Wednesday, November 2, 2011

මැජික් අවසානද?????


ඉස්සර රත්නපුරේ ඉස්කෝලෙක (ඇලෝසියස් එකේ වගේ මතක) ජනප්‍රිය ප්‍රින්සිපල් කෙනෙක් හිටිය. අපි නම් කිව්වෙ එතුමාට "රාම් රාවෝ ජිලි ජිලි, කිහිලි අස්සේ කොළ ගුලි ගුලි" කියල මොකද මෙයා magic කරනව (කොළ බෝල හංගන ඒවත් කරනවනෙ... හිහ් හිහ් හිහ්,,,,). මමත් මුලින්ම ලයිව් මැජික් එකක් දැක්කේ මෙයාගෙන්. ඒ කාලේ පුංචි මොළේට හිතුනේ මේව ඇත්තට කරනව කියල.
ඉතින් මට පුළු පුළුවන් විදියට පොඩි කාලෙ ඉදන්ම මේව ඉගනගන්න උත්සාහ ගත්ත. නමුත් කරන විදිය දන්නව උනාට කාඩ් මැජික් හැර අනික් ඒවා කවදාවත් පිට අයට පේන්න කරලා නෑ. ඇත්තම කිව්වොත් මට නම් ඕව කරලා ඉවර උනාම, කිසිදෙයක් ඇත්තට කරලා නැති නිසා මහ හිස් ගතියක් දැනෙනව.
නිවැරදිව පුරුදු පුහුණු කලොත් සල්ලි උල්පතක් කරගන්නත් බැරි නෑ. කොහොමහරි මැජික් කියන්නෙ බොරු මවාපෑම් උනාට මට හිතෙන්නෙ එකත් එක්තරා විදියක කලාවක්. ඒක කරන්න ඉවසීමත් කැපවීමත් කියන දෙකම උපරිමයට තියෙන්න ඕනි.
මෑත කාලෙ ලෝකෙම ජනප්‍රිය වෙච්ච කෙනෙක් තමයි Criss Angel කියන්නෙ. වතුර උඩින් ඇවිදීම, අහසේ පාවීම, වීදුරු තුලින් ගමන් කිරීම වගේ හිතා ගන්න අමාරු දේවල් ගොඩක් කරපු කෙනෙක්. අනිත් කාරණාව තමයි දැන් මැජික් වලට නවීන තාක්ෂණයත් එකතුවෙලා,ඒ හින්ද සමහර ට්‍රික්ස්  මැජික් දන්න කෙනෙකුට උනත් හිතාගන්න අමාරුයි. (මම මුලින් දාපු ස්ට්‍රීට් මැජික් පොස්ට් එකෙත් තියනව).
කොහොම කොහොම හරි දැන් වෙනකොට හැම මැජික් කාරයෙකුටම වගේ අලුතින් හිතන්න වෙලා. මොකද මේ වෙස් මුණක් දාගත්ත එක්කෙනක් ඇවිත් ඔක්කොම ටික කියල දෙනව.
Criss Angel ටත් අලුත් යමක් හොයාගන්න වෙනව.
ඔන්න youtube link එක 
magic's biggest secrets finally revealed ඔන්න ඔහොම youtube එකේ search කරල ඔක්කොම ටික ගන්න පුළුවන්.

මට පේන්නෙ මැජික් කරන කට්ටියට ටිකක් නරක කලදසාවක්. මමත් ආපහු මැජික් පොස්ට් දාන්නේ නෑ. මේවා දැක්කහම දාන්න දෙයක් ඉතුරු වෙලත් නෑ වගේ......










8 comments:

  1. කමක් නෑ කමක් නෑ දාන්න......

    ReplyDelete
  2. add ur blog pls http://lankabloggers.info/

    ReplyDelete
  3. ඔයාගෙ තාත්ත ප්‍රයිවේට් බස් කාරයෙක් ද මල්ලි?

    අපිට සින්දු අහන්න ඕනෙ නම් අපි අහ ගන්නම්. බ්ලොග් එකට එන උන්ට බලෙන් සින්දු අස්සවන්න හදන්න එපා. එහෙම ප්ලේයර් එකක් දානව නම් අඩු ගනනෙ නවත්තන්න පුලුවන් එකක් දාන්න. මේ දාල තියෙන ලබ්බෙ ස්ටොප් එක එබුවම වෙන්නෙ උන්ගෙ සයිට් එකට යන එක. තමන්ගෙ සයිට් එකට එන උන් එලව ගන්න ද ඔයාට ඕනෙ?

    ReplyDelete
  4. රාම්රාවෝ එහෙමත් නැත්තං කපිතාන් වික්මන් බී රාමචන්ද්‍ර සර් කියන්නෙ පුදුමාකාර උතුම් පුද්ගලයෙක්. එතුමගෙ පියා අභාවප්‍රාප්ත වෙලා දේහය නිවසෙ තියෙද්දි රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාෙල ශිෂ්‍ය භට කණ්ඩායම තරඟාවලියකට ගෙනෙහින් හොඳම අණදෙන්නා බවටත් පත් වුන කෙනෙක්. 67තේ ශිෂ්‍ය භට ශූරතාව සීවලියට ගෙනාවෙත් එතුමා. එතුමා සීවලියෙන් ඉගෙන ගෙන සීවලියෙම භෞතික විද්‍යාව උගන්වල සීවලියෙම දෙපාරක් විදුහල්පති උන කෙනෙක්. මැතිතුමනි ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  5. හැබැ මැජික් දර්ශණ නරඹලා පොඩි විනොදෙකුත් ලබන්ට පුලුවං..

    ReplyDelete
  6. උඩ දෙවෙනි ඇනෝ කියපු කතාව ඇත්ත. මෙහෙම රේඩියෝ බලෙන් අස්සවන්න හදන එකෙන් වෙන්නෙ බ්ලොග් එකට කට්ටිය එන එක අඩුවෙන එක. මේක ගොඩක් හොඳ බ්ලොග් එකක්. ඒත් රේඩියෝ එක කරදරයක්. කැමැත්තක් කරන්න.

    ReplyDelete
  7. good blog site. hope you are a all-rounder. love u r radio too. wish you Duupath.

    ReplyDelete
  8. ස්තුතියි දොඩම්,, මට එතුමගෙ නම අමතක වෙලා තිබ්බේ.
    ,,,,,,
    anonලටත් ස්තුතියි.. radio එක කරන කට්ටියටත් උදව්වක් විදියට දැම්මෙ. කොහොම නමුත් ලගදිම ඔය ප්‍රශ්ණේට විසදුමක් දෙන්නම්... සමාවෙන්න....

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,