Tuesday, October 25, 2011

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති,,,

හැමෝම කුඩු දුමින්ද සහ භාරත ගැන කතා කරති. සමහරු මුලින් සිතුවේ දූමින්දයාට කෙලවේ, නැටුම ඉවරයි සිතාය. නමුත් ගෝඨාභයගේ මනුස්සකම නිසා දැන් ඔක්කොම ශේප් වෙන සැටියකි. මෙවැනි සිද්දි අසුව දශකයෙන් මෙහා ඉපදුන කොල්ලන්ට කෙල්ලන්ට අරුමයක් වුනිද කෙස් පැහුණු උදවියට නම් තවත් එක් කතාවක් පමණක්ම විය.  

නාලන්ද එල්ලාවල යනු එකල රත්නපුරයේ පුංචි රිදී සීනුව විය. භාරත මෙන් තගෙක් නොවීය. ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ හෙතෙම මහමගදී වෙඩි කන්නේ දෙනෝදාහක් බලාසිටිද්දීය. කුරුවිටදී  වෙඩි තැබීමකින්  ඝාතනය ලක් වූ අතර සැකකරුවන් ලෙස සුසන්ත පුංචිනිලමේත්, මහින්ද රත්නතිලකත් හැදින්විනි (හරියටම මෙදා කුඩු දුමින්ද ලෙසමය). රත්නපුරයම හැඩුවා පමණක් නොව ගිනි ජාලාවක් විය. UNP කාර්යාල බොහොමයක් ගිනි තැබූ අතර සුසන්ත පුංචිනිලමේත් සහ මහින්ද රත්නතිලකට හිතවත් කඩ සාප්පුද ගිනිබත් කෙරිනි. සුසන්තටත් ඔහුගේ අම්මාටත් ලියු කුණුහරපද පෝස්ටර්ද සෑම තැනකම විය. 
කලක් ගතවින. නඩු විභාගය ඔහේ ඇදි ඇදී ගොස් කොහේවත් නැති කෙනෙක් අන්තිම වරදකරු විය. අවසානයේ ඔහුටත් සාක්ෂි මද බැවින් මහා දඩුවමක් නම් නොලැබිණි. මේ ලංකාවේ හැටි එය බව කවුරුත් දැ‍නගතයුතුයි යන්න මගේ හැගීමයි.  පසුව පක්ෂය මාරුකල සුසන්ත පුංචිනිලමේ දැන් සන්ධානය යටතේත් ධීවර නියෝජ්‍ය ඇමැති ලෙස යහතින් දිවි ගෙවයි.
නමුත් ලෝක ධර්මය එසේ නැත. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. විජේවීරට ගේම දුන් රන්ජන් විජේවර්ධනට ප්‍රේමදාස ගේම දුන් අතර ප්‍රේමදාසට ගේම දුන් ප්‍රභාකරන්ටද අන්තිමට වැරදුනි. එය එසේනම්, නීතිය කෙසේ වෙතත් කුඩු දුමින්දට මෙන් සුසන්ත පුංචිනිලමේටත් වරදින දිනයක් එනු ඇත. එදිනට ජනතාව රතිඤ්ඤා පත්තුකර කිරිබත් කා වෙනත් මැරයෙකුට කතිරය ගසනු ඇත.


ප.ලි:- කිසිම කෙනෙකුට මඩ ගසන අරමුණින් තොරව, මට හැගෙන පරිදි ඇත්ත ඇති සැටියෙන් දක්වන ලදී.



5 comments:

  1. අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
    අවසානයේ උන් හැම අවියෙන් නසිතී
    ලෝක සොබාවය එහෙමයි දන කියතී
    මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

    ReplyDelete
  2. නැත නැත නිමි නැත ලැයිස්තු නිමි නැත
    යම රජු සුරතට ගිනි ලයිස්තු යනු ඇත
    පින් පවු දෙක නම් සටහන් වනු ඇත
    ලෝක සොබාවට වැඩ ටික වනු ඇත

    ReplyDelete
  3. යොදයො... බ්ලොග් එක ඉක්මනාට බලන්ට පුලුවන් විදිහට සකස්කරපං බං පට්ට ස්ලොනේ.... අනික වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරපං.....

    ReplyDelete
  4. kavikari and Raj,,thank you very much. i have no experience in blog settings. තාමත් ස්ලෝ ද? i don't know how to boots-up d speed.

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,