Wednesday, October 17, 2012

කාලයෙන් ස්වායත්තව,,,

තප්පරෙන් තප්පරේ ගෙවිල යනව. අපි වයසට ගියත් ලෝකය එන්න එන්නම තරුණ වෙලා. බලන්න දියමන්ති වලින් හැදිච්ච ලෝකයකුත් හොයාගෙනලු. මට නම් ඔයිට වඩා චොකලට් වලින් හැදිච්ච ගඟකුයි, සිනි වලින් හැදිච්ච ගුහාවකුයි වටිනව. මොකෝ චොකලට් ගඟ සීනි ගුහාවෙන් ගිහින් ගිහින් මතුවෙනකොට පෙබල්ස් නැත්නම් ස්මාටීස් බවට හැරෙනවලු. අනෙක් කාරණාව ඔය ලෝකේ තියෙන්නෙ ආලෝක වර්ෂ හතළිහකට එහාලු. මොකක් හරි කොරල ලයිට් එකේ ස්පීඩ් එකෙන් ගියත්, යන්න හතළිහයි, එන්න හතළිහයි. වැඩක් නෑ නොවැ. අසූව පැනල දියමන්ති කන්නද.
ඔය අව් අස්සේ තවත් එහෙක දැක්ක ආලෝකයේ වේගය ඉක්මවෙව්වොත් වයස යන්නෙ නැතුව ඉන්න පුළුවන් කියල සීන් කෝන් එකක්.
හඃ හා ඒක නම් මරු අදහස. නමුත් එතනත් පොඩි පරහක් නැතුවම නොවේ. මොකෝ ඔය සමීකරණ හොයාගත්ත උන්දලම කියල තියන විදියට ආලෝකයේ වේගයට ලං වෙනකොට අදාළ වස්තුවේ ස්කන්ධය වැඩි වෙනවලු. සරලව කීවොත් අදාළ දේ ආලෝකයේ වේගයට සමාන වෙනකොට ඒ දේ අනන්ත සයිස් එකට ලොකු වෙනව.
ඇත්තටම ආලෝකය චිතරක් නොවේ අනෙකුත් තරංග වල වේගය පැරදවිමේදීත් විවිධ සංසිද්ධීන් වලට මූණ පාන්න වෙනව. ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගුවන් යානයක් යෑමේදී සිදුවන්නේත් එයයි. පිටවෙන ද්වනි තරංග වලට කලින් එය ගමන් කරන නිසා පසු පසින් විශාල ශබ්දයක් සහිතව සොනික් බූම් නමැති තරංග අතිපිහිට වීම දැකගත හැකියි.
තවත් එවැනි උදාහරණයක් දක්වනවා නම් ආරෝපිත අංශු ආලෝකයේ වේගය ඉක්මවා යාමේදී ඇතිවෙන දිස්නය දෙන නිල් පැහැයයි.
මහාලොකු උදාහරණ නොමැතිව සරලව දෙයක් ගත්තොත් කස පුපුරන විටත් සිදුවන්නේ කසේ වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයෙන් තරංග අතිපිහිට වීමට සැලැස්වීමයි.

සොනික් බූම් වේවා, චෙරෙන්කොව් වේවා, කස පිපිරීම වේවා, හැම තැනකම වෙන්නෙ එකකට එකක් සාපේක්ෂව වේගය වැඩිවීම. එසේ නම්, වේගයෙන් නොහොත් කාලයෙන් ස්වායත්තව ජීවිතයක් අපිට නැද්ද.
ඇයි නැත්තේ, ථෙරවාදී බුදු දහමට අනුව නම් අපි මළහම ගන්දබ්බ කියල දෙයක් නෑ. එවලේම කාලය ගතවීමකින් තොරවම වෙන කොහේ හෝ ගිහින් ප්‍රතිසන්ධියක් ලබනව. කොටින්ම අපි ආලෝකයේ වේගය පරදවනව.

38 comments:

  1. නියමයි... මට ශබ්දයේ වේගය කිව්වම මතක් වුනේ අර ලඟදි ඉතා ලොකු උසක ඉඳන් පැනපු ඔස්ට්‍රියන්කාරයා, ෆීලික්ස් බවුම්ගාට්නර්....
    අපේ සිතිවිලි කොච්චර වේගයකින් එනවද දන්නේ නෑ.. එව්වත් ආලෝකයේ වේගය පරදනවාද???

    ReplyDelete
    Replies
    1. සිතිවිලි නම් සෑහෙන වේගවත් ඇති නේද,, උඩ ඉදන් පැනපු කෙනාවත් මතක් කලාට ස්තුතියි..

      Delete
  2. මම අහලා තියෙන විදිහට නම් නිසලතා ස්කන්ධයක් තියෙන ඕනම වස්තුවකට ආලෝක ප්‍රවේගය ඉක්මවා යන්ඩ බෑ කියලා.

    ප.ලි. - ඔන්න මාළු ටැංකියේ මමත් ආවා ඔයගේ බ්ලොග් එකට. මගේ බ්ලොග් එකට ඇවිත් පලවෙනිම කමෙන්ට් එක දැම්මට ස්තුතියි. :)

    ReplyDelete
    Replies
    1. එක එක දේවල් තුලදී ආලකයේ වේගය වෙනස් නේද යාළුවා.

      ප.ලි.:- බ්ලොග් කලාවේ සජිවීත්වය සදහාත් ලියන්නන් දිරිමත් වීම සදහාත් කමෙන්ට් දැමීම වැදගත්.

      Delete
    2. ප.ලි.:- බ්ලොග් කලාවේ සජිවීත්වය සදහාත් ලියන්නන් දිරිමත් වීම සදහාත් කමෙන්ට් දැමීම වැදගත්.

      අනිවාර්යයෙන්ම පුතේ

      Delete
  3. කළු කුහරයක් හරහා යන්න පුළුවන් වුණොත් ගොඩ ම තමයි නේද ඔය කියන විදියට...

    ReplyDelete
    Replies
    1. හම්මෝ ලහිරුටත් එන අදහස්. ගිහිල්ලම බලන්න වෙනව මොකද වෙන්නෙ කියල.

      ප:ලි- මම කළු කුහර වලට (ආසයි) බයයි.

      Delete
  4. ඔය දියමන්ති ග්‍රහලෝක කතාව මං මුලින්ම කියෙව්වෙ ආතර් සී. ක්ලාක් මහත්තයගෙ විද්‍යා ප්‍රබන්ධයක (2010 අභ්‍යවකාශ වීර චාරිකාව) තිබිල. ඒ පොතේ මතයක් ඉදිරිපත් කරල තියෙනව බ්‍රහස්පති වගේ කාබන් බහුල යෝධ ග්‍රහලෝක වල හරය දියමන්ති වෙන්න පුළුවන් කියල.

    ඒත් ඉතිං වැඩේ මේකයි. සැපයුම ඉහටත් උඩින් තියෙනවනං දියමන්ති වල වටිනාකම ගල් බොරළු වල ගානට බහියි. එතකොට ඉතිං දියමන්ති පාවිච්චි කරන්න වෙන්නෙ දොරවල් වලට අඩ තියන්න තමයි... :)

    ReplyDelete
    Replies
    1. අම්මප,, තාප්ප බදින්නත් ගනීවි.

      Delete
  5. දියමන්ති කථාව ඉස්සෙල්ලාම කියෙව්වෙ මෙතැනින්... එහෙට යන්න පුලුවන් නම් ඉස්සෙල්ලාම ටිකට් බුක් කරන්නෙ අපේ මගෝඩිස් හැතිකරේ...

    ReplyDelete
    Replies
    1. හඃ හා, තාම සෙට් එකේ කව්රුත් හිරේට ගිහින් නෑ වගේ. මාය්යෙක් ගෙන්න ගත්ත දාට ඔව්ව බෑ.

      Delete
  6. මම මටත් වඩා බුද්ධ ධර්මයයි, භෞතික විද්‍යාවයි විශ්වස කරනව.. ඒත් මගේ ඔළුවටත් සැටිස් නැති තැන් එමටයි.. අපේවුන් තාම වතුර තියෙන ලෝක හොයනව පිටසක්වලයො ඉන්නවද බලන්න... ඔය දියමන්ති කියල දැකල තියෙන්නෙ වෙන මොනවත් වත්ද කවුද දන්නෙ? මොකෝ ගිහිං අල්ලල බැලුවැයි...? :-)

    ReplyDelete
    Replies
    1. සඳ කිඳුරාගේ තර්කෙත් සාධාරණයි. ඔව්වා සීයට සීයක්ම ටක්කෙට කියන්නෙ කොහොමද..

      Delete
    2. ම් එ්ක හරි නෑ වගේ නේ! විද්‍යාව තියෙන්නෙ විශ්වාස කරන්නද????

      Delete

  7. මටත් දියමන්ති කෑල්ලක් තිබ්බා නම් හොඳයි බං මේ දොර හුළ‍ඟෙ යනවට තියන්න. ආලෝක වර්ෂ හතලිහ නම් මොකක්ද බං ඔය කො‍ටුවෙන් ප්‍රයිවෙට් බස් එකකට නැග්ගාම.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හුහ් හුහ්,, ඔව් ඔව් බදුල්ල බස් ඩ්‍රයිවර් කෙනෙක්ට කීව නම් හරි.

      Delete
  8. :) :) දියමන්ති නම් ඉතින් අපි කාටත් දුන්නොත් අපි නොගෙන ඉඳීවිද අප්පා :) ගිහින් හරි ගේයි නේ :)

    ReplyDelete
    Replies
    1. අන්න අන්න නියම කාන්තා ලක්ෂණය ඉස්මතු උනා.

      Delete
  9. කවදාහරි දවසක මනුෂ්‍යාම හොයාගනියි ආලෝකයේ වේගයත් අභිබවා යන්න පුළුවන් දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට. ගැලීලියෝගේ කාලේ කව්ද අගහරුට යානා යවන්න හිතුවේ.

      Delete
  10. උපරිම ප්‍රවේගය අැත්තේ පාචනය බව සොයාගෙන තිබේ!

    ReplyDelete
    Replies
    1. හෑ, මොකක්ද අලියෝ ඒ කතාව.

      Delete
    2. ශබ්දය- සාමාන්‍යයෙන් 330m/s ප්‍රවේගයකි
      අාලෝකය- 3 × 10^8 m/s
      සිත- හිතනකොට ගිහිං ඉවරයි
      පාචනය- හිතන්න කලිං ගිහිං ඉවරයි!

      Delete
    3. හැක් හැක්,, සිරා තියරිය.

      Delete
  11. ලෝක විෂයය අචින්ත්‍යය යන්න මොහොතකට හෝ පාඨක සිත්හි ජනිත කරවන මේ හරවත් ලිපිය අතිශයින්ම අගය කරමි.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. "විචාරක" බොහොමත්ම ස්තුතියි ඔබගේ කමෙන්ටුවට. ජය වේවා.

      Delete
  12. කිව්වත් වගේ පට්ට නාකි වෙලා දියමන්ති කන්න යැ. හැබැයි අපේ සමහර කස්ටිය නම් ඒත් යයි යන්න ක්‍රමයක් තිබුනා නම් :D

    ReplyDelete
    Replies
    1. හඃ හා, තණ්හාය ජායතී සෝකෝ.
      ස්තුතියි කමෙන්ටුවට.

      Delete
  13. ඉතා හරවත් ලිපියක්. වේගය ගැන කියනකොට මතක් වෙන්නේ අපේ ආණ්ඩුවේ කන්තෝරු වල වැඩ කරන අය. අනිත් හරිය කියන්න ඕන නැනේ :))

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ කන්තෝරු බහුතරය නම් ඉබ්බා ස්පීඩ්. අම්මප එපා වෙනව. ඉදල හිටලා කෙනෙක් දෙන්නෙක් ඉන්නව ඉක්මනින් වැඩක් කරලා දෙන.
      ස්තුතියි කමෙන්ටුවට...

      Delete
  14. අදමයි මේ පැත්තෙ අවේ.නියමයි.ඔබට ජය!අපේ පැත්තෙත් ඇවිත් යන්නො.

    ReplyDelete
  15. ස්තුතියි කමෙන්ටුවට,,
    නෑවිත් කොහොමද,,,

    ReplyDelete
  16. අනේ.. ඔය දියමන්ති ලෝකෙන් කෑල්ලක් අපෙ ගේ ඉස්සරහට කඩන් වැටීයන් !!!!

    ReplyDelete
    Replies
    1. පරිස්සමින්, උඩ බලාන ඉන්නකොට කටට වැටුනොත් හෙම...

      Delete
  17. හැබෑවටම අපූරු ලිපියක් යාලුවා.

    මම ටිකක් පමා උනා.

    ReplyDelete
  18. ටි‍ක දවසකට ඉස්සෙල්ල ඔබගේ ලිපිය කියෙව්වා. අද යාහු මුල් පිටුවේ තිබ්බ ලිපියක් " Felix Baumgartner's sonic boom featured in new footage of historic skydive" දැක්කම මොකක් නමුත් ලියන්න හිතුනා. දිගටම ලියන්න ඔබට ජය.

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,