Monday, November 7, 2011

රාජා ඇතාගේ දළ දෙකේ රහස්,,,

මීට පෙර ලියපු බ්ලොග් පොස්ට් එකේ දැම්මෙ නුවර දළදා මාළිගාවේ හිටපු රාජා ඇතාගේ පොඩි විස්තරයක්. ඔන්න ඔය ඇතාගෙ තිරයෙන් පිටිපස්සෙ කතාව පටන්ගන්නෙ ඇතා නැති උනාට පස්සෙ.
ඇතා නැති උනාට පස්සෙ තීරණය කරලා තියනව මෙයාව හැමෝටම තව කලක් බලාගන්න නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕනි කියල. අන්තිමට ඕක බාර වෙලා තියෙන්නෙ කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ ඉන්න නිලධාරීන් ඇතුළු තව පිරිසකට.

අපි දැනුත් මාළිගාවේ ගිහින් රාජව බැලුවට, ඔහොම නැගිට්ටුවෙ කොහොමද කියල දන්නෙ පොඩි පිරිසයි.
ඇතා මැරුණම කරන ගෞරව ඔක්කොම කරල ඉවර වෙලා වැඩේ හෙමීට පටන්ගෙන තියනව. නමුත් වැඩේ හෙමීටම කරල හරියන්නේ නෑ. මොකද කුකුලෙක් නරියෙක් වගේ නෙමෙයි අලියා ලොකු හින්ද පරක්කු උනොත් කුණු වෙනව. බරපතලම වැඩේ තමයි අලිගෙ හම වෙන්කරගන්න එක. සරලව කිව්වොත් හම ගහන එක. ඔය වැඩේ කරන්න ක්‍රමයක් තියනවා. හරි විදියට මුලින්ම කපා ගන්න ඕනි. ඊට පස්සෙ හම අයින් කරගෙන යන්න පුළුවන්. හිතන තරං ලීසිම නෑ කරන්න ගියාම.
ඉතින් සෑහෙන මහන්සියක් දාල පහළොවක් විස්සක් කට්ටිය අර කුණුවීගෙන යන ඇතාගේ හම් කෑලි ටික වෙන් කරගෙන.
නමුත් ඉතින් ඕක දිග ඇරියම අර අහසේ තියන තරු වගේ හිල් තියනවලු. වෙලාවට ලොකු කරදරයක් නෑ මොකද අලියා කළු පාටයිනේ.
ඔන්න ඊට පස්සෙ අර ඉතුරු කෑලි වළලලා ටික කාලෙකින් ඇට ටික විතරක් උනාම ගොඩගන්නවනෙ. ඔන්න ඉතින් කට්ටිය වැඩේ කරගෙන යනව. නමුත් මේ වගේ ලොකු අලියෙක්ව මේ ගොල්ලො මිට ඉස්සෙල්ල ඔය විදියට හදල තිබිල නෑ. දහසකුත් එකක් බාදක මැද්දේ මේක කරගෙන එනකොට, ඕක හදල ඉවර කරන්න ඕනි දිනයත් ලග එනව.
දැන් වැඩ හරියාගෙන එනකොට මෙන්න ඇතාගේ එක කණක් කුණුවීගන යනවලු.. ඉතින් ගහන්න ඕනි කෙමිකල් ඔක්කොම ගහල. මෙන්න එතකොට ඒ වල සැරට ඇතුලේ පුරෝලා තියන ඊවත් දිරල යනවලු.
ම්ම්ම්ම්ම්,,, ඒ බාධකය නම් ජය අරගෙන තියෙන්නෙ කණ ඇතුලට X-ray  කොළයක් දාල.
දැන් ආපහු කට්ටිය වැඩ. ගොඩක් දුරට දැන් හදාගෙන ගිහින් ඉවරවෙලා. ඒ කියන්නේ ඔය ඇට කෑලි සෙට් කරල, හිස කබලත් සෙට් කරල ,, කකුල් වලට යකඩ කෑලි දාල බස්සල,,, ඔක්කොම හරි. දැන් තියන්නෙ දළ දෙක හයි කරන වැඩේ..
ඔන්න දළ දෙක හයි කරන්න හදනවලු.
බෑ.. දළ තියපු ගමන් ඒවල බරට හිස්කබලත් එක්කම පාත් වෙනවා. යකඩ කෑලි දාල පිටිපස්සට බර ගන්නත් බෑ. මොකද දළ සෙට් වෙන්නෙ හිස කබලට. අනිත් එක තව යකඩ කෑලි දැම්මොත් අලියාගේ හිස්කබලෙයි ඇගෙයි හැඩේ වෙනස් වෙනව. අලියගෙ ඔලුවේ හැඩේට, ගානට හිස්කබල තියෙන්න ඕනෙ.. ඔය ගැටලුවට විසදුම් දෙන්න සතර දිග්බාගේ ඉන්න දැනමුත්තො ආවට කාටවත් බැරිවෙලා හරියට ගොඩ දාගන්න..
ඔන්න අන්තිම විසදුම වෙලා තියෙන්නෙ දළ දෙකට මුක්කු දෙකක් ගහන්න... "අපොයි එහෙම උනාම මහා කැතයි,,,, හැදුවටත් ලැ‍ජ්ජයි,,,. ජනාධිපති අපිව එල්ලයි,,," ඔන්න ඔකොම කට්ටිය කිව්වට විසදුමක් නම් තිබිල නෑ.
ඒත් ඉතින් මොනව කරන්නද කියල ඒ විදියටවත් කරමුයි කියල යෝජනා කරගෙන, හදාගෙන යනකොට එක්කෙනෙකුට ඇවිත් තියනව අපූරු අදහසක්,,,,,,
ඔව්,, අන්තිමට හැදුවේ ඒ ආපු මසුරන් වටිනා අදහසට අනුව තමයි.. හොඳට වැදුණු අලියෙක්ගෙ හොඬේ බිම ගෑවෙන හින්ද අලියගෙ හොඬේට හොද යකඩ පයිපයක් බස්සල (හොඬේ විදියට ගානට අරගෙන) ඒක පොළවට හොඩේ විදියටම තියල බර දරාගන්න සැලැස්වීම. දැන් මේ රාජාගෙ දළ දෙකේ බර දරාගෙන ඉන්නේ හොඬේ.
කොහොමද වැඩේ,,,,, වැඩේ හොඳ උනාට ඔය අදහස මුලින්ම හිතන එක නම් එච්චර ලේසි නෑ.
හරි දැන් ඉතින්  ඔක්කොම හදල විවෘත කරන්න ප්‍රධාන අමුත්තා තමයි එවකට ජනාධිපත්, ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස උතුමාණන්,,, ඒ දවස වල මෙයාට ඔය  "ශ්‍රීමත්" කියන කෑල්ල නොකිව්වොත් රස්සාව නැතිවෙන තරම් වරදක්...
මෙතුමා විවෘත කරන්න ඉස්සෙල්ල දවසේ මේක බලන්න ඇවිත්. මොකද උන්නැහේට මේ දළදෙකේ කතාව ගැන වටින් ගොඩින් පොඩි කසු කුසුවක් ඇහිල තියනව.
ඇවිල්ලත් නිකන් ඉදල නෑ,,,. පොලු වල ළමයි එල්ලෙන විදියට දළ දෙකේ එල්ලිලා බලල.. දෙවියනේ කියල ඇතා හෙලවිලවත් නෑ.
ඔන්න ඊට පහුවෙනිදා එතුමාම ඇවිත් තමයි මේක විවෘත කරල තියෙන්නෙ.
ඔන්න ඕක තමයි කණට X-ray කොලේකුයි, හොඬේට යකඩ බටයකුයි බස්සපු රාජා ඇතාගේ කතාව...

25 comments:

  1. රාජා ඇතාගේ මරණය ඉක්මන් වීමට බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ ඇතා මුහුණදුන් අනතුරයි. එනම් බීමත් හමුදා නිලධාරියකු විසින් (බීමත්කමේ විපාක විඳිමින් මොහු මෑතකදී මියගියා) වේගයෙන් ධාවනය කල හමුදා ජීප් රියක් ඇතාගේ හැප්පීමෙන් ඇතාගේ පස්ස කකුල්වල අස්ථි බිඳීයාමයි.

    ReplyDelete
  2. හොද පොස්ට් එකක් keep it up

    ReplyDelete
  3. මට මතකයි රාජා ඇතා මැරුණු දවසෙ ඒක අහල මම ඇඬුවා.
    එදා ජාතික ශෝක දිනයක් විදිහට නම් කරල. රේඩියෝ එකේ වෙන වැඩසටහන් ඔක්කොම නවත්තල දුක හිතෙන සංගීතයක් දාල තිබ්බා.

    ReplyDelete
  4. හරි අපූරු ලිපියක්. කොහොමත් මම හරිම කැමතියි ඔය වගේ සිද්ධිවල තිරෙන් පිටිපස්සෙ වෙන දේවල් දැනගන්න.

    ReplyDelete
  5. මීට සති දෙකකට උඩදි නුවර ගිය වෙලාවෙ තමයි එතන සෑහෙන වෙලාවක් ගත කරන්න පුලුවන් වුනේ.... ගොඩක් දේවල් දැනගත්තා.

    ReplyDelete
  6. හම් නුවර ගියපු එකේ මේ කතාවත් දැනගන්න ලැබුණු එකනම් හුගාක් වටිනවා.:)

    ReplyDelete
  7. රාජා ඇතා ගැන මේ විස්තරේට ගොඩක් ස්තූතියි.අපි දැනගන හිටියෙ නැති තොරතුරු ගොඩක් ඔයා කියල තියනව.

    ReplyDelete
  8. නියම ලිපියක්. මාත් ඇතුලුව ගොඩක් දෙනා මේ විස්තර දන්නේ නෑ මං හිතන්නේ...

    ReplyDelete
  9. ම් හොඳ දෙයක් කරන්න හොඳ වැඩකාරයන් අවශය්‍යයි...ඒ වගෙම තැනට සුදුසු නුවනත් ඔනේ නේද සහෝ...

    ReplyDelete
  10. වටිනා තොරතුරු ටිකක්.. ස්තූතියි!

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ස්තූතියි ස්තූතියි! :) තොරතුරු වලට! :)

    ReplyDelete
  13. ඔව් anon ,, ඇතාගේ අනතුර මතක් කරපු එක ගොඩක් හොදයි.. ඒ ගැන වචනයක්වත් ලියන්න අමතක උනා. මම හිතන්නේ රාජා කියන්නෙ අපි හැමෝම ආදරේ කරපු ජාතික වස්තුවක්. Chanaka චන්දික මලිති නදී ගිහාන් අලියා readmyeye Raj Anonල දෙන්න ඇතුළු කට්ටියට අදහස් එකතු කලාට ස්තුතියි,,

    ReplyDelete
  14. කොහෙන්ද මේ සීන් ටික හොයා ගත්තේ ....මාරයිනේ .....අගෝස්තු මාසෙත් ගියා මම රාජව බලන්න ....

    ReplyDelete
  15. මම ඕක ඇහින් දැකලා නෑ...දවසක යන්න ඕනා බලන්න...

    හොඳ ලිපියක් කියවන්න ලැබුනා ස්තුතියි........

    ReplyDelete
  16. කාලෙකින් මේවගේ ලිපියක් දැක්කෙ. ස්තුති මිතුරා

    ReplyDelete
  17. නියමයි නියමයි.........

    ReplyDelete
  18. අපූරු කථාව.

    //මෙතුමා විවෘත කරන්න ඉස්සෙල්ල දවසේ මේක බලන්න ඇවිත්.
    ඇවිල්ලත් නිකන් ඉදල නෑ,,,. පොලු වල ළමයි එල්ලෙන විදියට දළ දෙකේ එල්ලිලා බලල..//

    වැඩේ එහෙන් මෙහෙන් අටවලා තිබුනානමි.... විනාසයි.

    මටත් ඔයවගේම අත්දැකීමක් තියෙනවා...,

    ස්තුතියි රසවත් තොරතුරු රැසක් බෙදාගත්තාට

    ReplyDelete
  19. ඉතින් පෙදරේරුවා කියන්නකො ඒ කතාව... අපිත් ආසයිනෙ අහන්න.

    ReplyDelete
  20. තිරෙන් පිටිපස්සේ අපූරූ තොරතුරු ටිකක්..නියමයි!

    ReplyDelete
  21. අදහස් බෙදා ගත්ත හැමෝටම ස්තුතියි.

    ReplyDelete
  22. රේඩියෝ එක නැති හින්දා ලෝඩ් වෙන්න වෙලා යන්නෙත් නෑ. වදේකුත් නෑ. දැන් දිගටම එනවා. රේඩියෝව එක්ක හරියකට කියවන්න හැමෝටම බෑ. මම කලින් මෙහෙන් ගියෙත් ඔය රේඩියෝවට පින් සිද්ධ වෙන්න.

    ReplyDelete
  23. මොනවා උනත් මම ප්‍රේමදාස ජනාදිපතිතුමාට ගරු කරන්නේ මෙන්න මේ වගේ ලක්ෂණ වලට. පාරේ වැටිලා තියනා කොළ කෑල්ලේ ඉඳන් වහලෙක තියන උළු කැටය දක්වා හොයා බලනවා මතක තියාගෙන ඉන්නවා පසු විපරම් කරනවා. සාපේක්ෂව බලපුවාම ජනතාවාදී නායකයෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ටුවට යාළුවා.

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,