Monday, October 31, 2011

දඹුලු විහාර රහස්,,,


දඹුල්ල ලෙන් විහාරය කියන්නෙ අපි හැමෝම දන්න, ලංකාවෙ තියන ලොකුම ලෙන් විහාරයක්. මේක හදන්න මුලින්ම මූලික වෙලාතියෙන්නෙ වළගම්බා රජතුමා. එතුමා යුද්ධ සේනා හදන කොට හැංගිලා හිටපු තැනක්ලුනෙ. පස්සෙ නිස්සංකමල්ල රජතුමාත් මේක වැඩි දියුනු කරල තියනව.
මේ විහාරය ඇතුලෙ තියනව ටිකක් විතර ලොකු වතුර භාජනයක්, නිකන් ලොකු මුට්ටියක් වගේ එකක්. මේකට එක එක වතුර බින්දුව ගානෙ වැටෙනව. ඉස්සර මිනිස්සු මේක දැක්කෙ හාස්කමක් විදියට. තවමත් මේ වතුරට ලෙඩ එහෙම හොද කරන්නත්, ආනුභාව සම්පන්න දෙයක් කියල සමහරු සලකනව. ගලෙන් වතුර එන එක ආශ්චර්යක්ලු.
මේක පචයක්ද නැද්ද කියල බලන්න හිටපු මහත්මයෙක් හොද පර්යේෂණයක් එහෙමත් කරලා තියනව. 
මෙතුමා මුලින්ම ගිහින් ඔය වැටෙන වතුර ටික එක්කහු කරල ඒකෙ තියන සංයෝග, මුලද්‍රව්‍ය, විකිරණ ගැන එහෙම හොයල, මහලොකු දෙයක් හම්බවෙලා නෑ.  ඒ පාර ඔය ගුහාව උඩට ගිහින් හොයල බලල තියනව. මෙන්න එතකොට වතුර වලවල් කීපයක්ම තියනවලු. නමුත් අවුරුද්ද පුරාවටම නියං කාලෙටත් වතුර එන්න ටිකක් ලොකුවට වලක් තියෙන්න ඕනිනෙ. තවදුරටත් හොයනකොට හම්බ වුනාලු ගස් වල මුල්වලින් වැහිච්ච ටිකක් ලොකු වලක්. මෙන්නෙ මේකට දාල තියනවා අයඩින්131(131-I)  කියන සමස්ථානිකය. ඔන්න බැලින්නම් ඒව තියන වතුර එනවලු අර ගුහාව ඇතුලෙන්. වැඩේ ගෙඩි පිටින් මාට්ටු. මිනිස්සු හාස්කම් තියනව කියන්නෙ අර ගල උඩ තියන පල් වෙච්ච වලෙන්, ගලේ ක්රැක් එකකින් පල්ලෙහාට වැටෙන වතුර වලට. (ඊයේ පෙරේද සමනල වැවේ ක්රැක් හෙව්වෙ ඔය සිස්ටම් එකට)
ඉතින් ඔයගැන පර්යේෂණ වාර්තාවක් එහෙම ලියල, පොඩ්ඩක් කතාව ප්‍රසිද්ද වේගෙන යනකොට ලොකු හාමුදුරුවන්ට ඌරු ජුවල් නැගල. කියන්නෙ නම් හාමුදුරුවෝ සිවුර උස්සල බැනබැන කියනවලු ආපහු ඔය "කොළඹ වාසිටියේ එකේ බල්ලෙක්වත් මෙහෙට වැද්දගන්නේ නෑ" කියල. කොහොමහරි හාමුදුරුවො මේක ඒ කාලෙ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයටත් කියල. උන්නැහැත් පොඩි වෝනින් එකක් දීල තියනව "මිනිස්සුන්ගෙ භක්තිය නැති කරන්න එපා" කියල.. එහෙම කිව්වහම සද්ද නැතුව ඉන්නව මිසක් රාජක්ධ්‍රෝහියෙක් වෙලා ටයර් සෑයක ලගින්ටද (ඒ කාලෙ තත්වෙ ගොඩක් බැරෑරුම්නෙ),, ඔන්න ඔහොම සද්ද බද්ද ඔක්කොම යටගියා. ඒ දවස් වලත් බ්ලොග් තිබ්බනම් දඹුලු ගලේ රහස එලි කරන්න තිබ්බ....
ඇත්තම කිව්වොත් මේ කතාව ලියන්නත් ඔලුවට ආවෙ අර අලියගෙ දෙවියන්ගෙ කොටහ ගැන දැක්ක හින්ද. 
එහෙනම් ගොඩක් දෙනා දන්නේ නැති කාරණාවක් අදත් කිව්ව, තවත් ඔයවගේ යටගියපු කතා ටිකක් තියනව කියන්න. පුළුවන් විදියට බලමු ලියන්න. එහෙනම් හැමෝටම ජය වේවා........
...................................................




ප:ලි:- radio එක ගැන තව ටිකක් බලන්න ඕනි. කරදරයක් නම් සමාවෙන්න. (මොකක් හරි code ටිකක් ගහල සද්දෙවත් අඩුකරගන්න බලන්නම්). ලංකාවෙ වැඩ වලට පොඩි සපෝට් එකක් දෙන්නත් ඕනෙනෙ (සිරස, හිරු fm වගේ මිලියන පහතියොත් නෙමෙයි). නැතත් ඇඩ් මොකවත් නැති සින්දු තියන එකක්.. ආපහු සමාව ඉල්ලනවා රේඩියෝ එක කරදරයක් නම්,,,,




9 comments:

  1. හොඳ ලිපියක්...දඹුලු විහාරේ කියන්නේ ලංකාවේ ප්‍රෞඩත්වය විදහාපාන තවත් අපුරු තැනක් නෙව...

    ReplyDelete
  2. හොඳ ලිපියක්!අන්ධානුභක්තියෙන් ඔබ්බට ගිහින් ආගම හරියට හදාරල පිලිපදිනවා නම් තමා ගොඩක් හොඳ!

    ReplyDelete
  3. ඕකෙ ආශ්චර්යය ගලෙන් වතුර එන එක නෙවෙයි.බිම ඉඳන් වතුර ගල දිගේ උඩට ගිහිල්ල පහලට වැටෙන එක.දඹුලු විහාරෙට ගිහිල්ල බලන්න.පහල ඉඳන් වතුර එන පාර ගලේ හෑරිලා තියෙනවා.

    ReplyDelete
  4. බිම ඉදල කොහෙද හලෝ වතුර උඩට යන්නෙ...

    ReplyDelete
  5. ලොක්කට අපිවත් මතක් වෙනව නේ! :D ස්තූතියි!

    ඔය අපි අාස්චර්ය කියල හඳුන්වන දේවල් සියල්ලම පාහේ ඔහොම තමා!

    සමහරවිට ඔය ගල දිගේ වතුර උඩ යන්නෙ සයිපනය කියන ක්‍රියාකාරීත්වය නිසා කියල මටනම් හිතෙනව! අනික, වතුර එන පාරෙ ගලේ හෑරිලා තියනවද නැත්තං ගලේ හෑරිලා තියන පාරෙ වතුර යනවද?

    මගෙ කණගාටුදායක අත්දැකීම් වල හැටියට, දඬුමොනර හොයාගෙන යන උත්සාහයන් වලදි අන්තිමට හම්බ වෙන්නෙ හෙලිකොප්ටර් තමයි! :'( , ලඟදි ලද අප්සට්දායක අත්දැකීමක් අනුව!

    එල එල! දිගටම ලියන්න! :) බිස්නස් අයිඩියා එකටත් තෑන්ක්ස්! :D
    මේ! එය රේඩියෝ එකෙං රාත්‍රී කාලයේ ඔය........ mood වලට කතා කරන සින්දු දාන්න බැරිද! පොඩි අදහසක්! :)

    ReplyDelete
  6. @Anonymous
    වතුර උඩට යන්නෙ නැතත් මෙතන උඩට යන එක තමයි ආශ්චර්යය

    ReplyDelete
  7. මම දැකල තියන විදියට නම් Ranul, වතුර බින්දුව වැටෙන්නේ උඩ ඉදන් පහළට බේරිල ඇවිත්. අනික ඒ research paper එක කියවලත් තියනව. උඩට දාපු isotrope එක පහළින් එනව කියන්නෙ වතුර එන්නෙ උඩ ඉදන් කියන එකනෙ.
    rahul, raj,Sabith,අලියා & anon හැමොගේම අදහස් වටිනව.

    ReplyDelete
  8. තනි අලියා radio එක වෙන site එකක්. මම ඒකෙ player එක බ්ලොග් එකට දැම්ම. "නිදහස අන්තර්ජාතික රේඩියෝව" කියන එක click කලාම original site එකට යන්න පුළුවන්. ඔයාට කැමති සින්දු requst කරන්නත් පුළුවන්....

    ReplyDelete
  9. මමත් අහල තියෙන විදියට ගලේ පහල ඉදන් ඉහලට වතුර යනවලු...ඒකේ මාලුන් උඩට පීනනවා කොටලත් තියෙනවලු...ඒකනේ හාස්කම.....

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,