Saturday, May 18, 2013

හතරකට පසුව උතුරු සටහන්,,,

සුනාමියක් ආවේ නැතිනම් අපේ අති බහුතරයක් "සුනාමි" කියන්නේ හෝටලයක නමක් පමණක් ලෙස හෝ කිසි දෙයක් නොදැන ඉන්නට බොහෝ සේ ඉඩ තිබුණි.
එසේම,
ප්‍රභාකරන් නොවන්නට නන්දිකඩාල් නමින් කළපුවක් තියනවායැයි රට්ටු නොදැනගන්නටත් ඉඩ තිබුණි.
නන්දිකඩාල් දැන් තත්වය (Feb, 2013)

මීට පහළොස් වසරකට පමණ පෙර මියැදුන මාගේ මාමා කෙනෙක් සිටියහ. ඔහු දෙවන ලෝක යුද්දයට එකල ලංකාවෙන් සහභාගීවූ හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකි. ජීවත්ත සිටියදී ඔහු අපිට කිවේ, "මල්ලී මේ යුද්ධ කියන ජාතිය මේ කරන විදියට කරන්න බෑ". "යුද්ධ කරනවා නම් ගහගෙන යන්න ඕනි. ඉස්සරහට එන ගෑනිද, බල්ලද, මොකාද  කිය කියා ඉදල යුද්ද කරන්න පුළුවන්ද". ඔහුට අනුව ජපානයට ලිට්ල් බෝයි දමා නිහඬ කිරීම අතිශය සාධාරණ දෙයකි. "ජපනාට එක වෙඩිලක් හරි තියන තැනක් දැනුනොත් අහස්යාත්‍රා තුන්හාරසීයක් ඇවිත් පැත්තම අළු කරනව. උන් මොකෝ ළමයි, ගෑණු, වයසක මිනිස්සු තෝරනවද." එදා ඔවුන් සහභාගී වූ යුද්දයට අනුව ඊළාම් යුද්දය සත්‍යයෙන්ම ළාමක දෙයකි. සුළු පරිමාණ සටනකි. එවැනි ළාමක දෙයක් ඉවර කරන්නට බැරිවීම ගැන ඔහු මියයන තෙක්ම සිටියේ බොහෝ දුකිනි.
යුද්ධය හරි හැටි කෙරුනේ චන්ද්‍රිකාගේ මුල් කාලයේත් (රිවිරැස) ඉන්පසුව මහින්දගේ කාලයේත් බව මගේ පිළිගැනීමයි. චන්ද්‍රිකා එන්නට පෙර ඊළාම් නිජබිම යාපනය මිස කිලිනොච්චිය නොවේ. අවසානයේ අලිමංකඩ පැරදුනත් යාපනය හමුදාව අතේ තිබීම කොටින්ට එදා තිබූ ප්‍රධාන බිදවැටීමක්.

අලිමංකඩ කියූ සැනින් ඔබට මතකයට නැගෙන පුද්ගලයෙක් සිටී.
ඔව්, ඒ හසලක වීරයායි.

හසළක වීරයාගේ සටහන, අලිමංකඩ  (Feb, 2013)

හසළක වීරයා දිවි දුන් බුල්ඩෝසරය (Feb, 2013)

දකුණේ අපිට භීෂණය දැනුණේ අසූනවය කාලයේදීයි. කෝච්චියේ බෝම්බත්, පිටකොටුවේ බෝම්බත් පිපිරී සිය ගණන් මියගියා සත්‍යයි. නමුත් අපේ මාමා කියූ පරිදි ඇත්ත විදියට යුද්ධය කල අවසාන වකවානුවේ ඊට කොටු උන උතුරැකරයේ ජනතාවගේ තත්වය කොතරම් පීඩිත වන්නට ඇතිද. එයින් දාහෙන් එකක්වත් දකුණේ බහුතරයට නොදැනෙන්නට අපි වාසනවන්ත වීමු.  උපන්දා සිටන් එකතුකළ රත්තරන් ටික කෑම වේලකට හුවමාරු කරන්නට අපට අවැසි නොවිණි. ගෙවල් දොරවල් යාන වාහන සියල්ල ගිනිබත් වී වන සතුන් මෙන් මහමග හුස්ම පොද යැව්නේත් නැත.

මුලතිව් මාර්ගයේ පසෙක විනාශ කල වාහන කොටස් (Fed, 2013)

එකල අනුරාධපුර කනත්තට දිනපතාම වාගේ ගෙන ආවේ හමුදා සාමාජිකයින්ගේ සිරුරුද, කොටි ද නැති නම් සිවිල් වැසියන්ගේ ඒවාද කියන්නට මා දන්නේ නැත.  බොහෝ දුරට ඔය තුන් කාණ්ඩයේම ඒවා තිබෙන්නට ඇති.

ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන්ට මෙසේ ජීවිත වලින් වන්දි ගෙවීමේ තැන ආරම්භය කොතැනද,
දෙමළ ජාතිවාදය ආරම්භ කල චෙල්වනායගම්ලාද........?
ප්‍රභාකරන්ද........?
හැත්තෑ ගණන් වල සිට යාපනයේ තරුණයන් මර්ධනය කර, අසූවේ දකුණෙන් ගොස් යාපනයට ගසා පුස්තකාලයත් ගිනිබත් කිරීමද........?
අසූ තුනේ කළු ජූලියෙන් රටේ අහිංසක දමිළ ජනතාව මරා දැමීමද........?
මේවා අතීතයට අයත්. ඒ කුණු අතීතය එකිනෙකාට හුදෙක්  වැරදි පටවන්නට ඇවිස්සවිය යුතු දෙයක් නොවේ. නමුත් අප අතීතය අමතක කල යුතුද නොවේ.

දැන් කියන්නට තිබෙන්නේ උතුරේ වර්ථමාන සංචාර කතාවයි.
අද වන විට අවම සෝදිසි කිරීම් සහිතව උතුරට ගමන් කිරීමේ පහසුකම් ඇත. කන්කසන්තුරේ පොයින්ට් පේදුරු දක්වා යාහැක.
කන්කසන්තුරේ නවාතැන් පහසුකම් සපයාගැනීමට "තල් සෙවණ" ඉතා සුදුසුයි.
දඹකොළපටුන, නාවකන්නි ළිඳ මෙන්ම නාග දීපයටත් අපහසුවකින් තොරව ලගා විය හැකියි.
නල්ලූර් කෝවිලත් හැමෝම රස විදින අයිස්‌ක්‍රීම් මග නොහැරිය යුතුයි.
යාපනය මාකැට්ටුවේ පස්ගෝ රස නෙල්ලි ඕනෑ තරම්. හොද තල් හකුරුත් සොයා ගත හැකියි.
ලෙයින් තෙත් උනත් අලිමංකඩ සුන්දර තැනක්.
ඔබගේ ගමන අවශ්‍යනම් මුලතිව් දක්වා දීර්ඝ කල හැකියි.
ෆාරා නැවත්, නටබුන් වූ ගොඩනැගිලිත් ශාපලත් අඩවියේ ස්මාරක තවමත් ඇත.
එමෙන්ම නන්දිකඩාල් කලපුවේ සිසිලසට මුවාවූ මොකක්දෝ අමුත්තක් ඔබේ සිත බියපත් කරාවි.

වැඩිපුර පින්තූර දමා පෝස්ටුව ලොකු කරන්නට අදහසක් නැත. උතුර දැනෙන්නට නම් එහිම යායුතුය. එසේනම් අද ලිපිය මෙසේ නවත්වන්නම්.

උතුරුකරයේ මුලතිව් පැත්තේ සංචාරයක් ගියාට කම් නැත. පෙර පරිදි වැඩි කරදර නැත. නමුත් එක් අවවාදයකි.
අවවාදය කුමක් විය හැකිද???????? පුරුෂයන්ට විශේෂිතයි. අනුමාන කල හැකිද??????


¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯
¯

පම්ප් ඇල්ලීමට පාරෙන් පිට නොපනින්න. හැමතැනම බෝඩ් නැත. එහෙත් බට්ටන් සිටිය හැක.

බිම් බෝම්බ ඉවත් කරන නිලධාරීන් පිරිසක්- අලිමංකඩ (Feb, 2013) 


23 comments:

  1. බට්ටත් නැතුව ගෙදර එන්න වෙන්නෙ !

    ජය !

    ReplyDelete
    Replies
    1. ඕව්, කියන්න බෑ . බට්ටටත් ගහල යන්න පුළුවන්.

      Delete
  2. තාමත් බිම් බෝම්බ තියනවා එහෙනම්.. මම හිතුවෙ දැන් ක්ලියර් කරලා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම අයින් කරන්න නම් සෑහෙන කලක් යාවිලු. ලගදි තිබ්බ මොකක්ද සම්මන්ත්‍රරණයක කියල තිබ්බ ඔක්කොම අයින් කරන්න 2024 වෙයි කියල. ඇත්තද බොරුද කියන්න දැනීමක් මට නෑ ඉතිං.

      Delete
  3. ලෝකයේ කොහෙවත් කවමදාවත් 100% ක සහතිකයක් දෙන්න බැහැ බිම් බෝම්බ ඉවත් කළා කියලා. එයට හේතුව, වැසි කාලයේදී වතුරට ගසාගෙන යන බිම්බෝම්බ අපි නොසිතන තැන්වල රැඳී තියෙන්න පුළුවන්. ඒ වගේම නොපිපිරුන කාලතුවක්කු උණ්ඩ, මෝටාර් බෝම්බ, පස් යට, ජලාශ වල පතුලේ, කුඹුරු වල, තියෙන්න පුළුවන්. දෙවැනි ලෝක යුද්ධ සමයේ නොපිපිරුන බෝම්බ අදටත් සමහර රටවල හමුවෙනවා.

    ඔබේ මාමා යුද්ධය ගැන කියා තිබෙන දේ ඇත්තයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙමද ? මෙච්චර දියුණු තාක්ශනයන් තිබිලත් බැරිද ?

      Delete
    2. බැහැ සෙන්නා. ඒක අපේ පුහුණුවෙදීම කියලා දෙන දෙයක්. කවදා හෝ රෝබෝ තාක්ෂණය ඉතා උසස් මට්ටමකට ගත්තොත් සමහරවිට පුළුවන් වෙයි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. ඇත්තට විචාරක, බෝම්බ තියනවද කියල බලන්නේ කොහොමද? මට එක් හමුදා භටයෙක් කීවේ මැෂින් එකකින් වගේම අතින් චෙක් කරන විදියක් තියනවා කියල. නරකද ඔය ගැන ලිපි පෙළක් ලීවොත්.

      Delete
    4. ඔව්, යාන්ත්රිකවත්, අතින් පහුරු ගා, කූරු ගා, සොයන ක්‍රම මෙන්ම, බල්ලන් ලවා ඉව කර සොයන ක්‍රමත් තියනවා. පසුව ලිපියක් ලියන්නම්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  4. යුද්ධය අවසන් වී ටික කලෙකින්ම ලංකාව වටාම ගියෙමි. මගේ ජීවිතයේ දශක 3 ක කාලය තුල යා නොහැකි වූ..විදිය නොහැකි වූ අසිරිය දෑසින්ම විද ගතිමි. මට කියන්නට ඇත්තේ තවමත් උතුරට,නැගෙනහිරට ගොස් ඒ සිරිය නුදුටු දෑස් මක්කටද ?

    ReplyDelete
    Replies
    1. යාපනේ කාන්තාවොත් සිරා හිතපු තරම් කළු නැහැ නේද,,

      Delete
    2. මම එහෙම කවදාවත් හිතලා තිබුනෙ නෑ...නමුත් එක දෙයක් කිව යුතුයි. යාපනේ ඉන්න දෙමළ මිනිස්සු දෙමළ සමාජය තුල ඉහළම පිළිගැනීම තියෙන කුලවත් යැයි සම්මත උදවිය. ඒ කථාවෙ කිසිම වැරැද්දක් නෑ කියලා මට හිතුනෙ ඒ අයගෙ තියෙන මහත්මා ගතිය දැක්කම. සිංහල මට දෙමළ අය කිසිම භේදයකින් තොරව මාර්ග හොයාගන්න,අවශ්‍ය දෑ මිළදී ගන්න දේ වලට සෑහෙන තරමේ උදව්වක් දුන්නා. මේ ආකාරයේ සමගියක් ලංකාව පවතින තුරා තියෙන්න කියලයි මම පතන්නෙ.

      Delete
    3. ඇත්තටම එහෙම පේන්න තරහක් නෑ තමයි. ආපහු ඒ පැත්තේ මිනිස්සු යුද්ධයකට යයි කියල හිතන්න අමාරුයි.

      Delete
  5. ඒක ඇත්ත. යුධයේ ජයග්‍රහණය හැමදා සිතේ තිබිය යුතුය.අද අපි බිම් බෝම්බ භිතිකාවකින් තොරව ගමන් බිමන් යන්නේ රණ විරුවන් කල ඒ මහඟු මෙහෙවර නිසාය.

    ReplyDelete
  6. යන්න හිතා ඉන්න තවම බැරි වුන ගමනක්. අවවාදයට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. රැකී රක්ෂා කරන කස්ටියට යන්න ලේසිම නෑ. යන්නම දවසක් යනවා. දෙතුන් දෙනක් කතාකරගෙන යන්න වෙන ගමනක්.

      Delete
  7. සුපිරියටම ලියල තියෙනවා ...අම්මෝ දුවල ලංකාවට ඇවිත් යන්ට හිතෙනවා බන්...

    ReplyDelete
    Replies
    1. ටික්කා ඉන්නෙ පිටරට වගේ,,,,

      ස්තුතියි කමෙන්ටුවට.

      Delete
  8. මටත් තවම බැරි උනා යන්න. ඊළඟ නිවාඩුවටවත් යන්න ඕන. එතකොට ඊයක් විදින්නම් විස්තර ටික දීපන් ගමන ගැන.

    ReplyDelete
  9. මල්ලි ගිය වහනේ මොකද්ද? මොකද මේ පින්තූර බැලුවම පේන්නෙ හරියට ගොඩක් උඩින් ගත්ත වගේ නිසා!

    ReplyDelete
    Replies
    1. ඕව් ඔබ හරි ඉන්දික. අපි ගියේ උස ටුවරිස්‌ බස් එකක. දැන් පාරවල් වරදක් නැහැ. කීප තැනක විතරයි අපහසු. මට හිතෙන විදියට උතුරේ යන්නට හොදම වාහනය එයයි.

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,