර ඒ දවස්වල බොනවා කියන්නේ ආනන්තරීය පාප කර්මයකටත් වඩා ලොකු එකක් කියල ඇදපු එකෙක්. හැබැයි දැන් ,,,,,, දැන් එකේ අනික පැත්ත. සෙට් එකේ වැඩිපුරම බොන්නේ පොර.
හැමෝටම වැඩේ මීටර් වෙච්ච්ච හන්ද ඒ මාතෘකාව ඇදිල ආව.
"නෑ බන්, සුද්දොත් එක්ක සෙට් වෙන්න නම් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ඕනි. එතකොට තමා පොරවල් ෆිට් වෙන්නෙ. මුලින් තේ හැන්දයි ගත්තෙ, දැන් නම් බෝතලයත් මදී"
ඔන්න පොර සුරාමේරය කැඩුවට මුසාවාදේ කැඩුවේ නෑ. ඔය වෙලාවට තමා අර ගිරවු දෙන්නගෙ කතාව මතක වෙන්නෙ. හොද පැත්තට වැටුණු එකා හොදටත්. හොරුන්ගේ පැත්තට වැටුණු එකා හොරෙක් විදියටත් හැදෙනව. බල්ලෝ මරලත් සල්ලි හොයනව.
කොහොමහරි කට්ටිය සතුටින් ජිවත් වෙනව වගේ. පිටරට ජිවිතේ ගැන මට නම් අත්දැකීම් නෑ. ඒත් ගොඩක් දෙනෙක් මට කීවේ මෙන්න මෙහෙම. 

මේවා ඇත්තද බොරුද නම් දන්නේ නෑ.

24 comments:

  1. හි හි.. ලස්සන සිංදුව... මටත් පිටරට ගැන කියන්න නම් අත්දැකීම් නෑ.

    ReplyDelete
  2. හැම සුද්දාම එහෙම නැහැ. මගේ සුදු අප්පුහාමි යාළුවෝ එක්ක සෙට් වුනාට කිසිදාක මත්පැන් කටේ තියන්නෙ නැහැ. හැබැයි එහෙම නොතියන එක ගැන ආදීනව කාටවත් කියන්න යන්නෙත් නැහැ. මත්පැන් බොන්නෙ නැති ඕන තරම් සුද්දො ඉන්නවා. ඒ පැත්තට ඇදිලා යන්නෙත් ඒ විදියට කැමති අය වෙන්නත් ඇති කියලා හිතෙනවා!!!

    ReplyDelete
    Replies
    1. ගිලීමලෙත් ඇත දත සුද්දෝ කිව්වලූ.

      Delete
    2. අරුණි මිස්,,, මම හිතන් හිටියෙ සීයට අනූපහක් සුද්දෝ බොනව ඇති කියල,

      Delete
    3. දිනේෂ්,, උබේ කතාව නම් හරි වගේ

      Delete
  3. අපේ ඔෆිස් එකෙත් ඉන්නවා නොබොන විදේශිකයො.
    උන්ට ඩියුටි ෆ්‍රී බඩු හම්බ වුනත් ඒවට නෑ.

    ReplyDelete
    Replies
    1. පන්සිල් රකින සුද්දෝ ටිකක් වගේ..

      Delete
  4. අපේ ඔෆිස් එකෙත් ඉන්නවා නොබොන විදේශිකයො.
    උන්ට ඩියුටි ෆ්‍රී බඩු හම්බ වුනත් ඒවට නෑ.

    ReplyDelete
  5. බොන එකා කොහොමත් හේතුවක් හදාගන්නවනෙ... මම ඉන්නේ තාම හේතුවක් හොයාගන්න බැරුව...

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් බොන්න හේතු හොයා නොගත්තට කමක් නෑ, සහෝදරයා.

      Delete
  6. රට ගිහිල්ලම බලන්ඩ ඕනා..ඒක කොච්චර අමාරුද කියලා.. ඔය පෙන්නන සුර ලෝකවල් කොහෙවත් නෑ ගියාම.. තිබ්බත් ඒවා මේ අපිට නෙමේ...

    ලංකාව සුර විමනක්..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්,,,, ඔව් සුරවිමන් තිබ්බත් අපිට නෙමේ තමයි.

      Delete
    2. අනිවා.. එක පයින් ඒ කතාවට එකඟයි සෙන්නා. ගියපු එකා තමයි දන්නේ ඒ අමාරුව. මම කියන්නෙත් ඒකයි හැමෝම හිතනවා රට ගියා කිව්වම අම්මේ සැප කනේ කියලා. ඒත් ඒ සැප සැපක් නෙවෙයි කියලා තේරෙන්න නම් ඒ ගමන ගිහින්ම බලන්න ඕනේ.

      Delete
  7. පිටරට වගේද ලංකාව :)

    ReplyDelete
    Replies
    1. සියරටදේ සිරි සැපදේ කීවලු

      Delete
  8. මම අවස්ථානුකූලව මත්පැන් බොනවා. හැබැයි කුණු වෙන්ඩ නෙවෙයි. 'නිලධාරියකු සහ මහත්මයකු' ලෙස හැසිරීමට හැකිවන තරමට. (An Officer & a Gentleman) හැබැයි ඒක වැරදුණු අවස්ථාත් තිබෙනවා. මත්පැන් වලින් වැරදීමට ඇති ඉඩකඩ වැඩියි. මම කිසි දිනක කිසිවකුත් මත්පැන් පානයට උනන්දු කරවන්නේ නැහැ. මගේ පියා මියයනතුරු කවදාවත් බිව්වේ නැහැ. මට ඉන්නේ දුවලා දෙන්නෙක්. උන් දෙන්නානම් බොන එවුන්ට කැමති නොවනබව හොඳටම විශ්වාසයි. (තාත්තගේ වැඩ දැකලා වෙන්න ඇති) ඇබ්බැහිය නැත්නම් කොයි නරක පුරුද්දෙනුත් ගැලවෙන්න පුළුවන්. දැනටත් මට තෑගී හම්බවෙන මත්පැන් කාටහරි දෙනවා. බොන පාටි මග හරිනවා හැකි උපරිමයෙන්. අන්තිමට බිව්වේ පෙබරවාරි 27. ඩ්රෑම් දෙකක්. මගේ උපන්දිනේට.
    http://jangun.wordpress.com

    ReplyDelete
    Replies
    1. හරි හරි, කමෙන්ටුවෙන් වැදගත් දෙයක් දැන ගත්තා. එන අව්රුද්දෙ පෙබරවාරි 27ට අපිත් එනව කේක් කන්න.

      Delete
    2. කේක් කාලා බොන්නේ ඕනේ මොනවද?

      Delete
    3. හික් හික්,,, මම බියර් සිගරට් බොන්නේ නෑ. දෙකම තිත්තයි....
      වතුරෙන් පටන්ගෙන අනෙක් ඕනි දෙයක් මම බොනව...

      Delete
  9. ලංකාව තරම් සැපක් නැහැ වෙන කොහෙවත් ඔව්

    ReplyDelete
  10. ඔය කිව්වට ඔය දූපතේ පේන්න තියෙනවා නේද තාල වර්ගයට අයත් ගහක්? ඒකෙ මුට්ටියක් එල්ලලා වගේ පේන්නෙ නැද්ද? මට හිතෙන හැටිද මන්දා.


    henryblogwalker the Dude

    ReplyDelete
  11. Niyama sinduwa, meka hoya hoya hitiye :)

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,