Sunday, October 30, 2011

ෆුකුෂීමා සහ අපි???

මට මතක විදියට පහුගිය මාර්තු 11වෙනිද, මුළු ලෝකෙම බයවුනේ ජපානේ වෙච්ච ෆුකුෂීමා න්‍යශ්ටික අනතුරින්.  මීට ඉස්සෙල්ල ලෝකෙ මේවගේ බරපතල දෙයක් වුනේ චොනොබිල් අනතුර. නමුත් මේ දෙකේ  ලොකු වෙනස්කම් තියනව. චොනොබිල්  අනතුරින් ගොඩබිමත් වායුගොලයත් දූෂණය උනත් ජලයට විශාල වශයෙන් විකිරණශීලි දෑ එකතු වුනේ නෑ. නමුත් ජපානෙ සිද්දිය ටිකක් වෙනස්. ප්‍රතික්‍රියා පැතිරීම වළක්වන්න සහ උෂ්නත්ව පාලනයට ජලය යොදන්න උනා. මේ ජලය මුහුදට එකතු කරනව ඇරෙන්න වෙන ප්‍රතිකර්මයක් ඉතුරු උනේ නෑ. අන්තිමට අධි සාන්ද්‍රිත විකිරණශීලි දෑ අඩංගු ජලය මුහුදට එකතු වුනා. ඒ වගේම සිද්දියේ බරපතලකම වැඩිපුර මාධ්‍යය වලට දුන්නෙත් නෑ. කොහොම හරි අද වෙනකොට ලෝකෙ වෙච්ච බරපතලම න්‍යශ්ටික බලාගාර අනතුර මේක බව පිළිඅරගෙන තියනව.
අපි නොදැනුවත්වම අපේ ජීවිත, පරිසරය ටික ටික විනාශ වීගෙන යනව නේද???
ඔව් ලංකාව ජපානෙට ගොඩක් ඈතීන් තිබ්බ කියල නෑ. ලංකාවටත් ලොකු බලපෑමක් තියනව.

ලංකාවට කිරිපිටි මාළු වාහන තව ගොඩක් දේවල් ගේන්නෙ පිටරටින්. මේ ගේන දේවල් පරීක්ෂා කරන ආයතනත් තියනව. ඒ ආයතනය මගින් ගත්ත සහතිකයෙන් පස්සෙ බඩුටික රිලීස් කරනව.

එතකොට මේවල ලංකාවේ අනුමත ප්‍රමාණ වලට වඩා විකිරණ තියනව කියල අහුවෙලා නැද්ද?
උත්තරය "තියනව"

එතකොට මේවල (විශේෂයෙන් ආහාර) නීතිමය ප්‍රමාණ වලට වඩා විකිරණ තියනව කියල අහුඋනොත් මොකද කරන්නේ???.
අන්න අර මම කියපු ආයතනය තමන්ගේ සහතිකය දෙන්නේ නෑ. එච්චරයි.

මීඩියා වලට කියනවද??
 නෑ.

එතකොට ??? අර ගෙන්නවපු බඩු/ආහාර ටිකට මොකද වෙන්නෙ???
ඉතින් බඩු ටික ලංකාවට එන්න බෑනෙ. මොකද රිලීස් කරන්නෑනෙ. (රජය හිතන්නෙ/කියන්නෙ එහෙමයි)

ඒ බඩු/ආහාර ටිකට  මොකද කරන්නේ. ආපහු හරවල යවනවද? විනාශ කරනවද? නැත්නම් වරායේ අර විකිරණශීලී කෑම ටික ගබඩා කරල තියනවද?
නෑ මෙතක්කල් ආහාර කන්ටේනර් පිටින් හරවල යවලත් නෑ. විනාශ කරලත් නෑ. ගබඩා වල සීල් කරල තියාගෙන මොකවත් කරලත් නෑ.

ඒවට මොකද වෙන්නෙ කියන එක සාධක ඇතුව කියන්න මට බෑ. මේ රටේ වෙන දේ හිතා ගන්න එක ඔබට බාරයි. නමුත් කැත කියන්නෙ මේ ගැන හොදටම දන්න මිනිස්සු හරි. මීඩියා කට්ටිය හරි මේ ගැන කතා නොකරන එක.
නමුත් සමහර විට කවද හරි ඕක ඇදුනත් එදාට කියාවි, ලංකාවේ තියෙන්නේ ලෝ ලීමිට්. විකිරණ කොහෙත් තියනව. cancer හැදෙන්නෙ විකිරණ හින්දමද? (හරියට ආසනික්, රසදිය හම්බ උනාම දැන් කියන්නෙ වකුගඩු ලෙඩේට ඒක සම්බන්ධ නෑ කියන එකනෙ. ඕව ලංකාවට ගේන්න තහනම්, ඕව තියන කෘමිනාශක ගේන කම්පැණි (CIC එක හෙම) ටිකට විරුද්ධ වෙනව කියල කියන්නෑනෙ.)


(පුළුවන් උනොත් න්‍යශ්ටික බලාගාර ගැනත් ලියන්නම්කො)

1 comment:

  1. ඇත්ත මේ රටේ ඉන්න දෙශපාලුවොයි....ඔය පගාමරු නිලධාරි මඩුල්ලයි...නිසා..අහිංසක ජනතාව...අනතුරේ...
    ඔය පාරිසරික හානි ගැන යම් කතිකාවක් වෙනව නමුත් තවම දැඩි සක්‍රිය බවකින් යුක්තව..කිරියාත්මක වෙන්නැ...මොකැ මාත් ගියා ගිය අවුරුද්දේ සමුළුවකට මැකවු කියන දුපතට හොංකොං වල..මේකට ගොඩක් දකුනු ආසියාතික රටවල් සම්බන්ද වෙලා හිටිය....

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,