Wednesday, May 23, 2012

ඕ.අයි.සී බුවාගේ ගෑස්,,,,,

මේක ටිකක් විතර පරණ සිද්දියක්, පරණ කීවට මහා පරණකුත් නෑ. ජාතක කතාවල වගේ වර්ථමාන එපිසොඩ් එකකුත් තියනව. මුලින්ම අතීත කතාව කියන්නම්.
අවිස්සාවේල්ල ටවුම හරියෙම හිටපු කොල්ලෙක් ගැන. මෑන්ස් ඇවිත් ගමේ කව්රුත් වගේ දන්න කියන පොරක්. අඩුම තරමේ නම ගම දන්නේ නැතත් මුහුණුවර හරි දන්නව. පොර කාලෙකට ඉස්සර නම් පොඩ්ඩක්වත් බැගී දාන්නේ නැතුව අළුත් ටී-ශර්ට් ගහගෙන කෙල්ලො පස්සේ ගියපු හැටිත් මට නම් මතකයි. ඒත් කාටවත් වාතයක් වෙච්ච ඩයල් එකක් නෙමේ. ඒ දවස්වල කෙල්ලො පස්සේ ගියාට මොකද පස්සෙ ජෙන්ටල් මෑන්ස් උනා. ගෙදරින් පිට නැවතිලා ජොබක් කරගෙන ටික කලක් යනකොට ඕනිම කොල්ලෙක් පොඩ්ඩක් වෙනස් වෙන එක හැටියක්.

ඉතින් මේ අපේ කතා නායකයා ගමේ ඇවිත් කරගත්ත කචල් සිද්දියක් කියන්න යන්නේ.
මේක උනේ පොර නිවාඩුවට ගමේ ඇවිත් ඉන්නකොට. අවිස්සාවේල්ල ටවුන් එකේ පොරගෙ යාළුවො කට්ටියකුත් ඉන්න හන්ද මෑන්ස් ගිහින් ටවුමට. පරණ ආගිය තොරතුරු කතා කරල ගෙදරට බඩු ටිකකුත් අරන් යන්න හදනකොට යාළුවෙක්...
"මචන්, හිටහන් පොඩ්ඩක්. උබ ගෙදරනේද යන්නේ. මාත් එනව,,, යමන් මගේ බයික් එකේ"
ඔන්න දැන් ඩබලම බයික් එකේ යනව. ඒත් එතන පොඩි පරහක් තිබ්බ. මොකෝ මුන් දෙන්නගෙන් බයික් එක එලවපු යාළුවට විතරයි හෙල්මට් එකක් තිබ්බෙ. අනික පරහ උනේ ගෙදරට යන පාරේම තමයි පොලිසිය තියෙන්නෙත්. (අවිස්සාවේල්ල ටවුමේ ඉදන් රත්නපුර පැත්තට තමයි දෙන්න ඩබල් දාල ගියේ)
දන්නවනේ අපේ පොලිසිය. රාලහාමිලට දිවැස් තියනවලුනේ.
කරුමේ කියන්නෙ මේ වෙලාවේම ඕ.අයි.සී බුවාත් පොලිස් බයිසිකලයක නැගල ටවුම පැත්තට ආව. මේ ඕ.අයි.සී රා-හාමි ටිකක් දරුණු පොරක්. පොරව මෙල්ල කරන භාණ්ඩේ මොණර කොළ විතරයි. එතුමාට පිං සිද්ද වෙන්න ඔය ටිකේ කසිප්පු කාරයොයි, කුඩු විකුණපු එවුනුයි රජා කරගෙන හිටියෙ. ඔයිට අමතරව මෙයා රා-හාමිලා කරන ඉතුරු බලු වැඩ ටිකත් ජයටම කරගෙන ගියා.
"කවුද යකෝ මගෙ වැයික්කියේ හෙල්මට් නොදාන xxx.. නවත්තපන්" 
හෙල්මට් නොදා යන එක වරදක්නෙ.වැරැද්ද වැරැද්දමයි,,, යාළුවො දෙන්න බයික් එක නැවැත්තුව.
"මචන්, දඩ කොළයක් දුන්නොත් අරගෙන එන්නම්. උබ පොඩ්ඩක් ඔහොම ඉදින්කෝ" යාළුවාත් ඕ.අයි.සී ගෙ හැටි දන්න හින්ද අපේ කතා නායකයව එහෙමම තියල තනියම ඕ.අයි.සී ලගට ගිහින්.
ඕ.අයි.සී:- මොකද හුxx, තෝ විතරක් ආවේ. තොපි දෙන්නටම මම කතා කලේ.
යාළුවා:- අනේ සොරි සර්, මම ගිහින් එක්කගෙන එන්නම් පොඩ්ඩක් ඉන්න
ඕ.අයි.සී:- නෑ තොපේ ගජයට එන්න බැරි හින්දනෙ ආවේ නැත්තේ... මම ගිහින්  බලන්නම් උගේ අන්ඩක් අඩුද කියල.

ඔන්න ඔහොම කියල අර අපේ බයිසිකලේ හිටපු හෙල්මට් නැති කොළුවා ලගට ගිහින්,,,
"මොකද යකෝ කතා කලාම පොන්xxක් වගේ ඉන්නේ" කියල හොදට අත දිග ඇරලා කන පැලෙන්න තරමේ එකක් දුන්න.
මම දන්නා විදියට වැරදි ඇල්ලුවට හැම වැරැද්දටම දඩුවම් දෙන්න පොලිසියට අයිතියක් නෑ. හෙල්මට් නැතුව ගියා කියල කනට ගහන්නත් බෑ. ඒ තියා මිනිස්සුන්ට කුණු හරපෙන් බනින්න අයිතියකුත්නෑ. ගුටිකාල ජන සංසදයට කියල මහ ලොකු තේරුමකුත් නෑ.
කොහොම උනත් සිද්ද උනේ ඕ.අයි.සී නොහිතපු දෙයක්.
අපේ මෑන්ට තද උනා. "යකෝ මේක යකාගේ පොලිසියක්නේ". ඕ.අයි.සී ට වැදුනේ පයින්. නිකන් නෙමේ කාණුවට විසික් වෙන්නම ගැහුවා. පොලිසිය ඉස්සරහම වගේ ඕ.අයි.සී ට ලෙලි යනකම් වැදුනා.
ඔන්න ඔහොමයි අපේ යාළුවා මුලින්ම අවිස්සාවේල්ලේ වීරයෙක් උනේ. ඕ.අයි.සී පස්සෙ වලි දාන්න හැදුවත් හරි ගියේ නෑ. අන්තිමට දෙවියනේ කියල ඕ.අයි.සී ම ට්‍රාන්සර් එකක් හදා ගත්තලු.

අවිස්සාවේල්ලෙ අපේ කාලේ වීරයාගේ (රාජසිංහ රජතුමා ඒ කාලේ) ගමේ කතාව තමා ඕක. කොහොම උනත් අවාසනාවට අපේ ගමේ තරුණ වීරයා නම් දැනට ජීවතුන් අතර නෑ. නමුත් කව්රු හරි කොළඹ පැත්තේ ඉදන් අවිස්සාවේල්ල ටවුමට එනවා නම් ඔහුව තවමත් දකින්න පුළුවන්..

ඔව්,, ඔහු නමින් ලලිත් ජයසිංහ. තවත් පූර්ණව කිවහොත් දිගු දුර මෙහෙයුම් බළකාය වෙනුවෙන් ජීවිතය කැප කල උසස්ම නිලධාරියා වන ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ (පරම වීර විභූෂණ).
නිවටුන් කැනහිලුන් ගුණ මකුවන් සහ බල ලෝභීන් රජයන ලොව,,,,,,,, ඔබ ලක් දෙරණේ නියම රණ-විරුවෙක්ය... හිත හොඳ කොල්ලෙක්ය....









39 comments:

  1. ඔහුට නිවන් සුව ලැබේවා...!

    පොලිස්කාරයින්ට මේ වගේ පාඩම් උගන්වන්න අපෙ කොල්ලො ඔක්කොටම වීරිය ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. අනිවා වින්චැට් කිරිල්ලි.,,,

      Delete
  2. Aththatama Lalith J.la wage kollo thamai Lankawata inna ona.Koheda ehema aya ikmanata apen wenwela yanawane.

    ReplyDelete
    Replies
    1. දක්ෂයෝ ඉක්මනින් නැතිවෙනව කියනවනේ.

      Delete
  3. එයාගෙ නෝන නේද එදා රණවිරු සැමරුමට ආවෙ?

    ReplyDelete
    Replies
    1. එක නම් හරියට නිච්චියක් නෑ රාජ්. බලන්න ඕනි ආපහු රණවිරු සැමරුමේ ෆොටෝ ටිකක්

      Delete
  4. රට දැය වෙනුවෙන් දිවි පිදු.....රණවිරුවානනි ඔබට අපගේ උත්තමාචාරය....
    පොලිස් කාරයො ගැන එච්චර වදවෙන්න එපා මොඩ කොල්ලොනෙ පොලිසියෙ ඉන්නෙ...ඔය එක්කෙනෙක් ගෙන් අහන්න දන්ඩ නීති සංග්‍රහයෙ වගන්ති කියක් තියෙනවද කියල එකෙක් වත් හරියට දන්නෙ නැහැ....

    ReplyDelete
    Replies
    1. පොලිසිය ගැන නම් කියල වැඩක් නෑ.

      Delete
  5. මමත් ඔය ප්‍රතිමා දැකලා තියෙනවා ඔතනින් යන එන කොට.එත් ඒ පිටිපස්සේ මේ වගේ කතාවක් තියෙනවා කියලා හිතුවේ නෑ.කොහොම උනත් ඔහු ආඩම්බරයක් අපට.

    ReplyDelete
    Replies
    1. ඔව් රන්දික... ඔහු ආඩම්බරයක්

      Delete
  6. Me vage VATINA Kollo 10k dan Lakavata hitiyanam athi,koheda dan inne Janathavatama ----na apu euwwone.

    ReplyDelete
  7. Dan inna Police ye maha ekkenath Lalith J.ta tikak eha inna manussaya velath kadeyanavane.[mama hithanne eyata podi kale kade yanna dila nathuva athi AMMALA,APPALA boralu gode vatila danis pana nathi vei kiyala.Dan kade gihilla mulu KONDAMA pana nathivela.]

    ReplyDelete
  8. පිරිමිකම තියෙන කොල්ලෙක්.වෙන කියන්න දෙයක් නැහැ

    ReplyDelete
  9. අමතක නෑ යාලුවා. ඒත් ස්තූතියි ඔයාට. ජය..!

    ReplyDelete
    Replies
    1. එහෙම කීවේ මමත් අවිස්සාවේල්ලේ නිසා. දැන් පැහැදිලිද..?

      Delete
    2. ඔව් ඔව්,,, මම දන්නවා. ඔයාගේ වැයික්කිය අවිස්සාවේල්ල කියුවනේ..

      ස්තුතියි කමෙන්ටුවක් දැම්මට.

      Delete
  10. නිවටුන් කැනහිලුන් ගුණ මකුවන් සහ බල ලෝභීන් රජයන ලොව,,,,,,,, ඔබ ලක් දෙරණේ නියම රණ-විරුවෙක්ය... හිත හොඳ කොල්ලෙක්ය....

    කිසිම සැකයක් නෑ!

    ReplyDelete
    Replies
    1. අනිවා!!!

      අලියාගොඩ කාලෙකින්. මොකෝ වැඩි සද්ද බද්ද නැත්තෙ දැන්???

      Delete
  11. අර ගමේ කතාව කියවනකොට මට හිතුනෙ පරක්කු වෙලා හරි අවිස්සාවේල්ලෙ වීරයට හුරේ කියල ලියනව කියල කමෙන්ට් එකේ.... ඒතරම් සන්තෝස හිතුනා ඒක කියෙව්වම.... ඊට පස්සෙ දැන් ජීවතුන් අතර නෑ කියල කිව්වම 'අයියෝ' කියල හිතුන... පහළටම ඇවිත් මේ වීරයා සැබෑවටම කවුද කියල දැන ගත්තම පපුව පිච්චිලා ගියා... මං මෙයා ගැන ගොඩාක් දේවල් අහලා තියෙනවා... එයාගෙ නෝනා මගේ චූටි නංගිගෙ හොඳ යාළුවෙක්....

    ReplyDelete
    Replies
    1. දැන් ජීවතුන් අතර නෑ කියල කිව්වම 'අයියෝ' කියල හිතුන:- ලලිත් නැති උනා කියල ආරංචි උනාම හැමෝම දුක් උනා මියුරු.

      ඔයාගෙ නංගි නම් සමහරවිට මේ කතාව දන්නවා ඇති.
      ස්තුතියි මියුරු කමෙන්ටුවට.

      Delete
  12. වීරයෙක් ගැන නොදත් කතාවක්....

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න කතා තව කොච්චර ඇතිද??

      Delete
  13. මා වැලි ඔය ප්‍රදේශයේ සේවය කරද්දී, අට දෙනාගේ කණ්ඩායම් සමග වැලි ඔය බංකර් වළල්ලෙන් සතුරු ඉසව්වට යන ලලිත්, ආපසු එන්නේ හොඳ 'දඩයම්' කීපයක් කරලයි. එත් කවදාවත් ඒවා ගැන කයිය ගහන්න ඔහු කැමති නැහැ. ඒ ඔහුගේ හැටි.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම හිතුවා "විචාරක" තුමා ලලිත් ගැන දන්නවා ඇති කියල.
      වැඩකරන මිනිස්සුන්ගෙ කයිය අඩුයිලු.

      Delete
  14. පිළිරුව යන එනවිට දැක තිබුනත් ඒ ගැන වැඩි දැනුමක් තිබුනේ නැ. දැනුවත් කලාට ස්තුතියි.
    අර කැනහිලාට ගහපු එක නම් මාරු ආ...

    ReplyDelete
  15. හුගාක් කබාය ඇදගත්ත පොලිස්කාරයෝ හිතන් ඉන්නේ ඉන්න මිනිස්සු ඔක්කොම උන්ට වදින්න ඕන කියලා ,කර්නල් ලලිත් ජයසිංහ කියන්නේ මම හුගාක් ආදරය කරන රණවිරුවෙක්
    ඇත්තටම සතු‍ටුයි ඔහු ගැන මේ තොරතුරු බෙදා ගත්තට.......

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙමයි රොබින්.....
      ස්තුතියි ,,,

      Delete
  16. මගේ හිතේ හැමදාම ජීවත්වෙන වීරයෙක් තමයි මේ. නියමයි පොලිස් කාලකණ්නියාට පාඩමක් ඉගැන්නුව එකනම්!

    ReplyDelete
  17. වීර පුරන් අප්පුලා,මද්දුම බණ්ඩාර,වීර පරම්පරා වලින් පැවතෙන නුඹලාට හෙට ඉපදෙන්න ඉන්න දරු පැටියාගේ ඉදන් රටේ හැම මිනිහම ණයගැතියි.

    වීරයාට නිවන් සුව.....!
    පොලිස් කාරයාගේ පුරුෂ ශක්තිය නැතිවෙන්න දෙන්න තිබ්බේ වල් හරක් උන්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව..
      කමෙන්ටුවට ස්තුතියි යාළුවා.

      Delete
  18. අයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ හොදටම දන්නවා මේ ගැන...හැබැයි ඔය පොලිස් කතාවනම් ඇහුවෙ අදමයි. මම සෑහෙන්න ගරු කරන කෙනෙක්..
    කොමෙන්ටුවක් පස්සෙන් අදමයි ආවෙ හොයාගෙන. එන්නම්කෝ ආයිත්....

    ReplyDelete
  19. පොලිසියේ එකාට ගහපු එකනම් නියමයි..ඒකෙන්ම හිතාගන්න පුළුවන් ලුතිනන් කර්නල් තුමාගේ තරම ... කොහොම උනත් ගරුකළ යුතු පුද්ගලයෙක්...

    ජය !!!

    ReplyDelete
  20. වීරයෙක් නියම වීරයෙක් වෙන්නේ මිනිස්සුන්ගේ සිත්සතන් වල ඒ වීරයා වෙනුවෙන් ඉපදෙන "හොඳ" සිතිවිලි වලින්. එහෙම කෙනෙක් බැනර් කටවුට් නැතුවට මිනිස්සුන්ට සදාකල් වීරයෙක්මයි. කර්නල් ලලිත් ජයසිංහ නම් ඒ අතින් සැබෑ වීරයෙක්. එවන් කෙනෙක් ගැන කතා එදාටත් වඩා වටින්නේ හෙටට, ඒ සද්කාර්යය උදෙසා ඔබට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම,,,,,,

      ස්තුතියි ක්සැන්ඩර්

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,