Monday, October 31, 2011

මොක කෑවත් අන්තිමට ග්ලූකෝස්,,,,

පහුගිය දවසක බස් එකේ යනකොට පිටිපස්ස සීට් එකේ හිටපු මල්ලිලා දෙන්නෙක් බර සාකච්චාවක්. 
දෙන්නට ලිහාගන්න බැරි ගැටේ තමයි "දියවැඩියාව හැදුනහම මොකද සමහර කෑම ජාති කන්න එපා කියන්නෙ. පාන් කෑවත්, බත් කෑවත්, කුරක්කන් කෑවත්, සීනි කෑවත් අන්තිමට ග්ලූකෝස් වෙලා නේද ලේ වලට යන්නෙ. ඉතින් ඕව මොකවත් හොද නෑනෙ." 
මේ බ්ලොග් ලෝකෙ ඉන්න සමහර කට්ටියටත් මේ ප්‍රශ්නෙ ඇති. එහෙනම් සරලම  උත්තරය මේකයි.
දියවැඩියාව හැදෙන්නේ අපේ ලේ වල තියන සීනි මට්ටම (මොකක් හරි හේතුවකින්) දිගින් දිගටම හරි ගානට පාලනය කරගන්න බැරි වුනාම (හෝමෝන ස්‍රාවයේ හරි වෙන දෙයක් නිසා). පාලනයක් නැති කොට කෑම කාපුවහම  ටක්ගාල සීනි මට්ටම නගිනවා. කෑම නොකා ඉන්නකොට හොදටම බහිනවා. 
ඔය පිශ්ඨය තියන කෑම එන්සයිම වලින් හෙම ජීර්ණය වෙලා, ඒවල තියන සංකීර්ණ අණු බිඳවැටිලා, ග්ලූකෝස් බවට පත්වෙලා තමයි ඇගට(ලේ වලට ) උරා ගන්නෙ. 
සමහර කෑම පොඩි කාලයකින් ජීර්ණය වෙලා, ග්ලූකෝස් බවට පත්වෙලා ලේවලට ඇතුළුවෙලා  සීනි (ග්ලූකෝස්) මට්ටම වැඩි කරනවා. 
නමුත් සමහර කෑම වලට ඔය තත්වයට එන්න ගොඩක් වෙලා යනව. 
ඔය හින්ද එක එක කෑමට අදුන්වල දීල තියනවා "glycemic index" කියල අගයක්. ඔය අගය වැඩියි කියන්නෙ ටක් ගාල (අඩු කාලයකින්) ලේවලට  සීනි ඇතුළුවෙනවා. ඉතින් ඔය අගය වැඩි කෑම බීම දියවැඩියාව හැදිච්ච කට්ටියට හොදද නෑ. මොකද ඒ කට්ටියගේ ලේ වල සීනි (ග්ලූකෝස්) මට්ටම පාලනය කරන යාන්ත්‍රනය බිදවැටිල හින්ද ඕව කෑවොත් සීනි වැඩි වෙනව. 
නමුත් "glycemic index" එක අඩු කෑම කෑවහම ලේ වලට ග්ලූකෝස් එන්නෙ හෙමීට, වැඩි කාලයකදී. එතකොට තත්වය පාලනය වෙනව. 
ඔන්න කතන්දරේ හැමෝටම තේරෙන තරමට සරලව කිව්ව. 
දැන් ඉතින් ලංකාවේ කෑමවල "glycemic index" එකනෙ අපිට හොයාගන්න ඕනෑ. ඒකට මෙතනින් යන්න.
පිටරට ඉන්න කෙනෙක්ට නම් ලෝකෙම කෑමවල තොරතුරු ගන්න මෙතනින් යන්න.

මේක බ්ලොග් එකකට උචිත තරම් රසයක් නැතුව ඇති. නමුත් දවසම පුටුවක් උඩට වෙලා කොම්පියුටරේ බලාගෙන ඉන්න බහුතරේට හැදෙන්න හොදටම ඉඩතියන (සමහරවිට දැනටමත් හැදිලා තියන) ලෙඩක්. හැදුනොත් හිතටයි ගතටයි දෙකටම අමාරුයි. දීර්ඝ කාලීනයි.....

5 comments:

  1. THANKS. thats why i make brown bread at home.

    ReplyDelete
  2. කොහොමත් ටිකක් කටපරිස්සං කොරගෙන කැවම අහවරයිනේ...තව ඔය ව්‍යායාම පොඩ්ඩකුත් කොරනවනං මරු නේද....

    ReplyDelete
  3. කිසි නීරසක් නෑ! වටිනා දෙයක්! :)

    ReplyDelete
  4. raj,, ජිම් යනව වගේ...

    කවිකාරිත් උයන්න පිහන කෙනෙක් වගේ,,, i make කිව්වෙ, ගෙදර හදනවටද? නැත්නම් කඩෙන් ගෙනත් ගෙදරදි ඒක කපනවට ද?? හහහ්හ්හ්......

    හොදයි හොදයි අලියා....

    ReplyDelete
  5. ස්තුතියි වටිනා විස්තරේට......

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,