Friday, October 28, 2011

ඕනෑවට වඩා ඕනෑද?,,,

අම්මල තාත්තල අපිව පොඩිකාලේ ඉදල හදන්නේ හොඳ පිළිවෙලට හැදිච්ච ළමයෙක් කරන්න. ගෑනු ළමෙයෙක් නම් පිළිවෙල කියන එකට ලොකු තැනක ලැබෙනව. බහුතරයක් සැලකුවහම කාන්තා පාර්ශවය පිරිමින්ට වඩා පිළිවෙලයි. ගැහැණු පිරිමි කවුරු උනත් තමන්ගෙ රැකියාව කරන ස්ථානය පිරිසිදුව පිළිවෙලට තියාගෙන ඉන්නඑක වැදගත්. මොකද එතන ඉන්නෙ තමන් විතරක් නොවෙන හින්ද.
කොහොම උනත් මම හිතන්නෙ මම උපතින්ම අපිළිවෙලයි. ඉතින් රැකියාව කරන තැන කියල වෙනසක් නෑ, ගන්න දෙයක් නෑ. ඉතින් වෙලාවක් කලාවක් නැතිව  ලොක්කොන්ගෙනුයි ලෝක්කියො ගෙනුයි ඇති තරම් බැණුම් අහල ඇති. නමුත් ඒ වෙනකොට සැලරි එක හැදිල තියන විදිය දන්න හින්ද, බණින කට්ටියගෙ කට රිදෙන එක විතරයි.(මම වැඩ කරපු තැන් කවුරුත් දන්නෙ නෑනෙ). මේ සිද්දිය වෙනකොට මම හිටියෙ ටිකක් ප්‍රසිද්ද තැනක කෙමිකල් ලැබ් එකක.  ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, එතෙන්ට ගිය බල්ලෙක්වත් බත් කන්නේ නෑ. ඒ තරම් අබ්ලික්. (ඒ කාලේ 5-S හිතලවත් නෑ). 


ඔන්න දවසක් ලොක්ක කතා කරල ටිකක් සැරෙන් කියුව, ඊලග සතියේ expert එකෙනක් එනව. මිනිහ ඇවිත් ලැබ් ඒක ගැන report එකක් ලියනව. අපිට තව මොනා හරි ගන්න තියන චාන්ස් එක. තමුසෙනේ මෙතන ඉන්නෙ, ටිකක් පිළිවෙලකට තියගන්නවකො... ඔන්න ඔහොම ඇණ ගොඩක්. 
expert කෙනෙක් කිවුවොත් ගොඩක් වෙලාවට සුද්දෙක්. මමත් හිතාගත්ත සුද්දත් හොල්මන් වෙලායන්න දෙන්නම් කියල. එතන වැඩ කරන තව අක්ක කෙනෙකුත් එක්කහු කරගෙන පහුවදාම වැඩේ පටන් ගත්ත. මුළු ඩිපාට්මනට් එකේ හිටපු ඔක්කොම ලැබ් ඇටෙන්ඩන්ලට ඕටයිම් දීල සෙට් කරගෙන ගේම යනව. බොහොම අමාරුවෙන් හොයාගත්ත air-freshner එකකුත් ගහල දැන් ඉතින් නිදන කාමරයක් වගේ.(ඒ දවස් වල ඔය අරුමෝසම් බඩු හිගයි).
සුද්ද එන දවස වෙනකොට ලැබ් එක දැක්කත් ලෙවකන්න හිතෙන සයිස්.දැන් ලොක්කට ෆුල් සැටිස්. ඔක්කොම ක්ලියර්. 
ඔන්න සුද්දත් ආව. ඇවිත් හොදට ලැබ් එක බලල කියල, ටික දවසක් අපිත් එක්කත් ඉදල පොර ලියල රිපෝට් එකක්. අපේ ලොක්කටත් ඒකෙ කොපියක් එවල.
"මේ වගේ ලැබ් මිනිහ කවදාවත් දැකල නෑලු. හරියට වැඩ කරගෙනයන ලැබ් එකක් මේ විදියට කවදාවත් තියෙන්න විදියක් නෑලු. මෙතන තියන බඩු වලින් හරියට වැඩක් ගන්නෙ නැතුව තව මැෂින් මොටදලු."
අපේ සර් පොළොවෙ පස් නොකෑව විතරයි මගෙ හිතේ. ඔය සීන් එක අපේ ආයතනය පුරාවටම පැතිරිච්ච තවමත් කතා කරන, ජනප්‍රියම සිදූවීමක්. 
"පිළිවෙලත්, ඕනෑවට වඩා ඕනෑම නැත."


(තවත් එක්, දූපතේ අත්දැකීමක්)

7 comments:

  1. radio ???????????????????

    ReplyDelete
  2. කට්ටියට සින්දු අහන්න හොද රේඩියෝ එකක් දැම්මෙ අනොන්. වෙනසකටත් එක්ක.

    ReplyDelete
  3. මගේ සුපවයිසර් සෙනසුරාදා තමයි එන්නේ නිකන් වැඩ බලල යන්න වගේ...ඒ කියන්නේ ඊයේ....මමත් මීයා වගේ වැඩ කරන අතරේ මේ සයිට් එක ඕපන් කරා..මචෝ..මගේ කාඩ් කුඩු .මේ රේඩියෝ එක හෙන හයියෙන් ඕපන් උනා නේ ......ඔක්කොමල මගේ දිහා බලන් හිටියා....
    ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕනේ නෑ කියල හිතුනා...හික් හික් හික් ....

    ReplyDelete
  4. අහ්හ්, අපොයි sorry,,,,
    චැට් එක නම් අයින් කලා. බැරිද මේක විතරක්වත් තියන්න,,,,

    ReplyDelete
  5. සුද්දව HNO3 වල දාන්න හිතෙන්න අැති නේ! :)
    සමහරු ඉන්නව උන්ට මොනතරං හොඳට කරත් වැරදි විතරයි පේන්නෙ! :(

    ReplyDelete
  6. සුද්දට අපි return එක දුන්න. ම්ම්ම්,,, ටිකක් හිතන්න ඕනේ කියන්න කලින් මොකද අකුරු මකන්නැතුව දැම්මොත් 18ට වැඩිය ලොකු කට්ටියට විතරක් වෙනව.
    තාම මේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයෙවත් නෑ. සින්ඩි 2ක විතරයි තියෙන්නෙ. ඒ වලිනුත් පැන්නුවොත්.
    (සිංහල බ්ලොග් කියවනයට දාගන්නෙ කොහොමද කියල කාටහරි කියන්න පුලුවන්ද?)

    ReplyDelete
  7. අවුලක් නෑ දැන් මම දූපතට එන්නේ මියුට් කරලා .....

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,