Saturday, January 5, 2013

කතරේ අතරමග,,,

සමහර දේවල් පත්තර වලින් දේශන වලින් කොච්චර කිවත් මිනිස්සුන්ගෙ හිත්වලට වදින්නෙ නෑ. අසාර්ථක වෙන සීයට අසූව අනූව දිහා නොබලා සීයට පහ හෝ දහය දෙස බලාගෙන බොහොම අවදානමක් ගන්නව. ඔස්ට්‍රේලියා හොරෙන් යන්න ගිහින් මගදී අතරමං වෙච්ච බෝට්ටුවක් ගැන අදත් ප්‍රවෘත්ති වලට කියනව මම අහගෙන.
අන්න එහෙම දෙයක් ගැන හිතට වදින විෂුවල් එකක් සහිත සින්දුවක්.



මතක තියාගන්න මැරුණත් ඒජන්සියෙන් නම් හොයල බලන්නේ නෑ.

Monday, December 31, 2012

කලර්ෆුල් අව්රුද්දක්,,,

එදා සරං ඇදගෙන අව්රුදු උත්සවේ හරි අප්සෙට්නෙ. කට්ටිය කිව්ව කිසිම වැඩක් නෑ කියල. මේක පොඩි මියුසික් දාල, නිකන් තියනවනෙ.  එහෙම කලර් ෆුල් විදියට තියෙන්න එපායැ.


වසර දෙක තුනක් පරණ වීඩියෝවක්. අපිට අමතක උනාට ඒ කාලෙත් රජරට ගංවතුර.
ම්ම්ම්ම්ම්ම්ම්... කොහොම නමුත් අපි හෙන ජොලියේ, ෆන් එකේ ඉන්න රටක්ලු. 68 වෙනියට ජොලි කරන රට කියල බ්ලොග් වලයි, තව තව මීඩියා වල තිබ්බ කස්ටිය දකින්න ඇති.
එහෙනං හැමෝටම ගංවතුර, සුනාමි, ටොනාඩෝ, ගිලා බැහීම්, අපල උපද්‍රව, නව ග්‍රහ දෝෂ නැති කලර්ෆුල් අව්රුද්දක් ලැබේවා !!!!!!!

Saturday, December 15, 2012

"දිස් ඉස් යුවර් ලීඩර් ඇන්ඩ් දිස් ඉස් අවර් ලීඩර්"

 ඒ දෙදහස් හතර වර්ෂයයි. එනම් රනිලුත් ප්‍රභාත් සාම සාකච්චා කල අවධියයි. එකල දකුණේ අපිට උතුරට යන්නටත් උතුරේ ඔවුන්ට දකුණට එන්නටත් යම් හැකියාවක් ලැබුණි. ඔය අවසරයෙන් අපිත් යාපනය සහ මඩකලපු විශ්ව විද්‍යාල වලට චාරිකාවක් සංවිධානය කර ගතිමු.
මා එතෙක් සිතාගෙන සිටියේ යාපනය පාලනය කලේ රජය බවයි. ඔව්, එය ඇත්ත. නමුත් යාපනය වි.වි පාලනය කලේ ප්‍රභාකරන් ගැන්සියයි. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලටවත්ම පිහිටියේ කොටින්ගේ නීති පද්ධතිය සදහන් පලකයක්. ශාලාවේ ඉහල සවිකර තිබ්බේ ප්‍රභාගේ ඡයාරුපයක්. එදාත් ප්‍රභාගේ රුව පාමුල බෝතල් එකිනෙක හිස් විය. නමුත් "උබලාට පඩි ගෙවන්නේ අරූද" යන්න අසන්නට තරම් ගටක්‌ එදා ඇති නොවීය. අස්ථානයේ ඇත්ත නොකිව යුතුය. එහෙත් ප්‍රභාගේත් රනිල්ගෙත් රුව ඇතුලත් ඔරලෝසුවක් දැක පදම් වූ අපේ එකෙක් ඇස් ලොකු කර බලා සිටින විට එහේ එකෙක් කීවේ. "දිස් ඉස් යුවර් ලීඩර් ඇන්ඩ් දිස් ඉස් අවර් ලීඩර්" ලෙසය.
යාපනයේ දමිළයන් උගත් කම අගය කරති. ගරු කරති. අපි වි. විද්‍යාලයෙන් යයි දැනගත් කල කොටි ප්‍රාදේශීය නායකයන් තම පුටුවෙන් නැගිට කතා කරන තරම් විය. මුර කපොළු වලින් සෝදිසි කිරීම් කලෙත් නැත.
කෙසේ වෙතත් අපි එදා ඇති පදම් කෑවෙමු. බිව්වෙමු. ආපහු බිව්වෙමු. නැවතත් එහි යන්නට සිත් විය. ආගන්තුක සත්කාරයට ස්තුති කරමින් අපි යාපනයෙන් සමුදී  මඩකලපුවටත් ගියෙමු.
මඩකළපුව බහුතරය මුස්ලිම්ය විය යුතුය. එනම් යාපනය කෙසේ වෙතත් මඩකපුව එදා ඉදන් අපේ විය යුතුයි  කියා සිතුවෙමු. එම සිතිවිල්ලත් අතහැරුනේ විශ්ව විද්‍යාල ගේට්ටුව ළගින් ඇතුළු වෙනවාත් සමගයි. එක අතකට යාපනය හොදය. දකුණු පැත්තේ ප්‍රභාගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවකි. විදුලියෙන් ආලෝකයද ලබා දී ඇත. එනම් වි. විද්‍යාලයට ඇතුළුවන දරුවන් දෙස ප්‍රභා බලාගෙන සිටියි. ඇත්තටම මට දුක සිතුනි. ප්‍රභාගේ පිළිරුවට නොව, ඔව්න්ගේ ලීඩර් කැම්පස් දෙස බලා සිටියත් අපේ ලීඩර් වි. විද්‍යාල දෙස නෙතු යොමන්නේ නැති බැවිනි. එක අතකට අපේ ලීඩර්ලාගේ පිළිම තියා පස් පාගන්න හෝ එන්නේවත් නැත්නම් ලොකු උදව්වකි. ආවොත් මොකක් හෝ විජ්ජුම්බරයකි.
එදා ගියායින් පසුව නැවත යාපනයේ මිතුරන් සොයා යන්නට නොහැකි විය. නමුත් එක්තරා සංගමයක් මගින් පවත්වන්නට යෙදුනු වැඩසටහනක් පසුගිය සතියේ යාපනය වි.විද්‍යාලයේ පැවැත්වෙන්නට නියමිතව තිබිණි. එම සංගමය "SLAAS" නොහොත් "Sri Lanka Association for the Advancement of Science"  ලෙස හදුන්වයි.
මෙය ගැනත් පොඩියට හෝ සදහන් කිරීම වටී යයි සිතේ. ලංකාවේ බොහෝ විද්‍යාර්ථයින් මෙම සංගමයේ සාමාජිකයන් වන අතර ඔවුන්ගේ සොයා ගැනීම්, නිපැයුම්, නව අදහස් මේ මගින් එළි දැක්වේ. විවිධ විෂයන් හතක් යටතේ වර්ගීකරණය කර ඇති අතර, අදාළ සුදුසු  කාණ්ඩයට තමුන්ගේ ලිපිය යොමු කල හැක. එය පිළිගත හැකිනම් ඒ පිළිබද අනෙක් ප්‍රාමානික පුද්ගලයන් දැනුවත් කිරීමටත් ඔව්න්ට ගැටළු විචාරීමටත් අවස්ථාවක් ලබා දී අදාල සොයා ගැනීම ලෝකයට හදුන්වාදෙයි . නමුත් බ්ලොග් අවකාශයේ හෝ වෙනයම් මාධ්‍යක මේ සදහා වැදගත් තැනක් දෙනවා කවරදාකවත්ම දැක නැත. මෙහාට ඔව්වා වැඩක් නැති උනත් යාපනයට නම් වැඩක් ඇති බව අපි හොදාකාරවම දැන සිටියෙමු. ශාලා පිරෙන්නට සෙනගත්, එමෙන්ම යොමුවන ගැටලු වලටත් මුහුණ දිය යුතුය. එනයින්ම ඒවා ඉදිරිපත් කරන්නන් වඩාත් සුදානම් වුවාට සැක නැත.

කෙසේ හෝ අවසාන සතියේ යාපනය වි.විද්‍යාලයේ අව්ලක් ඇති විය. මහ-විරු දිනයට එකෙක් කොඩියක් උස්සනට ගොස් ඇත. යාපනයේ සියල්ලම අවලංගුය. කෝකටත් තෛලය ලෙස  තවමත් කොළඹ වැජඹේ. අවසානයේ අතේ ඇගිලි ගන්නට අඩුවෙන් සාමාජිකයින් සිටි, ප්‍රශ්න කිසිත් නැති, නීරස  ෂෝට් ඊට්ස් වලින් වැඩ අහවර විය.
යාපනයට "SLAAS" අහිමි විය. කොල්ලන්ට දැනුම අහිමි විය. අපට හෙන ට්‍රිපක් අහිමි විය.

අහිමි වූ දේ ගැන පසු තැවිලි වී පලක් නැත. "අප්පමාදේන සම්පාදේථ" විය යුතුය. රේසින් කාර් නිකන් දුන්නත් පලක් වේද. පැට්රොල් ගණන් ගිය නිසා නැවත කාර් රේස් නොතියෙන්නට බැරි නැත. අද නම් කෙසේවත් මගහැරගත යුතු නැත. කොළඹ හතේ පොෂ් කෑලි බලාගෙන, බඩගින්නට ගෝල්ෆේස් හුළං බී, පරක්කුවී ගෙදර එන්නට, ප්‍රස්ථාවකි. ලැම්බෝගිනි රේස් අද ඇත.

  ජය වේවා,,,

Monday, October 29, 2012

බක පඬියෝගේත් යමක් තිබේද,,

අපේ සමාජයේ එක එක පණ්ඩිතයෝ සිටිති. ඔයිනුදු බක පඬියෝත් සිටිති. ටී.වී පෙට්ටියේ මූණ දාගන්නා බකයන් ගොඩට ලගදී සිට වැටුනේ නලින් ද සිල්වායි. ටෝක් දෙන්නේ සිංහලය කාපු පොරක් සේය. නමුත් නමත් "ද සිල්වා"යි.

උන්නැහේට රජයේ මාද්දියේ දොර ඇරුනේ ජෙනරාල් තුමා ජන්දය ඉල්ලපු වාරේ අයි.ටී.එන් එකේ ජෙනරාල් යනු අන්තිම තුප්පහි, අවජාතක, ජඩයෙක් යැයි කියූ නිසායි. වැරදිලා හෝ ජෙනරාල්ට සපෝට් කළා නම් ඇපත් නැත. කළු කොඩි උස්සා කොළඹින් යන්නට වීමෙන් රජයට එරෙහි වීමේ විපාක ෆොන්සේකාට කලින් නලීන් සිටියේ ප්‍රත්‍යක්ෂ කරගෙනයි. නමුත් ඕවායින් රාජපක්ෂලාට කඩේ යන්නෙකු සේ තමුන්ගේ නිරුවත පේන බව නලීන්ට නොපෙනෙන්නේ ඔහුත් තණකොළකා පුන්නක්කු බොන්නෙකු නොබොන්නෙකු නොවන බව මොනවට ඔප්පු කරවමිනි. ඔය ලියවුනේ මගේ පුද්ගලික අදහස්. පාඨකයින් එකග නොවෙනවා වෙන්නට පුළුවන්.
ඒවා කෙසේ වෙතත් සමහර විට කව්රුත් එළිපිට නොකියන දේ  ඔහු කියන අවස්ථාත් ඇත.

ඉන් එකක් නම් ළමා අපයෝජනයට අත්අඩන්ගුවට ගත් සිස්ටර් වෙනුවෙන් සිදුවූ සිද්දිය. මෙහිදී ඇතටම අපයෝජනයක් සිදුවිනිද නැද්ද යන්න වෙනම කාරණාවකි. නමුත් එම සිද්දිය ගලාගෙන ගිය ආකාරය වැරදි නොවේද.
තවත් ඔහු මතු කරන සිද්දියක් නම් මන්නාරම රදගුරු රායප්පු ජෝශප්, කොටින්ට උදව් කලත් අදත් කොළඹ විත් සිරකරුවනුත් බලා මන්නාරම යයි. නමුත් ජේ.වී.පී යට උදව් කල හාමුදුරුවෝ කී දෙනෙකුට හොදින් ඉන්න පුළුවන් උනාද යන්න වගයි.

මම ඔය ප්‍රශ්නය දකින්නේ නලීන් උන්නැහේ දකිනවාට වඩා බොහෝ වෙනස් විදියකට. බටහිර විද්‍යාව යනු වෙනමම ගමනක් යන දෙයක්. එය තර්ක විතර්ක මැද වඩාත් පිළිගත් සත්‍යක් සොයා යනවා මිස කිසිසේත්ම නිරපේක්ෂ සත්‍ය නොවේ. නමුත් එය නිරපේක්ෂ සත්‍ය නොවේ යැයි කියමින් ලෙඩක් උන විට බේතක් හේතක් ගන්නට දොස්තර ගාවට නොයනවා නම් ඔහුට "මී හරකා" කීම මී හරකාටත් කරනා අගෞරවයකි. පොර ටෝක් දුන්නාට බරපතල ලෙඩක් හැදුන විට නලීන් ගොයියා යන්නේත් බටහිර දොස්තර ගාවට මිස ගමේ වෙදමහත්තයා ගාවට නොවන බව කව්රුත් දැනගත යුතු දෙයක්.
වෙනත් ආගම් සංස්කෘති`අපිව  පාගා දමනවාට වඩා අපි අපි විසින්ම පහත් තත්වයට වට්ටවා ගෙන ඇතය යන්න මගේ අදහසයි. ක්‍රිස්තියානි ආධිපත්‍යය හෝ දෙමළ ජාතිවාදය කියා අපේ ගොන් කම් සාධාරණ කල නොහැකියි.
නමුත් කව්රු කොහොම එකම ප්‍රශ්නය විවිධ විදියට දැක්කත් හේතු හෙව්වත් අද අපේ රටේ එදා තිබුණු පන්සලත් එක්ක බැදීම දකින්නට අඩුයි. හාමුදුරුවරුන්ට ඇති සැලකිල්ලත් අඩුයි. මා කියන්නනේ සමස්තයක් ලෙස.
කොටින්ම ඉස්සර රජවරු ඕනිම සාමනේර කෙනෙකුට උනත් දන ගහල වැන්දට දැන් මහ-රජ තියා මන්තිරි කෙනෙක් උනත් මල්වතු අස්ගිරි ලොකු හාමුදුරුවන්ට විතරයි දන ගහල වදින්නෙ.නැත්නම් හාමුදුරුවො මතක් වෙන්නෙත් පාංශුකූලෙටයි දානේටයි විතරයි.

පෝය දවසේ මෙහෙම කතාවක් දාන්න හිතුනේ නලීන් උන්නැහේගේ කතා තියන තවත් බ්ලොග් එකක් දැකල. සින්ඩි වල ඒ පොස්ටුවත් තියනව. ඔන්න කතාවේ අදාළ කොටස තියන තැනට ලින්කුව.

කැමති නම් ඔබත් අහන්න(සියල්ලම හෝ 15 min පසුව හෝ 23 min පසුව). මම නම් එයට සීයට සීයක් කොහොමටවත් එකග නැතත් ගතයුතු යමක් නැතිවා නොවන බව අදහසයි.


Friday, October 26, 2012

සියල්ලම ඇතිවීමට පෙර,,,

අනෙක් බොහෝ දේ අමතකවූ දවසක, නිසසල නිස්කලංක රාති‍්‍රයක් ගෙවන විට පැහැදිළි අහසක් ඔබත් දැක තිබෙනවාද? ඔව් එහි තරු බොහෝ ගණනකි. සදත් පායා තිබෙන්නට හැකියි. එහි ඇති චමත්කාරයෙන් ඔබ්බට යමක් සිතන්නට විවෘත මනසක් අපිට හිමිද.

සඳ යනු කුමක්ද, තරු යනු මොනවාද, මෙහි අවසානයක් පවතීද. කෙනෙකුට මේවා හරහා යා හැකි නම් ඉවර වන්නේ කොතනින්ද. මේවා හැදුනේ කොහොමද, කවදාද, කුමක් සදහාද???? නිමක් නැති ගැටළු පෙළක් ආරම්භ වේවි.
අතීතයක් පුරාවටද අනාගතයේද සෑම මිනිස් සමාජයකම මේ ගැටළු පැවතුනා. ඔබත් මමත් එහි මුල් පුරුක නොවෙනවා මෙන්ම අවසන් පුරුකද නොවෙනු ඇත. එසේම ඒ ඒ සමාජ තලයන් සහ කාලයන් වල විවිධ පිළිතුරු මේ තේරුම් ගත නොහැකි ගැටළු වලට සම්මත කරගත්තා. දිව්‍ය බලයක් හෝ එවැනි බලයක් විසින් මේ සියල්ල මැව්වා හෝ ඇති කළා යන්න අතීත ඉන්දියානුවන්ගේ පටන් වර්ථමාන මිනිසා විසිනුත් සම්මත කරගෙන ඇති එක් අදහසක්. තවත් විටෙක එය තේරුම් ගත නොහැකි, තේරුම් ගැනීමට උත්සාහ නොකළ යුතු දෙයක් ලෙසද අර්ථ දක්වන්නට යෙදුනා. මිනිසා ආගමකින් සොයන්නට වෙහෙසුනේත් මෙවැනි විසදිය නොහැකි ගැටළු වලට සාර්ථක අර්ථය දැක්වීම්.

එමෙන්ම විද්‍යාවටත් මේ ගැටළු පිළිබද එයටම අනන්‍ය වූ කතාවක් තියනව.

එහිත් මේ විශ්වය හැදුනේ මෙහෙමයි යන්න පැහැදිළි කිරීමට උත්සාහ දරා තිබෙනවා.
නමුත් මේ විද්‍යාවේ කතාවත්, ආගමික හා ප්‍රබන්ධ  කතාත් අතර දැනෙන වෙනසක් හදුනා ගන්න පුළුවන්. එනම් ඕනෑම කෙනෙකුට මෙය පරික්ෂා කර බලන්නටත් එය අභියෝගයට ලක් කරන්ටත්  අවස්ථාවක් තිබීමත්  අභියෝග සහ අළුත් අදහස් දිරිගැන්වීමත් යන කාරණායි.
ඔන්න එහෙනම් ඔය ගැටළුවට ගැන විද්‍යාවේ කියන කතාව ගැන පොඩි සටහනක් අද.

ආරම්භයේදී කිසිවක් තිබී නැත. කාලයක්, අවකාශයක් හෝ ඉඩක් කිසිම දෙයක් නැති හුදු අවසානයක් පමණි. ඉනික්බිති අව්රුදු බිලියන තිහයි දශම හතකට පෙර කිසිම දෙයක් නැතිව තිබුන අවසානයෙන් සියල්ලම ඇතිවීම ආරම්භ උනා. විශ්වය පිපිරීමක් ඇති උනා එහි ආරම්භයට. ඒ මුල් ප්‍රසාරණයෙන් අවකාශයේ ඉඩක් ගන්නා දෑ හි ප්‍රාථමික ස්කන්ධ ඇති උනා. එයින් ද්විතීක ස්කන්ධ ආදී වශයෙන් ක්‍රම ක්‍රමයෙන් පටන් ගැන්ම සිදුඋනා. සරලම කතාව ඕකයි.
ඉතින් මේ කතාවට පරික්ෂණාත්මක සාක්ෂි සොයා ගැනීමට දරන්නා වූ උත්සාහය තමා මේ ශත වර්ෂයේ මානව විද්‍යා ගවේෂණයේ වැදගත් සංදිස්ථානයක් වන්නේ.

වීශ්වය යනු නිසොල්මනේ පිහිටියාවක්‌ නොවේ. එක ප්‍රසාරණය වන සංකෝචනය වන පරිණාමය වන දෙයකි. එය අනාගතයේදී තවත් වෙනස් වේවි. පටන් ගැන්මේදී තිබු ප්‍රාථමික දෑ එක්වී පරමාණු අනූ සංයෝග හරහා අවසානයේ ග්‍රහලෝක තාරුකා මණ්දාකිණි වැනි අති සංකිර්ණ ක්‍රියා වලියකට දාමයකට එක් පුරුකක  මමත්, කියවන ඔබත්, සියල්ලෝමත් වර්ථමානය නම් යදමින් බැදි සිරකරුවන් වශයෙන් සිටියි.
ඔන්න ඔය සදහන් කල රහස් ගැන හොයන්නටම හදාපු පර්යේෂණාගාරයක් තියනව.
එය නමින් "CERN" (Conseil Européen pour la Recherche Nucléaire/ European Organization for Nuclear Research).
ඇත්තෙන්ම මෙම ආයතනයේ තමයි මේ විශ්ව රහස් සොයන්නට දැනට වැඩිපුරම පහසුකම් තිබෙන්නෙ.  ප්‍රමාණයෙනුත් සෑහෙන ලොකුයි. ඒ විතරක් නොවෙයි, පර්යේෂණාගාරයේ වැඩිපුර කොටස් තියෙන්නෙත් පොළොව යට. ඔය අතර තවත් මතයක් උනේ මෙතැන කරන පර්යේෂණ නිසා එක් වර "කලු කුහර" (black hole- විශ්වයේ තියනවා කියන) වැනි පාලනය කල නොහැකි දේවල් ඇතිවී සමස්ථ පෘතුවියටම බලපෑමක් ඇතිවිය හැකියි යන්න. සත්‍ය වශයෙන්ම එය ප්‍රායෝගිකව කෙසේ වෙතත් සෛද්ධාන්තිකව  සෑහෙන විභවතාවක් ඇති දෙයක්, එක් අතකට එය සාධාරණ චෝදනාවක්.

විශ්වගේ අදුරු අගාධ තුළ ඇති තරම් අඩු උෂ්ණත්වය යොදා ගනිමින් එමෙන්ම  ආලෝකයේ ප්‍රවේග තරම් වේගයෙන් අංශු ත්වරණය කරමින් පර්යේෂණාගාරය තුළ රහසේම කෙරෙන්නේ මොනවාද,, ඒවායේ නිරීක්ෂන, නිගමන සහ අයින්ස්ටයින්ටත් විසදීමට ඉතුරුවූ ගැටළුත් ගැනත් කොටින්ම මිනිසා විශ්වය ගැන කොපමණ දුරකට තේරුම් ගෙන සිටිනවාද යන්න වගත් පිළිබඳව මහා විද්‍යාර්ථයින් නොවන අපට තේරෙන සරල බසින් ලියනා සටහනකින් නොහොත් මෙහි ඉතිරිය සමගින් නැවතත් හමුවෙමු.

Wednesday, October 17, 2012

කාලයෙන් ස්වායත්තව,,,

තප්පරෙන් තප්පරේ ගෙවිල යනව. අපි වයසට ගියත් ලෝකය එන්න එන්නම තරුණ වෙලා. බලන්න දියමන්ති වලින් හැදිච්ච ලෝකයකුත් හොයාගෙනලු. මට නම් ඔයිට වඩා චොකලට් වලින් හැදිච්ච ගඟකුයි, සිනි වලින් හැදිච්ච ගුහාවකුයි වටිනව. මොකෝ චොකලට් ගඟ සීනි ගුහාවෙන් ගිහින් ගිහින් මතුවෙනකොට පෙබල්ස් නැත්නම් ස්මාටීස් බවට හැරෙනවලු. අනෙක් කාරණාව ඔය ලෝකේ තියෙන්නෙ ආලෝක වර්ෂ හතළිහකට එහාලු. මොකක් හරි කොරල ලයිට් එකේ ස්පීඩ් එකෙන් ගියත්, යන්න හතළිහයි, එන්න හතළිහයි. වැඩක් නෑ නොවැ. අසූව පැනල දියමන්ති කන්නද.
ඔය අව් අස්සේ තවත් එහෙක දැක්ක ආලෝකයේ වේගය ඉක්මවෙව්වොත් වයස යන්නෙ නැතුව ඉන්න පුළුවන් කියල සීන් කෝන් එකක්.
හඃ හා ඒක නම් මරු අදහස. නමුත් එතනත් පොඩි පරහක් නැතුවම නොවේ. මොකෝ ඔය සමීකරණ හොයාගත්ත උන්දලම කියල තියන විදියට ආලෝකයේ වේගයට ලං වෙනකොට අදාළ වස්තුවේ ස්කන්ධය වැඩි වෙනවලු. සරලව කීවොත් අදාළ දේ ආලෝකයේ වේගයට සමාන වෙනකොට ඒ දේ අනන්ත සයිස් එකට ලොකු වෙනව.
ඇත්තටම ආලෝකය චිතරක් නොවේ අනෙකුත් තරංග වල වේගය පැරදවිමේදීත් විවිධ සංසිද්ධීන් වලට මූණ පාන්න වෙනව. ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගුවන් යානයක් යෑමේදී සිදුවන්නේත් එයයි. පිටවෙන ද්වනි තරංග වලට කලින් එය ගමන් කරන නිසා පසු පසින් විශාල ශබ්දයක් සහිතව සොනික් බූම් නමැති තරංග අතිපිහිට වීම දැකගත හැකියි.
තවත් එවැනි උදාහරණයක් දක්වනවා නම් ආරෝපිත අංශු ආලෝකයේ වේගය ඉක්මවා යාමේදී ඇතිවෙන දිස්නය දෙන නිල් පැහැයයි.
මහාලොකු උදාහරණ නොමැතිව සරලව දෙයක් ගත්තොත් කස පුපුරන විටත් සිදුවන්නේ කසේ වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයෙන් තරංග අතිපිහිට වීමට සැලැස්වීමයි.

සොනික් බූම් වේවා, චෙරෙන්කොව් වේවා, කස පිපිරීම වේවා, හැම තැනකම වෙන්නෙ එකකට එකක් සාපේක්ෂව වේගය වැඩිවීම. එසේ නම්, වේගයෙන් නොහොත් කාලයෙන් ස්වායත්තව ජීවිතයක් අපිට නැද්ද.
ඇයි නැත්තේ, ථෙරවාදී බුදු දහමට අනුව නම් අපි මළහම ගන්දබ්බ කියල දෙයක් නෑ. එවලේම කාලය ගතවීමකින් තොරවම වෙන කොහේ හෝ ගිහින් ප්‍රතිසන්ධියක් ලබනව. කොටින්ම අපි ආලෝකයේ වේගය පරදවනව.

Sunday, October 7, 2012

හිතුවට එහෙම බෑ,,,

දෙනකොට දෙවියෝ දෙන්නෙ ටොකු ඇන ඇනය. කැරකෙන විට වැල්ලෙත් බමරේ කැරකේය. වැටුනෙත් ලේසිම රටවල් ටිකය. ඉන්දියාවත් කැපුනිය. ඔස්ට්‍රේලියාවත් කැපුනිය. අඩුම දකුණු අප්‍රිකාවත් නැතිය. ග්‍රව්න්ඩ් එකත් අපේය. පිච් එකත් අපේය. මැච් එකත් අපේය. ටොස්‌  දිගටම ලොස් වන විට මැච් හිට් වන්නෙත් අපිටමය. අම්පයර් ඇද්දෙත් අපිටමය. සරලව සංශිප්තව මැච් එක දිනන්ට තිබ්බේ අපිය.

ඒත්,,,,,


ගත්තට Gayle ගේ කඩුල්ල කඩිමුඩියේ
දැමුවට දඟ දමා පන්දුව හරි හරියේ
හිතුවට එහෙම බෑ දිනුමට තකහනියේ
අයියෝ රජතුමා ඇත අද පිට්ටනියේ

දැකපු ගමන් මටනම් හිතුන සත්තයි... !

වැඩේ වෙන්නට ඉස්සර ඇල්කෙමියා වැඳ වැඳ කියලත් ඇහුවෙ නෑ නොවැ.


කවිය උපුටා ගැනීම මූණු පොතෙන්.