Thursday, October 27, 2011

රැකියාව සහ බැණුම්,,,

හැකියාවට රැකියාවක්, කීවාට අපි බොහෝ දෙනෙක් රැකියාවට අදාල දේවල් ගොඩක් ඉගෙන ගන්නෙ රැකියාවකට ගියාට පස්සේ. මේ හින්දම අපිටත් වරදින වෙලාවල් ගොඩක් තියනව. කොහොම උනත් අමාරුවෙන් ලබාගත් රැකියාව අපිට එපා නොවෙන විදියට තියාගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ගොඩක් වෙලාවට රැකියාව කරන තැන එපා වෙන්නෙ අනිත් අයගෙ කැපිල්ල නැත්නම් ලොක්කගෙ බැණුම්.
අපි හිතාගෙන ඉන්නවට වඩා සමහර  මිනිස්සු ගොඩක් වෙනස්. ලොකු පෞරුෂ තියන මිනිස්සු දෙවිවරු වගේ නෙමෙයි. එක්කෝ කුණු ලොබයෝ, නැත්නම් මහ අළුගුත්තේරුවො. 
ඔහොම නැති අය ඉන්නවා නම් ගොඩක් අඩුවෙන්. මට නම් හම්බුවෙලම නෑ.එක උදාහරණයක් දෙන්නම්, ජxන්ත ධර්මදාස කියන්නේ කවුද කියල දන්නවනෙ. පොර තමන්ගේ යටතේ වැඩකරන සුළු සේවකයෙක් වාඩි වේච්ච පුටුවකවත් වාඩි වෙන එකෙක් නෙමේ. අළුතින් මොකක් හරි open කරනව නම් හොරෙන් නැකතක් හදාගෙන ඒ වෙලාවට විවෘත කරල පස්සෙ කවුරු හරි  දේසපාළුවෙකුට කියල විවෘත කරනව.(පවු ඉතින් රටේ ලොක්කොත් හිතනව ඇති තමුන් තමා විවෘත කරන්නේ කියල). නමුත් දන්න කට්ටිය දෙකොනින් හිනාවෙනව. කතාවෙන් පිට පැන්නට මේව තිත්ත ඇත්ත. (බ්ලොග් එකකින් හැර මේව එලි කියන්න ගියොත් පොලු පාරවල් කාලත් ගෙවන්න බැරිවෙයි.)
ඔන්න මමත් කාලයක් එක ආයතනයක රැකියාවක් කලා. (මොකක්ද කියල පුලුවන්නම් හිතාගන්න) . ඔන්න දවසක් හෙන නඩුවක්. මට කිසිම අදාල දෙයක් නෙමේ. නමුත්  එතැන හිටපු මගේ immediate bossටයි මටයි එන්නලු. ඒ වේලාවේ මගේ immediate බොසා, ලොක්කගේ සෙකට්රිට කියපි මෙයා තාම අළුත් ඒ හින්ද මම විතරක් එන්නම්,, ඔන්න ඔහොම මාව බේරුවා. (ලොකු බොසා දර්මමෙ කිවුවට, ටයි කෝට් දැම්මට, බනිනකොට බනින්නේ බල්ලන්ටත් අහගෙන ඉන්න බැරිවෙන්න).
ඔන්න මෙයා ගිහින් අම්බානෙකට කුණු බැණුම් අහල ඇවිත් ඔෆිස් කාමරේට ඇවිත් මට කතා කරනව.
බොසා: පුතා දන්නවද දැන් මොකද උනේ කියල.
මම: නෑ සර්, ඇයි ?
බොසා: මම දැන් ටිකකට කලින් කිසිම අදාල නැති දේකට බැණුම් ඇහුව. වරදක් කලත් නැතත් මේ වගේ තැන්වල ඉන්නකොට බැණුම් අහන්න වෙනව. එතන හරි වැරදි කතා කරන්න බෑ. ඔයාව එතනට එක්කගෙන ගියා නම් හෙටම මෙහෙන් අස්වෙලා ගෙදර යනව.
මම: හ්ම්ම්ම්,,,
බොසා: ඒත් පුතා මතක තියාගන්න ප්‍රයිවට් සෙක්ෂන් එකේ වැඩ කරනකොට ඔයාගේ සැලරි එක හැදිල තියෙන්නෙ බැනුමත් එකතුවෙලා

"ප්‍රයිවට් සෙක්ෂන් එකේ වැඩ කරනකොට සැලරි එක හැදිල තියෙන්නෙ බැනුමත් එකතුවෙලා" - මේක මම මගේ රැකියා ජීවිතේ අහපු හොදම උපදේශය. එදා ඉදන් වැඩ කරන තැන ලොක්ක මැරෙනකන් බැන්නත් කිසිම ගානක් නෑ. 
 

3 comments:

  1. ඔව්.. ඒක ඇත්ත. ඒත් රජයේ/පුද්ගලික කොයිකෙ උනත් බැනුම් නො අහ ඉන්න එක තමා හොඳම

    ReplyDelete
  2. රස්සාව කියන්නේත් හරියට ජීවිතේ වගේම මහා අභියෝග ගොඩක්...හැමදාම මොකක්හරි නේ ......

    ReplyDelete
  3. ඔව ඔහොම තමා ලොක්කා....මොනා කරන්ටත් කලින් රස්සාව බෙරගන්ට ඔන ..හැබැ ඔය ගහන්ට ගහන්ට වඳින එකත්..එච්චර හොඳ නැ..තමන්ගේ ආත්ම ගෞරවේ අරක්ෂා කොරගන්ටත් ඔනනේව...

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,