අනෙක් බොහෝ දේ අමතකවූ දවසක, නිසසල නිස්කලංක රාති‍්‍රයක් ගෙවන විට පැහැදිළි අහසක් ඔබත් දැක තිබෙනවාද? ඔව් එහි තරු බොහෝ ගණනකි. සදත් පායා තිබෙන්නට හැකියි. එහි ඇති චමත්කාරයෙන් ඔබ්බට යමක් සිතන්නට විවෘත මනසක් අපිට හිමිද.
සඳ යනු කුමක්ද, තරු යනු මොනවාද, මෙහි අවසානයක් පවතීද. කෙනෙකුට මේවා හරහා යා හැකි නම් ඉවර වන්නේ කොතනින්ද. මේවා හැදුනේ කොහොමද, කවදාද, කුමක් සදහාද???? නිමක් නැති ගැටළු පෙළක් ආරම්භ වේවි.
අතීතයක් පුරාවටද අනාගතයේද සෑම මිනිස් සමාජයකම මේ ගැටළු පැවතුනා. ඔබත් මමත් එහි මුල් පුරුක නොවෙනවා මෙන්ම අවසන් පුරුකද නොවෙනු ඇත. එසේම ඒ ඒ සමාජ තලයන් සහ කාලයන් වල විවිධ පිළිතුරු මේ තේරුම් ගත නොහැකි ගැටළු වලට සම්මත කරගත්තා. දිව්‍ය බලයක් හෝ එවැනි බලයක් විසින් මේ සියල්ල මැව්වා හෝ ඇති කළා යන්න අතීත ඉන්දියානුවන්ගේ පටන් වර්ථමාන මිනිසා විසිනුත් සම්මත කරගෙන ඇති එක් අදහසක්. තවත් විටෙක එය තේරුම් ගත නොහැකි, තේරුම් ගැනීමට උත්සාහ නොකළ යුතු දෙයක් ලෙසද අර්ථ දක්වන්නට යෙදුනා. මිනිසා ආගමකින් සොයන්නට වෙහෙසුනේත් මෙවැනි විසදිය නොහැකි ගැටළු වලට සාර්ථක අර්ථය දැක්වීම්.
එමෙන්ම විද්‍යාවටත් මේ ගැටළු පිළිබද එයටම අනන්‍ය වූ කතාවක් තියනව.
එහිත් මේ විශ්වය හැදුනේ මෙහෙමයි යන්න පැහැදිළි කිරීමට උත්සාහ දරා තිබෙනවා.
නමුත් මේ විද්‍යාවේ කතාවත්, ආගමික හා ප්‍රබන්ධ කතාත් අතර දැනෙන වෙනසක් හදුනා ගන්න පුළුවන්. එනම් ඕනෑම කෙනෙකුට මෙය පරික්ෂා කර බලන්නටත් එය අභියෝගයට ලක් කරන්ටත් අවස්ථාවක් තිබීමත් අභියෝග සහ අළුත් අදහස් දිරිගැන්වීමත් යන කාරණායි.
ඔන්න එහෙනම් ඔය ගැටළුවට ගැන විද්‍යාවේ කියන කතාව ගැන පොඩි සටහනක් අද.
ආරම්භයේදී කිසිවක් තිබී නැත. කාලයක්, අවකාශයක් හෝ ඉඩක් කිසිම දෙයක් නැති හුදු අවසානයක් පමණි. ඉනික්බිති අව්රුදු බිලියන තිහයි දශම හතකට පෙර කිසිම දෙයක් නැතිව තිබුන අවසානයෙන් සියල්ලම ඇතිවීම ආරම්භ උනා. විශ්වය පිපිරීමක් ඇති උනා එහි ආරම්භයට. ඒ මුල් ප්‍රසාරණයෙන් අවකාශයේ ඉඩක් ගන්නා දෑ හි ප්‍රාථමික ස්කන්ධ ඇති උනා. එයින් ද්විතීක ස්කන්ධ ආදී වශයෙන් ක්‍රම ක්‍රමයෙන් පටන් ගැන්ම සිදුඋනා. සරලම කතාව ඕකයි.
ඉතින් මේ කතාවට පරික්ෂණාත්මක සාක්ෂි සොයා ගැනීමට දරන්නා වූ උත්සාහය තමා මේ ශත වර්ෂයේ මානව විද්‍යා ගවේෂණයේ වැදගත් සංදිස්ථානයක් වන්නේ.
වීශ්වය යනු නිසොල්මනේ පිහිටියාවක් නොවේ. එක ප්‍රසාරණය වන සංකෝචනය වන පරිණාමය වන දෙයකි. එය අනාගතයේදී තවත් වෙනස් වේවි. පටන් ගැන්මේදී තිබු ප්‍රාථමික දෑ එක්වී පරමාණු අනූ සංයෝග හරහා අවසානයේ ග්‍රහලෝක තාරුකා මණ්දාකිණි වැනි අති සංකිර්ණ ක්‍රියා වලියකට දාමයකට එක් පුරුකක මමත්, කියවන ඔබත්, සියල්ලෝමත් වර්ථමානය නම් යදමින් බැදි සිරකරුවන් වශයෙන් සිටියි.
ඔන්න ඔය සදහන් කල රහස් ගැන හොයන්නටම හදාපු පර්යේෂණාගාරයක් තියනව.
එය නමින් "CERN" (
Conseil Européen pour la Recherche Nucléaire/ European Organization for Nuclear Research).
ඇත්තෙන්ම මෙම ආයතනයේ තමයි මේ විශ්ව රහස් සොයන්නට දැනට වැඩිපුරම පහසුකම් තිබෙන්නෙ. ප්‍රමාණයෙනුත් සෑහෙන ලොකුයි. ඒ විතරක් නොවෙයි, පර්යේෂණාගාරයේ වැඩිපුර කොටස් තියෙන්නෙත් පොළොව යට. ඔය අතර තවත් මතයක් උනේ මෙතැන කරන පර්යේෂණ නිසා එක් වර "කලු කුහර" (black hole- විශ්වයේ තියනවා කියන) වැනි පාලනය කල නොහැකි දේවල් ඇතිවී සමස්ථ පෘතුවියටම බලපෑමක් ඇතිවිය හැකියි යන්න. සත්‍ය වශයෙන්ම එය ප්‍රායෝගිකව කෙසේ වෙතත් සෛද්ධාන්තිකව සෑහෙන විභවතාවක් ඇති දෙයක්, එක් අතකට එය සාධාරණ චෝදනාවක්.
විශ්වගේ අදුරු අගාධ තුළ ඇති තරම් අඩු උෂ්ණත්වය යොදා ගනිමින් එමෙන්ම ආලෝකයේ ප්‍රවේග තරම් වේගයෙන් අංශු ත්වරණය කරමින් පර්යේෂණාගාරය තුළ රහසේම කෙරෙන්නේ මොනවාද,, ඒවායේ නිරීක්ෂන, නිගමන සහ අයින්ස්ටයින්ටත් විසදීමට ඉතුරුවූ ගැටළුත් ගැනත් කොටින්ම මිනිසා විශ්වය ගැන කොපමණ දුරකට තේරුම් ගෙන සිටිනවාද යන්න වගත් පිළිබඳව මහා විද්‍යාර්ථයින් නොවන අපට තේරෙන සරල බසින් ලියනා සටහනකින් නොහොත් මෙහි ඉතිරිය සමගින් නැවතත් හමුවෙමු.