Saturday, September 29, 2012

උන්ට දැනෙන අපිට නොදැනෙන,,

ඉන්දියාව අපිට වඩා දියුණුය. පාකිස්තානය අපිට වඩා දියුණුය. අව්රුදු තිහ හතළිහකට එහා ඔය දෙකම චාටර් රටවල් දෙකකි. මැලේසියාව දියුණු උනේ කොළඹ බලාගෙනය. තව ටික කලකින් සෝමලියාවෙන් අපට ආධාර එවන්නත් බැරි නැත.
මැතිනියගේ හාල් පොලු, මිරිස් පොලු වලට ගේම දී, නිකන් දෙන ඇට අටක් බලාගෙන දුන් චන්දයයෙන් මුලින්ම ලාංකිකයෝ අනාගත්තෝය. එහෙම අනාගත්තත් ලිං මැඩියන්වූ අපට තේරුමක් තිබ්බේම නැත.
නමුත් අද කාලය වෙනස්ය. කොම්පීටර යුගයයි.
ඒත් ලිං මැඩිකම නායකයන් දක්වා වැඩි උනා මිස අඩු උනේ නැත. එය අපිට නොතේරුණත් උන්ට නම් නොතේරෙන්නට නොහැකියාවක් නැත. මන්ද, රටක් ජාතියක් ලෙස උන් අපට වඩා දියුණුය. ITN විතරක් බලන අපිට නම් අපි තවමත් මේ යන ක්‍රමය නරක නැත.
කතාව මෙතනින් ගිහින් බලන්නකෝ







ඔන්න ගොසිප් වල යන්න කලියෙන් මගේ එකෙන් දැම්ම..... කමෙන්ටු නැතත් වීඩියෝව ශෙයාර් කිරීම වටී.

21 comments:

  1. පෝස්ටුව කියෙව්වා වීඩියෝව නම් බලන්න බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. පොස්ටුවෙන් වැඩක නෑ. වීඩියෝව බලන්න.

      Delete
  2. පකිස්ථානයේ විශ්වවිද්‍යාලවල ඔච්චරටම පඩි දෙනවද?

    ReplyDelete
  3. Share කරමු! අලියාගෙ නිවැසියෝ ලිංමැඩියන් බව කණගාටුවෙන් කියමි

    ReplyDelete
  4. මේ වීඩියෝ එක මම සිරස නාලිකාවේ දැක්ක. ලැජ්ජයි නේද? ඒ රටවල් මේ තරම් අධ්‍යාපනයට වියදම් කරන්නේ තමන්ගේ රටවල තිබෙන නුගත්කම නැති කරගන්නයි. පාකිස්ථානය වැනිරටවල සාක්ෂරතාව එතරම් ඉහල නැහැ. නමුත් ඒ රටේ මිනිස්සු ජීවත්වීම සඳහා මොන දහදුක් වින්දත්, රටේ හැමදාම කලබල, බෝම්බ පිපිරීම් තිබුනත්, අධ්‍යාපනය ගැන මහා ඉහළින් සිතන බව පෙනෙනවා. අපේ දේශපාලු මැට්ටන්ගේ ඇස් මේ ආත්මයේදී ඇරෙයිද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක



    ReplyDelete
  5. අහෝ ශ්‍රී ලංකා....

    මේ ලඟදි ආපු මේල් එකක මම දැක්කා.. අපේ අමන නූගත් මන්ත්‍රී කෙනෙක් මාසෙකට මිලියනයකට වැඩිය වැටුපක් (සියලු දීමනා සමඟින් ) ගන්නකොට විශ්ව විද්‍යාල ආචාර්යය වරයෙකුට හම්බෙන්නෙ මාසෙකට 40000 කට ආසන්න ගානක්.. එකෙනුත් කොටසක් කපා ගන්නවා විශ්‍රාම දීමනාව වෙනුවෙන්.. අර අපතයො කිසිම කපා ගැනීමකින් තොරව අවුරුදු පහක් රටට ගොන් ආතල් දුන්නම මැරෙනකම් විශ්‍රාම වැටුපක් හම්බෙනවා.. මේ ක්‍රමේ වහාම වෙනස් විය යුතුයි.. එහෙම නොවුනොත් රටේ අනාගතය කොහෙන් නවතීද කියලා හිතා ගන්නත් බෑ.. කිව්වත් වගේ හෙට අනිද්දා අපිට සෝමාලියාවෙනුත් ආධාර එවන්ඩ බැරි කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා,,
      සීනියර් ප්‍රොෆෙසර් කෙනෙකුට නම් එකයි විස්සක් විතර ලැබෙනවා. නමුත් එහෙම කස්ස්ස්ට්‍ය ඉන්නේ පොඩ්ඩයි.

      Delete
  6. මගේ සවුන්ඩ් කාඩ් එකේ පොඩි ප්‍රශ්ණයක්... හැදුව ගමන් බලනවා...

    ReplyDelete
  7. අයින් ටී එන් නම් අන්තිමයි

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ. රාජ්‍ය මාධ්‍ය හැමදාම ඔහොමයි.

      Delete
  8. "මැලේසියාව දියුණු උනේ කොළඹ බලාගෙනය"

    සිංගප්පූරුව නේද එහෙම වුනේ ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, නිවැරදි කිරීම ගැන ස්තුතියි.

      Delete
  9. ඔව් ඒ සිංගපූරුව නේ? ලී ක්වාන් යූ නේද අගමැති?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, නිවැරදි කිරීම ගැන ස්තුතියි.
      බලමු ඔයාගේ ඩෙනිම.

      Delete
  10. අනේ මන්ද අප්පා..

    ReplyDelete
    Replies
    1. හිරුහිමාවී ඔය වර්ජනයට සපෝට් නැද්ද??

      Delete
  11. මහින්ද අබේසුන්දර කියන්නෙ යුගයේ ජනප්‍රියතම රෙදි අපුල්ලන්නා...

    ReplyDelete
    Replies
    1. ඔව්, හැබැයි සිරා මාධ්‍ය ආයතන වලින් වැඩ කරන්න අපහසුම රජයේ මාධ්‍ය තුළ.

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,