බොහෝ වසරවල් වල මුද්දර කාර්ය්යාංශය හා තවත් ආයතන හා එක්කව ප්රදර්ශණ පවත්වන අතර පසුගිය වසරේද පැවැතිනි. නමුත් එය නම් කර තිබ්බේ "1st national Stamp Fair 2010" ලෙසය. (මහින්ද රාජපක්ෂට පේන්නට ජීවන්ගේ ගොන් නමකි). කතාවේ ආරම්භය මෙතැනිනි.
ඕනෑම දෙයක් රජය විකුණනනේ අඩුවෙනි. මුද්දර මිල කොහොමත් අඩු තැපැල් කාර්ය්යාලවලය. නමුත් මෙහි මුද්දර කාර්ය්යාංශය විකිණූ බොහෝ දෑ ඊට වඩා අඩු මුදලට පුද්ගලික කඩ වලින් ලබාගත හැකිව තිබුණි. ලබා දුන් බඩු වලට බිල්පත් නිකුත් නොවිණි. පුද්ගලික අංශය "first day covers" විකිනීම නැවත්විය. මක්නිසාදයත් ඕවුන්ගේ මිල ඊට අඩු විය. මුද්දර කාර්ය්යාංශයට වැඩිමිලට විකුනනටදී හෙමීට තමන්ගේ බඩුටිකේ මිලත් උස්සන ලදී. මුද්දර කාර්ය්යාංශය කළු කඩයක් වුනි. හිතුමතේ විකිණූ රජයේ දේපොළ නියමිත ගණන් පසුව බිල් වලට දමා ලොක්කෝ ටික ඉතිරිය තමන්ගේ සාක්කු වලට බර කලහ. ජීවන් ඇමති ගැන කියන්නට නොදන්නමුත් පෝස් මාස්ටර් දිසා ඇතුළු සෙට් එක නම් කම්ඹ හොරුය. මේවතාවෙත් ගියපාර තොවිලයම නටනු ඇත. එන සිකුරාදා සිට "stamp fair" පැවත්වේ. ඔබත් පැමිණෙනවා නම් මුද්දර මිලගණන් පිළිබඳ විමසිලිමත් වීම වටී. මුද්දර කාර්ය්යාංශයෙන් මිලදී ගන්නාවිට බිල්පතක් ලබාගන්න.
.................
දෙහි කැපුවා ඇති. දැන් පොඩ්ඩක් කඩේ නොගියොත් සුදු වෑන් සහ 4 වෙනි තට්ටුවේ තපින්නටද බැරි නැත.
ඔබේ විනෝදාංශයත් මුද්දර එකතු කිරීමද?මෙවර ප්රදර්ශනය මේ සතිය අගදී මුද්දර කාර්ය්යාංශයේදී පැවැත්වෙනවා ඇති. මුද්දර මිලදීගැනීමට මහගු අවස්ථාවකි.
බොහෝ දෙනා නොදන්නා නිර්මාණශීලී සේවාවක් මුද්දර කාර්ය්යාංශය විසින් සපයයි. එනම් ඔබේ ඡායා රූපයකින් මුද්දරයක් නිකුත් කරගැනීමේ අවස්ථාවයි. මමත් ගියවර මගේ මුණ දමා මුද්දරයක් ගස්සවා ගත්මි. කෙල්ලෙක් ඉන්නවනම් ඔන්න දෙන්න හොදම present එක.(post එකේ වැදගත්ම දේ ,, හෙහ් හේ )
සිගරට් දැන්වීම් වල ඇති " දුම්කොළ භාවිතය පිළිකා අතිකරයි. මෙය රජයේ අවවාදයයි." මෙන්ම "රජයේ මිල ගණන් වලට නොරැවටෙන්න. මෙය දූපත් වැසියාගේ අවවාදයයි."
ඔය ඉන්න හොරු ගෑන කතා කරන්න ගියොත් නම් පිස්සු හෑදෙනවා,අපි අපිවම මරන් කනවා වගේ වෑඩක් තමයි එයා ලා කරනේ,ඒගොල්ලො පඩි ගන්නේ අපේ හාල් සෙරුවෙන්,කිරි පෑකට් එකෙන් ගහන බදු වලින්,එහෙමත් කරලා තව අපිවම සුරන් කනවා කියන්නේ කොච්චර අසාදාරනද...
ReplyDeleteම්ම්ම්,,, නමුත් හැම තිස්සෙම කට වහගෙන ඉදල හරියන්නෙත් නෑ නේද?
ReplyDelete