Wednesday, December 14, 2011

වයිට් ද බ්ලැක් ද,,,,

මේ ටිකේ හොදටම වහිනව. වැඩක කරන්නත් කම්මැලි හින්ද පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නකොට මගේ ඔළුවට ආව පොඩි පහේ ගැටළුවක්. මිනිස්සුන්ට ගන්න පුළුවන් හොදම සැප මොකක්ද,,,,,
බුදු වදනට අනුව නම් "නිරෝගී කම උතුම්ම සැපතයි". ඔය නිරෝගී කමේ සැපත දැනෙන්න නම් ලෙඩක් හැදෙන්නම ඕනි. තියන සැපත නැති උනාම හොදට තේරෙනව අගේ. 
යම් කෙනෙකුට සුව කරන්න බැරි ලෙඩක් හැදුනොත් මොනව හිතෙයිද,,,, ගොඩක් දුක්බර අවස්ථාවකට මූණ දෙන්න වෙනව. නමුත් ඉස්සර සුවකරන්න බැරිවෙච්ච බොහෝදෙවල් දැන් සුවකරගන්න පුළුවන්.
දැනට අව්රුදු හතර පහකට උඩදි අපේ නැන්ද කෙනෙකුටත් හැදුන ටිකක් අමාරු පැත්තට බර ලෙඩක්. කෙලින්ම කිව්වොත් බ්‍රෙස් කැන්සර් එකක්. 
ම්ම්ම්ම්.... අපේ පවුලෙ කට්ටියත් බෙහෙත් හේත් වගේම බෝධි පූජා, බාර හාර ගොඩක් දේවල් කලා ඔය ප්‍රස්නෙදී. මම ඕව තඹේකට විස්වාස නොකලට උපරිමයෙන්ම හැම දෙකටම උදව් පදව් කලේ මොක නැතත් නැන්දගේ හිත හරි හැදෙන නිසා. 
ඔන්න ඔය අතරෙ කොහොම හරි කට්ටිය එලියන් වයිට්   (ජනාධිපති දොස්තර) ගාවටත් ගිහින් නමුත් මොකක් හරි දේකට මගේ කණට කතාව වැටුනේ නෑ. දැන් ඉතින් බේත් හේත් කරගෙන යනකොට අන්තිමට ඔපරේෂන් කරන්න ඕනි කියන තැනටත් ඇවිත්. ඔන්න එතකොටයි කතාව ඇදිල එන්නෙ. 
මොකද කිව්වොත් එලියන් කියල තියනව ඔපරේෂන් නැතුව වැඩේ ගොඩ දාන්න පුළුවන් කියල. මම එලියන් ලොක්කගෙ වැඩ කිඩ ටිකක් ටිකක් දන්නව. ඉතින් කව්ද පොරගෙන් බේත් ගන්නෙ. 
මම එදා මිනිහගෙ පැටිකිරිය කියන්න කියල ඉක්මනට ආවට මොකුත් කියන්න ඕනි උනේ නෑ. මොකද වාසනාවට ඒ වැඩේට කිසිම කෙනෙක් හා කිව්වේ නෑ. දෙවියනේ කියල ඔපරේෂන් එක කරල නැන්ද තාම කරදරයක් නැතුව ඉන්නව.
ඊයෙ පෙරේදා බැළුම් ගලෙන් පොර ගැන කිව්ව. 
නමුත් එතනින්වත් නොකියපු දෙයක් තිබුන, ඒ තමයි මිනිහ ගංX අබරල බේත් කියල දෙන එක. සමහර විට වැඩසටහන කරපු කට්ටිය ඕක දන්නවා ඇති. නමුත් ඇත්ත උනත් අස්ථානයේ කියන්න හොද නෑ කියල තියනව  පංච තන්ත්‍රය කියන පොතේ.
ම්ම්ම්ම්ම්... රටේ බහුතරය නොදන්න තිත්ත කතාව???? මම මෙහෙම කියන්නම්. කට්ටිය කැමති විදියට හිතා ගන්න. 
කොහොම කියන්නද මන්ද. ඔන්න මම බේරිලා 
--------------------------------------------------------------------------------------------------------------------
(පහල කතාව නිකන්ම හුදු සිහිනයක් පමණි,,,,)
එක රටක(කේතුමතියේ), රටේ (මහා,,, රජ වෙච්ච)ලොක්කෙක්ට මෙයා ගංජා බේත් දුන්නේ නෑ. ඒ ලොක්කත් මෙයාට අහු උනේ නෑ. ඒව ගහල ආතල් එකක් ගන්නෙත් නෑ. ඒ ලොක්කට බේත් නොකල හන්ද වෙන කව්රුත් මෙයා ගැන කචල් අදින්නෙත් නෑ. ඒ ලොක්ක හින්දම මෙයා අපේ ක්‍රිකටර්ස්ලට බේත් කලෙත් නෑ. ඔය මාලින්ගට එහෙම මෙයා බේත් දෙන කතාව රූපවාහිනියේ එහෙම ගියෙත් නෑ
එතකොට ඒ ලොක්ක කව්ද??_______???
ඒ ලොක්ක ෆුල් මතට තිත, වෙන විදියකට කීවොත් හිල්ටොන් ජයික් එකේ බෝතල් 2ක් උස්සගෙන ගිහින් මාට්ටු වෙලත් නෑ
(හිල්ටොන් ජයික් කතාව පහු කාලීනව කියන්නම්)

තව පොඩි අතුරු කතාවකුත් තියනව.
මේ වෙදනාව මීට ටික කලකට ඉහතදී බත්තරමුල්ල ආර්පිකෝ එකේදී නෝනත් එක්ක මට හම්බු උනෙත් නෑ. කතා කලෙත් නෑ.
----------------------------------------------------------------------------------------------------------------------
ඔන්න පල්ලෙහා තියනව බැළුම් ගලේ ලින්ක් දෙක..

මෙන්න මෙතන තියනව පාර්ලිමේන්තුවේ මේ ගැන කතාව...

ඇත්තටම ලංකාව ගැන දුකයි නේද,,, කොහොම හරි යන්තම් යුද්දේ ඉවර කර ගත්ත එක ලොකූ දෙයක් කියලයි මම හිතන්නෙ, ඒ හින්ද තවම මගේ තරාදියේ ඒ පැත්ත ගොඩක් බරයි,,,,,,, 
මේ පොස්ට් එකට වැඩිපුර ගල් මුල් ඒවි. කොහොම නමුත් ඇත්ත සගවන්න බෑ කියනවනෙ, කවදා හරි හරි සාධකත් එක්ක කතා ටික ලෙහිලා ඒවි...

16 comments:

  1. මොනා කියනවද මන්ද මට නම් මෙලෝ හසරක් තේරුනේ නැහැ...බලමු අපෙ කට්ටියගෙ කොමෙන්ට්ස් වලින් වත් යමක් අහුල ගන්න......................

    ReplyDelete
  2. රටේ යුද්දේ තිබුනනං එකක් කියලා හිතෙනව සමහර වෙලාවට,නීතියක් නෑ,අධිකරනය බල්ලට ගිහිල්ලා,හැම තැනම හොර මැරකං,ඒ මදිවට හැම දෙයක්ම වෙන්නේ මහ දවල් ප්‍රසිද්දියේ,දුමින්ද සිල්වා අධීක්ෂන ඇමති කියලා රජයෙන්ම කියලා පස්සෙ නෑ කිව්වා, ඒලියන්ත ජනාධිපති වෙදා කිව්වා දැං දන්නේ නෑ කියනවා.මේ ඔක්කොම අහගෙන ඉන්න අපියි අන්තිමට වැරදිකාරයෝ...අර කිව්වත් වගේ අපි ඉතිං දායක සභාවේ කට්ටියනේ.....

    ReplyDelete
  3. කරන කළට පව් මිහිරිය මී සේ, විඳින කළට දුක් දැඩිවෙයි ගිනි සේ!

    ReplyDelete
  4. මට නම් හිතෙන්නේ වෙන දෙයක්... ඔය ඇපල් ග්‍රීන්, නේවි බ්ලු එතකොට රෝයල් මෙරූන් වගේ පාට තියෙන්නේ අන්න ඒ වගේ අපි නොදන්න ජාතියක පාටක් වෙන්න බැරිද මේ "එලියන් වයිට්"...

    ReplyDelete
  5. එලියන්ට් ගේ වැරදි කියන්න කලින් අපි දැක්කා ලොක්කා මාමා වැඩ දදා පොරත් එක්ක එකට ගත්ත පින්තූර. ගොඩක් සයිට් වල තිබ්බා. දැන් දන්නෙත් නැහැ කියනවා. අනේ මන්දා ඇයි මේවට ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ කියලා. වැරදිකාරයින්ට දඩුවම් දීලා නිවැරදි මිනිස්සුන්ව නිදහස් කලොත් ලොකු මාමාට ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඒත් එහෙම නොකරන්නේ ඇයි??

    ReplyDelete
  6. උබව උස්සන් යන්ඩ සුදු වැන් එන එහේකුත්..නෑ...

    @ නොදුටු ලොවක්...
    පිස්සු කෙලින්ඩ එපා..බං මොක උනත් යුද්දේ ඉවර උන එක ලොකු දෙයක්...

    ReplyDelete
  7. කතාව upset උනාට සමාවෙන්න වින්චැට්කිරිල්ලි. ඔහොම නැතුව කියන්න බෑ. කතාව ඇත්ත හින්ද බයයිනෙ පොඩ්ඩක්.

    රාජ් කොළුවා මාව නිකන් බය කරන්න එපා.........

    ReplyDelete
  8. හිල්ටොන් ජයික් එකේ බෝතල් 2ක් උස්සගෙන ගිහින් මාට්ටු වෙච්ච සීන් එක දන්නේ නැත.
    //ඒ හින්ද තවම මගේ තරාදියේ ඒ පැත්ත ගොඩක් බරයි,,,,,//
    තරාදියෙන් ලොකු බරක් කිරුවට පස්සෙ මම ඒක අයින්කරල දානව. තව සැරයක් කිරනකොට මුලින් කිරපු කිරිල්ල බලපෑමක් මට නෑ.:D

    ReplyDelete
  9. @ ඔබ නොදු‍ටු ලොවක:- බොල යුද්දෙ ඉවර වෙච්ච එක ලොකු දෙයක් සහෝ.
    හරි රාජ්, මම ඒ කතාවත් ලගදීම දාන්නම්.

    විසිතුරු, සෑම්, ප්‍රසන්න ඇතුළු හැමෝටම ස්තුතියි

    ReplyDelete
  10. කොල්ලො පොලිස් ජීප් ෂුදුවෑන් එක්ක පරිෂ්සමිං අෑ.

    ඔ්කෙ මෙහෙම සීන් එකක් තියනවනෙ මචං. දැං බැලුංගල වගේ එකක් අහන්නෙ තරමක හරි මොලයක් තියන එකෙක්නෙ! එහෙම උන්ට බැලුංගල තිබ්බත් නැතත් දන්නව ඔහොම එකක් කියද්දිම කෙප්පයක් කියල.

    ඔහොම එ්වට අැන්දිලා යන ගොබ්බයන්ට මචං එහෙම එකක් අහන්නවත් පින තියනවෑ.

    අවසාන ප්‍රතිඵලේ තමා මචෝ අහුවෙන එකා සදාකාලිකවම අහුවෙනව
    බේරෙන එකා සදාකාලිකවම බේරෙනව

    ReplyDelete
  11. මහරජාණන්ගේ ජනප්‍රියතාවය එන්න එන්න ම ඉහළ යන ලකුණු තමයි දැන් දැන් පේන්නේ! බලයෙන් මත් වුනාම හැමදේම වැහිලා යනවා!

    ReplyDelete
  12. ඊයේ හවස් වරුවම ඔය බැලුම්ගල වැඩසටහන් ඇහුවා...පිස්සු පීකුදු කිව්වලු....බලාගෙන ගියාම ඉහල පැලෑන්තියෙ ඔක්කොම අහුවෙලා...ඒ විතරක්ද...දැන් අර වයිටගෙ බලගෙන් හදපු දරුවන්ගෙ තාත්තලට මොනවා හිතෙනවා ඇතිද ?

    ReplyDelete
  13. වයිට ළමයිනුත් හැදුවද බොලේ....

    ReplyDelete
  14. ඔව් ඔව් තනි අලියා මම පරිස්සමින්,, අද නිව්ස් වල කිව්ව වෙන කොහෙද රටකත් (රට අහගන්න බැරි උනා) බ්ලොග් ලියන එකෙක් අල්ලල හිරේ දැම්ම කියල. එන පොට හොද නෑ.


    වයිට්ගෙ වැඩ කිඩ ඇහුවම මොලේ කොලොප්පම් වෙනව,

    ReplyDelete
  15. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

    ReplyDelete
  16. හිල්ටොන් ජයික් එකේ බෝතල් 2ක් උස්සගෙන " :- මම දන්නවා , මම දන්නවා. බෝතල් දෙකක් මහරජා උස්සගෙන යනකොට වැඩකරන එකෙකුට මාට්ටු. සර්විස් ලිෆ්ට් එකේ ගොහින්. දෙවැනි ජනාධිපතිවරනෙට ඉස්සෙල්ල.

    (අනොන් ලව අල්ලන්න සුදු වැන් මාමලට බෑ. අනොන් බය නෑ)

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,