Saturday, November 19, 2011

සීසර්ගෙ අභියෝග කවි පහ,,,,

එක කාලෙක රත්නපුරේ පුස්තකාලේ ප්‍රදානත්වයෙන් වාර්ෂිකව උත්සව සංවිධානය කරල තිබ්බ (සමහර විට තාමත් මේ වගේ උත්සව තියනවා ඇති). ටවුන් එකේම තියන නගර සබා බිල්ඩිමේ තමයි ගොඩක් වෙලාවට උත්සව පවත්වන්නෙ. මේ වල වැඩිපුර කරන්නෙ තෑගී දෙන එක සහ සින්දු නැටුම් වගේ දේවලට දක්ෂ ගමේ ළමයින්ට වේදිකාවක් හදල දෙන එක. ඊට අමතරව කවුරුහරි වැදගත් පුද්ගලයෙක්ගෙ දේශනයකුත් තියනව.
මම මේ කියන දවසෙත් ඔන්න ඔහොම උත්සවයක දේශනයක් තිබුන. දේශනේ කරපු කෙනා මතක නැති උනත් එතුමා අධයාපනය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් කියල නම් හොදටම මතකයි.
...................................................
ඔන්න උන්නැහේ දැන් කාලේ හැදෙන ළමයි ගැන කියනව. " දැන් සමාජය විෂමයි, අපි අපේ සංස්කෘතිය ආගම දහම අමතක කරල, වැඩිපුර ඉන්නෙ ගුරුවරු නෙමෙයි ගුරු හොරු ..." ඔන්න ඔහොම දිගට හරහට දේශනාව. මුලින්ම අපේ ටීචර්ස්ල ටිකට දෙහි කැපුවා, අපිටත් ඉතින් හෙන ත්‍රිල් මොකෝ අපි හැමදාම බැනුම් ඇහුවට මිස්ල සර්ල බැනුම් අහනව දැකලම නෑනෙ.
හැබැයි ඒ ත්‍රිල් එක වැඩි වෙලා තිබ්බේ නෑ, සර් කාරය අපේ පැත්තට  කතාව හැරෙව්ව. ඕන්න දැන් අපි බැනුම් අහනව, ඉවරයක්‌ නෑ. බැනුම් විතරද අපිට කින්ඩිත් දානවා, කළු ගඟේ පැනල මැරෙන්න හිතෙන සයිස්. "දැන් ඉන්න ළමයි කව්රුත් බුද්ධ ගද්‍ය, සකස්කඩය තියා සිරිත් මල්දමවත් දන්නේ නෑ. අපි නම් මගුල් ලකුණ, ගණ දෙවි හෑල්ල ඕවත් පාඩම කලා. හරි, පුළුවන් නම් මෙතන ඉන්න ළමයෙක් වදන් කවි පොතේ කවි පහක් කටපාඩමින් දැන් කියල පෙන්නුවොත් මෙන්න මේ මා ලග තියන තෑගි පාර්සලේ දෙනව".
ළමයින්ට හම්බ වෙච්ච ගැටළුව තමයි වදන් කවි පෙලේ කවි පහක් කට පාඩමින් කියන එක, හරියට සූර පප්පට සීසර් දුන්න දහය වගේ. කව්රු හරි වැඩේ ගොඩ දාගත්තොත් රත්නපුරේ ජාම බේරෙනවා, නැත්නම් සීසර් දිනුම් නිකන්ම.
ගුත්තිලේ ලෝවැඩ සගරාවේ නැත් නම් සුභාෂිතයේ වගේ ජනප්‍රිය එකක නම් කවි 10ක් උනත් දන්න කට්ටිය ඕනි තරම් ඇති. ශුවර් එකටම ඒ හින්ද වෙන්න ඇති වදන් කවිම කියන්න කියල පොඩි එඋන් ටික අමාරුවෙ දැම්මෙ.
බ්ලොග් එක කියවන ඔයාලත් මේක කියවන එක පොඩ්ඩකට නවත්තල හිතල බලන්න දන්නවද කියල වදන් කවි පොතේ කවි. එක පාරට ඔලුවට එනවද?,,, ම්ම්ම්ම්ම්,,,,

කොහොම හරි ඉතින් සීසර්ගෙ අභියෝග සූර පප්ප ගත්ත වගේ, කොස් ඇට දෙකක් වත් උස නැති පොඩි කොල්ලෙක් අභියෝගෙ අරගෙන නැග්ග ස්ටේජ් එකට.
කට්ටිය ඔක්කොම බලන ඉන්නව මොනවද මූ කියන්න හදන කවි,,, වදන් කවි සෙට් එක හෙන අමාරු කවි වෙන්න ඇති නේද කියල.

පොඩි එකා කියනව,,,

පළමුව බුදුන්                    වැඳ
දෙවනුව දෙසු දහම්           වැඳ
මහ සඟ රුවන්                 වැඳ
පටන් ගනිමුව ගණ දෙවිඳු  වැඳ

කව්රුත් හිතපු තරම් මහා ලොකු කවියක් නෙමෙයි, ඔන්න දෙවැනි එක කියනව,,,,

බුත් සරණා වදනින්
දහම් සරණා වදනින්
සඟ සරණා වදනින්
මෙතුං සරණා වදනින්

හිහ් හී,,,,අන්තිම ලේසි කවියක්,,,, කොහොම හරි පොඩි එකා මුල් කවි දෙක කියල ඉවර වෙනකොට හැමෝම බලනව මෙච්චර ලේසි කවිද තියෙන්නේ කියල,, තව කවි තුනක් තියනවනේ ඉතුරු වෙලා.. ඔව් ඒ ඉතුරු කවි තුනට අපි හැමෝම දන්න කවි තුනක් තියනව. අන්න ඒ කවි තුන අර පොඩි එකා කට ඇරලා තාලෙට කිව්ව.

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මහාවතුරෙන් වත් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

අල්ලට සිගා වත් රස නැති කැවිලි කකා
වල කොළ බිම අතුට නිදි නොලබා දුක තකා
කල්ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වඩ තකා

වේවැල් කෝටු නාරන් සියඹලා අතු
කිතුල් පොල ඉරටු වල කහඹිලිය අතු
මේ හැම ඉපල් මගෙ දෑසට නො පෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු

කවි තුන කියල දෙක වසරෙ පොඩි එකා සීසර් වගේ ටෝක් දීපු ලොකු මහත්තයගෙන් තෑගී ගත්ත.
ලොකු මහත්තයත් බැලුව නිකන්ම යවන්න බෑනෙ "හොද දක්ෂ ළමයෙක්" කියල, "පුතාගේ ඉස්කෝලේ මොකක්ද"කියලත් ඇහුව. ඔය දෙකටම උත්තර දුන්නට පස්සේ තවත් පොඩි මෝඩ ටයිප් එකේ ප්‍රශ්නයකුත් ඇහුව,
"පුතා පන්තියේ කී වෙනිද"
දේශකයත්, බලන් ඉන්න කට්ටියත් හිතුවෙ පළවෙනිය හරි දෙවනිය හරි කියයි කියල. මොකද පොඩි එකා යන ඉස්කොලේත් පොඩිම පොඩි එකක් හින්ද,
ඔන්න පොඩි එකාගේ උත්තරේ,,,,
"මම මේ පාර පන්තියේ විසි හත් වෙනිය, ඒ කියන්නෙ සර් මම අන්තිමය" පොඩි එකා ඇත්තම කිව්ව.
සර් අන්දුන් කුන්දුන්, සමහර විට අහපු ගොන් කමක් කියල හිතන්න ඇති........
හිහ් හී,,,, මුළු හෝල් එකම අර ලොකු සර්ට කින්ඩි හිනාවක් දැම්ම. ලොකු පොඩි බේදයක් නැතුව කස්ටිය හික්හික් ගගා හිනාව.
අන්තිමය මෙහෙම නම් පළවෙනිය කොහොම ඇත්ද,,, හික් හික්,, හික් හික්,,

ඉතින් පුන්චිම ඉස්කෝලෙක, අන්තිම පේලියේ හැමදාමත් අන්තිමය වෙන පොඩි එකෙක් අර ලොකු සර්ගෙ මහා ටෝක් එක, ඒ කියන්නෙ  "දැන් ඉන්න ළමයි ඒ දවස්වල ළමයි දන්න කිසි දෙයක් දන්නේ නෑ" කියන එක බොරු බව පෙන්නල තෑගි ටිකත් අරගෙන බැහැල ගියා.
"තමන්ට වඩා වයසින් බාල අයත්, සමාජයත් අවටක්සේරු කරන එකයි, තමන් තමයි උගතා කියල අනිත් මිනිස්සු පාගාගෙන සිටීමයි" ගොඩක් වෙලාවට දකින්න තියන කැත පුරුද්දක් කියලයි මට හිතෙන්නෙ. 
කොහොම උනත් අර පොඩි එකා දැන් ලොකු වෙලා දූපත් වැසියා උනාට,, කවි ටිකත්, ලොකු පොඩියි හැමෝටම ගරු කරන එකත් අමතක කරල නෑ.....

(ජිවිතයේ තවත් එක් සුන්දර මතකයක් ඔබත් සමග බෙදා ගැනීම සතුටක් ....)

9 comments:

  1. නියමයි මචො....අනිවා මචො ඉගෙන ගත්තපලියට..උපාදිගත්තට..ඌ උගතෙක් වෙන්නේනෑ...සමාජේ මිනිස්සුත් එක්ක හරියට ජිවත් වෙන එකා බුද්ධීමතෙක් උගතෙක්...

    ReplyDelete
  2. ඔව් //සමාජේ මිනිස්සුත් එක්ක හරියට ජිවත් වෙන එකා බුද්ධීමතෙක් උගතෙක්...// හරියටම හරි

    ReplyDelete
  3. ඇත්ත කතාව මචන්.

    ReplyDelete
  4. "තමන්ට වඩා වයසින් බාල අයත්, සමාජයත් අවටක්සේරු කරන එකයි, තමන් තමයි උගතා කියල අනිත් මිනිස්සු පාගාගෙන සිටීමයි" ගොඩක් වෙලාවට දකින්න තියන කැත පුරුද්දක් කියලයි මට හිතෙන්නෙ.

    හිතෙන්නෙ නෙවෙයි බං හරියටම හරි!

    ඔය කවි කතා ඔලුවෙ තියාගැනීම එම පුද්ගලයගෙ අගය කලයුතු සුවිශේෂකමක් උනාට එහෙම වීම මතම තමන් හෙණ පොරක් කියල හිතාගැනීම නං ගොංකමක්!

    ReplyDelete
  5. හඃ හඃ ,, තනිය මටත් හීනියට කින්ඩි පාරක් දැම්ම නේද?
    මගේ ගොන් කමක් ඊලග පොස්ට් ඒකෙන දාන්නම්කො,,, හික්ස්,

    ReplyDelete
  6. යකෝ උබ පට්ටම මාකටින් බුවෙක් නේද? කොහෙන් හරි පට්ට ටොපික් එකක් දානව
    උබල තමයි දවසකටවත් මිනිස්සු, කවි ටික අමතක කරන්න එපා ඈ.

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,