Sunday, November 6, 2011

දහස නෝට්ටුව,,,

සංගීත ප්‍රසංග පවත්වනකොට නැත් නම් ටෙලි ඩ්‍රාමා වල අපිට පෙන්නේ නළු නිලියෝ ටික විතරයි. නමුත් තිරය පිටිපස්සේ ඒ වෙනුවෙන් දුක් මහන්සි වෙන කට්ටිය ගැන කව්රුත් කතා වෙන්නේ නෑ. මේක ගොඩක් තැන වලට පොදු දෙයක්. ඔය හින්දම අද මම මේ පෝස්ට් එක දාන්නේ තිරයෙන් ඉස්සරහ වගේම තිරයෙන් පිටිපස්සේ වෙච්ච සිදුවීම් ටිකක් ගැන.

මහනුවර දළදා මාලිගාව කව්රුත් දන්නව වගේම එකේ හිටපු රාජා ඇතාවත් කව්රුත් දන්නවනෙ. 1988න් විතර පස්සෙ ඉපදුන කට්ටිය නම් දැකල ඇත්තෙ රාජා ඇතාගේ හම පොරවල හදපු ප්‍රතිනිර්මාණය. මේ ඇතාගේ පොඩි විස්තරයක් කියනවා නම් ඉපදිලා තියෙන්නේ 1913. එතකොට දළදා මාළිගාවට එකතු වෙලා තියෙන්නේ 1938 දී. ඊට පස්සෙ අවරුදු 50ක් විතර මෙයා මාළිගාවේ සේවය කරලා තියනව.
දළදා කරඬුව වඩම්මනකොට බොහොම සාන්ත විදියට ගමන කරන්නත්, පාවඩේ එලනකන් නැවතිලා ඉන්නත් මේ ඇතාට ඇත් ගොව්වගේ විධාන ඕනෙ නෑ කියලයි ජනප්ප්‍රවාදයේ සදහන් වෙන්නෙ.
මම මුලින් කියපු තිරයේ පිටිපස්සෙ සිද්ධිය කියන්න කලින්,, බොහෝ දෙනෙක් දන්න නමුත් හැමෝම නොදන්නවා කියල හිතෙන කාරණාව මුලින්ම කිව්වොත් සුදුසුයි වගේ.
ඒ තමයි රුපියල් දහස නෝට්ටුවේ කතාව.

ඔව්, මේකෙ ඉන්නෙත් මෙන්න මේ රාජා ඇතාම තමයි. ඒ වගේම ඇතාව බලාගන්න ඉන්නකෙනා දිහාත් හොදට බැලුවොත් පෙනේවි මෙයා මුස්ලිම් කෙනෙක් කියල. එතකොට මුස්ලිම් ඇත් ගොව්වෙක්ද ඇතාව බලා ගත්තෙ ???. ..
ඔය නෝට්ටුවේ කතාව පොඩ්ඩක් ලියල මම කෝකටත් කියල නිකන් නෙට් එකේ සර්ච් කලා. මොකද මේක ටිකක් ප්‍රසිද්ද කතාවක් හින්ද,, ඔව් මම ලියාගෙන යන එක එහෙමම තියනව, බොහෝම පැහැදිලිව. ඒ නිසා මට හිතුන මම ආපහු ලියන එක සුදුසු නෑ කියල. මොකද පරණ සයිට් එකකුත් නෙමේ වගේ. එහෙනම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලන්න පුළුවන්.
සමහර සල්ලි කොළ, කාසි, මුද්දර වගේ දේවල් වල මිලක් නියම කරන්න බැරි තරම් වටිනා සේවාවන් කැප කිරීම් කරපු දේවල් නිහඬවම සදහන් වෙනවා. ඒ දැනුම අපි අපි බෙදා ගන්නවා නම් කොච්චර හොඳද,,,,
........................................................................
දැන් කියන්න තියෙන්නෙ තිරයෙන් පිටුපස කතාව. නමුත් මට හිතෙන්නේ කතාව පොඩි උනත් ඒක ඊලග පොස්ට් ඒකෙන දාන්න.

7 comments:

  1. මම දැනගෙන හිටියේ නෑ මචෝ අඩේ මටම ලැජ්ජයි. කමක්නෑ අදවත් දැනගත්ත සින් එක. අනික් එකත් ලියන්න.

    ReplyDelete
  2. මේ කතාව කෙටියෙන් හරි සිංහලෙනුත් දාන්න. හැමෝටම ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  3. අර සයිට් එකේ තියෙන විස්තරේ සිංහලෙන් දාන්න.අපිට හරියට ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ

    ReplyDelete
  4. අදනේ මේ සීන් එක දන්නේ ....

    ReplyDelete
  5. තිරයෙන් පිටුපස සිදුවෙන බොහො දෙවල්...කාලයත් සමග නිහඬව වැලලිලා යනව..මචො..හොඳ ලිපියක්

    ReplyDelete
  6. අදහස් උදහස් වලට ස්තුතියි,,
    අනිත් කතාව ලියලම බලන්නම් Ranul,,

    ReplyDelete
  7. ඈ... මේ උමාර් ලෙබ්බේ අලියා ඒ කාලේ විකුනලා තියෙන්නේ රුපියල් 3500 කට. නැතුව මාලිගාවට නිකම් දීලා නෑ. මට ඒ කතාව හරියටම මතක නැති උනත් මට විශ්වාසයෙන් එකක් කියන්න පුළුවන්, රාජා ඇතා ගෙනාවේ මුස්ලිම් මනුස්සයෙක්ගෙන් කෙලින්ම නෙවෙයි. ඇත්ගොව්වෝ ගැන දන්නේ නැති වග පේන හින්දා කියන්නම්, ඇත්ගොව්වෝ ලේන්සුව ගැටගහගෙන ඉන්නේ ඔළුවේ ඔය විදියට.

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,