"මල්ලී, අන්ඩර් කට් එකක් බාමුද?".... ඒ කාලෙකින් කතා කලේ දෙහිවල-නිමල් මුදළාලියි. ගම දෙහිවල උනත් බිස්නස් පිටකොටුවේය. එනම් දෙහිවල-නිමල් බිස්නස් වැඩ පිටකොටුවේයි. පිටකොටු සංස්කෘති වචනත් එහි ඇති සංකීර්ණ බිස්නස් ජිල්මාටුත් දන්නේ එහිම හැදී වැදී චාටර් උන අතලොස්සකට පමණි.
"අන්ඩර් කට්" බෑමෙන් රෙපාටත්, මුදලාලිටත්, පිටකොටු කස්ටමර්ටත් අත්වන්නේ වාසියකි. සරලවම බඩු මිල අඩුවේ.
"අන්ඩර් කට්" යනු කුමක්ද?? වැඩේ වෙන්නේ කෙසේද???
කොම්පැනියෙන්ම කඩවල් ළගට ගෙනත්දී, කඩේට විකුණන ගානටත් අඩුවෙන් පිටකොටුවේ කඩවල බඩු විකිනෙන්නේ කෙසේද? කෙසේද යත් ඒ පිටකොටු "අන්ඩර් කට්" ආනුභාවයෙන් පමණි.
"අන්ඩර් කට්" ගැන ලියනවා නම් සතියක් උනත් ලියන්නට පුළුවනි. මොන බඩුද, මොන කාල වලද, හොර වැඩ අල්ලනේ කොහොමද, දෙන්නේ මොන කඩ වලටද ආදී කාරණා රාශියකි. ඒ හන්දා ලිපිය මාගලක් නොකර පොඩියෙන් ලියන්නට උත්සාහ ගනිමි. පියවරෙන් පියවර ලියන්නම්.
පලවෙනි පියවර
සේල්ස් රෙපා, දෙහිවල නිමල් මුදළාලිගේ කඩේට කොහොඹ සබන් ලොකු පෙට්ටි සීයයක් ලබා දෙයි. රෙපා ස්වදේශී ආයතනයේ පොරක් යයි සිතමු. (ස්වදේශී ආයතනයේ කිව්වේ අර "කොහොඹ සබන්" ගහන්නේ) වැදගත් බිස්නස් ට්‍රික් එක නම් රෙපා හෝ ඒජන්ට් නිමල් මුදළාලිට සබන් දෙන්නේ අමුතුම ක්රමයකටයි. සාමාන්‍යයෙන් කොහොඹ සබන් කැටයක් විකුණන්නේ රුපියල් විසි පහකට නම් ඒජන්ට් එය මුදලාලිට දෙන්නේ විසි දෙකකටය. ඒජන්ට් එය රුපියල් විස්සකට කොම්පැනියෙන් ගන්නවා යයි සිතමු. එමෙන්ම අදාළ මුදල ගෙවීමට ස්වදේශී ආයතනය දින හැටක කාලයක් (ක්‍රෙඩිට් ලිමිට්) දෙනවා යැයි සිතමු.

රෙපාට කැටයකින් රුපියල් දෙකක් පාඩු උනත් සල්ලි කොළ වලින්ම ලැබේ. රෙපා නිකන් ඉන්නේ නැත. දවසකට සීයට දහයේ පොලියට දෙයි. ගංජා බිස්නස්, කාන්තා බිස්නස්, අරවා මේවා රාශියකි. සල්ලි හොයන්නට සල්ලි තිබිය යුතුයි. සල්ලි සෙටල් කරන්නට දින හැටකුත් ඇත.
දෙවෙනි පියවර
නිමල් මුදලාලිට සබන් ලැබුනේ රුපියල් දහඅට බැගිනි. පොරත් එවෙලේ සිටම තොගේට සබන් විකුණයි. ඒ කැටයක් රුපියල් දහනවයක් වන පරිදිය.
ඒජන්ට්ගෙන් ලැබෙන්නේ විසි දෙකකට නිසා කඩ කරුවන් පෝලිමේ පැමිණ දහ නවය ගානේ සබන් ගෙන යයි. හිතන්න ඒජන්ට්ගෙන් ගන්නවාට වඩා එක කැටයකට තනිකරම රුපියල් තුනක් ලාබය. කැට පන්දහක් වික්කොත් කෙළින්ම ලාබය තිස් දහසකි. ඉතින් කඩ කරුවන්ටත් ටිකක් වැඩිපුර සබන් කැට ගන්නා කස්ටියත් ලෝබ නොවී ලැබුණු අවස්ථාවෙන් වැඩිපුර සබන් ගෙනයයි.
තුන්වන පියවර
නිමල් මුදලාලිගේ බඩු ගාන අඩු නිසා ඉක්මනින් ඉවර වෙයි. කොහොඹ කැට පනස්දාහම සතියකින් විකිනී හමාරය. කැටේකින් ලැබෙන්නේ රුපියලක් බැවින් ඉක්මනින්ම තවත් සේල් එකකට ඇත ගැසිය යුතුය. එනම් තවත් පනස්දාහක් බාන්න කාලය හරිය. දුරකථනයෙන් "මල්ලී, අන්ඩර් කට් එකක් බාමුද?"....
හතරවන පියවර
රෙපා තවත් තොගයක් නිමල් මුදලාලිට දෙයි. නමුත් අන්ඩර් කට් බෑම හැම රෙපාටම කල නොහැකියි. ලැබුණු කෑෂ් වලට වටිනා කමක් දෙන, එය යොදවා මුදල් හම්බකරන, තගරියට බර පොරක් විය යුතුයි. එනම් හැම රෙපෙකුටම ඔව්වා කල නොහැක. නිමල් මුදලාලිටත් ඔව්වා කරන්න ඉන්නේ එක රෙපෙකි. ඒ රෙපා අම්බානකට බිස්නස් කරන විට අනික් රෙපාලාට යන එන මං නැත.
තවත් විස්තර කරන්නට නම් පියවර රාශියකි. බඩුව ජනප්‍රියතාවයෙන් අඩු වෙනවාලු. හැම කඩේකින්ම ගැනීමට තියන අවස්ථාව අඩු වෙනවාලු. නමුත් ඔව්වා ගැන වග කියන්නට අපිට උවමනාවක් නැත. ඒ සදහා SIM, SIMA පාස් පොරවල් ඇනලයිස් කර වාර්තා දෙනවා ඇත.
ඔහොමත් කොන්තරාත්තු ඇහුවමයි. උබත් පිටකොටුවේ බුවෙක්ද. ඒවගේ.?
ReplyDeleteතව අපි නොදන්න ඒවා අනන්තවත් ඇති.
Deleteඔහොම සිද්ධියක් "ලු" තිලංග සුමතිපාල උන්නැහැහෙගෙ තාත්තා කරල තියෙන්නේ. පොර වැඩකරන ලෝකල් රෙස් බුකියෙන් දෙන සල්ලි මව් ශාඛාවට ගෙනියකොට පරදින අශ්වයන්ට අල්ලපු ඔට්ටු නොදා පොර කරලා තියෙන්නේ ඒ සල්ලි වලින් දිනන අශ්වයාටම ඔට්ටුව දැමීම.
ReplyDeleteඅහා ඒකත් එහෙමද,
Deleteමමත් ඔය වගේ කතා අහල තියනව. ඉස්සර රේස් දුවනවා එවලේම බලන්න බැරි කාලේ වෙච්ච සිද්දි.
මේ කතාව සුගතපාල ද සිල්වා ගේ නවකතාවක තියෙනවා.
Deleteකතන්දරය හරි. අර කිව්ව ජාතියේ රෙපෙක් වෙන්න ඕන. ඒ කියන්නෙ නියමිත කාලයේ තමුන්ට පාඩු වූ මුදල හොයාගන්න පුළුවන් කෙනෙක් වීම විතරයි අවශ්‍යතාවය. "රෙපා" සහ "ඒජන්ට්" දෙකම යෙදීම නිසා පෝස්ටුව පැටළිලිසහිත උනා එකසැරයක්. ඒ නිසා එකක් යෙදුව නම් හරි.
ReplyDeleteසමහර පොරවල් පොලියට ණය දෙනව. සමහරු වාහන බිස්නස්, ඔය වගේ විවිධ කාරණා වලට ඇප නැතුව සල්ලි ගන්න මේ ක්‍රමය හොදයි.
Deleteමාකට් බාසාවෙන් "රෙපා" සහ "ඒජන්ට්" දෙකම යොදනව. නමුත් එය යෙදීමෙ පාඨකයාට අපහසුවක්. වැරැද්ද පෙන්වීමට ස්තුතියි.
අන්ඩර් කට් අඩේ මේක මාර මාකටින් තියරියක් නේ ..
ReplyDeleteඒකනේ කියන්නෙ බොස්
Deleteමේක Islanderleaks ද විකිලීක්ස් වගේ?
ReplyDeleteඒ වගේද පේන්නේ,,,
Deleteතව ඔයවගේ සීන් කෝන් ලියන්නට පුළුවන් වගේ. නමුත් මට අදාළ නම් ගම් සහිතවමයි ලියන්නට හිතෙන්නේ. බලමු ඉදිරියට.
තෑන්ක්ස් කොමෙන්ටුවට
අන්ඩර් කටි සේල්ස් කොටුවේ විතරක් නෙවී මේ පිට පළාත්වලත් කරනවා..... නිත්යානුකුලවත් හොර ක්‍රම වලටත් ..... සාමාන්‍යයෙන් තොග කඩ වලට බදු ගන්න කොටත් ... නැතිනම් තනි පුද්ගලයකු සමාගමේ ප්‍රධාන වෙළද නියෝජිතගෙන් ( Super Agent ) එකවර ලොකු තොගයක බදු මිල්දී ගන්නේ නම් ලොකු කොමිෂන් එකක් හිමිවේ ... එය සාමාන්‍යය වෙළද නියෝජිත( Area Agent ) කෙනෙකුට ලබා දිය නොහැකි විශාල මුදලකි .... බොහෝ සමාගම් තම ප්‍රධාන අලවි නියෝජිත හරහා තමයි ප්‍රාදේශීය අලවි නියෝජිත වරුන්ට බදඩු යවන්නේ ....
ReplyDeleteමේ ප්‍රධාන අලවි නියෝජිත ගෙන් සාමානය අලවි නියෝජිතයන් ලබාගන්නවාට වඩා වැඩි ප්‍රමාණයක් එකවර මිලදී ගත හකි නම් සමාගමේ රෙප් කඩේට දෙනවට වඩා අඩුවට ඩිලිවරි කරලම දෙන්න පුළුවන් ... එකයි අන්ඩර් කට සෙල්ස් කියන්නේ .....
බොහොම ස්තුතියි සමීර.. දෙහිවල කොළඹ පැත්තේ නම් තදේට වෙනව. කොටින්ම හොරේ අල්ලන්න පොඩි අංකෙකුත් සබන් පෙට්ටි වල ගහල ඇරිය.
Deleteමේක මම අඳුරන ඒජන්ට් කෙනෙකුත් කරනවා.. අතින් පාඩුවට බඩු දෙනවා අත්පිට කෑෂ් වෙනුවෙන්..
ReplyDeleteමේක මෙච්චර ලේසියට පෙනුනාට වැඩේ හරි යන්ඩ නම් ඒජන්ට් හෝ රෙපා හොඳටම ඇක්ටිව් හා සල්ලි ටික එහා මෙහා කරලා ටක්ගාලා ආදායමක් ගන්ඩ තරම් දක්සයෙක් වෙන්ඩ ඕනෙ.. ඒවගේම පොලියට දුන්නොත් එව්වා වෙලාවට අය කරගන්ඩ තරම් හැකියාවක් තියෙන්ඩ ඕනෙ.. පොඩ්ඩ ගැස්සුනොත් යන්ඩ වෙන්නෙ හොම්බෙන්..
Deleteඕව්. වැඩේ ශුවර් නම් තමා කරන්නෙ. හදිස්සියකදී කවර් කරන්න බැරි උනොත් තව ලෝඩ් එකක් බානවා. ණය පියවන්න තව ණයක් ගැනීම ලංකාවේ හැටියක් නෙව.
Deletecredit period එක දිග නම් මුදලාලියා බදා ගන්නේමය. official distributor කෙනෙක්ට වඩා sub distributor කෙනෙක් කඩයකට බඩු දැමීමේ ලා සාර්ථක වන්නේ ඒ නිසාය.
ReplyDeleteඅදයි සයිට් එක ෆලෝ කලේ ... සොරි ඇ
ඕව්..
Deleteසමහර ආයතන වල credit period එක ටිකක් දිගයි. උදාහරණයක් ලෙස "මරීනා" එකෙන් දින හැටක් ලබාදෙනවා. සමහරු දින 45ක් සමහරු 30ක් ලෙස.
සොරි වෙන්ට දෙයක් නෑ. ශතකය කවර් කිරීම පිළිබද තෑන්ක්ස් වේවා.
ඇහුවමයි ඔය..... ඒක කාටවත් හොරයක් බොරුවක් වංචාවක් නැති ඒත් ඇති අමුතුම ගේමක්.. පොළියට සල්ලි දිලා ආයෙ ගන්න පුලුවන් පොරක් කියන්නෙ තගෙක්ම වෙන්න ඕනා..
ReplyDeleteඔය ක්‍රමේට බැරිවෙයිද දන්නෑ අවධමනකාරී තත්ත්වයක් නිර්මාණය කරලා හුළං බිබී ඉන්න ජනතවට පොඩි සහනයක් සදන්න.
මේකෙ ඔයිට වඩා ගේම් තියෙනවා.. අර එකක් ගත්තම එකක් නොමිලේ අරකක් ගත්තම මේකක් නොමිලේ දෙන කාල එනවනෙ.. එතකොට ඒ නොමිලේ දෙන එක කඩකාරයා අරන් කඩලා වෙනම විකුණනවා.. ඒ උනාට බඩු ගන්ඩ ගියාම කියන්නෙ මෙව්වල ගහලා තිබුනාට දෙන්නේ නෑ කියලා..
Deleteඒක කාටවත් හොරයක් බොරුවක් වංචාවක් නැති// යකෝ කොම්පැනියට කරන හොරයක් නෙව.
Deleteඅවධමනකාරී තත්ත්වයක් කෙසේ වෙතත් අද ඉදන් "පාරිභෝගිකයන්ට සහන රැසක් සමගින් ඉන්ධන මිල සංශෝධනයක්"
@සෙන්නා,
Delete"කාටවත් හොරයක් බොරුවක් වංචාවක් නැති"
දවසකට සීයට දහයේ පොලියට දෙයි. ගංජා බිස්නස්, කාන්තා බිස්නස්, අරවා මේවා රාශියකි. සල්ලි හොයන්නට සල්ලි තිබිය යුතුයි
හි..හි..
අදමයි ආවෙ .
ReplyDeleteමරුනෙ..මම හිතන් හිටියෙ පිටකොටුවෙ ඔහොමවිකුනන්නෙ බාල බඩු කියල..
පාරෙ දාගෙන විකුනන පොඩි කෑලිත් එහෙමද..?
චයිනීස් කෑලි නම් ඔරිජිනල් උනත් වැඩක් නෑ. අනික සමහර බඩු පිටකොටුවේ ගණන් වැඩියි. මම ලගදී බෑග් එකක් ගන්න ගිහින් අහු උනා.
Deleteඅඩේ පට්ටනෙ බං...වේලාසන දන්නවා නම් මමත් අන්ඩ කට් එකක් දාගෙන ඉන්නවා...
ReplyDeleteහෙහ් හේ,,
Deleteමෙන්න වැඩ කිඩ.
ReplyDeleteදැනුවත් කලාට තැනක් යූ වේවා!
පිටකොටුව කියන්නේ මට කීයටවත් තේරුම් ගන්න පුළුවන් තැනක් නෙවෙයි...
අවුරුදු කීපයකට කලින් මෙහෙම වැඩක් වුනා. මගේ යාලුවෙක් උන්නා, මිනිහා එක එක වෛවර්ණ කමිස ඇඳන් එනවා. ඇවිත් අපෙන් අහනවා මේක කීයක් වෙන්න ඇත්ද? කියලා. අපේ තව එකෙක් හිටියා, මිනිහා කියනවා "වෙන එකෙක් ඇහුවා නම් පන්සීයක්වත් කියනවා, උඹ නම් ඕකට එකසිය පනහකට වැඩිය වියදම් කරලා නැතුව ඇති" කියලා. :-) කතාව හරියටම හරි. මිනිහ එව්වා ගන්නෙත් පිටකොටුවෙන් තමයි.
ඕව් එහෙම තැන් පිටකොටුවේ තියනව. තව නුගේගොඩ මහරගම වගේ තැන් වලත් තියනව.
Deleteකෙළින්ම උදාහරණයක් දෙන්නම් කෝ. මහරගම ෆුඩ් සිටිය ඉස්සරහම පාරෙන් අනිත් පැත්තේ තියන කඩ පේළියේ උඩ තට්ටුවේ ඇදුම් කඩ තියනව, ඕනිම කෑල්ලක් දෙසිය පනහයි. ඩෙනිමක් උනත් හාරසීයයි. හැබැයි රීකන්ඩිෂන් බඩු.
පිටකොටුව කියන්නෙත් වෙන ම ලෝකයක් වගේ. නොදන්න බව දැන්ගන්න ඇරියොත් නම් සොරි ම තමයි. අන්ඩර් කට් නම් අදමයි ඇහුවේ. එක අතකට වැරැද්දකුත් නෑනේ නේද!
ReplyDeleteඕව් ලහිරු, එක අතකට වැරැද්දකුත් නෑ වගේ තමයි, අනික් වැරදි වලට සාපේක්ෂව. හැබැයි කොම්පැනියට අහු උනොත් රෙපාගේ ජොබ ගහල යනව.
Deleteඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
ReplyDeleteමේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
එසේනම් දැන්ම මේ පාහරයා,
ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..
** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
(රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )
අඩේ මාර සීන් එකක්නෙ.... ඇහුවෙත් අදමයි. මී කුණක් විකුණලත් කෝටිපතියො වෙන්න පුලුවන් කියල අහලා තිබුනට, ඒක ප්‍රායෝගිකව කරන්න අමූරුයි කියල තමයි, මේක කියවනකම් හිතන් හිටියෙ....
ReplyDeleteවැඩේ ඉතිං, හිතන තරම් ලේසි නෑ.
Deleteතව මෙහෙ කරන සීන් එකක් තියනවා.පැක් එන බඩු වලට ප්‍රොමෝෂන් විදියට දෙන පැක්ස් වලින් මෙහෙ දෙන්නේ රෙගියුලර් පැක් එක විතරයි. ඉතුරු එක රෙපා ගන්නවා. කම්පැනි ප්‍රමෝෂන් නිසා අයිටම් එකේ ගහන්නෙත් නෑ. රෙපා 10 පැක් 20 ගොඩ දාගද්දී එක 10 පැක් එකක් හදාගන ඉන්නේ. ඉතින් ඌ ඒක විකුණනවා ආපහු කඩේකට. වෑන් සේල්ස් කරන එවුන් තමා ඔය වැඩේ මෙහෙ කරන්නේ. මෙහෙ කම්පැනි එච්චර ඕවා හොයන්නේ නැද්ද මන්දා. ආයේ සාම්පල් දෙන ටික එකතු කරලා විකුණනවා. ඔන්න වැඩ.
ReplyDeleteඕව් ඕව්. සමහර දත් බෙහෙත් ලොකු පැකට්ටු වලට නොමිලේ දෙන දත් බුරුසු වලට විදින බව නම් මම හොදහැටි දන්නව. කඩවල් වල මුදලාලිලත් ඔයක කරනවා නේද.
Deleteයකෝ මෙහෙමත් ගේම්. හැබැයි ඉතින් පට්ට වැඩ්ඩෙකුට තමයි මේ ගේම දෙන්න පුළුවන්. උඹනම් පුතේ කොයි වෙලාවේ හරි cid එකෙන් උස්සනවා.
ReplyDeleteබ්ලොග් කියවන කස්ටිය ඇවිත් බේරගන්නෙ නැතෑ.
Deleteහැමෝම වගේ මටත් කියන්න තියෙන්නේ ඇහුවෙත් අදමයි කියල තමා ඕං.. මේ වගේ අඤඤකොරොස් සීන් ගැන අපිව තව තව දැනුවත් කලෝතින් හොඳා.. එල පොස්ටුව.. ජය වේවා.. :D
ReplyDeleteතවත් ලිපියක් ලියන්නට දිරිදීම ගැන ස්තුතියි.
Deleteඑසේම වේවා!!
ReplyDeleteපමාවී පිළිතුරු දුන්නාට සමාවන්න.
දූපත්වසියෝ ඔබ එන්නම ඕනේ දෙයක් මේක..
ReplyDelete"එදිනෙදා ජීවිතය | : ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !".
වෙලාව අරගෙන කියවන්න ඕනි. ස්තුතියි ලින්කුව දැම්මාට.
Delete