Friday, September 28, 2012

විදුලිය අරගමු ඩීසල් පුච්චමු,,

දැන් ටික ටික දෙවියනේ කියල වහින හන්ද පවර් කට් එක මතක අපේ චූටි මල්ලිට විතරයිලු. කස්ටිය පොත් තෝරනවා, T-20 බලනවා හෝ ගාල වැඩ. ඒ අස්සෙ අපේ ආචාරියාල මාස තුනක් තිස්සේ පඩි නැතුව වැඩ නැතුව පෙළපාළි.
ඔන්න අසූ නවයෙ නම් කොල්ලො උන්දලව ඇදල අරගත්තෙ. "සර්, සර් සරලත් එන්න ඕනි, සර්ල වෙනුවෙන්  තමයි අපි මේ කරන්නෙ" කීවම එළියට බහින්නම උනා. බැහැල පොස්ටරයකුත් අරගෙන පිට්ටනිය වටේ යන්න උනේ ආසාවටම නෙමේ. ජේවීපී මර බියට. ඉස්සරහින්ම ගියේ ෆැකල්ටි ඩීන්. ඒ කාලේ හිටපු කෙනෙක් නම් අමතක වෙන්න විදියක් නෑ. කොහොම නමුත් අන්තිමට ප්‍රේමදාස උතුමාට ඉල්ලපුව වැඩි හරියක් දෙන්න උනා. කාට අමතක උනත් හොදට යහමින් චේතනයකුත් අනෙක් දීමනාත් දැන් තියන තරමට හෝ මට්ටමකට ගෙන්න ජේවීපී සටන උදව් උනා. ඔයිං පස්සේ තමයි හැම තැනම ස්ට්‍රයික් පටන්ගෙන කචල් ඇවිත් කොල්ලො කුරුට්ටො මැරෙන්න පටන්ගත්තෙ. ඒත් එතකොට ආචාරියලට පඩි වැඩි වෙලා ඉවරයි. හ්ම්ම්ම් ඒ ඉස්සර කතා කස්ටියට අමතකයි නෙව.
කොහොම හරි,,,, ඔයිං මෙයින් චම්පික ඇමැතිටත් නිවන් ගියා වගේ ඇති, ඇයි උන්දැගේ අම්ම මුත්තටත් කිබුහුම් යනව අඩු  ඇති.
ඒත් ඒත්,,,, අපිට ආපහු පායන කාලයක් ආවම එතකොට ඉන්න ඇමතිට බැන බැන ඉන්නවා මිස වෙන කරන්න දේකුත් නෑ.
ඔන්න එහෙනම් කෑම හදන රෙසිපි ගොඩක් දෙනා දන්න දෙකක් නිසා විදුලිය හදන රෙසිපි ටිකක් කියන්න හිතුව.

1) ඔන්න මුල්ම ක්‍රමය.
කස්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ජල විදුලි රෙසිපිය. ඇල්ලක් හරස් කොරල බැම්මක් ගැහුවා, පල්ලේ බලාගාරේ ගැහුවා, වතුර යන්න බටයක් ගැහුවා, ඒ වතුරට කැරකෙන්න ටර්බයින් පෙති සෙට් කළා, බඩු වැඩ, මුල් වියදම විතරයි, මෙහෙන් කරන්ට් එක එනව. ඔහොම සරලව කීවට වැඩේ කරනකොට ටිකක් විතර අමාරුයි. ඕනිම දෙයක් එහෙමනේ. "බානගල" මුලින් හදන්න ගිය බලගාරේ බැම්ම පිපිරුව මතකයි. අනික් කාරණාව ඔය වැඩේට ඇල්ලක් ඕනිම නෑ. හෙඩ් එක හොද නම් වැඩේ ගොඩ. හෙඩ් එක කීවේ හොද බෑවුමක් කියන එකට.
ඔය කාරණා වලට අමතරව පොඩි පොඩි ජල විදුලි බලාගාර හදන එකේ වාසියක් තියනව. මගෙ හිතේ සමහර විදුලිබල නිලධාරීන් දන්නෙත් නැතුව ඇති. ඒ තමයි ඔය හදන විදුලි බලාගාර හන්ද පිටරට කොම්පැනි වලට වක්‍රව හොද ලාබයක් ලැබෙනවා. මෙහේ ඕකක් හැදුවොත් වැඩේ වැටෙන්නේ "ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි" නොහොත් පරිසර හිතකාමී වැඩක් විදියට. ඉතින් ඔය කොම්පැනිය තෙල් හාරන වැඩ, මයිනින් වැඩ කරනව නම් ඒවලට ගහන බද්දෙන් සෑහෙන ගානක් අඩු වෙනවා. ඔන්න වැඩේ හැටි. ජපනා රූපවාහිනියයි, පිදුරුතලාගල විකාෂනාගාරයි නිකංම වගේ හදල දීල, එදා ඉදන් අදටත් හෙටටත් උන් හදන ටී.වී ටික මෙහෙට විකුනන්න පාර හදා ගත්ත. ආය "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා" කියන්නෙ නිකන්ද.

2 ) හරි, ඔන්න එහෙනම් අපි හෙන ජීනියස් විදියට විදුලිය හදන අනිත් ප්‍රධාන රෙසිපිය.
මුලින්ම තෙල් ගේනවා පිටරටින්, මෙහේ සුද්ද කරනව. (කම්මැළි නම් එහෙං ගෙන එව්වා උනත් පුළුවන්). ඩීසල් ගන්නව. ඩීසල් ටික පුච්චනව. බොයිලර් රථ කරනව. බොයිලර් වල තියන වතුර රත්වෙලා බොයිල් වෙලා පීඩනය වැඩි වෙනව.  අන්න ඒ එන ප්‍රෙෂර් එකෙන් ටර්බයින් කරකවනවා. අර රත්වෙච්ච වතුරටික ආපහු කූල් කරල රව්මෙන් බොයිලර් වලට යවනව.... ඔන්න ඔහොමයි සීන් කෝන් එක. ඊට පස්සෙ හදන්න රුපියල් සීයක් ගියා නම් රජය රුපියල් පන්සීයකට විතර අරගෙන මහා ජනතාවට රුපියල් අසූවකට විතර දෙනව. ඔන්න අඩුපාඩුවක් නොවෙන්න කියල කොළඹ තියන ඩීසල් පුච්චන තැනක තෙල් ටැංකියක් උඩ ඉදන්ම  ගත්ත පින්තුරයකුත් දැම්ම. කොටි කචල් කාලේ මේ පැත්ත බලන්නත් තහනම්. දැනටත් කිට්ටු වෙන්න ලේසිම නෑ.


දැන් එහෙනම් හුළං බලේ, ගල් අගුරු බලේ ටිකක් චාටර් ඒවත්, උදම් රල, සූරිය කෝෂ වගේ දවල්ට විතරයි රෑට බෑ වගේ කචල් නැති, වෙඩි වගේ විදුලිය ගන්න විදියක් ඇත්තෙම නැද්ද?????. පිටරටවලත් පායන කාලෙට විදුලිය කපනවද කියන්න නම් මම නොදනී. එකත් එකට සලන්හතේ පැත්තේ නම් ෂුවර් නෑ. අදට දිග ඇති. රෑට වැඩිය ඉන්න හොද නෑ විදුලිය ඉතිරි කොරන්ට ඕනි. වෙලාවත් දෙකයි කාලයි (a.m). එහෙනම් වෙඩි වගේ කරන්ට් එක හැමදාම ගන්න සිස්ටම් එක ඊලග ලිපියෙන් බලමු.

17 comments:

  1. //ජපනා රූපවාහිනියයි, පිදුරුතලාගල විකාෂනාගාරයි නිකංම වගේ හදල දීල, එදා ඉදන් අදටත් හෙටටත් උන් හදන ටී.වී ටික මෙහෙට විකුනන්න පාර හදා ගත්ත//

    මේක ගැන දෙගිඩියාවක් තියනවා නේද?
    ජපන් බඩු ලංකාවේ ගන්න අමාරුයි? made in japan කිව්වට දැන් වුනත් ලංකාවට ගෙන්වන්නේ chinese 3rd class වගේ ඒවා. හැබැයි ඒකත් ලෝකෙ කොහෙවත් නැති උපරිම මිලකට ලංකාවේ අපි ගන්නෙ.

    මම දන්නෙ නම් ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. කැමරා, ජපන් ඉලෙක්ටෝනික් බඩු, රී-කන්ඩිෂන් වාහන (මුලින්ම මෝටර්-බයික්) වගේ ඔක්කොම දේවල් ලංකාවට එවන්න අවස්තාව ලැබුන. ඒ කාලේ වැඩිය චීන බඩු තිබ්බේ නෑ.

      Delete
    2. හොද ලිපියක්, ඉස්සෙල්ල කියන්න අමතක වුනා. දැන් ‍තව වැඩක් යනවලු පොඩි දොල පාරක් දැක්කද ඒක හරස් කරලා ජල විදුලිය නිපදවලා විදිලි බල මණ්ඩලේට විකුණන්න කියලා (‍හොදට ගරන්න පුලුවන් විදියක් ලු) කරන ගොන් වැඩේ.

      ඉතින් ගොවිතැනට නෙවී බොන්න වත් වතුර කදුකරයෙන් ඒවිද?

      ලොකු වෙළද පොලක් නම් නොවුනත් සූක්ෂම විදියට අපිට රීකන්ඩිෂන් පටවන්න ඇති. හැබැයි රීකන්ඩිෂන් වුනත් තාම මිනිස්සු විස්වාස කරන්නෙ ඒ තාක්ෂනේම තමයි?

      Delete
    3. ඔස්ට්‍රේලියාවෙනම් සෝලා පැනල් වලින් ගෙවල් වල හදන විදුලිය මහ පද්ධතියට එකතු කරන ක්‍රමයක් තියනව.
      ඉහල කොත්මලෙත් වතුර අඩුවෙනකොට කොච්චර කාලෙකට ඔය වතුර තියේවිද දන්නේ නෑ.

      Delete
  2. ආස්චර්යයට යන ගමන් නේ... මේවා පොඩි දේවල්!

    ReplyDelete
  3. සලංහන්තේ ගොඩක් තැන් වල සූරිය කෝෂ තමා දකින්න වැඩි.... ඉරට හැතැක්මයි නේ....ආසාවේ බෑ එලි පහලියේ ඇවිදින්න ගියාම තුන් මුනින්ම දාඩිය බේරෙනවා...

    ReplyDelete
    Replies
    1. එච්චරට හිනි කාස්ටකේද,,,, හපොයි.

      Delete
  4. මගෙ නං වෙන විදියක සංකල්පයක් තියනව..... ජෛව තාක්ෂණය හා විදුලිය........

    ReplyDelete
    Replies
    1. ඒ කියුවේ අලියා?? ලිපියක් දාන්නකෝ ඔය සීන් ඒක ගැන කියල.
      ආ අර අර කොම්පෝස්ට් සීන් එකද,, නැත්නම් නැනෝ වලින් හදාගෙන යන සෙල් එකද?

      Delete
    2. ඔය දෙකම ගැන මට දැනුමක් නෑ! හැබැයි මම අහල තියනව චුම්භක ගුණ දක්වන බැක්ටීරියා ගැන. එ්ක එක උදාහරණයක් විතරයි. මට දැං එච්චරටම මතක නෑ. හැබැයි අදාල ලිපිලේඛන මං ලඟ තාම අැති! වෙලා තියන විදියට බලමු! :)

      Delete
  5. //මම ඇමති ඉන්නකල් රටේ එක ගෙදරකවත් ලයිට් කැපෙන්නේ නෑ//
    චූටි මල්ලිගේ ඔලුව කොහෙහරි වැදිලද කොහෙද පහුගිය ටිකේම පොරගේ මතකේ නැතුව තියෙන්න නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. කියනකොට එහෙමයිනෙ අවතාර්.

      Delete
  6. ගාමින්දයි සුනෙතුයි කරපු අරේ මරේ වැඩසටන ගියේ ඉස්සර කරන්ට් එක කපපු කාලෙක. ඒකෙදී මරතේලිස් ආතා අහනවා අරනෝලිස් ආතාගෙන් "වළගම්බා රජතුමාගේ කාලේ අවුරුදු 7 ක්ම බැමිණිතියා සාය කියලා ලොකු නියඟයක් තියෙද්දී රටට කරන්ට් එක දුන්නේ කොහොමද" කියලා :D

    ReplyDelete
    Replies
    1. හඃ හා ඔන්න මම අරේ-මරේ කතා ටිකක් ඇහුව.

      Delete
  7. Replies
    1. හ්ම්ම්... හ්ම්ම්...
      ස්තුතියි අළුත් මලය මේ පැත්තේ ඇවිත් ගියාට.

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,