Sunday, October 30, 2011

කට සහ වචන,,,

අද නෙට් එකේ සර්ච් පාරක් දාගෙන ඉන්නකොට පරණ වීඩියෝ ටිකක් දැක්ක. ඒවල තිබුණු එකක් දැකල මට වෙච්ච අකරතැබ්බෙකුත් මතක්වුනා. 
දවසක් මමයි තව යාළුවො දෙන්නෙකුයි ෆෝම් වගයක් බාරදෙන්න කියල ගියා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයට (UCSC කියල කියන්නෙ). මට මතක හැටියට එකේ තුන්වෙනි හරි හතරවෙනි තට්ටුවට. අදාල වැඩේ කරගෙන ලිෆ්ට් එකෙන් පල්ලට බහිනව. මම ලිෆ්ට් එක ඇතුලට ගිය ගමන් අනිත් දෙන්නගේ කරවල් වලට අත දාගෙන මොකක්ද කියෝ කියෝ ඉන්නව. 
මාත් එක්ක ගිය එකෙක් හෙමීට කියනවා "මචෝ ඔය අත, අත,," කියල. 
මගෙ කට ටිකක් කැතයිනෙ. "මොකද xxතො මගෙ අත මේ තියෙන්නෙ" කියල මගෙ අතත් ඌට පෙන්නල ඉන්නකොට ආපහු මූ මට වැලමිටෙන් අනිනවා. 
"ඒ පාර මොකද බන් උබත් නිකන් අර මාතx ආරච්x වගේ ඇබරෙන්නේ, උඹට ඒ ලෙඩේවත් බෝවෙලාද?" . (මාතx ආරච්x :- මෙයා පිරිමි ළමයින්ට ලයින් දානවට ප්‍රසිද්දයි)
මගේ යාළුවට තේරුනා මම ඉන්නෙ මීටරෙන් නොවෙන වග. පොර කෙලින්ම කිවුව "අනිත් අත පැත්තෙ සර් කෙනෙක්"
අපොයි,,,, මේ මම කරට අත දාගෙන තියෙන්නෙ එතන ඉන්න සීනියර්ම ලෙක්චර් කෙනෙක්ටනෙ. 
"ඕඕඕඕහ්,,, සොරි සර්" කියද්දිම ලිෆ්ට් එක ඇරුන. ඒකට නගින්න සෙනග පිරිල ඒ මේ අස්සෙ අපි තුන්දෙනත් ටක් ටක් ගාල මාරු උනා. 
මොනව කරන්නද හිතල කරපු දෙයක්ද? කොහොම උනත් ආපහු සතියක් දෙකක් යනකන් ඒ පැත්තට ගියේ නෑ. 
සර්ට මොනව හිතුනද දන්නේ නෑ. මහ අසමජ්ජාතියො කියල හිතන්න ඇති... හිහ්  හිහ්  හිහ්... මම ඔහොම කිවුවම මොකද රට කරවන ඇත්තොත් ඇමතිලට ඔහොම කියල බනිනකොට..... හිහ්  හිහ් හිහ්,, හිහ්.....
කෝකටත් මමත් කල්පනා කලා යාළුවොත් එක්ක වුනත් කතා කරද්දි පුළුවන් තරම් හොද වචන පාවිච්චි කරන්න. ගිය වචන ඇත්තු ලව්වවත් ඇද්දගන්න බෑලුනෙ. ඕක ෆොන්සේකටත්, මටත්, බ්ලොග් එක කියවන ඔබටත්, පල්ලෙහා වීඩියෝ එකේ ඉන්න කෙනාටත් පොදුයි.

4 comments:

  1. අනේ ඉතිං අතක් පයක් හොලවද්දිත් කොච්චර කල්පනා කරන්න වෙනවද නේද?? :( :( :D

    ReplyDelete
  2. ඔව් ඔව්,, උබේ ඔයමැද තියන දිග එක,, මම කියන්නෙ හොඩවැල. අන්න ඒක හොලවන්න ඉස්ල්ලා දෙපාරක්ම හිතුවොත් හොදයි,,, hikz

    ReplyDelete
  3. පුතො ඔය කටනම් හරියට පාවිච්චි කොරන්ටම ඔන...ලොක්කා උඹේ රෙඩියො අහන්ටයි..ඔය විඩියො ක්ලිප් බලන්ටයි දෙකක් බැ එක්කො ඔය රෙඩියොව පුෂ් කරද්දී වෙන ලින්ක් එකක් ඇරෙන එක නවත්තපං..නැත්තං වෙන මොකක් හරි සොලුෂන් එකක් දීපං...

    ReplyDelete
  4. ම්ම්ම්ම්ම්ම්,,,, වෙන link නම් open වෙන්නේ නෑ,,කියවන වෙලාවට පොඩි කරදරයක් කියල නම් මටත් දැනිල තියනව. නමුත් අළුතින් පටන් ගත්ත හොද radio එකක් හින්ද (support එකටත් එක්ක)දැම්මෙ...

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,