Wednesday, August 22, 2012

"සැලීරා" ඔරිජිනල්ද,,,,

ඔස්ට්‍රියාව කියන රට අහල ඇතිනෙ, ඔන්න ඔය රටේ තියන ලෝකෙම ප්‍රසිද්ද නගරයක් තියනව. "වියානා" කියන්න අන්න ඒ නගරෙට. මේ රට සෑහෙන පෝසත් රටක්. මෙහේ අන්තර් ජාතික මධ්‍යස්ථාන, එන්.ජී.ඕ අනං මනං සෑහෙන්න තියනව.(පට්ටම ඇකඩමික් ඩයල් කියල හගවගන්න හදන කස්ටිය කොරනව වගේ ලින්ක් එකකුත් දැම්ම).   මෙහේ ඉතින්, සතියක දෙකක ටුවර් එකක් දාන්න තිබ්බ නම් මරේ මරු.
හරි හරි ,, ආපහු කතාවට.
ඔන්න ඔය නගරේ තියනව කෞතුකාගාරයක්, අර අපේ තියෙන්නෙ කොළඹ හතේ, අන්න ඒ වගේ.  කොළඹයි වියානා නගරෙයි සසදනවා කියන්නෙ අවීචියයි තව්සිතාවයි වගේ හිටී. ඉතින් ඔය කියපු  කෞතුකාගාරෙ එක දවසක්  මාරම මාර වැඩක් උනා. අපේ එක වගේම ඒ දවස වල මේකත් රෑට වහනවලු. ආපහු පහුවදා උදෙන්ම අරිනව. ඔන්න එක දවසක් උදේ බලනකොට මේකේ තිබිච්ච එක බඩුවක් නෑලු.
හාහ් හා ,, අපේ එකෙත් උනේ ඔය වගේම දෙයක් නේද. වෙලාවට අපේ දේසපාලුවෝ ඔය කතා දන්නේ නෑ දන්නවා නම් ඕවත් උදාහරණෙට අරගෙන, මෙහේ මොකක්ද උනේ කියල වැඩේ ශේප් කරනව.
ලෝකේ තිබිච්ච හොදම ආරක්ෂණ විධි, තාත්ෂණ තිබ්බත් මොකක් හරි හිලකින් වැඩේ ලිස්සල ගිහින් තිබ්බ. මේක දාසය වැනි සියවසට අයත් රත්තරන් පිළිමයක්.

මුහුදට අදිපති දෙවියා ලස්සන කාන්තාවක් එක්ක කකුල් පටලවාගෙන ඉන්නවා. "සැලීරා" නොහොත් මේ නැති වෙච්ච භාණ්ඩයේ වටිනා කමත් එසේ මෙසේ නෑ. ඇමරිකන් ඩොලර් මිලියන හතලිස් හතක්. සැලීරා වගේම  ඒක හදපු බෙන්විටූ සිලිනි (Benvenuto Cellini ) ගැනත් කතා බොහොමයි.
කොහොමහරි පොලිසිය හොරා පස්සේ පන්නන අතරේ හොරා මේක පෙට්ටියක දාල කැලෑ බද පැත්තක හංගල. කෞතුකාගාර අධ්‍යක්‍ෂකයි ඇමතියවයි මීඩියා පොරවල් පට්ට ගහනවලු.
ඇත්තටම හොරා  කෞතුකාගාරෙ අලුත්වැඩියා කරන්න ආපු පොරක්.  අනික් කාරනාව මූ හොරෙක් උනාට මේක උස්සල තියෙන්නෙ විකුනන්න කියල හිතාන නෙමේලු. දැක්කලු ගත්තලු. අඩේ ලස්සන බඩ්ඩක් කියල යන ගමන් බෑග් එකේ දාගෙන යන්න ගිහින්. අන්තිමට හෝරාවයි සැලීරවයි හොයාගන්න පොලිසියට අව්රුදු තුනක් විතර ගිහින්.


සැලීරා කියන්නෙ මොනාලිසා වගේ සෑහෙන ප්‍රසිද්ධ දෙයක්. එහෙම දේවල් වල ආකෘති ඕනි තරම් තියනව. ඒ වගේ දෙයක් ඔහොම නැතිවෙලා හම්බවෙනකොට ඇත්තටම හොයාගත්තේ පරණ ඔරිජිනල් දේමද කියන එක ප්‍රශ්නයක්. ඒ සදහා පාවිච්චි කරන ප්‍රධානම ක්‍රමයක් තමා XRF කියන්නෙ.
 සරලවම මේ ක්‍රමයෙන් අදාළ බඩුවේ තෝරාගත් තැන් තැන් වල පවතින ලෝහ කොටස්වල සංයුතිය හොයාගන්නව, අදාළ දේට හානියක් නොකර. මුලින් එහෙම හොයාගෙන තිබ්බ නම් ආපහු ගෙනා එක පරික්ෂා කලහම ඔරිජිනල් එකමද කියල තීරණය කරන්න පුළුවන්.
සැලීරාට එහෙම කලාට අපේ නැතිවෙච්ච කඩු, කාසි වලට ඔය දත්ත නෑ. ඒ හන්ද ආපහු හම්බ උනත් ඔරිජිනල් බඩුමද කියල සැකයක් ඇතිවෙනව. විශේෂයෙන් කාසි වගේ දේවල්.
පහුගිය දවසක "සැලීරාව" පරික්ෂා කරපු විද්‍යාඥයා ලංකාවට ආව. ඇවිත් මේ දේවල් ගැන මෙහේ කට්ටියටත් කියා දීලා පොඩි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකකුත් කළා. මෙහේ කට්ටිය ඒ ගොල්ලෝ ගාව තිබිච්ච පරණ කාසි , රන් මසුරන් වගේ දේවල් වල මොනවද තියෙන්නෙ, රත්තරන් එහෙම තියනවද, කොච්චරක් තියනවද කියල හොයාගත්ත.
එක මහත්තයෙක් පරණ කාසි සෙට් එකක් දුන්න. මසුරන්ලු. අඩේ ඇත්ත නේන්නම් සීයට හැත්තෑවයි, අසූවයි රත්තරන් ප්‍රතිශතය.
ඔන්න ඔහොම වැඩේ නැගල යන අතරේ මට එහා පැත්තෙ හිටපු ඩයල් එක.
"මේ බන්, මගෙත් එකක් තියනව බලන්න දෙන්න"
අනිකා :- "මොකක්ද උබේ මාලයක්ද, නැත්නම් මුද්දක්ද"
"නෑ මචන්. අපේ පහේ කාසියත් රත්තන් පාටයිනෙ බන්, රත්තරන්ද දන්නේ නෑ"
මෙන්න මූ ගිහින් පහේ කාසියක් සුද්දට දුන්න රත්තරන් තියනවද බලන්න. ඔන්න අපේ කස්ටිය බලන ඉන්නවා පහේ කාසියේ රත්තරන් කොච්චරද කියල.
හික් හික් හික්,,, ඔය තියෙන්නෙ පහේ කාසියට ආපු රිසාල්ට් එක.
පහේ කාසියෙ තියෙන්නෙ ඉතින් යකඩයි, තඹයි, සින්ක් ටිකකුයි විතරයි. මොනවා කොරන්නද ඒකත් අපේ කරුමෙ.







39 comments:

  1. සංගීතයේ අග නගරය, ඔස්ට්‍රියාවෙ වියානා නගරය බලන්න යන්නෙ මම සිහින මවන්නෙ 2001 ඉඳන්.
    කොටින්ම ජය ශ්‍රී බෑන්ඩ් එකේ ශීලා සිංදුවෙ විශුවල් යද්දි ඉස්සර මම මගෙ නංගිත් එක්ක ඔට්ටු අල්ලනවා මම මෙතන ඉඳන් කොහොම හරි ෆොටෝ එකක් ගහනවා කියලා.
    ලබන අවුරුද්දෙ නම් ඒ හීනය සැබෑ කර ගන්න එක කර ගන්නවා මයි.
    එතකොට ඔය කියන මියුසියම් එකටත් යන්න ඕනෙ. ඊටත් වඩා ආසයි බෙතෝවන් සම්බන්ධ දේ වල් බලන්න.
    කොහෙද මේ බුවා ලංකාවට ඇවිත් මේ පරීක්ශනය කළේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ සිතුම් පැතුම් ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරනව. සිරා රටක් වෙන්න ඕනි.
      බුවා මේවා කලේ ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරියේදී.

      Delete
  2. නැතිවුණු බඩු ටික "හොයා ගත්තොත්" මේ වගේ විශේෂඥයෙක්ගේ සහය ලබාගන්න එක හරි වැදගත්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්,, නමුත් අපි අඩුම තරමේ තියන ටික වත් පරිස්සම් කරගන්න එපැයි.

      Delete
  3. මේ ගැජට්ස් එක මොකද්ද දන්නෑ නේ! :)
    කාලෙකට පස්සෙ සමා වෙන්න! :) :)

    ReplyDelete
    Replies
    1. ආ අලි තනියා. මොකද සද්ද නැත්තේ. වැඩ අධිකද??
      මේකට කියන්නෙ xrf නොහොත් X-Ray Fluorescence analysis කියල. x-ray ගැහුවම ඉලෙක්ට්‍රෝන k,l,m,n ශක්ති මට්ටම වලින් උඩට ගිහින් ආපහු Fluorescence විදියට පිටකරනවා. අන්න ඒ වලින් spectrum එකක් හදාගන්න පුළුවන්. මම දන්නා තරමට වි වි වල උගන්නන විෂයක් නෙමේ.

      Delete
  4. නියම භාන්ඩයක්නේ....

    ReplyDelete
    Replies
    1. ඔය මූලධර්මයම පාවිච්චි කරලා රත්තරන් කොච්චර තියනවද කියල හොයන ගැජමැටික් සමහර හයිෆයි ජුවලරි ශොප් වල තියනවලු.

      Delete
  5. මාර භාණ්ඩයක් නේ ......

    කොහොම උනත් අපිට සතුටු වෙන්න පුළුවන්.. ලෝකේ ධනවත් රටවල කෞටුකාගාරයකින් රන් පිළිම නැතිවෙද්දී අපේ නැතිඋනේ නිකම්ම නිකන් මලකඩ කාපු කදු නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් මොකවත් කියන්න මම දන්නේ නෑ මී ගොඩයෝ. ඔය කඩුවල මැණික් ඔබ්බවල තිබිල නැද්ද?? මලකඩ කෑව කියල වටිනාකම අඩුවෙන්නේ නෑ.
      කට්ටිය කියන්නෙ ඉස්සුවෙ කුරුදු වත්තේ පොලිසිය කියල. දෙවියෝ දනී මම නොදනී.

      Delete
    2. රාජ උදහසට ලක්වෙලා.. ඒ කඩුවෙන්ම බෙල්ල කප්පවගනින්.... හුටා මට කියවුනාද කඩුව තියෙන්නේ මහරජා ලඟ කියලා

      Delete
    3. ඇත්ත තමා,,,,
      මාළුවා නහින්නෙත් කට නිසාලු. අපි නහින්නෙ බ්ලොග් නිසා.

      Delete
  6. හරිම අපූරුයි!මම මෙහෙම දෙයක් අහලවත් තිබුනේ නැහැ.ස්තුතියි සහෝ ඔබට !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු-හිමාවි,,, අමුතු අමුතු දේවල් තියනවනෙ යාළුවා.

      Delete
  7. මේක නම් දැනගත්තෙ අද...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වැඩිය ජනප්‍රිය නැති දෙයක්නෙ, ඒකයි හේතුව.
      බොහොමත්ම ස්තුතියි කමෙන්ටුවට.

      Delete
  8. ඔය හම්බවෙලා තියෙන්නෙ උස්සපු ඒවයෙ සුන්බුන් ටිකක්... අශ්චර්යයට යන ගමන් නොවැ. අර තාක්ෂණේ ගැන නම් ඇහුවෙත් අදයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්,, මොනවා කරන්නද ලහිරු මලය. දැන් ඉතින් තියන ටික වත් පරිස්සම් කරගන්න ඕනිනෙ.

      Delete
  9. වැඩේ කියන්නේ අපේ නැතිඋන සමහර බඩු වල වටිනාකම තියෙන්නේ රත්තරන් වල නෙවෙයි නේ..... ‌‌ඓතිහාසික වටිනාකම් තියෙන දේවල් වලට මේ වගේ ආරක්ෂාවක් යොදලා තියෙන එක හොදයි ඉතිං අඩුගානෙ ඉතුරු වෙලා තියෙන ඒවලට වත්....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ‌‌ඓතිහාසික වටිනාකම මිල කරන්න බෑ. රටක ජාතියක ඉතිහාසයට මිනිස්සු මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි.

      Delete
  10. දූපත් වැසියා කොහෙද වැඩ කරන්නෙ කියල අනුමාන කරන්න පුලුවන්. මම අහන්න හිටපු ප්‍රශ්නවලට පිළිතුරු කමෙන්ට් වල තිබ්බා.
    මේ ග්‍රීක් රෝමන් දෙවිවරුන්ට මොනවා තිබ්බත් ඇඳුම් තිබිලා නෑ නේ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්,,, අම්මප මටත් දැන් තමා මීටර් උනේ, ඔය කාලේ හදපු ගොඩක් ඒවට ඇදුම් නෑ තමයි.

      Delete
  11. නොදන්නා දේවල් ටිකක් දැනගත්තා :)
    අවුලක් නා රත්තරන් මාල ගන්න සල්ලි නැති අපිට 5 කාසි මාලේ මසුරන් බං ;)
    "සැලීරා" ගැන ආස හිතිලා වෙන්න ඇති එක උස්සන්න ඇත්තේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්,, ඒකත් ඇත්ත තමා. බස් එකේ යන්නත් සල්ලි නැතිකොට 5හේ මල්ලක් තියනව නම් වටිනවා තමා

      Delete
  12. දැන් ඔය මේ කෞතුකාගාරයෙන් නැතිවී නැවත හම්බවුනු ඒවා කොහොමද දන්නේ නෑ. (හෙට්ටි වීදියේ හදපුවද?) :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අද ලක්බිමේ තිබ්බ විදියට සෑහෙන ප්‍රමාණයක් හම්බ වෙලාලු. නමුත් කඩු ගැන සඳහනක් තිබුනේ නෑ.

      Delete
  13. අපේ කටුගේ බඩු නැතිවුනා නේ .. හරි.. ඉතින් ඔච්චර දෙයක් වෙච්ච තැනක යකඩ මීයෝ කන්න බැරි කමක් නෑ වගේ ඔය අගයන් නිවැරදියි කියලා කියන එක වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හොරකම් ජඩකම් කවදා හරි හෙළි වේවි

      Delete
  14. කෞතුකාගාරයෙ තියන පුර වස්තු ටිකටත් , ඔය යන්තරේ ආධාරයෙන් දත්ත රැස් කරලා තිබ්බ නම් තමයි හොඳ. හැබැයි මේ ලිපිය එක දැක්ක ගමන් , අපේ නිධන් හොරු ටිකයි මාල කඩන හොරු ටිකයි ඔය යන්තරේ ගන්න බලාවි කීයක් හරි දීල.

    ReplyDelete
    Replies
    1. ලෙසිමත් නෑ, ටැක්ස් එක්ක මිලියන 4-5 ක් වගේ.

      Delete
  15. රිසල්ට් එක ඒ විදියට ආපු එක හොදයි... නැත්නම් හෙට ඉදලා 5 කාසියක් බේතකට හොයා ගන්න බැරි වෙනවා රත්තරන් ගන්න උණු කරලා...

    දුපත් වැසියා කෞතුකාගාරයේද සේවය ?

    ReplyDelete
    Replies
    1. හඃ හා ඔව් ඔව්, නමුත් ඉස්සර 5 හේ කාසි වල වැඩි ප්‍රතිශතයකින් තඹ තිබුණ...
      නෑ සිරා එහෙ නෙමේ.

      Delete
  16. //අනික් කාරනාව මූ හොරෙක් උනාට මේක උස්සල තියෙන්නෙ විකුනන්න කියල හිතාන නෙමේලු. දැක්කලු ගත්තලු. අඩේ ලස්සන බඩ්ඩක් කියල යන ගමන් බෑග් එකේ දාගෙන යන්න ගිහින්.//
    මේක කියෙව්වම හිනා ගියා ලියල තියෙන විදියට... හික්ස්...

    මටත් මතක් උනේ පහේ කාසි දීලා මාල හදවගත්තු උදවියව...

    ReplyDelete
  17. ඇත්තට මම කල්පනා කලේ 5හේ කාසි වලින් මාල හදන්න බැරිද කියල...

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,