Tuesday, June 19, 2012

අල්ලපු ගෙදර නංගිගේ 3නේ ගැටළුව,,,

අල්ලපු ගෙදරින් :- "අයියේ,,,, අයියේ,,," 
මම :- "ඇයි නංගි මොකෝ කේස් එක"
අල්ලපු ගෙදර නංගි:- "අනේ අයියේ,,, පුංචිම පුංචි ගාණක් තියනව කියල දෙන්නකො."
(අම්මප මේකිට මාව ඕනි උනහම "අයිය", නැත්නම් "මාමා".)
ඔන්න ඔහොම උදේ පාන්දර 10ට විතර අල්ලපු ගෙදර නංගිගෙන් ගාණක් හම්බුනා. මොනව කොරන්නද, මට කියල රැකගන්න නම්බුවක් නැති උනත් ගෙදර මිනිස්සුන්ගෙ නම්බුව ශේප් කරගන්න මොකක්ද කියල ඇහුව.
------------------------------------------------------------------------------------
ඔන්න එහෙනම් අල්ලපු ගෙදර නංගිගේ ගාණ අද පොස්ට් එකෙන් දානව.
හරි ක්‍රමේ අල්ල ගත්තොත් ගාන සුටුස්‌ලු. 
පොඩි කොළ කෑල්ලක් නම් ඕනි වේවිලු, නමුත් කැල් පාවිච්චිය අපරාධයක්ලු. මොකෝ ගාන හදන විදිය අල්ල ගත්තහම "අපරාදේ" කියල නිකම්ම කියවෙනවලු. ප්‍රශ්නයක් දිහා අපි බලන විදියත්, ඕනිම ගැටළුවකට උත්තර හොයන්න ක්‍රම ගොඩක් තියනව කියන එකත් දැනෙනවලු. 


එහෙනම් ඉතින් මේක කියවන කට්ටියට ගැටළුවේ උත්තරයත්, ඒ උත්තරය ගත්ත විදියත් (හදන සිස්ටම් එක තමා ගොඩක් වැදගත්) කියන්න පුළුවන් නම්,,,,,, (ඔව් එහෙම කිව්වොත් දෙවියනේ කියල නම්බුව ශේප්)

ඕන්න එහෙනම් ගාන......

"හතෙන් බෙදුවහම ඉතිරිය තුනක් වෙන සීයට අඩු සංබ්‍යා කීයක් තියනවද?" (සීයට අඩු කීවම බින්දුවවයි සීයයි අතර තියන පුර්ණ සංබ්‍යා - ලොකු දශම සීන්, ඝෘන ගණන්, ඒව මේවා නැතුව සරලව)


55 comments:

  1. 13යි.

    01. 7x1+3=10
    02. 7x2+3=17
    03. 7x3+3=24
    04. 7x4+3=31
    05. 7x5+3=38
    06. 7x6+3=45
    07. 7x7+3=52
    08. 7x8+3=59
    09. 7x9+3=66
    10. 7x10+3=73
    11. 7x11+3=80
    12. 7x12+3=87
    13. 7x13+3=94

    7න් බෙදුවිට 3ක් ඉතිරිවන ඊලග සංඛ්‍යාව වන්නේ,
    7x14+3=101 වේ. එය 100 වැඩි නිසා ගණන්ගත නොහැකිය.

    ReplyDelete
    Replies
    1. උත්තරේ දාලනෙ..

      Delete
    2. ලගටම ආවට අනෝ වැරදියි...
      එහෙනම් වැරදි එක හරි කියපු "හරී"ත් වැරදියි.. තව පාරක් ට්‍රයි කරමු.

      Delete
  2. මේක බලන්න...

    (7x+3)7
    x වලට දාන ඕනේ ගානක් ආදේෂ කරලා බලන්න හැම උත්තරේම තුනක් ඉතුරු වෙනවා. :D

    ReplyDelete
  3. වැරදුනා

    (7x+3)/7

    ReplyDelete
    Replies
    1. උත්තරේ දැම්මොත් නරකද යාළුවා..

      Delete
  4. 7 වරක් චක්කරේ පාඩම් කරවන්න දුන්නු ගානක් මම හිතන්නෙ :D

    ReplyDelete
    Replies
    1. එයින් පොඩ්ඩක් එහාට හිතන්න ඕනි වගේ යාළුවා..

      Delete
    2. මම හිතුවෙ මුලින්ම තියන උත්තරේ හරි කියල! එහෙනම් ඒ උත්තරේට 3ත් එකතු වෙන්න ඕන. 3 7න් බෙදුවහම දශම වලට යන්න කලින් 3ක් ඉතිරි වෙනවනෙ. එතකොට උත්තරේ 14යි.

      Delete
  5. මට නං සීන්එක අහුඋනා. ඇනෝ උත්තරේ දාලනේ. මේවගේ සීන් එකකදි කරන්න තියෙන්නෙ 100ට 7 ඒව කීයක් තියනවද කියන එකයි. එතකොට උත්තරේ 14ක් ලැබෙනව. එතනදි ඔය අවශ්‍යතාවය සම්පූර්ණ වෙන ගනන් ටික ලැබෙනව. සරලව කිව්වොත් 7වරක් චක්කරේ තියන ඕනම ගනන් දෙකක් අතර මේ වගේ සංඛ්‍යාවක් තියනවනේ. ඊට පස්සෙ ඕනනං 7ට වඩා අඩු සංඛ්‍යාව අඩුකලාම උත්තරේ 13යි කියල එනව.

    ReplyDelete
    Replies
    1. උත්තරේ 13 නම නෙමේ රාජ්,,

      Delete
    2. එහෙනං ඉතිං මම අත්හැරිය මුලම ගාන, ඒ කියන්න 3ත් ගත්තම හරි.

      Delete
    3. කෝ බං මගේ උත්තරේ.14යි කියල මම කිව්වෙ?

      Delete
  6. ප්‍රශ්නේ හැටියට නම් 3 ත් ගන්න වෙනො නෙ

    ReplyDelete
    Replies
    1. තරහ නැතුව උත්තරෙයි. හදන විදියයි කියන්න පුළුවන් නම් වටිනව.

      Delete
  7. මෙව්වා කොන්දොස්තරලට යටි මඩි ගහන්න ඕනි වෙන ගණන්.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. 10යි 80යි කියන දෙකම හතෙන් බෙදුවහම 3ක් ඉතුරු වෙන බව ඇත්ත. නමුත් ප්‍රස්නේ අහල තියන විදියට හරි උත්තරේ විදියට ගන්න බෑ වගේ.

      Delete
  9. 01. 7x0+3=3
    02. 7x1+3=10
    03. 7x2+3=17
    04. 7x3+3=24
    05. 7x4+3=31
    06. 7x5+3=38
    07. 7x6+3=45
    08. 7x7+3=52
    09. 7x8+3=59
    10. 7x9+3=66
    11. 7x10+3=73
    12. 7x11+3=80
    13. 7x12+3=87
    14. 7x13+3=94
    උත්තරේ 14. කොමෙන්ටු දාපු අයගේ ඒවා අරගෙන තමයි මේ උත්තරේ කිව්වේ . ආයේ ඉතින් බොරු කියන්න ඕනේ නෑ.

    ReplyDelete
  10. ඉතිරිය හරියටම 3ක් ද.... එහෙම නැත්තම් 3ට වඩා 4,5,6 යන සංඛ්‍යාත් ඇතුලත්ද

    ReplyDelete
  11. උත්තරේ 14 යි..

    ReplyDelete
  12. 14යි.

    01. 7x1+3=10
    02. 7x2+3=17
    03. 7x3+3=24
    04. 7x4+3=31
    05. 7x5+3=38
    06. 7x6+3=45
    07. 7x7+3=52
    08. 7x8+3=59
    09. 7x9+3=66
    10. 7x10+3=73
    11. 7x11+3=80
    12. 7x12+3=87
    13. 7x13+3=94
    14. 7x0+3=3

    ReplyDelete
  13. I think answer is 14.

    ReplyDelete
  14. මමනම් ඕවා නොදනිමි ...

    ReplyDelete
    Replies
    1. මමත් දන්නවා කියල නෑනෙ රොබින් මල්ලි

      Delete
  15. ඇනෝගෙ උත්තරේට මේකත් දාන්න.
    7x0+3=3

    හරි උත්තරේ 14යි.

    ReplyDelete
  16. අනේ මන්ද.....?මේක හදන්න ගිහිල්ල මගේ ඔලුවත් මඤ්ඤං වෙනව....මම හිතන්නෙ උත්තරේ 10යි.

    ReplyDelete
  17. මං හිතන්නේ එකයි :)

    ReplyDelete
  18. මචං පස්සේ එන්න ඈ.....

    ReplyDelete
  19. Replies
    1. උඋඋහ්,, මටත් අමාරුයි. එකනේ මේවා බ්ලොග් එකේ දාල උදව් ගන්නෙ.

      Delete
  20. මම නං ඕවට නෑ...හොද වෙලාවට ඔය නංගි අපේ අල්ලපු ගෙදර හිටියෙ නැත්තේ....

    ReplyDelete
  21. මම නම් ගනං වලට ප්‍රියතාවයක් නෑ ඇත්තම් කිව්වොත්. හරි උත්තරේ දැම්මම බලන්න එන්නම්. :)


    henryblogwalker the Dude

    ReplyDelete
  22. තේමිය ඒකනායකJune 20, 2012 at 4:55 AM

    පළමු පදය 3 වන අන්තරය 7 වන සමාන්තර ශ්‍රේණියක් තමයි මේක. 100 ට අඩුවෙන් එන්න පුළුවන් පදය තමයි 7x13+3 = 94. දැන් Tn=a+(n-1)d කියන සම්බන්දය භාවිත කරලා n = 14 කියල සරලව හොයාගන්න පුළුවන්.

    ReplyDelete
  23. ප්‍රමාද උනාට සොරි වෙන්න ඔ්න! ගණං නං අැති මචං! :D

    ReplyDelete
  24. මම නම් කලේ හතේ ගුණාකාර වලට තුන ගානේ එකතු කරගෙන යන එකයි. බින්දුව අමතක කළොත් නම් 13යි. නැත්තම් 14යි.

    ReplyDelete
  25. මුලිම්ම ඔහොම එකක් තියෙන්නෙ 10, එ්කට හත හත එකතු කරං යන්න බලන්න!

    ReplyDelete
  26. කට්ටියම කියල තියෙනවා නේ.

    ReplyDelete
  27. 7*13+3=94
    ඒ කියන්නේ සංඛ්‍යා 14 යි!! කට්ටිය ම කියලා තියෙනවා නේ..

    ReplyDelete
  28. සිරා නම් එදා සිට ගණිතයට දුර්වලය... එම් නිසා උත්තරය නොදන්නේමය..

    ReplyDelete
  29. දූපතෝ, තව මොකක්හරි ඉක්මනට ලියපියකෝ. හැමදාම ඇවිත් බලලා යනවා අලුත් ලිපියක් නැහැ.තද වෙනවා ඔන්න ඈ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  30. දූපතෝ, අලුත් ලිපියක් ලියකෝ, හැමදාම ඇවිත් බලලා බැන බැන යනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ලියමි ලියමි,,, සමාවෙන්න.

      Delete
  31. 8 වසරේ සංක්‍යා රේකා පාඩම මතකද?
    0 < 7x+3 < 100
    -3< 7x < 97
    -3/7 < x < 97/7
    -.42 < x < 13.86
    මේ රෙකාවේ තියන පුර්ණ සන්ක්ය ගැන ගන්න :)

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,