Friday, November 4, 2011

අන්තිම පේළියේ බින්දුව,,,,

අන්තිම පෝස්ට් එකේ මැජික් ගැන කිව්වට, මට හරියටම මතක නැති වෙලා තිබ්බ ඒ ගුරුතුමාව මතක් කරල දුන්නට දොඩම් මල්ලිට ගොඩක් ස්තුතියි.
රාම්රාවෝ සර් විතරක් නෙමෙයි තවත් ටිකක් සැරපරුෂ ප්‍රින්සිපල් කෙනෙක් හිටිය ඔය කියන පාසැලේම. මම හිතන්නෙ "ගුණතිලක සර්" කිව්‍වහම තවමත් රත්නපුරේ chemistry කරන කට්ටිය දන්නව ඇති. අද කියන්න හදන්නෙ මෙන්න මේ සර්ගෙ ක්ලාස් එකට ගිය මුල්ම දවසෙ මම වැටිච්ච ලෝක අමාරුව.

මමත් O/L  කරල ඉවර වෙලා ප්‍රතිපල එනකන් නිකන් ඉන්න හින්ද ඔය කියපු ගුණතිලක සර්ගෙ ක්ලාස් එකට ඔලුව දාන්න හිතුන. නමුත් ඒ වෙනකොට  ක්ලාස්එක පටන්ගෙන ටිකක් කල්. මේ ක්ලාස් එක ගොඩක් ජනප්‍රිය උනාට මොකද ළමයි මහා ගොඩක් නෑ. මොකද සර් සැර හින්දලු. මට ඕකට යන කට්ටිය නම් කිව්වෙ යන්න ඉස්සෙල්ල  සූත්ර ලියන්න පුරුදු වෙලා යන්න, නැත්නම් ගුටි කන්න වෙනවාය කියල.
හැමදාම නිකන්ම ඉන්නත් බෑනෙ,,,, අනේ මට මොකද කොච්චර සැර උනත් කියල එක දවසක් ක්ලාස් පටන් ගන්න වෙලාවට හෙමින් සීරුවේ ගිහින් අන්තිම පේලියෙන් වාඩිඋනා. මේකෙ කාඩ් මාක් කිරිලි මොකවත් නෑ නිකන්ම ගිහින් වාඩි වෙනව.
සරුත් හයේ හතරේ පොරක්.. දැන් හිත හදාගෙන ඉන්නව, "මම ඔය ටෝක්ස් වලට බය නෑ" කියල.
ඔන්න සර් ඇවිත් ටිකක් රවුමක් දෙකක් ගිහින් හය්යෙන් කතා කරල "මේවල සූත්ර ටික ලියනව" කියල පටන්ගත්ත. හපොයි මම ඒ කියපුව එකක්වත් සංකේත වලින් ලියන්න දන්නේ නෑ. ඔන්න ඒ ටික කියපු සර්, අන්තිම පේලියේ හිටපු මා ලගට ඇවිත් "කෝ ඔය ළමයින්ගේ පොත්" කියල ලියාපුවා ටිකත් එකතු කරගෙන, ඒ ටික මුල්ම පේලියට ගිහින් දැම්ම.
දැන් වෙනකොට මටත් ටික ටික පොඩි බයක් දැනෙන්න අරගෙන තිබ්බෙ. මම ඉතින් හිතෙන් කියනව "හිත හොද කෙල්ලෙක්ට මගේ පොත ලැබිල, එයාම හරි සූත්ර ලියල, හරි එකක් දෙකක්වත් දාල නොන්ඩියක් උනොත් බේරල දෙන්න" කියල.
ඔන්න සර්, හරි උත්තර ටික බෝඩ් එකේ ලියල අහනව "ඔක්කොම හරි තියන පොතක් තියෙන්නෙ කා ගාවද කියල" මොකද අයිතිකාරය ලග නෙමේනෙ දැන්පොත තියෙන්නෙ.
ඔක්කොම හරි කට්ටිය 4ක් 5ක් හිටිය. "හොදයි" කියල, ඊලගට එකක් වැරදි කට්ටිය ගැන බැලුව.
ඔන්න ඔහොම එක එක අඩු කරකර (10ක් හරි, 9ක් හරි, 8ක් 7ක් ) පොත් වල අයිතිකාරයන්ව බල බලා එනවා. හැබැයි වැරදි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න බැනුම් ගාන වැඩිවෙනවා.
.............................
6ක් හරිගිය කෙල්ලෙකුට හොදටම බැන්න, ඒ විතරක්ද අම්ම කව්ද? තාත්ත කව්ද? ඉස්කෝලේ මොකක්ද? අලගිය තැන් මුල් ගිය තැන් ඔක්කොම එළිපිටම අහල ඔක්කොටමත් එක්ක බනිනවා.
මටනම් තේරුණා එනපොට හරි නෑ කියල, ඒත් ඉතින් මක් කරන්නද??
ඔහොම යනකොට 4ක් හරිගිය කෙල්ලෙකුත් හිටිය, ලස්සන කියන්නෙ එයත් මම වගේ මුලින්ම ක්ලාස් ඇවිත් තියෙන්නෙ එදා. නමුත් ගුණතිලක සර්ට ඒවා ඇල්ලුවේ නෑ.
කොල්ලෙක් උනා නම් කනට ගහල පන්නන තත්වයක් තිබුනෙ. අර අහිංසක කෙල්ල අඩ අඩා හිටිය.. (මේ හින්ද තමයි ක්ලාස් එකේ ළමයි අඩු වෙන්නත් හැමෝම වගේ ගොඩ යන්නෙත්)
කොච්චර අහිංසක උනත් කෙල්ලෙක් ගැන හිතන්න මට කල්පනාවක් තිබ්බේ නෑ. මට වෙන දේ ගැන කවුරු හිතන්නද???
එක්කෝ පැනල දුවන්න වෙනව නැත්නම් කණේ පාරක් කාල මගේ මුළු විස්තරේම කියල නොන්ඩි වෙලා පීචං වෙලා ඉන්න වෙනව. ඉස්කෝලෙත් කොළඹ,,, "මෙහේ මොකද ඇහුවොත්"... "එහෙං පැන්නුවද, තෝව මම මෙහෙනුත් පන්නනව කිව්වොත්",,,, රෙදි ඇදගෙන ඉන්නද... (ෆර්ගසන් එකෙයි කොන්වන්ට් එකෙයි කෙල්ලොත් ඉන්නව)....
හම්ම්ම්ම්ම්,,,,,,,මට හිතන්න තිබුනෙ පුංචි වෙලාවයි...
මම දෙවැනි එක නොහොත් පීචං වෙන එක තෝරාගෙන ඉන්නවා ඉරණම තීරණය වෙනකං...
ඔන්න සර්... "3ක් හරි පොත් තියනවද??? වැඩ කොරන්න බැරි එවුන් ගිහින් පතලයක් කපපිය. නැත්නම් වැලිගොඩ දාපිය, ගෙවල් වල මිනිස්සුන්ට කරදර කරන්නැතුව"
කව්රුත් අත් උස්සන් නෑ. හැම එකාම 7ක් 8ක් කොහොම හරි හරියට ලියල තියනව. සමන් දෙවියොත් නිදිද මන්ද........
"2ක් හරි පොත් කාගාවද තියෙන්නෙ, ඕකු මම හම ගහනව, අම්මල තාත්තලගේ සල්ලි උස්සන උලමො "
කව්රුත් සද්ද නෑ..
"1ක් හරි පොත් ???????????????,,,,,,, ම්ම්ම්ම්හ්,, කව්රුත් නෑනෙ. එහෙනම් පොත් මාරු කරගන්න"
හික් හික් හික්,,, සර්ට බින්දුව අමතක උනා..

දෙවියො දීපු ඒ චාන්ස් එකෙන් පස්සෙ, කවදාවත් මම අන්තිම පේළියෙන් වාඩි උනේවත්, පාඩම් නොකරවත් ඔය ක්ලාස් එකට ගියේ නෑ. (අන්තිමට හිටියොත් පොත් යන්නේ මුල්ම පේළියෙ කෙල්ලන්ට, ලග පේළියකට ගියොත්, හරි උත්තර ලියල කොල්ලො හරි දානව) වෙන විදියකට කිව්වොත් පාඩම් කරන්න උනා.
කොහොමින් කොහොම හරි ටික කාලෙකින් ඉස්කෝලෙ පටන් ගත්තම මට පන්තියට සමුදෙන්න උනා. නමුත් අර බින්දුව අමතක වීමේ සිද්දිය, මගේ ජිවිතයේ අමතක නොවන සිදුවීමක්.....

8 comments:

  1. ඒකෙ ප්‍රතිඵල නිසා වෙන්ඩැ දූපත් අද ඒ සේත්ත්‍රේම ඉන්නෙ නේ?

    ReplyDelete
  2. පිස්සු හැදෙනවා යලු... මාත් ක්ලාස් ගිහින් සර් ට උගන්වපු හැටිත් මම පොස්ට් එකක් ලිවා වෙලාවක් තිබුනොත් බලන්නකෝ.... අන්තිම පේලියේ බින්දුව............... නියමයි

    ReplyDelete
  3. ඔය අපේ ෆ්‍රෙඩී සර් කියන විදියට ටියුෂන් ගුරුලගෙ මෙහෙම ටෙක්නික් එකක් තියනවලු!

    පටං ගන්න කාලෙ ළමයි ගොඩාක් ගන්නවලු,
    කාලයක් යද්දි දුර්වල ළමයින්ට කෑගහනවලු, එතකොට උං යන්න යනවලු
    වැඩ පුලුවං ටික ඉතුරු වෙනවලු!
    රිසල්ට් අාවම අලී කොලයක් හරි බෝඩ් එකක් හරි ගහනවලු! :D බලන බලන එකාට A ලු! :D

    ReplyDelete
  4. මාර බෙරිල්ලක්නේ බෙරිලා තියෙන්නේ..නැත්තං අතදිග රොස්පාංකිව්වලු...හි..හි..D

    ReplyDelete
  5. අපෝ ගුණතිලකගෙ ක්ලාස් එකට යනවනං මුලු ලෝකෙම තියෙන කෙමිස්ට්‍රි පොත් ටික අපි ගාව තියෙන්න ඕන. අර පොත මේ පොත හොයාගන්න කියල තමයි කියන්නෙ.
    කාඩ් මාර්ක් කරන්නෙ නැති නිසා මම ඔය පන්තියෙන් අයින් වෙනකොට මාස හයක විතර ‍පොල්ලක් තියල. :D

    ReplyDelete
  6. ඉස්සර තරම් දැන් ඒ සර් සැර නෑ කියල ආරංචියි. ප්‍රසන්නත් ඒ පැත්තෙ කැරකිලා තියනවා වගේ.. හික් හික් ගුටි කාලා බැනුමක් අහල නැද්ද?

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,