Monday, November 21, 2011

සුන්දර මතක නොමැකෙන මේ සිත් යායේ ,,,,


මල් මද බිසෝ නූනත් නුඹ මගේ   සෙවණේ
මල් වැනි දෑස සැලුනයි මගෙ සිත්    සැරියේ
මතකද එදා කල කී දෑ ගිය                වසරේ
අද දෙතැනකය අප දෙදෙනා සිප්      සතරේ
දුටුව නමුදු කඩනා හැටි                වීදුරුව
නුදුටු විලස සිටියෙමි මම දුක්          බරව
කලොත් නිතර මේ වගේ වැඩ අත  පසුව
වදනක් බණිමි එනමුත් ආදර          බරව
දඟ වැඩ කලත් අප දෙදෙනා එක        වාගේ
පාඩම් කලත් නොකෙරුව අප එක      රෑනේ
සුන්දර මතක නොමැකෙන මේ සිත්   යායේ
නුඹට ගයන නුඹ නොදන්න කවි        මාගේ
හිමි නැති උනත් රැදෙන්න ඔබෙ සද        මඩලේ
අමතක නොවේ උණුසුම ඔබෙ නෙතු     සගලේ
පින්කර නොමැත එක් වන්නට මේ         බවයේ
මා ප්‍රිය කුමරි ලබනෙමි ඔබ මතු              සසරේ

8 comments:

  1. ලස්සන කවි පන්තියක්...

    කවුද අප්පේ මේ කුමරි...? පාසැල් වියේ එකක්ද....?

    ReplyDelete
  2. පාසැල්වියේ...තනිවම ආදරේ කරපු සඳ මඩලක්.....එහේමද

    ReplyDelete
  3. තනි අලියා තොට කිණ්ඩිය දැම්මෙ නැත
    එනමුදු නුඹේ ගොංකම මෙහි දමා අැත! :P :P :P
    මින් පෙර නුඹ post එක දමා අැත
    කොමෙන්ටුවට එහි, මෙය සබැඳිලා අැත!

    ReplyDelete
  4. නෑ නෑ Miyuru & Raj ඊට පහු කාලෙ,,,

    හඃ හඃ,, අලි ඉතින් කොහොමත් මඩ නා ගන්න වගේම මඩ ගහන්නත් දක්ෂයි වගේ,,

    ReplyDelete
  5. ඇයි මේ සසරේ බැරි උනාද ....කල් දාන්න හොඳ වැඩ නෙමෙයි ඕවා....

    ReplyDelete
  6. නියමයි යාලුවා, ඒක නෙමේ GRE කිව්වේ මොකද්ද

    ReplyDelete
  7. යකාගෙ දූපතක් නෙව

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,