Sunday, October 7, 2012

හිතුවට එහෙම බෑ,,,

දෙනකොට දෙවියෝ දෙන්නෙ ටොකු ඇන ඇනය. කැරකෙන විට වැල්ලෙත් බමරේ කැරකේය. වැටුනෙත් ලේසිම රටවල් ටිකය. ඉන්දියාවත් කැපුනිය. ඔස්ට්‍රේලියාවත් කැපුනිය. අඩුම දකුණු අප්‍රිකාවත් නැතිය. ග්‍රව්න්ඩ් එකත් අපේය. පිච් එකත් අපේය. මැච් එකත් අපේය. ටොස්‌  දිගටම ලොස් වන විට මැච් හිට් වන්නෙත් අපිටමය. අම්පයර් ඇද්දෙත් අපිටමය. සරලව සංශිප්තව මැච් එක දිනන්ට තිබ්බේ අපිය.

ඒත්,,,,,


ගත්තට Gayle ගේ කඩුල්ල කඩිමුඩියේ
දැමුවට දඟ දමා පන්දුව හරි හරියේ
හිතුවට එහෙම බෑ දිනුමට තකහනියේ
අයියෝ රජතුමා ඇත අද පිට්ටනියේ

දැකපු ගමන් මටනම් හිතුන සත්තයි... !

වැඩේ වෙන්නට ඉස්සර ඇල්කෙමියා වැඳ වැඳ කියලත් ඇහුවෙ නෑ නොවැ.


කවිය උපුටා ගැනීම මූණු පොතෙන්.

22 comments:

  1. එතකොට එහෙමද උනේ...?

    හරි හරි හරි.....!!

    ReplyDelete
  2. මගේ අවංක අදහස නම් මේවාට රජ පලි නැත.(කිසිවෙකුට චන්දය නොදෙමි)

    ReplyDelete
    Replies
    1. 4 පාරක් වෙලත් ෂුවර් නැද්ද????????

      Delete
    2. හතර පාරක් උනේ කොහොමද?

      Delete
  3. ගේල් ගියා නෝන්ඩි විදිහට කැඩිලා
    මාලිංගගේ යෝකර් එක අවුල් ගියා
    හය දුන්නා සැමුවෙල් බෝලෙට ඇදලා
    රජා ඇවිත් අම්බානක නා ගත්තා

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අවතාර්, කියලා වැඩක් නෑ,,

      Delete
  4. muna dakinakota mama oka danagaththaa. eeta passe teevee eka wahala nidaagaththaa.

    ReplyDelete
  5. මූණ දකිනකොට මම හිතුව සොරි වෙනවා කියල, TV එක off කරලා හිත හදාගෙන නිදාගත්තා මම.ඔය කතාව west Indies ටීම් එකත් දැනගෙන හිටිය.

    ReplyDelete
    Replies
    1. ඈ??? west Indies ටීම් එකත් දැනගෙන හිටිය. හපොයි එතකොට මහා-රජාත් දැනගෙනමද ඇවිත් ඉන්න ඇත්තෙ. ශික් විතරක්.

      Delete
  6. මටත් හිතුණා දකිද්දි ම... අනේ මන්දා, කවදා දිනන්නද මෙහෙම ගියොත් ඈ..

    ReplyDelete
  7. කවිය නම් සිරා ආයේ දෙකක් නෑ.ඒත් මට්ච් එක පරාද උනාට රජා වග කියන්න ඕනෑ කියන එක නම් මහම මහා විකාරයක්.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මෙච්චර එපා කියද්දී ආවනෙ.
      අමුතුවෙන් වග කියන්න දෙයක් නෑ.

      Delete
  8. ලොක්කා ඇත්තටම මැච් එක බලන්න ඇවිල්ලා නෑ මචෝ... පළමු ඕවර 10 ට ලකුණු 32ක් ගහලා ඉන්නකොට අදනම් එකෙන්ම ගහනවා කියලා නිෂාන්ත රණතුංග ගොයියා තමයි රජතුමාව කෝල් කරලා ගෙන්නලා තියෙන්නෙ... තමන් ආපුවාම මැච් පැරදෙනවා කියලා තියෙන අදහස වෙනස් කරන්න පුලුවන් අවස්ථාවක් නිසා එතුමාත් සැපත් වෙලා... හරියටම ඉදගන්නකොටම තමා සංගක්කාර දැවී ගිහිල්ලා තියෙන්නෙ...

    අන්තිමේදී මැච් එක කෑවට පස්සෙ නිෂාන්ත ගොයියා රජතුමාගෙන් අම්බානක අහගත්තා කියලයි ආරංචි...

    ReplyDelete
  9. දැන් එතුමාට ප්‍රත්‍යක්ෂ වෙන්ට ඇති මැච් පරදින බව.

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,