Saturday, October 29, 2011

"මෙවුව" හදන රිසිපි එක (for chemistry people)

මම බ්ලොග් ලියන්න පටන්ගෙන පොඩිම පොඩි කාලයක්. ලියන්න දෙයක් හිතට නැති කොට එක එක්කෙනා  ලියපුවා බල බලා ඉන්නකොට මම දැක්ක අලියෙක් ලියපු කෙමිකල් කතාවක්. මට හිතෙන්නෙ අලිය ichem යනව වගේ. ඒකෙ තියෙන්නෙ කසිය පෙරන ප්‍රොසෙස් එක ගැන.
දැන් කාලේ හැටියට කසිය කියන්නෙ යල් පැනපු බිස්නස් එකක්. අලිය වගේ උසස් අධ්‍යාපනය ගන්න කස්ටිය කසිය පෙරන්න ගත්තොත් අපිට රස්සා නැති වෙන හන්ද මෙන්න තියෙනව "මෙවුව" හදන රිසිපි එක. මෙවුව කියන්නෙ ඉතින් අර ඉස්පිරිතාලෙ ඉන්න දුමින්ද බිස්නස් කරපුව තමා.
ඉතින් මම කල්පනා කොලා ඔබ තමුන්නාන්සේලටත් දෙන්ඩ කියල 1000කින් හම්බ වෙන්නැති යමක්. (A/L chem කොරල තියනව නම් ඔලුවට දාගන්න ලේසියි,,, )

දැන් ඇස් ගෙඩි 2 දාල බලාපල්ල..

කොහෙන් හරි මෝෆීන් ටිකක් හොයා ගන්න ඕනෙ. ඒකත් ගස් වලින්ම ගන්න පුළුවන්. (සොක්ස්ලට් extraction  එකෙන් ඕගනික් ලේයර් එකට එනව)
ඔන්න ඔය මෝෆීන් සැකිල්ලෙ තියනව ඇල්කොහොල් කාණ්ඩ දෙකක්. ඔය කෑලි දෙක වෙනුවට ඇසිටැල් කෑලි දෙකක් දාගත්ත නම් වැඩේ ගොඩ. ඉතින් බොලවූ ඇසිටික් ඇසිඩ්(මේක දැම්මම වතුරත් හැදෙනව) නැතුව ඇසිටික් ඇන්හයිඩ්රයිඩ් දාපල්ලා. එතකොට මෙන්න බඩු හැදෙනව.බඩු හැදුනට කුඩු විදියට ගන්න නම් crystallize කොරන්ට වෙනව. ආතල් එකට කරනව නම් පරිස්සමින් කරහල්ල.

ඊට පස්සෙ අල්ලගනින් ඇමැටි කෙනෙක්. (ආරස්සොක ලේකම්ව දුමින්ද ඇල්ලුවා වගේ) බයවෙන්න එපා මාට්ටු උනොත් ඉස්පිරිතාලෙට දාල රට යවනව.ම්ම්ම්ම්ම්,,,  කරුමාන්ත ඇමටි වගේ හොදද මන්ද.
මාසෙකින් කොල්ල ගොඩ. කොලබ 7න් ගේකුයි. අබු කමට නිලියකුයි ගන්ට හැක.
ඒ මොකවත් නැත්නම් තමන්ගේ කෑල්ලට කෙමෙස්‌ටිරි වලින් පොර ටෝකක් දාන්න ඕනෙ නම් ඒකටවත් කියහන්. ඔන්න මම ගුරු මුස්ටි නැතුවම වට්ටෝරුව දුන්න.(A/L ,O/L තියා වාසිටියකත් මේව හොයාගන්ට බෑ. පුරාණ ඉසිවර රහස්, හරිය....)


(බහුතරයකට නොතේරුනානම් සමාවෙන්න,, හැමෝම වගේ දාන්නේ කොම්පියුටර් ඒවා හින්ද දූපත් වැසියාගෙන් chemistry එකක් )

14 comments:

  1. ලියල තියෙන දේ හොඳා...නමුත් මේ බ්ලොග් අවකාශේ ගැන පොඩි රිසර්ච් එකක් කරොත් සහෝ උබට ඔලුවට ඒයි කොයි විදිහටද ලියන්ට ඔන කියලා...
    බොහො දෙනාට වැදුන ගල් බොටත් වදිලා වගේ ඒවා ගනන්ගත යුතු දේ නොවේ දිගටම ලියපං නමුත් තවටිකක් හොයලා ලියන රටාව ගැන හිතපං..මේ මගෙන් පොඩි අදහසක් විතරයි..ජය

    ReplyDelete
  2. මොකෝ කියන්නේ පටං ගමුද හවුල් ව්‍යාපාරයක්......

    ReplyDelete
  3. යාලුවා ඉසිවරයෙක්ද එතකොට..............

    ReplyDelete
  4. ස්තුතියි Raj.. වැදිච්ච ගල් පාර ගැන කියපු දේටත් thankx
    ......................
    දේවා ට නම් මාගැන පොඩි වැටහීමක් තියනව වගේ... හිහ්හී, හැමෝම ඔහොම හිතනවනම් කොච්චර හොදද?
    ......................
    තීර්ථ යාත්‍රිකයා.,ඔය ව්‍යාපාරය පටන්ගත්ත කියල 5ස් පවු කැඩෙන්නේ නෑ නේද?. එහෙනම් වැඩේට බහිමු.
    ......................
    anon මට බොරු කියන්න ඕනි නෑ. ඔබතුමා ලියපු දේ දැකල මම එකපාරටම අවුල් ගියා.

    ReplyDelete
  5. ඩුබායි කොම්පැනියක මගේ සෙට් එකක් වැඩ කරා....ඇල්කොහොල් තහනං උන්ට...කොම්පැනියෙම රූම් වල මුන් හිටියේ....ලංකාවේ එකෙක් තමයිලු මුන්ගේ නර්ස්...මේල් නර්ස් කෙනෙක්..ඌ හදලා ග්ලුකෝස්...හික් හික් හික් දවස් 2න් ඕක ඇල්කොහොල් වෙලා....මෙඩික් රූම් එකටම ගිහිල්ලා මුන් ග්ලුකොස් බොන්නේ බයිට් එක්කක..එළ ලු.....

    ReplyDelete
  6. ලංකාවේ කොල්ලො හරි creative... හහ්හ්හ් හා... මේ වැරදිලාවත් මේ පොස්ට් එක දැක්කොත් මොකක් වෙයිද දන්නෑ. හොස්පිටල් වල මෝෆීන් තියනව ඇති වෙන්න,,,

    ReplyDelete
  7. ගොඩක් ස්තූතියි මේ කාරණේ සඳහන් කලාට! :D මේ දවස්වල කොළඹ තියන හිඟයටත් පිලියම් යොදන්න පුලුවන් වෙයිනෙ! :D

    මම ichem යනව නෙවෙයි! යන්න තියනව, ජනවාරි හත් වෙනිද තමා පටන් ගන්නවය කියන්නෙ! :)

    මෝෆීන් හොයන්න පුලුවන් ගස් ටිකකුත් නම් කලාම ලිපිය පරිපූර්ණත්වයට අාසන්නයි! ;)

    [හැමෝම වගේ දාන්නේ කොම්පියුටර් ඒවා හින්ද දූපත් වැසියාගෙන් chemistry එකක්] එල එල! ඔන්න අපිත් බොක්ස් එකෙම්ම සපොට්! :) (බ්ලොග් එකට ංඅෑ ;) )

    අලිගෙදරට ගොඩවැදිල ගියාට ස්තූතියි! සහ එතෙනට සාදරයෙන් පිලිගන්නවා!! :D ;)

    ReplyDelete
  8. thankxx තනි අලියා ,,,
    opium වගේ ඒවල තියනව(කොහෙන් හරි ඇට ටිකක් ගෙනත් හිටෝ ගනින්කො) නමුත් industrially හදන්නේ සෙමි-සින්තටික් විදියට. මට බයත් හිතෙනව,,, තනි අලියා ටික කලක යනකොට කුඩු අලියා වෙන්නත් බැරි නෑ. hikzz,,,

    ReplyDelete
  9. තනි අලියා,, higher studies වලට යනවට good luck වේවා ,

    ReplyDelete
  10. ගොඩක් ස්තූතියි! :)

    ReplyDelete
  11. මම මේ නිකං අහන්නෙ! ඔබතුමා රැකියාව (හො study ) කරන්නෙ කොහෙද?

    ReplyDelete
  12. දැනට ඔය දෙකම කරන්නෑ තනි අලිතුමනි!!!

    ReplyDelete
  13. මං මේ බ්ලොගේට ආවේ අලියාගේ බ්ලොග් එක හරහා.. එත් මේ රේඩියෝව මට ඔයාගේ බ්ලොග් එක එපා කරවනවා.. සත්තයි යාලු.. සමාවෙන්න මං ඇත්ත මුණටම කියනවට

    ReplyDelete
  14. අර අපිට අහන්න අකමැති සින්දුත් බලෙන්ම අස්සන ප්‍රයිවෙට් බස් එකක් කරගන්න එපා සහෝ බ්ලොග් එක..

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,