Tuesday, November 1, 2011

ඉන්දියාවෙ ඝෘශිවරු,,,

දවසක් බුදු හාමුදුරුවොයි තවත් හාමුදුරුවරු ටිකකුයි දානෙකට වැඩල ආපහු පන්සලට වඩිනවලු. නමුත් අතරමග තියන ගඟකිනුත් එතෙර වෙන්න ඕනිලු. ගඟ ගාවට වඩිනකොට ඔරුව පදින තොටිය මිනිස්සු ටිකකුත් එක්කල අනිත් පැත්තට ගිගින් හින්ද කට්ටියම මෙගොඩට වෙලා බලන් ඉන්නවලු.
ඔන්න ඔහොම ඉන්නකොට, ඒ දවස්වල හිටියයි කියපු ඝෘශිවරයෙකුත් ඇවිත් ගඟෙන් එගොඩ වෙන්න. කෝ ඉතින් තොටිය අනිත් පැත්තෙනේ, තව කට්ටියකුත් ඉන්නවනෙ.
ඝෘශිතුමා  ම්ම්ම්ම්ම්,,, කියල, බුදු හාමුදුරුවෝ දිහාත් නිකන් නෝන්ඩියට බලල, ගත්තලු ලේන්සුව. ලේන්සුව අරගෙන ඒක ගඟේ වතුරෙ එලල, මේක උඩට නැගල අනිත් පැත්තට ගිහින්.
මේක බලන් හිටපු ආනන්ද හාමුදුරුවන්ට හොදටම තරහ ගිහින් බුදුහාමුදුරුවන්ට කියනවලු "ස්වාමීනි ඔබ වහන්සේට ඕයිටත් වඩා ආශ්චර්යමත් විදියට යන්න පුලුවන් නේද, මොකද එහෙම වඩින්නෙ නැත්තේ" කියල.  බුදුන් වහන්සේත් සද්ද නැතුව ඉදල තොටිය ආවහම අහල "මේකෙන් එතෙර වන්න ඔබ කීයක්‌ අය කරනවද කියල". තොටියත් ඉතින් කියල සුළු ගානක්.
අන්න එතකොට බුදුහාමුදුරුවෝ "ආනන්දය අර ඉස්සෙල්ල ගිය පුද්ගලයා තමන්ගේ මුළු ජීවිත කාලේම කැපකරලා දහසක් දුක විඳලා ලබාගෙන තියෙන්නෙ හරි පොඩි වටිනාකමක්. නියම වටිනාකමක් ගන්න නම්, වෙන දේවල් පස්සෙ යන්නෙ නැතුව අනිත්‍ය අවබෝධ කරගන්න ඕනි" කිව්වලු.

ඔය කතාව මතක් උනේ අද මහ වැස්සෙ කුඩයක් නැතුව bus හෝල්ට් එකේ ඉන්නකොට මගෙ ලේන්සුවත් වතුරට වැටිලා පාවෙලා ගියා. හහ් හහ් හා,,,,, ඕක මුලින් ලිව්‍ව නම් වැඩක් නැති වෙන හින්ද අන්තිමට කිව්‍වෙ.
බ්ලොග් පාඨකයන්ට තව තියනව කියන්න පොඩි රහසක්. මොකක්ද දන්නවද??? .....
"එදා විතරක් නෙමේ දැනුත් ඉන්දියාවෙ නම් ඉන්නව ඝෘශිවරු. නොයෙක් විශ්වකර්ම වැඩ කරනව". ඒ ගොල්ලන්ගෙ වැඩකිඩ ඔන්න පහල තියනව.


පහල එකෙත් තියනව තවත් හොද පැහැදිළි කිරීමක්.


මේවා ගැන ඒබ්‍රහම් කොවුර් මහත්මය ලියපු "දෙවියෝ සහ භූතයෝ" කියන පොතේ සවිස්තරව තියනව. ඒකෙ තියන හැමදේටම මමත් එකග නැති උනාට, කියවල බලන්න වටින පොතක්.




 (රේඩියෝ එක භාදාවක් නම් සමාවෙන්න..)

9 comments:

  1. කෝවුර් මහත්තයා අභියේගයක් කරා ලියුං කවරෙක දාපු මුදල් නෝට්‍ටුවක් ඒක අරින්නේ නැතුව අර නෝට්‍ටුවේ තියෙන නම්බර් එක කියන්න කියලා ...තාම ඒක තියෙනවා මම හිතන්නේ කෝවුර් පුතා ලග...තවම කවුරුවත් ඉදිරිපත්වෙලා නෑ......

    ReplyDelete
  2. මුන් ලෝක හොරු.
    ල0කාවෙ රූපවාහිනියෙ ස්ට්‍රීට් මෑජික් කරපු පොරත් මේවගේම පවෙලා පෙන්නුවා.ඉන්දියාවෙ ගොන්නුන්ට මේවා හාස්කම් උනාට දියුණු ලෝකෙට මේවා මෑජික්.

    ReplyDelete
  3. බුදු හාමුදුරුවො නම් කියලා දීලා තියෙන්නේ හොඳ පාඩමක්...

    ReplyDelete
  4. ඔය කොවුර්ගෙ අභියෝග නං සිම්පල්නෙ! මිනිහට මාව සෙට් උනානං සොරි තමා! :D :D

    ReplyDelete
  5. to "ඔබ නොදුටු ලොවක්":- මමත් එහෙම හිතනව,,

    ඔව් ඔව් Raj,,

    තනි අලියත් වැඩකාරයෙක් වගේ,, හිහ්හී,,

    ReplyDelete
  6. මේ වගේ වැඩ
    1. ඔය ලියුං කවරෙ නෝට්ටුවේ කතාව තියනවනෙ! නොකඩ අංකෙ කියන්නනෙ ඔ්න! දාන්න කලිං අංකෙ බලාගන්නව! :D

    2. ගුවනේ පාවෙන කතාවක් තියනවනෙ! කොහෙහරි උස තැනක ඉඳං පනිනව! නිකං හො පැරෂුට් වලිං

    3. ජලය වයින් හෝ පෙට්‍රල් - මට කරන්න බෑ! නමුත් පෙට්‍රල් ජලය කරන්න පුලුවන් කෙනෙක්ට ජලය පෙට්‍රල් කරන්න පුලුවන්වෙයි කියල හිතනව!

    ඔන්න ඔය වගේ! ඉදිරියේදි post එකක් දාන්නත් ඔ්න!

    ReplyDelete
  7. ඒබ්‍රහම් ටී කොවුර් මහත්මයාගේ දෙව්යෝ සහ භූතයෝ පොත මම කියෙව්වේ මට මතක විදිවට පහේ පන්තියේදී විතර. එක නිකං හරියට රහස් පරීක්ෂක කතා වගේ මට ඒ කාලේ. මට මතක විදියට කොවුර් මහත්මයා ගේ හදන්න පටන් අරන් තියෙන්නේත් තියෙන අපලම නැකතෙන්.

    ReplyDelete
  8. ආහ් ඇත්තද readmyeye,,, මට නම් හම්බු උනේ මම එකොළහේ ඉන්නකොට. කොහොම උනත් රසවත් ඒ වගේම වැදගත් පොතක්...

    ReplyDelete
  9. කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

    මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,