Sunday, January 29, 2012

දණ්ඩා සහ විළි ලැජ්ජාව,,,,,

දණ්ඩාගේ කථා වස්තුව මෙසේ දක්වමු
දණ්ඩා නම්  කුන්ෆු, වූෂු කරාටේ වල කෙල පැමිණියෙකි. හැඩි දැඩිය. වලි බරය. කිසිදා ගුටි කෑ බවක් නොදන්නා මුත් දණ්ඩාම කියා ඇති පරිදි පසල් දනව්වේ සියලුම චන්ඩින් දණ්ඩාට අවනතය.
දණ්ඩා:- එම්බල දූපත් වැසිය, අද දින ඉර හැරී අගල් තුනක් ගිය කල මහා සංග්‍රාමයක් වෙති. ජය පැන් බීමෙහි තුටුවේ නම් අප හා එක්වෙව. ජය ශ්‍රී. 

දූපත් වැසියා:- දණ්ඩානණි... කුමන බිමක?? කුමන කැනහිලුන් සමග?? කුමක් අරභයා  සංග්‍රාම කෙරෙත්ද???? ග්වේත වර්ණ සළු හැර දමා කලර් හැදිය යුතුද??? නැත හොත් පන්මල්ල පෙරටුකොට සුදු ඇදුමෙන්ම පැමිනියෙම්හද?? දණ්ඩානණි... තවත් සැකයකි. එදා මෙන් අදද, නැට්ටට ගුටිකා, දෙකන් හකුලා උකටලී වෙත්ද???

දණ්ඩා:- නැත නැත බොල, සැලෙන්නට කාරණා නැත. අප වනාහි සිරිලක ශ්‍රේෂ්ඨ වංශයට අයත් අග්‍ර කොලිජියක සිප්සතර හදාරන්නෙමුය. එපමණක්ද නොව බ්‍රැඩ්මන්ටත් වඩා කිරිකැට් ශිල්පහිද, රිචී මැකාව්ටත් වඩා රගර් ශිල්පහිද, දෝන් සීනාටත් වඩා අගස්ති පොරවලත් සමර්ථකම් පෑවෙහිය.
වෙනකක් තබා SSP,ASP මෙන්ම DIG ද සලියුට් ගසති. තෙපි කුමක් අරභයා මැලවී යන්නෙහුද... තොපි කිසිවෙකුට කිසිම දෙයක් කොරන්නට නැත. හාවුන් මැදට පිනූ සිංහයෙකු මෙන් සතුරන් කීතු කීතු කර දමමි. එසේනම් නියමිත හෝරාවේ නුගේගොඩ පුරවරයෙහි ඩොම් නම් පොට් එකට සැපත් වේව. ජය ශ්‍රී.

නුගේගොඩ පුරවරය ගැන බිදක් තැබුවහොත්, කෙහෙල් ලේල්ලක් මැදිකල අනුලාවියනුත්, නෙක පැහැ ලෙලි එල්ලාගත් ආනන්ද බාලිකා සහ ජොසපින් අගනුන්ගෙනුත්, හවහට ටෙස්ටියුබ් අතින් ගත් විශාකාවියනුත්, Sයිමන්ගේ Poඔල් Moඕලේ (spm) සහ තට්ටු පහකින් බිම් ගත වෙන්ටද, කර බැදී ටයි පොලුවෙන් වැසිකිලියෙහි අවලම්බනය වන්නට එදා මෙදා තුර සමර්ථකම් පාන්නාවූ මමීඋසියන් මෙන්ම සතර දිග්බාගේ අරක්ගත් හුට්ටප්පර වලින් පිරී ඉතිරී යන්නාවූ සුර පුරකි.
එහි හයිලෙවල් දුර්ගයට නුදුරුව "ඩොම්" යනුවෙන් ගුබ්බෑයමකි. නැත නැත කුවීන්ස් කෝට් වැනි විවෙකාරමයකි. පූ(උල්) කෙළියෙහි යෙදෙන්නටත්, පහේ ටොපි, බාබුල්, ගල් පොල් වන්දනා කරන්නටත් ආදී දහසකුත් එකක් විප්ලවයන් මස්තකයන්ට, මදාවියන් සුදු කොල්ලන්, පෙම්බරියන්ගෙන් බූට් කෑ  කුමාරවරුන් ඇතුළු එකී මෙකී නොකී ධීර වීර කුමාරවරුන්ගේ තිප්පොළකි.දැන් දැන් කථා වස්තුව ට්‍රැක් පනින සෙයකි.

දූපත් වැසියා නම් තරමක බිය සුල්ලෙකි. හේ  දණ්ඩානන්ව ප්‍රථමකොට යන්නට හැර හෝරා අඩකින් ඩොම් තිප්පොළ කෙරේ සැපත් විය.
දූපත් වැසියා:- ප්‍රිය මල්ලවයනි, අපගේ  දේශ-ශක්තී ජාති-මාමක වූෂූ කරාටී කළුපටිධාරී දණ්ඩානන් මෙහි පැමිනියහිද??
මල්ලවයන්:- එසේය එසේය. දණ්ඩාණෝ අහස පොළව ගුගුරුවමින්, වාතලය කළම්ඹමින් සතුරු සෙනග කැති ගාන්නට ශාන්ත ජෝන් කොටුව වෙත ගියෙහුය. (ශාන්ත ජෝන් කොටුවනම් මාළු ජෝන් කරවූ නුගේගොඩපුර යම පල්ලන්ගේ කොලීජියයි.)

එකල sms තබා ගඩොල් බාගේ උපකරණයක්ද පහළවී නොමැති හෙයින් ස්ටේටස්‌ අප්ඩේට් කිරීමට හැබැහින්ම විචාරිය යුතුය. කෙසේ වෙතත් මේ වන විට ශාන්ත ජෝන් කොටුව සුනුවිසුණු වී තිබිය යුතුය. සතුරන් හිස් ලූ ලූ අත ඇදිවත පමණක් ගෙන දිව යනවා ඇත. උපන්තේකට ගුටිකා පමණක් ඇති, ගුටි දී නැති ගැත්තන්ටද මහගු අවසරයකි. අද නම් දූපත්ගෙන්ද මාළු ජෝන්ලා කනවා ඇත. එසේ නම් නොපමාව යායුතුය. මගේ කුමරිකාවකටත් මුන්ගෙන් එකෙක් පැණි හලා ඇත. බැස්ටිය දිය යුතුමය.
..................................
කිමෙද මේ,,,, සංග්‍රාමය කල්ගිය සේක්යැ.  දණ්ඩානන් ජෝන්ලා සමග මන්ත්‍රණයකි. දණ්ඩා මැදිකරගෙන ජෝන්ලා හත් අට දෙනෙකි.  තවත් සමීපයට ගොස් විපරම් කල යුතුය.
..................................
අහෝ,,,,,,, දණ්ඩානන් ගේ නෙතට රොඩ්ඩක් ගොස් විය යුතුය. ඇසක් ගිනිපැහැ වී ඇත. නැත, නැත නිකටද ඇද වී ඇත.
පවිටු, කොළ ජෝන්ලා එක්ව  දණ්ඩානන්ට  නෙළා ඇතිබව සක් සුදක් සේ පැහැදිලිය. එසේ හේ නම් මා මෙතන දිය කෙළින්ටද, වහාම ඌර්ද්‍රවපාතනය විය යුතුය.
..................................
"අන්න යකෝ තව එකෙක් ඇවිත්, තෝ විතරද, තව ඉන්නව නම් එන්න කියපල්ල."
අහෝ ඛේදයකි. මා ප්‍රමාදය.
...................................
|අඩෝ කැxx, තෝත් ආවද හුxxxx xx..... |මුවත් ගනින්.... | අම්ම මුත්තා යුගයේවත් අසා නැති මුවදන්ය
චටාස් පටාස්,,, |ෂ්ෂ්ෂ්ෂ්,, ෂ්ෂ්ෂ්ෂ්ෂ්. |අනේ ඉතින් මම මොකවත් කලාද,,| තොපි ඔක්කොම එක xxx පxx... |චටාස් පටාස්,,,
ගහපිය දන,, |දන ගහපිය කැxx කිවම. |ඇයි තොට බැරිද හුxxx,,, |චටාස් පටාස්,,,
ජෝන්ලා:- ගහපිය දන. වැදලා ගනින් යකෝ සමාව.
දූපත් වැසියා:- අනේ ගහන්න එපා, අපිට යන්න දෙන්නකෝ. අපි කාටවත් ගැහුවද.
ලොකු ජෝන්:- තොපි දෙන්න හම ගහනවා. දණ ගහගෙන ඉදහන් අපි කියනකල්. යකෝ තොපි හිතුවද නුගේගොඩ වලි දාන්න.
දණ්ඩානනුත්, දූපත් වැසියාත් දණ නොගසා වෙන මක් කොරන්නද! 
|දෙනෝදාහක් නුගේගොඩ පෙට්‍රල් සෙඩ් එක ඉස්සරහා| ගෙදර කාටහරි ආරංචි උනොත්,| අඩේ මිනිස්සු බල බලා යනව. |මූගේ ගෙවල් නම් අනුරාධපුරේ මම මහරගම, හපෝ ආපහු පාරේ බැහැල යන්නද|(එහෙම ඉන්දැද්දී  මොනවා නොහිතුනාද). |වටේ මිනිස්සු| ක්ලාස්වල කෙල්ලෝ|..... ඊයා විලි ලැජ්ජයි.
ලොකු ජෝන්:- මොකද යකෝ බිම බලන්නේ. හුx xxx ඕනැද,,,, ඉස්සරහ පාර දිහා බලාගෙන හිටපිය.

*******************************************************************************
ඔන්න ඔහොමයි නුගේගොඩ සෙන් ජෝන්ස් එකට නෙළුවේ. ඒ කාලේ ජනප්‍රිය දඩුවමක්. දැන් නම් මතක වෙනකොට හිනා,,, හික් හික්,,,,,, කැමරා ෆෝන් නැති කාලයක් හින්දා ලොකු කචල් එකක් උනේ නෑ. අද කාලෙ නම් සදාකාලික විලි ලැජ්ජාවක්.

23 comments:

  1. අපි දවසක් ස්කූල් බස් එකේ එනකොට ජෝන් එකේ උන් ලුම්බිණි බස් එකට ගල් ගහලා. පිටිපස්සේ වීදුරු වේ ගානට හිල් දෙකක්. එදා ඉඳන් ලුම්බිණියට තාම ස්කූල් බස් එකක් නෑ. (2010 ඉඳන්)

    අනික තමයි ඔය සයිමන්ගේ පොල් මෝලේ ගෑනු හිතාගෙන ඉන්නේ උන් තරම් කෑලි නෑ කියලා කොළඹ. :D

    කෙහෙල් ලෙලි වලටද මගේ ඇත්තේ පැහැදිලි නොකමැත්තකි.

    ReplyDelete
    Replies
    1. snt.ජෝන් කස්ටිය තාම මැරවැඩ කරනවා වගේ.

      Delete
  2. දූපත් වැසිය ඔබෙගේ පින් බලයේ තරමට එදා ජංගම දුරබනන හෝ ඡායා රූප යන්තර ලංකා තලය සිපගෙන නොතිබිනි...එසේ වීනම් එසැනින් ගොසිප් ලංකා වෙබ් අඩවියෙන් ඔබගේ සායම සේදී යනු නියතය....එළ ය.....

    ReplyDelete
    Replies
    1. එකල්හි එවැනි සුකුරුත්තන් අයිටම් පැවතුනි නම්, ගෙළ වැළලී සැතපීම හැර කුමන නම් සැපතක්ද.. හික් හික් හික්...

      Delete
  3. අහෝ ඛේදයකි..!! මහ පාරේ දනින් වැටී වැඳගෙන සට සට ගා කඳුළු බිංදු පෙරෙන මුහුණු දෙකක් මැවී පෙනේ.......!!!.....හූඌඌඌඌ.......ඇත්ද?

    ReplyDelete
    Replies
    1. අම්මප සත්තයි. තාමත් ලැජ්ජයි.

      Delete
  4. නියමෙට තියෙන්නැති සීන් එක.... දණ ගහගෙන, හොටු පෙරාගෙන, කඳුළු වගුර වගුර ඉන්නකොට කෙල්ලන්ට පේන්න.... ඊට පස්සෙත් දණ්ඩානන් ඔය වගේ වලිවලට ගියාද....හික්ස්...
    අපි ඒ දවස්වල රොටරි එකේ ටියුෂන් යද්දි මට මතකයි හැමදාම වගේ ජෝනලත් එක්ක මොකක් හරි ඉස්කෝලයක වලියක්... ඉස්කෝලෙට පැනලා ගහල ගියා කියයි..... නුගේගොඩ හන්දියේදි බස් එකෙන් ඇදලා අරන් ගැහුවා කියයි....

    ReplyDelete
    Replies
    1. සතියක්ම 138 රූට් එකේ ගියේ නෑ. 174 බොරැල්ලට ගිහින් ගියේ. දණ්ඩානන්ට ලැජ්ජාවක් නෑ, මිනිහ කියන්නේ "මම අනුරාධපුරේ" "කෙල්ලත් අනුරාධපුරේ" ගානක් නෑ කියල.

      Delete
  5. වලිබර කොල්ලෙක් මට කිව්වා, වලියක් සෙට් වේගෙන වගේ එනවනං මුලින්ම ඔරලෝසුව ගලෝලා සාක්කුවේ දාගන්ඩයි කියලා...

    ReplyDelete
    Replies
    1. ඕකෙන් පස්සෙ මම නම් දුවනව. හඃ හඃ හා,,,

      Delete
  6. අප්පා........ රජ වළියක් නෙ! ලේඛන ශෛලිත් මරු! :D

    ReplyDelete
  7. ayiyo, kollo... uba Nugegoda gon john aken guri kawada? Api nam oya gon john eke awunta baya naha.... unta Ambanakata poriyal deela thiyenawa.... kotte Ananda Sastralaya kiwwama un wewulanawa....heheh.... koheda ekale oyagollonwa danne nahane...sorry thama....

    ReplyDelete
    Replies
    1. ආහ් kushi ආනන්ද ශාස්ත්‍රාලෙද,,,,
      ආනන්ද ශාස්ත්‍රාලේ කට්ටිය වැඩිය දැනන් හිටියේ නෑ. ආනන්ද බාලිකාවේ කට්ටිය නම් දැන අදුරගන්න පොර කෑව මතකයි.. හික් හික්

      Delete
    2. Annda shastralaya tharam johne eken guti kaku ewun kohewath neha. anithima big match eke kapu kama nisama mun den big match gahanna enneth neha .eka nisa apita awurudhakata parak garadi thalanna thibba chance ekath neha.

      Delete
  8. මේකියන්නෙ කොයිකාලෙද...දැන්නම් එහෙමනෑමංහිතන්නෙ,95දි වගේනම් බිග්මැච් එකේදී(හෙන්රිප්‍රේද්රිස්එකේ)කැතටම ගහගත්තමතකයි

    ReplyDelete
  9. අම්මා ඇඩෙනවා අප්පා. ලැජ්ජාවේ බෑ

    ReplyDelete
  10. කෙහෙල් ලෙලි ..............?

    ReplyDelete
  11. අඩේ උඹ මගෙ "http://funlokaya.blogspot.com/2012/04/blog-post_27.html" කතාවට දාපු කොමෙන්ට් එක දිගෙ මෙතනට ආවෙ.
    පස්ට කාලයක් මචන්, අපෝ ජෝන්ගෙ මාලු කඩෙ උන් අපි ඉන්න කාලෙත් ඔහොමයි. මටත් කියන්න තියෙන්නෙ "අපිත් ඔහොම..... කෑ... හැටි මත...කයි, මට තව මතකයි..."

    අපි SMP එකට කිව්වෙ "සෙමින් පොඩ්ඩක් මිරිකන්න", අඩේ තව ටෙස්ට් ටියුබ්ලට ඇහෙන්න බස් එකෙ සින්දු කියනව,
    "මගෙ නැවුම් "බීප්" එකට පෙමින් බැඳුන විසාක ලඳුන්, ඇගෙ හඬින් කියන වල් කතාව අසාගෙන වරෙන්, නීල වලාවෙ, , නීල වලාවෙ, ඇගෙ හඬින් කියන ටියුබ් කතා අසාගෙන වරෙන්"

    බිට්වීන්, අඩෝ මේ යාලුකන් තියාගන්න ඕනෙනම් කෙහෙල් ලෙලි වලට බනින්න එපා, හරිද ඩෝ, මට තද වෙනවා :)

    ReplyDelete
    Replies
    1. හාහ් හා,,
      උපරිමයි නේද ඒ කාලේ...

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,