Sunday, November 13, 2011

පැය බාගේට හත්දාස් පන්සීයයි,,,,, පාඩුද ලාබද????

බෙල්ලන්විල පන්සල ගැන හැමෝම අහල තියනවනෙ, නමුත් අද කියන්නෙ ඒ පන්සල ගැන නම් නෙවේ. ඒ පැත්තෙම තියන තවත් පන්සලක් ගැන විස්තරයක්. ඔය කියන්න හදන තැන තියෙන්නෙ බෙල්ලන්විල පන්සලේ ඉදන් දෙහිවල පැත්තට යනකොට හම්බුවෙන පලවෙනි හතරමං හන්දියෙන්  (කලර් ලයිට්ස් තියන) වමට හැරිලා යන පාරේ (192 රූට් එකේ).
මම වෙන කොහේදිවත් දැකපු නැති ලස්සන වැඩක් තියනව මෙතන. අටවිසි බුදුවරුන්ට බුදුවෙන්න පිහිට වෙච්ච බෝධීන් තියනව, නිකන් නෙමෙයි බොන්සායි බෝධීන් වහන්සේලා. බොන්සායි බෝ ගහක්, බොන්සායි නුග ගහක්, බොන්සායි කුබුක්‌ ගහක් ඔන්න ඔහොම තියනව ලොකු පාත්තර විදියට හදපු පෝච්චි වල දාල.
පෝය දවසට මෙතනට ඇගිල්ලක් අගන්න බැරි තරමට සෙනග, නෝනලා මහත්තරු එන්නෙ නිකන් සීනි හොයන්න යන ඇබලයො ගානට.
මෙතන දායකයොත් අපි වගේ ලපයි සිපයි නෙමෙයි. සෝමා එදිරිසිංහ, මර්වින් සිල්වා වගේ කෝටි ප්‍රකෝටි පතියෝ. පේනවනේ එසේ මෙසේ තැනක් නෙමේ ලොකු ලොකු හාස්කම් තියනව. හරියට නිකවැරටිය දොළුකන්ද වගේ. සාධු සාධු සාධු ,,,,
ඉතින් කව්ද අකමැති මේ පන්සලේ හාමුදුරුවන්ට කියල බණ පදයක් අහගන්න. අනිත් එක හාමුදුරුවෝ සෑහෙන ජනප්‍රියයි. බණ දෙසන්නෙ සයන්ස් වලින්. සාධු සාධු සාධු ,,,,
ඔය හන්ද මමත් ගියා හාමුදුරුවෝ හම්බවෙලා මම මුලින්ම වැඩකරපු  ආයතනයේ බණකට ආරාධනා කරන්න. පන්සලට ගියාට හාමුදුරුවෝ හම්බ වෙන්න නම් බැරි උනා නමුත් එතන හිටිය හාමුදුරුවන්ගේ සෙකට්‍රි.
මම:- මම අහවල් රජයේ ආයතනයේ වැඩකරන්නේ. අපි බණ දේශනා වැඩසටහනකට හාමුදුරුවන්ට ආරධනා කරන්න කියල ආවේ.
(මම හිතාගෙන හිටියේ අපේ දවසට හාමුදුරුවන්ට බැරිවෙයි, මොකද හාමුදුරුවන්ට එදාට තවත් වැඩ කටයුතු වැටිල තියෙන්න පුලවන් හින්ද. නමුත් සෙකට්‍රි කියනව..)
සෙකට්‍රි:- හ්ම්ම්ම්ම්ම්... අපේ තියනව එක එක පැකේජ්‍ ඒව. පැය බාගෙ, පැයකට පැය, එකහමාරකට අන්න එහෙම. හත්දාස් පන්සීයයි, දහ දාහයි එතන ඉදලා උඩට. කැමතිනම් දවසක් බුක් කරල ඇඩ්වාන්ස් එකක් බැදලා යන්න පුළුවන්.
මම:- මේ මේ... එහෙමද,,, (මට නිකන් හොල්මන් වගේ). ඒ විදියට විතරද? පැකේජ්‍ ඒවත් තියනවද??
සෙකට්‍රි:- ඔව් ඔව් එහෙම නැතුව බෑනෙ. මුලින්ම ඇඩ්වාන්ස්  එකක් දෙන්න ඕනි. ඉතුරු හරිය පස්සෙ ගත්තහම හරි. මේවා එහෙම නැතුව හිගන විදියට කරන්න බෑ.
මම:- මේකයි මේ රජයේ තැනකටනෙ, මම එකපාරට සල්ලි දෙන්නෙ කොහොමද?
සෙකට්‍රි:- නිකන්ම බණට එන්න බෑනෙ. වාහනේ එන්න ඕනි. තව දේවල් වලට සල්ලි යනව. එකනෙ සල්ලි බදින්න කියන්නෙ.
මම:- අපෝ වාහන ඕනි නෑ. අපි වාහනයක් දෙනව. කිසි ප්‍රස්නයක් නෑ.
සෙකට්‍රි:-  එහෙම කියල බෑ (ටිකක් සැරෙන්). හාමුදුරුවෝ වෙන වාහන වලින් වඩින්නේ නෑ. තමන්ගේ එකෙන් විතරයි එන්නෙ. මම කිව්වේ වැඩේ කෙරෙන විදිය. එක එක්කෙනාට ඕනි ඕනි ක්‍රම වලට බෑ.
මම:- ම්ම්ම්ම්ම්,,, එහෙමද. එහෙනම් හාමුදුරුවන්ට කතා කරන්න බැරිද.
සෙකට්‍රි:- බෑ බෑ හාමුදුරුවෝ මේ වෙලාවේ නෑ. කෙලින්ම හම්බුවෙන්න බෑ. මට කතා කරල හාමුදුරුවන්ට නිදහස් වෙලාවක් තිබ්බොත් තමයි හම්බුවෙන්න පුළුවන්.
මම:- එහෙනම් හාමුදුරුවන්ගෙ ටෙලිෆෝන් නොම්බර ගන්න පුළුවන්ද?
සෙකට්‍රි:- එහෙම එකක් නෑ. තිබුනත් මේ වැඩ කෙරෙන්නෙ මෙහෙම. ඕනි නම් මෙතන නොම්බරේ දෙන්නම්. xxxxxxxxxx. මහත්තයට ඕනි නම් ඇඩ්වාන්ස් තියල බුක් කරල යන්න පුළුවන්.
මදැයි බණට ආරාධනා කරන්න ගියා. දැන් තියෙන්නේ බණ පැකේජ්. ඇඩ්වාන්ස් තියන්නත් ඕනි. යකෝ පැය බාගේ හත්දාස් පන්සීයයි. හරියට නිකන් බණ තලන්න වගේ පැකේජ්.
කමක් නෑ වදින පුදන සාසනේනෙ කියල ඊට පහුවෙනිද මමත් අර දීපු නොම්බරේට කතා කරල හාමුදුරුවන්ට කතා කරන්න හැදුවත් හරිගියේ නෑ. සෙකට්‍රි බුවා කියනව වැඩේ කරන්නෙ අර විදියටමයි කියල.
මොනවා කරන්නද ලොකු ලොකු කස්ටියගෙ හැටිනෙ කියල අපිත් වෙන හාමුදුරු කෙනෙක් වඩම්මවල බණ දේශානාව තිබ්බ.
ඔය සිද්දිය වෙලා දැන් අව්රුදු කීපයක් ම වෙන හින්ද වැඩේ අමතක වීගෙන යනකොට තමයි පහුගිය මාසෙද කොහෙද මම ඉස්සර වැඩකරපු තැන යාලුවෙක් මට කෝල් කෙරුවෙ.
යාළුවා:- ඕයි,,, අන්න උඹේ හාමුදුරුවෝ සෝවාන් වෙලාලු. අර පැකේජ් බණ බුවා.
මම:- මොකක්,, පිටිදුවේ සිරි ධම්මය..
යාළුවා:- ඔව් බොල, හඃ හඃ, දැන් සිරි ධම්ම නෙමේලු. සිරි සමන්තලු..
අනේද කිව්වලු. සමහර විට දැන් පැකේජ් එක තව ගණන් ගිහින් ඇති. එසේ මෙසේද? දැන් අනාගාමි වෙලානෙ,,, හික් හික් හික්.
අබුද්දස්ස කාලේ ලබුත් තිතයි කිව්වලු.  ඒකටත් සාධු සාධු සාධු නොකියා කපන්න බැරි අත ඉබිනව විනා අසරණ අපි මක්කරන්නද,,,, irajටත් ස්පොන්සර් කරල වගේ, මට තේරෙන තරමට නම් සිරි සමන්ත පැවිදි වෙලා නොහිටිය නම් ලංකාවේ හොදම මාකටින් පොරක් වෙනව,,,,,
හාමුදුරුවෝ ගැන යූ ටියුබ් එකේ තියන ලින්ක් ටිකක් මෙතන. (1)  (2)  (3)


(කාටවත් පහර ගහන්න කියල ලියපු ලිපියක් නෙමේ, කාටවත් බොරුවක් දිගටම ගෙනියන්න බෑ. කවදාහරි එලිවෙයි. නමුත් ආගමක් මුවාවෙන් මෝඩයන්ව රවට්ටගෙන සුර සැප විදින එක නම් ලොකු පවක්)

26 comments:

  1. මේකව මමත් තබේකට විශ්වාස නෑ. ඒත් බනින්නෙ නම් නෑ.අපේ යාලුවෙකුටත් ඔහොම වැඩක් වෙලා තියනව. එයානම් හාමුදුරුවන්ගෙ කුටියටත් ගිහින් තියනව. එතන සුරපුරක්ලු.
    ඇත්තමයි සින්දුව නම පට්ට ඈ,,,

    ReplyDelete
  2. ඔව් කියන්නද නෑ කියන්නද නොතේරුනත් හිතට දුකක් දැනෙනව.
    දූපත් වැසියා CID එකේද කියලත් වෙලාවකට හිතෙනව. නැත්නම් අලියෙක්ගෙ හොඩයක් අස්සෙ තියන යකඩ කෑලි ගැන දන්නෙ කොහොමද
    ස්තුතියි පොස්ට් එකට.ජයවේවා!

    ReplyDelete
  3. අනේ කාලේ වනේ වාසේ

    ReplyDelete
  4. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වාගේ!

    ReplyDelete
  5. ඔක සිවුර දරන් ඉන්න හින්ද බනින්නත්බෑ
    නොබෑනත්බෑ

    ReplyDelete
  6. සාධු සාධු සාසාසාධු.....:DDD
    නුවණ ඇත්තෝ නුවණින් තේරුම් ගනිත්වා....

    ReplyDelete
  7. ඇපත් නෑ

    ReplyDelete
  8. බුදු හිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි!

    ReplyDelete
  9. අනිච්චේ දුක්කේ කිව්වලු

    ReplyDelete
  10. ඔහොම තමයි බන් . . තව ටික කාලයක් යනකොට හුස්ම ගන්නත් සල්ලි ගෙවන්න වෙයි . . එහෙව් එකේ බන නිකම් කියන්න බැරුව ඇති . . . . අනික බොන්සායි පැල මේන්ටේන් කරන්න එහෙම සෑහෙන වියදමක් යනවනේ . . . හික්ස්

    ReplyDelete
  11. ඔය සම්‍යක්දෘෂ්ඨික දෙයියෙක්ට කිව්වනං හරි! :P

    ReplyDelete
  12. නැට්ට පාගා ගත්ත බූරුවෙක්...! අනාගාමි හරා මොනා වුනා හරි, ඒක මිකටනි වලට යොදාගන්නේ නැහැ ඇත්තටම එහෙම වුන කෙනෙක්...!

    ReplyDelete
  13. බුදුන්ගේ කාලෙත් මේ වගේ එක එක විදියෙ ශ්‍රමණයෝ හිටියා කියනවනේ.පුදුම වෙන්ට කාරි නෑ.අනේ සංසාරේ!

    ReplyDelete
  14. බණ පැකේජ් එළ අයිඩියා එකක් ....

    ReplyDelete
  15. ඔය හොර ඝනයි..බිහිකලේත් ටිවි කට්ටියනේ...මෙයාලත් හරියට අර ටි.වී සුපර්ස්ටාල වගේ...අපේත් ගොං හරක් ඔකුන් පස්සෙ යනවනේ...

    ReplyDelete
  16. හාමුදුරුවන්ට බස් එකේ නොමිලේ වඩින්නට හැටියක් නැත.සියල්ල දෙන්නේ දායකයන්ට අවශ්‍ය ලෙසට විනා හාමුදුරුවන්ගේ අවශ්‍යතාවය සොයාබැලීමෙන් නොවේ. ඕනෑම මිනිහෙක් රෑට කෑම නැතිනම් බඩගින්දරෙන් පෙලෙයි. නමුත් සිවුරක් පොරවා අයට ගත් විට රෑට කෑම අකැප යයි කියා බඩගින්නේ සිටින්නට කියා මොර හඩ දෙයි. හාමුදුරුවරු ද මනුශ්‍යයෝය. ඔවුන්ගේ කාර්ය්‍ය වන්නේ ධර්මය ඊලග පරම්පරාවට දායාද කිරීම පමණයි

    ඉල්ලුම ඇති නිසා නේද බණකට ආරාධනා කරන්නට එන්නේ. ඉතින් හැම තැනටම ආරාධනා ලැබෙන ‍තෝරාගැනීමක් කරන්නේ කෙසේද?
    සමාජය නම් අශූචි වලේ හිදගෙන සංඝරත්නයට ගැරහීම පමණක් රැඩිකල් බොදුනුවන්ට සෑහෙන්නේද?

    ලාබ පාඩු කෙසේ වෙතත් සංඝරත්නය අපට අවශ්‍ය ලෙස වෙනස් කරන්න හෝ ශූද්ධ කරන්න දගලන සමාජය ධර්මය වෙනුවන් කියා කරන කැප කිරීම කුමක්ද? ජනප්‍රිය පංසලට ආරාධනා කරන්න ඉබේටම ඇදෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. " හාමුදුරුවරු ද මනුශ්‍යයෝය. ඔවුන්ගේ කාර්ය්‍ය වන්නේ ධර්මය ඊලග පරම්පරාවට දායාද කිරීම පමණයි"

      සමාවෙන්න ඇනෝ මම හිතාගෙන හිටියේ හාමුදුරුවරු කියන්නේ සසරින් එතර වෙන්න ගිහි ගෙයි ඇති බැඳීම් වලින් බැරි නිසා පැවිදිව ධර්ම මාර්ගයේ ගමන්ගන්නා පිරිසක් කියයි. ධර්මය දායාද කරන්නට හාමුදුරුවරුන්ට කෙලින්ම එන වගකීමක් නැත. ඒසේ නම් වනගතව වැඩසිටින ස්වාමින්වහන්සේලා ගැන ඔබ කියන්නේ කුමක්ද?

      සඟ පරපුර සතු විනය කතිකාවන් තියනවා. ඒ සීමා ඉක්මවා යන අය සංඝයා නම්වන සමාජයෙන් බැහැර කරනවා. වත්මනේ සංඝ සංගායනා නැති වීමත් මේ තත්වයන්ට මුලක්.

      ඒ කෙසේ හෝ, ඇතිවූ සියල්ල නැතිවී යන ධර්මතාව බුද්ධ දේශනා සඳහා ද වලංගුයි. අප්‍රමාදී වන්න. කුසල් මග හැසිරෙන්න. ඒ බුද්ධ දේශනාවයි.

      Delete
  17. අපේ එවුන් ඔක්කොටම ඔනි අනුන්ගෙ එවා ගන කතා කරන්න.නමුත් මුන් දන්නෙ නහැ මුන්ගෙ කිල්ලොට වල හුනු තියනවය් කියල. සින්හල අපිට කෙලවෙන්න හෙතුව මෙ වගෙ මඩ ගහිලි තමය්.

    දර්මය හරි, සින්හල හරි, ගනිතය හරි කොහොම කිව්වත් හොහොම තෙරුම් කලත් තෙරුම් ගන්න ඔනි තමුන් විසින්මය්.එක තමුන්ගෙ වැඩක්. කියන දෙයින් ගන්න දෙයක් තියනවනම් ගන්න, ගන්න දෙයක් නත්නම් නිකන් ඉන්න.

    බන පැකේජ් වලට කලින් තමුන්ගෙ කිල්ලොටෙ සුද්ද කරගත්තොත් හොඩය්.

    එහෙම කරපු දවසට දුපත් වැසියා පොහොසත් වෙය්.

    නත්නම් පොහොසත් එවුන්ට බැන බැන කොචොක් දදා ගෙය් ගෙම්ම්බක් වගේ එදිය්.

    ReplyDelete
  18. ඇනෝට මාරෙට තද වෙලානෙ අප්ප!

    එහෙම නෙමෙයි, බණ කියන්න සල්ලි ගන්නෙ මොන පිටකෙද අනුවද කියල හෙව්වනං හොඳයි නේද පිට නොකස සංඝගෙ.

    ReplyDelete
  19. නම් ගම් ඇතුව කමෙන්ට් දාපු හැමෝටමත් anonල හැමෝටමත් ස්තුතියි. පොස්ට් එක දැකල කාට හරි තරහ ගියානම් සමාවෙන්න.
    නමුත් අනාගාමී වෙච්ච මේ හාමුදුරුවෝ පන්සලට යන්න එනවටත් Rs 100ක ටිකට් එකක් කඩල කියල පහුගිය ඉරිදා ලක්බිමේ තිබ්බ.
    සංඝරත්නයේ වැරදි සංඝරත්නය විසදාගතයුතු මුත් ඇත්ත කතාව අනුන් හට කීම වරදක්ද? බණ පැකේජ් කිව්වෙ හාමුදුරුවන්ගෙ සෙකට්‍රි මිස මම නෙවේ.

    ReplyDelete
  20. @ උඩ අැනෝ
    හාමුදුරුවංගෙ වැඩේ ධර්මය ඊලඟ පරම්පරාවට දායක කරන එක නං බුදු හාමුදුරුවො එයාලට විනය නීති පැනෙව්වෙ මොකටද?

    දසසීලෙම තියනව නේද විකාල භෝජනා, උච්චාසයන මහාසයනා, ජාත රූප රජත පටිග්ගහනා..... ඔය දේවල්..

    දැං හාමුදුරුවො රෑට වලඳන්නයි බස් එකේ යන්නයි වෙන්නැ ඔච්චර සැර ගණං ගන්නෙ

    අනිත් එක බුදුහාමුදුරුවො ජීවමාන කාලවල වැඩ හිටපු අැත්ත ස්වාමීන වහන්සෙලා රෑට බඩගිනි නොවන මනුස්සයො නොවන ජාතියක් වෙන්ටැ

    දහම නසන සිවුරුහොරුංව සුද්දකරනව අැරුනම තමුන්නාන්සේ ධර්මය වෙනුවෙං කල කැප කිරිල්ල මොකද්ද දන්නෑ නෙ! :P

    ReplyDelete
  21. යට අැනෝ,
    අදහස හොඳයි වචනත් ගැලපෙනව! ඉතිං තමුන්නාන්සෙ මොකෑ දූපත්ගෙ කිල්ලෝටෙ හුණු හොයන්න එන්නෙ? තමුන්නාන්සෙගෙ කිල්ලෝටෙ සුද්ද කරගන්නවකො පච කෙලකෙල ජීවත්වෙන පවුකාරයංව සුද්ද කරන්නැතුව!

    ReplyDelete
  22. හාමුදුරුවරුන්ගෙ පිලිවත් වැරදියි කීව්වෙ ගිහියොද, පිටිදුවේ සිරි දම්ම කිව්වේ. කචල් එක වෙලාවේ සිරි දම්මගෙ සප් එකට ආවෙ මරුවින්.

    ReplyDelete
  23. එළ කිරි කතාව. ජයෙන් ජය ඔය වගෙ සීන් එළි වේවා ! සාධු සාධු සාසාධු,,,

    ReplyDelete
  24. Menna mewage Salliwalata ratapaawala dena thawath jathi Drohiyekge wdak...

    http://www.youtube.com/watch?v=SJLRjRealB8&feature=feedlik

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,