10 වසරෙ විද්‍යාව පොතේ තිබ්බ වගේ මතකයි.
උත්තරේ:- අන්තිමට පරමාණුවේ සයිස් එකටම එනව.... හරි නේද?
10 වසර පොතේ එහෙම තිබ්බත්, උත්තරේ හරි උනත්,, මේ ප්‍රශ්නෙ නොකියපු තවත් උත්තරයක් නැත්නම් රහසක් තියනව.
ම්ම්ම්ම්,,, මොකක්ද ඒ රහස,,,
අන්න ඒ රහස් උත්තරේ හින්ද තමයි මිනිස්සුන්ට හෝදන්නේ නැතිව අදින්න පුළුවන් රෙදි හදන්නත්, තට්ටු තුන් හාරසීයේ බිල්ඩින් ගහන්න පුළුවන් වෙන්නෙත්, ඇන්දහම අනිත් අයට පේන්නෙ නැතුව යන්න පුළුවන් විධියේ ජැකට් හැදෙන්නෙත්,,, වැඩේ නරකම නෑ,,,,
ඉතින් නොකියපු රහස තමයි,,, ඔය විදියට පොඩියට පොඩියට කඩාගෙන යනකොට ඒ වල භෟතික ස්වභාවය වෙනස් වෙනව කියන එක. එතකොට යකඩ වලින් උනත් එක එක සයිස් වලදී එක එක ගුණාංග මතු කරගන්න පුළුවන්. හැබැයි මේ විදියට එක එක ලක්ෂණ මතු කරගන්න නම් ඉතා කුඩා කෑලි (නැනෝ සයිස්) වලට බිදගන්න ඕනි.
ඔය කාරණාව තමයි නැනෝ ටෙක්නොලොජි, නැත්නම් නිනිති තාක්ෂණයට මුලික පදනම.

එතකොට මම අර කියපු පෙන්නේ නැති ජැකට් හදන්නේ කොහොමද,, තියරිය නම් හිතාගන්න අමාරුම නෑ.
සමහර දේවල් එක එක සයිස් එකේදී අමුතු අමුතු ලක්ෂණ තියනව. සමහර වෙලාවට පාටක් නෑ, ආලෝකය අමුතු විදියට නැමිල ගමන කරනව. අපට යමක් පේනව කියන්නෙ ඒ දේ හරහා ආලෝකය සම්පුර්ණයෙන් ගමන නොකර ආපහු ටිකක් අපේ ඇහැටත් එනව කියන එක. ඉතින් කෙනෙක් බැලුවහම ආලෝකය වස්තුව තුලින් කැරකිල හරි සම්පුර්ණයෙන්ම අනිත් පැත්තට ගියොත් එතන මොකක් හරි තියනව කියල පේන්නෙ නෑ.

නැනෝ ටියුබ් කියන්නෙ තවත් ඔය වගේ සොයාගැනීමක්. පරමාණු සයිස් එකෙන් නැත්නම් ඉතාම කුඩාවට හදපු නළ. ඉතින් මේවලින් වතුර පෙරුවහම ටක්ගාල බැක්ටෙරිය වයිරස අයින් වෙනව...
ඔන්න ඔහොම මේ වැඩේ දැන් දැන් හැම දේකටම යොදාගෙන යනව. වැඩ කෝටියයි. ක්‍රීම් ජාති, පේන්ට්, ස්පෝට් අයිටම්ස්, කණ්නාඩි එකී මෙකි නොකී හැම දේකටම නැනෝ සයන්ස්,,,
අපිත් ඉතින් කවදහරි "අව්වටයි වැස්සටයි ඔරොත්තුදෙන, පුළුන් ගානට බර, අලියෙක්ට පෑගුනත් කැඩෙන්නේ නැති ලැප්ටොප් එකකින් බ්ලොග් ලියන්නත් බැරි නෑ,,,"
කඩේ හිටිය පූසගෙන් ගෝලයට හරිම කරදරේලු.මුගේ ජරාව අස් කරලා හැමදාම...දවසක් ගෝලයා මුදලාලිට කියලා පූසෙක් මරලා හම ඔලුවේ දාගෙන හෙළුවෙන් යන්න කාටවත් පේන්නෙ නැති මන්තරයක් කියලා..මුදලාලිත් ඒ විදියටම කරලා කඩේ ඉස්සරහ ඉන්නවලු...හික් හික් හික් ඔය ජැකට් සීන් එක දැක්කම මේක මතක් උනේ ....එළ....
ReplyDeleteඔය කතාව ඔක්කොමටික ලියල දාන්නකො බ්ලොග් පොස්ට් එකක්...
ReplyDeleteඅා! නැනෝ! එළ එළ! :D මමත් හරි අාසයි ඔ්වට :D
ReplyDeleteස්තුතියි දූපත්
ReplyDeleteමේ පෝස්ටුවට ගොඩක් ස්තුතියි.. නැනෝ තාක්ෂණය කියන්නෙ මොකක්ද කියන එක සරලව කියල තියෙනවා... මේ වගේ ඒවා තව තව ලියන්න සහෝදරයා...
ReplyDeleteAnon Miyuru අලිය ඇතුළු හැමෝටම ස්තුතියි.
ReplyDelete