Wednesday, January 9, 2013

සිව්වැනි බිරිඳ ,,,


ඔන්න එක රටක බොහොම පොහොසත් වෙළෙන්දෙකුට බිරින්දෑවරුන් හතරදෙනෙක් හිටියා. ඔහු එයාල හතර දෙනාට සැලකුවේ ප්‍රමාණයෙන් වෙනසු වූ හැඳි කීපයකින්.
එයා හතර වන බිරිඳට තමයි වැඩියෙන්ම ආදරය කලේ. එයා ගැන හොඳට සොයාබැලූ අතර සෑම හොඳ දෙයක්ම අරන් දුන්නා.
දෙවන තැන ලැබුනේ තුන්වන බිරිඳට. එයාව හැමකෙනාටම පෙන්වන්න එයා වඩා කැමති වුනා. නමුත් ඇය වෙනත් අයෙකු හා යයි කියා පොඩි බයකුත් තිබුනා.
තුන්වන තැන ලැබුනේ දෙවන බිරිඳට. ඇය ඔහුට බොහෝ සෙයින් මිත්‍රශීලී වුනා. ඔහුට යම් කරදරයක් වූ විට ඔහු කෙලින්ම ගියේ ඇය වෙත.
අවසාන තැන ලැබුනේ පළමු බිරිඳට. ඔහු ඇය ගැන ඒ තරම් තැකීමක් නොකල නමුත් ඇය ඔහුට බොහෝ සෙයින් ආදරය කලා.
දවසක් මේ වෙළෙන්දා හොඳටම ලෙඩ වුනා. ඔහුට හිතුන දැන් ඔහු මැරෙන්නයි යන්නෙ කියලා.
ඔහු ඔහුගේ හතර වන බිරිය අමතා මෙසේ ඇහුවා. “මම ඔයාට හැමදේම ලබා දුන්නා. මම යන ගමන යන්න මමත් එක්ක එනවද?”. “කොහෙත්ටම බැහැ” ඇය කීවේ එපමනයි.
එයින් සිත රිදවාගත් ඔහු තුන්වන බිරිය අමතා මෙසේ ඇසුවේය “මම ඔබව මම යන යන තැන එක්කන් ගියා. මමත් එක්ක මේ ගමන යන්න එනවද?” තුන්වන බිරිය පැවසුවේ “නැහැ මට බැහැ, ඔයා මැරුනම මම වෙනත් කෙනෙක් වෙත යනවා.” යනුවෙනි.
එයින් ඔහුගේ හදවත නැවතීමටද ගිය අතර නැවතත් දෙවන බිරිඳගෙන් මෙසේ ඇසීය. “මට දුකක් කරදරයක් වෙන සෑම වෙලාවකම ඔබ මගේ ලඟ හිටියා. මින් ඉදිරියටත් එහෙම ඉන්නවද?” “මට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඔබව මිනී වලට ගෙනිහින් දාන කල්ම ඔබ ලඟ ඉන්න එක.”
මෙම පිළිතුරෙන් ඔහුගේ සිත මුළුමනින්ම ඇද වැටුනි.
එක්වරම තවත් කටහඬක් අවදිවූ අතර ඔහු ඔලුව ඔසවා බැලූ විට ඔහු ඉදිරියේ සිටියේ පළමු බිරිඳයි. ඇය ඔහුට මෙසේ කීය. “ඔබ කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා.”
“මට ඔයාගැන මීට වඩා හිතන්න තිබුනා.” යයි පවසමින් වෙළෙන්දා මිය ගියා.

දැනමුතුකම:
*
*
*
*
*

ඔබ දන්නවද අපි සෑම කෙනාටම මෙවැනි බිරින්දෑවරුන් හතරදෙනෙක් ඉන්න බව.

01 – හතරවන බිරිඳ වන්නේ අපගේ ශරීරයයි.
අපි එයට කොපමන සැලකුවක් මැරෙන මොහොතේ එය අප හැර යනවා.

02 – තුන්වන බිරිඳ වන්නේ ජීවිත කාලය තුල රැස් කරගත් ධනය හා තත්වයයි.
එය අප මැරෙන විට අප දමා ගොස් වෙන අයෙකු වෙත යයි.

03 – දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

04 – පළමු බිරිඳ වන්නේ අපගේ සිතයි.
අප කෙදිනක හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් සිත අප සමඟ සිටියි.







හීයකින් ආ පරණ ලිපියක් ගෙඩි පිටින් උපුටා ගැනීමකි.

25 comments:

  1. මීට පෙර නම් කියවා නෑ... හිතන්න යමක් එකතුකලා..
    ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිතට වදිනවා නේද.
      කමෙන්ටුවට ස්තුතියි යාළුවා.

      Delete
  2. මේක මිට කලින් අහල නම් තිබුනා... ඒත් නැවත මතක් කර දීම ගැන තුති.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, පරණ කතාවක් තමා. ස්තුතියි කමෙන්ටුවට

      Delete
  3. ඒක නම් ටිකක් වැදුනා...

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්.. මාර අප්සැට්.ගැත්ත බිරිඳත් පළමු බිරිඳ වගේ වෙනව නම්.....

    ReplyDelete
  5. පළමු වතාවටයි ඇහුවෙ....ගැඹුරු අර්ථයක් තියෙන සරළ කථාවක්

    ReplyDelete
    Replies
    1. ඔව්.. අවසානය මුල තරම් ළාමක නැහැ.

      Delete
  6. මේක දැනට බුඩිස්ට් එකේ මාස 6 වගේ කලින්
    ගියා බණකට .මේක ත්‍රිපිටකයේ ඇතුලත් කතාවක් .
    මට සූත්‍රයේ නම් ගම මතක නැහැ ..
    ස්තූතියි බෙදා ගැනීම ගැන ...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි යාළුවා. දැනුවත් කීරීම ගැන.

      Delete
  7. මම නම් පළවෙනි වතාවට තමයි ඇහුවේ.හිතන්න දෙයක් තියෙන වැදගත් කථාවක්..

    ReplyDelete
    Replies
    1. ඔව් රිශාන්,, අදහස් පල කීරීම ගැන ස්තුතියි යාළුවා.

      Delete
  8. කොහෙදි හරි අහල තියනව වගේ! anyway හරියට හදාගත්තොත් ඔ්ක තරං හොඳක් කරන වෙන කවුරුවත් නෑ කියනවනෙ!

    ReplyDelete
  9. මේක ලස්සන කතාවක් වගේම ගැඹුරු අර්ථයක් ඇති පාඩමක් ස්තුතියි නැවත මතක් කිරීම ගැන.

    ReplyDelete
  10. ඔයාගේ ලිපි උපුටා ගත්තට කමක් නැ නේද😊

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,