Monday, October 29, 2012

බක පඬියෝගේත් යමක් තිබේද,,

අපේ සමාජයේ එක එක පණ්ඩිතයෝ සිටිති. ඔයිනුදු බක පඬියෝත් සිටිති. ටී.වී පෙට්ටියේ මූණ දාගන්නා බකයන් ගොඩට ලගදී සිට වැටුනේ නලින් ද සිල්වායි. ටෝක් දෙන්නේ සිංහලය කාපු පොරක් සේය. නමුත් නමත් "ද සිල්වා"යි.

උන්නැහේට රජයේ මාද්දියේ දොර ඇරුනේ ජෙනරාල් තුමා ජන්දය ඉල්ලපු වාරේ අයි.ටී.එන් එකේ ජෙනරාල් යනු අන්තිම තුප්පහි, අවජාතක, ජඩයෙක් යැයි කියූ නිසායි. වැරදිලා හෝ ජෙනරාල්ට සපෝට් කළා නම් ඇපත් නැත. කළු කොඩි උස්සා කොළඹින් යන්නට වීමෙන් රජයට එරෙහි වීමේ විපාක ෆොන්සේකාට කලින් නලීන් සිටියේ ප්‍රත්‍යක්ෂ කරගෙනයි. නමුත් ඕවායින් රාජපක්ෂලාට කඩේ යන්නෙකු සේ තමුන්ගේ නිරුවත පේන බව නලීන්ට නොපෙනෙන්නේ ඔහුත් තණකොළකා පුන්නක්කු බොන්නෙකු නොබොන්නෙකු නොවන බව මොනවට ඔප්පු කරවමිනි. ඔය ලියවුනේ මගේ පුද්ගලික අදහස්. පාඨකයින් එකග නොවෙනවා වෙන්නට පුළුවන්.
ඒවා කෙසේ වෙතත් සමහර විට කව්රුත් එළිපිට නොකියන දේ  ඔහු කියන අවස්ථාත් ඇත.

ඉන් එකක් නම් ළමා අපයෝජනයට අත්අඩන්ගුවට ගත් සිස්ටර් වෙනුවෙන් සිදුවූ සිද්දිය. මෙහිදී ඇතටම අපයෝජනයක් සිදුවිනිද නැද්ද යන්න වෙනම කාරණාවකි. නමුත් එම සිද්දිය ගලාගෙන ගිය ආකාරය වැරදි නොවේද.
තවත් ඔහු මතු කරන සිද්දියක් නම් මන්නාරම රදගුරු රායප්පු ජෝශප්, කොටින්ට උදව් කලත් අදත් කොළඹ විත් සිරකරුවනුත් බලා මන්නාරම යයි. නමුත් ජේ.වී.පී යට උදව් කල හාමුදුරුවෝ කී දෙනෙකුට හොදින් ඉන්න පුළුවන් උනාද යන්න වගයි.

මම ඔය ප්‍රශ්නය දකින්නේ නලීන් උන්නැහේ දකිනවාට වඩා බොහෝ වෙනස් විදියකට. බටහිර විද්‍යාව යනු වෙනමම ගමනක් යන දෙයක්. එය තර්ක විතර්ක මැද වඩාත් පිළිගත් සත්‍යක් සොයා යනවා මිස කිසිසේත්ම නිරපේක්ෂ සත්‍ය නොවේ. නමුත් එය නිරපේක්ෂ සත්‍ය නොවේ යැයි කියමින් ලෙඩක් උන විට බේතක් හේතක් ගන්නට දොස්තර ගාවට නොයනවා නම් ඔහුට "මී හරකා" කීම මී හරකාටත් කරනා අගෞරවයකි. පොර ටෝක් දුන්නාට බරපතල ලෙඩක් හැදුන විට නලීන් ගොයියා යන්නේත් බටහිර දොස්තර ගාවට මිස ගමේ වෙදමහත්තයා ගාවට නොවන බව කව්රුත් දැනගත යුතු දෙයක්.
වෙනත් ආගම් සංස්කෘති`අපිව  පාගා දමනවාට වඩා අපි අපි විසින්ම පහත් තත්වයට වට්ටවා ගෙන ඇතය යන්න මගේ අදහසයි. ක්‍රිස්තියානි ආධිපත්‍යය හෝ දෙමළ ජාතිවාදය කියා අපේ ගොන් කම් සාධාරණ කල නොහැකියි.
නමුත් කව්රු කොහොම එකම ප්‍රශ්නය විවිධ විදියට දැක්කත් හේතු හෙව්වත් අද අපේ රටේ එදා තිබුණු පන්සලත් එක්ක බැදීම දකින්නට අඩුයි. හාමුදුරුවරුන්ට ඇති සැලකිල්ලත් අඩුයි. මා කියන්නනේ සමස්තයක් ලෙස.
කොටින්ම ඉස්සර රජවරු ඕනිම සාමනේර කෙනෙකුට උනත් දන ගහල වැන්දට දැන් මහ-රජ තියා මන්තිරි කෙනෙක් උනත් මල්වතු අස්ගිරි ලොකු හාමුදුරුවන්ට විතරයි දන ගහල වදින්නෙ.නැත්නම් හාමුදුරුවො මතක් වෙන්නෙත් පාංශුකූලෙටයි දානේටයි විතරයි.

පෝය දවසේ මෙහෙම කතාවක් දාන්න හිතුනේ නලීන් උන්නැහේගේ කතා තියන තවත් බ්ලොග් එකක් දැකල. සින්ඩි වල ඒ පොස්ටුවත් තියනව. ඔන්න කතාවේ අදාළ කොටස තියන තැනට ලින්කුව.

කැමති නම් ඔබත් අහන්න(සියල්ලම හෝ 15 min පසුව හෝ 23 min පසුව). මම නම් එයට සීයට සීයක් කොහොමටවත් එකග නැතත් ගතයුතු යමක් නැතිවා නොවන බව අදහසයි.


24 comments:

  1. පිස්සු නැත්තං ශෝක්...
    නලින් සිල්වගේ පුතා ඉන්නෙත් බටහිර රටක... පොර ගෙන් තාත්ත ගැන ඇහුවාම කියන්නෙ ඌට පිස්සු කියල මට යාළුවෙක් කිවුවා....

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ....

      Delete
    2. පොඩි ඇත්තක් තියන නිසා දැම්ම, මමත් එක එක්කෙනාගේ දුර්ගුණ කියන්න වැඩි කැමැත්තක් නෑ.

      Delete
    3. http://www.youtube.com/watch?v=1EjjY5a6JPo&feature=related

      Delete
  2. ඔය දේශියත්වය අගය කරන ගොඩක් එවුන් දිහා බැලුවම නිකන් පොර ටෝක් විතරයි කිඅලා හිතෙනවා.
    ඔය පේන්නැද්ද විමල් වීරවංශ කියල එකෙක් ඉන්නවා. උන්දෑ බිරින්දෑ නිවාඩුවට යන්නෙත් ඇමරිකාවේ සංචාර වලට. මෙහෙදි ටෝක් දෙන්නේ හරියට දේශීය දේ අගය කරනවා වගේ. පුහ් :)

    ReplyDelete
    Replies
    1. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි.

      Delete
  3. මේවට රැවටෙන උපාසක මහත්තුරු තවමත් ලංකාවේ ඉන්නවනේ....

    ReplyDelete
    Replies
    1. පත්තරයක් ගත්තම තියන ගුරුකම් ටික දැක්කම, ඔයිව පස්සේ යන මිනිස්සු කොච්චර ඉන්නවා කියලද හිතේ.

      Delete
  4. Lake house ekai ITN ekai rupawahiniyay thiyenakam hondai..balaganta thibba fonseka mahaththaya awanam... :P eth danna minissu dannawa maha raja awe kohomada kiyala... :D

    ReplyDelete
    Replies
    1. ජාතික මාධ්‍යට හැමදාමත් පවතින රජයට කඩේ යන්න වෙනව. කැමැති උනත් අකමැති උනත්.

      Delete
  5. වැඩ බැරි කට විතරක් තියන උන් ඔහොම තමා. ඌ ටයි උගේ පුතාවටයි රට ගිහින් උගන්නන පුළුවන්, වෙන උන් යනවට ඊරිසියයි. නොදෝකිං
    ඒ ත් හඩ පටයේ සමහර කාරණා ඇත්ත තමයි.

    ReplyDelete
  6. දේශීය චින්තනය දෙසාබාන හැම අයියම අන්තිමට ඇමරිකාවෙ නවතින්නෙ!

    ReplyDelete
    Replies
    1. අන්න එතනයි අපිට හෙන ගැහිල අනික්‌ ජාතීන් ඉහළට ගියේ.

      Delete
  7. ගොඩ අයගේ ඇතුල හිස්

    ReplyDelete
    Replies
    1. මක් කරන්නද...
      අම්මප මගෙත් ඇතුල හිස් වගේ වෙලාවකට දැනෙනව.

      Delete
  8. හිකිස්...... අද කාලේ තැන තියෙන්නේ කඩේ යන යට විතරයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සරත් ඕක තිබ්බ දැන් උත්සන්නයි වගේ.

      Delete
    2. අනිවා...... හැබැයි ඕක අපේ මිනිස්සුමයි වරද්දන් තියෙන්නේ අපේ ජාතිය කවදාවත් හැදෙන ජාතියක් නෙවෙයි.

      Delete
    3. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්,,,,,

      Delete
  9. නලින්ද සිල්වා ගේ සමහර කතා හරි ......ඒත් බහුතරයක් වැරදියි....
    සේරම දන්නවා කියලා හිතන් ඉන්න එකත් මම හිතන්නෙ එක්තරා ආකාරයක මෝඩකමක්...
    එහෙනමි වෙලාවක අපේ පැත්තෙත් ගොඩවෙන්නකෝ!
    http://snimalka.blogspot.com

    ReplyDelete
    Replies
    1. අනිවා එමි. කමෙන්ටුවට ස්තුතියි..

      Delete
  10. For guests on the Celebrity Solstice crusing out of Sydney, and several other different cruises, baccarat can also be obtainable upon 카지노사이트 request

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,