Saturday, January 5, 2013

කතරේ අතරමග,,,

සමහර දේවල් පත්තර වලින් දේශන වලින් කොච්චර කිවත් මිනිස්සුන්ගෙ හිත්වලට වදින්නෙ නෑ. අසාර්ථක වෙන සීයට අසූව අනූව දිහා නොබලා සීයට පහ හෝ දහය දෙස බලාගෙන බොහොම අවදානමක් ගන්නව. ඔස්ට්‍රේලියා හොරෙන් යන්න ගිහින් මගදී අතරමං වෙච්ච බෝට්ටුවක් ගැන අදත් ප්‍රවෘත්ති වලට කියනව මම අහගෙන.
අන්න එහෙම දෙයක් ගැන හිතට වදින විෂුවල් එකක් සහිත සින්දුවක්.



මතක තියාගන්න මැරුණත් ඒජන්සියෙන් නම් හොයල බලන්නේ නෑ.

32 comments:

  1. මම ඉරාජ්ගේ සින්දු වලට කැමති නැහැ. නමුත් සමාජයට දෙන පණිවිඩය වැදගත්. ගෘහ සේවිකා විදියට රට යන උදවිය බ්ලොග් බලන්නෙ නෑ. ජාතික හෝ ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරය උනොත් හොදයි.

    ReplyDelete
    Replies
    1. නමුත් සමාජයට දෙන පණිවිඩය වැදගත්// අනිවාර්යයෙන්ම. ස්තුතියි ඇනෝ කමෙන්ටුවක් දැම්මාට.

      Delete
  2. මුල බලද්දි වහල දාල යන්න හිතුනත් දිගටම බැලුව. අග හරිය බලනකොට ඇත්තටම දුක හිතුන. රටට වැඩිපුර විදේශ විනිමය සපයන මැදපෙරදිග සේවිකාවන් ගැන ඔයිට වඩා රජයත් හොයල බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. මටත් මුලින්ම වැඩක් නැති සිංදුවක් කියල හිතුනේ. එත් අන්තිමට ඇත්ත තාත්වික කෑල්ලකුත් දාල තියනව.
      ඇනොනිමස් ඇවිත් හෝ කමෙන්ටුවක් දැම්මාට ස්තුතියි.

      Delete
  3. Thanks for Sharing. We have to forget about Iraj and Upeksha. But must admire this.

    ReplyDelete
    Replies
    1. ඔව්. කියන්නා නොව කියනදේ වැදගත්. සිංදුවකට වැඩි යමක්.

      Delete
  4. ලොතරැයි ගන්න, සූදු කෙළින වැඩිදෙනෙක් පරදින බව නොදැන නෙමෙයි ඒවා කරන්නෙ. තමන් දිනන සොච්චමට අහුවේවි කියන බලාපොරොත්තුවෙන්. ඉන්න තත්වයේ ඉන්නවාට වඩා අවදානම ගැනීමත් සහනයක් ඒ අයට.

    ReplyDelete
    Replies
    1. ඔව්. අපිට නොපෙනෙන අනික් කාරණාව නම්, ඒජන්තවරුන් රැකියාවට පෙර ලබා දෙන සිහින ලෝකයයි.
      මම හොදින්ම දන්නා කිහිපදෙනෙක් දිටිනවා ගෘහ සේවිකාවෝ, ඉතා හොදින් දිවි ගෙවන. ලක්ෂයක් යනකොට දාහකට දෙදාහකට මොකක් හරි කරගන්න පුළුවන් උනත් ඉතුරු බහුතරය දුකින්.

      Delete
  5. http://sinhala.adaderana.lk/news.php?nid=30479

    සෞදි අරාබියේ දී මරණ ‍දඬුවමට නියමව සිටින රිසානා න‍ෆීක් නැමැති කාන්තාවට නිදහස ලැබීමේ ඉඩ පවතින බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

    ReplyDelete
    Replies
    1. මීට කලකට පෙරත් ජාතික රූපවාහිනියේ ඔහොම කිව. පසුව මරණ දඩුවම දෙනවා කියා අන්තර්ජාලයේ රාවයක් ගියා. නැවත සමාවක් ලැබෙනවාලු.
      යන්තම් බේරිලා එන්න පුළුවන් උනොත් ලොකු දෙයක්.

      Delete
  6. ඇත්තෙන්ම මේ ශ්‍රමිකයො නිසා තමයි හුඟ දෙනෙකුට ඔහොම පිනුම් ගහන්න විවි ලැබෙන්නෙ. ඒක අමතක වෙන එකයි කණගා‍ටුව.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව්.
      පිටරට ගෘහ සේවිකා යන කස්ටියට හොද පුහුණුවක් ලබා දෙනවා නම්, ප්‍රශ්ණ සමහරක් විසදීම පහසුයි.

      Delete
  7. මං නම් දැකල නෑ ඕක කවදාවත් ආණ්ඩුවෙ චැනල් එකක යනවා...
    හැබැයි මමත් කැමති අසාර්ථක 99% දිහා බලල දුක් වෙනවට වඩා සාර්ථක 1% දිහා බලල උත්සාහ කරන්න සැබෑ ජීවිතේදී..

    ReplyDelete
    Replies
    1. හැම දේකටම ඔය තියරිය හරි නෑ. සූදුවට වගේ දෙයක් සාර්ථක 1% දිහා බලල උත්සාහ කිරීම මෝඩ කමක්.

      Delete
  8. Replies
    1. ඔව්, ඔව් එහෙම තමා ඈ... උබ හේම ඔය රස්සාවට යනව හේම නෙවෙයි.

      Delete
  9. ඉරාජ් ගේ බහුතර සින්දු වලින් කියැවෙන්නේ පීඩිත පංතියේ කතා. බටහිර සංගීත කෑලි යොදාගැනීම සහ ප්‍රවීණයන්ගේ ගැරහීමට ලක්වීම වෙනම දෙයක්. බොලද ආදර ගීත වලට වඩා වචන සරල උනත් ඉරාජ්ගේ යටින් දුවන පණිවිඩයට මම කැමතියි.
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරක් සින්දු. උදා:- ගේමක් දීලා http://www.youtube.com/watch?v=BR2JrIqAsq0 සහ සිත්ති මනීලා http://www.youtube.com/watch?v=f2zIwKT1MYg

      Delete
  10. මමත් ඉරාජ්ගෙ සිංදු වලට එච්චර කැමති නෑ.. ඒත් මිනිහා සමාජයේ තියන ප්‍රශ්ණ වලට ආමන්ත්‍රණය කිරීමක් දකින්න තියනවා.. මේකත් ඒවගේ එකක්..

    ගෘහ සේවයට කාන්තාවන් පිට රට යවන එක වහාම, වහාම නැවැත්විය යුතු අපරාධයක්.. ඔය මොන පුහුණුව ලබලා ගියත්, කාන්තාව යනු ලිංගික මෙවලමක්යැයි සිතා සිටින ම්ලේච්ච අරාබි කාරයන් ඉදිරියෙ ඔවුන් අන්ත අසරණයි..

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා, නමුත් මෙය ලංකාවට පිටරට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රමයක්. එම නිසා රජයක් නීති ගෙනත් ඔව්වා නතර කරන්නෙ නෑ. ගෘහ සේවය වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදියට යන්න තියනව නම් තත්වය වඩාත් උසස් කියලයි මට හිතෙන්නෙ.

      Delete
  11. සෙන්න කියන කතාවම තමයි මාත් කියන්නෙ!
    එ් ලෙවල් කාලෙ කාර්මික රසායනේ කියල එකක් ඉගෙනගත්ත මතකයි...... එ්ක ඉගැන්වීමෙං ප්‍රයෝජනයක් වෙලා තියනවද?
    කාර්මික රසායනේ කියන්නෙ එක පැත්තක් විතරයි!
    නමුත් එය හා එවැනි අංශ වලින් සංවර්ධනේට ලැබෙන දායකත්වය වහල් වෙලඳාමෙන් ලැබෙන දේවල් වලට වඩා වැඩි නැද්ද?

    ReplyDelete
    Replies
    1. ගෘහ සේවයට ඉතා හොද ස්ථාන ලැබෙන අය ඉන්නව සහ එහි යෙදෙන ශ්‍රමිකයන් ගනන ඉතා විශාලයි. බහුතරයක් අධයාපනය මට්ටම ටිකක් අඩු කස්ටිය. කර්මාන්තශාලා වල වැඩිපුර සිටින්නේ පිරිමි කස්ටිය. ප්‍රමාණය අරතරම්ම නෑ. කාන්තාවෝ වැඩ කරලා හැම සතේම මෙහාට එවනවානෙ.

      Delete
  12. මේ ප්‍ර‍ශ්නය සෑහෙන්න දැවෙන ප්‍ර‍ශ්නයක් වුවත් ඒ පිළිබද මාධ්‍යයේ ඇතිවෙන කථාකාව කිසිසේත් ප්‍ර‍මාණවත් නෑ...ඊට හේතුව තමයි මැති ඇමතීන්ගේ මුදල් බලයෙන් මේ ගැටළු ජනතාවට දැනගැනීමට තියෙන ඉඩ අහුරා තිබීම... රන්ජන් පමණයි මේ ගැටළුව පිළිබද යම් තරමකට කථිකාවක් කරන්නෙ...

    මෙවැනි තේමාවක් හිට් නොවන බැව් දැන දැනත් සද්භාවයෙන් නිර්මාණයකට එකතු කර ගැනීම පිළිබද ඉරාජ් ට මගේ ප්‍ර‍ණාමය.

    ReplyDelete
    Replies
    1. මමත් ඔබගේ අදහට එකගයි සිරා.

      Delete
  13. අනේ මන්දා ඉරාජ්............?

    තෙරුමනම් මරු....

    ReplyDelete
  14. මේක හරිම කණගාටුදායක තත්වයක්. පහුගිය කාලේ කොච්චර මේ වගේ දේවල් උනාද.. තවමත් වෙනවනේ. බලධාරීන් මේ වෙනුවෙන් පැහැදිලි ක්‍රියා මාර්ගයක් ගන්නේ නැති එක තමයි. ගැටලුව. නිව්ස් වලට පෙන්නුවා.. එතනින් ඉවරයි. යවන සේවිකාවන් වත් හරි අවබෝධයක් ලබා දෙනවා නම් මේ ප්‍රශ්න ටිකක් අඩු වෙන්න පුළුවන්.
    වැදගත් පණිවිඩයක් තියන ගීතයක් අහන්න සැලැස්වූවාට ස්තුතියි..!

    ReplyDelete
  15. ඔබගේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

    ReplyDelete
  16. මේ සින්දුව හොඳයි කියලා දන්නේ දැන් මම හිතුවේ විකාරයක් වෙන්ඩඇති කියලා

    ReplyDelete
  17. ඉරාජ්ගේ මේ වගේ සිංදුවක් දකින එකත් පුදුමයක්... දෙන පණිවිඩේ නම් බොහොම වැදගත්...ඇස් වලට කඳුළු ඉනුවා අන්තිම හරිය බලද්දි...

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,