Tuesday, November 15, 2011

අපි ඉතින් දායක සබාවේ කට්ටියනේ,,,,(රටේ රහස්)

1959දී O/L කරපු කොලු ගැටයෙක්ට රුසියාවේ ලුලුම්බා විශ්වවිද්යාලයට යන්න වාසනාවක් ලැබෙනව. ඔහු අව්රුදු තුනක් එහෙ ඉදල ලෙඩ නිවාඩු අරගෙන ලංකාවට ඇවිත් තමයි රටම හොල්ලපු විප්ලවයකට මුලපුරන්නෙ. මෙන්න මේ විප්ලවීය නායකයා නොහොත් රෝහණ විජේවීරට අන්තිම මොහොතේදී මොකද උනේ කියන එක ඒ දවස වල රහසක්. නමුත් රහස වැඩිකල් තිබ්බේ නැත්තේ අන්තිම මොහොතේ ඡායාරූප ගත්ත හමුදා නිලධාරියත් ජ.වි.පෙ සාමාජිකයෙක් හින්ද.

ඔය විප්ලවය කාලෙ ජ.වි.පෙ මර්ධනය කරන්න මුලිකවම කටයුතු කරපු කට්ටියක් හිටිය. හැමෝම දන්න කෙනා තමයි රන්ජන් විජේරත්න. ඊට අමතරව මේජර් මුතාලිෆ්වත් සහ උඩුගම්පොළවත් අමතක කරන්න බෑ.
අපි මේජර් මුතාලිෆ් සහ උඩුගම්පොළව පැත්තකින් තියල රෝහණ විජේවීරව ගත්තොත්, ඔහුව 89 නොවැම්බර් 13 හමුදාව විසින් ඝාතනයට පත්කලා. මේකට උඩින්ම අණ දුන්නෙ රන්ජන් විජේරත්න මිස වෙන කව්රුත් නෙමෙයි. මැරුවට පස්සෙ කිව්ව රෝහණ විජේවීරයි, එච්. බී හේරතුයි, දෙන්නට දෙන්න වෙඩිතියාගෙන මැරුන කියල.
ඔය මෙතෙක් කියපු විස්තර ලංකාවේ බොහෝ කෙනෙක් දන්න දෙයක්. මම දැක්ක ගිය ඉරිදා පත්තර වලත් තිබ්බ.
නමුත් ජ.වි.පෙ එක නැති කරපු රන්ජන් විජේරත්නව,  ඝාතනය කරපු එක ටිකක් විතර සැඟවුන දෙයක්. හැම පැත්තේම කුණු යන්නෙ පහළින් කියන්න වගේ ඒකත් වැටුනෙ ප්‍රබාකරන්ගෙ ගොඩට.
හැබැයි ඇත්තටම මොකද උනේ සහ පත්තර වල යන්නෙ නැති තිරයෙන් පිටිපස්සේ පොඩි කතාවක් තමයි අද පොස්ට් එක.
කොළඹ විශ්වවිද්‍යාලය ලගම තියන හන්දිය තමයි තුම්මුල්ල හන්දිය, ඔන්න ඔය හන්දියට ඔන්න මෙන්න කියල තමයි ගාඩ් දාපු බෙන්ස් එකක් බෝම්බෙට අහුවෙන්නෙ.
වැඩේ වෙච්ච ගමන්ම කිව්වෙ බිම් බෝම්බයක් කියල, හැබැයි ලස්සන කියන්නෙ නිකන් අත් බෝම්බයක් පිපිරුණත් අඩි දෙකක තුනක වලක් හෑරෙන එකේ බිම් බෝම්බයක් පුපුරල හෑරුනේ අඩි එකහමාරක් විතර වලක්.
තවත් අමුතු දෙයක් උනා. ඒ දවස වල කොළඹ පාරවල් වල එහෙ මෙහේ පොඩි පොඩි වලවල් හෙම තිබ්බ. එහෙව් එකේ මෙතන බෝම්බෙ පිපිරුණා විතරයි පැයක් හමාරක් යනකොට මෙන්න ටක් ටක් ගාල තාර දානව. පුදුමයි ඒත් ඇත්තයි. ටිකකින් මෙච්චර ලොකු බෝම්බයක් තියා කාක්කෙක්වත් ජරා කරපු තැනක කියල කියන්න බැරි ගානයි. අර පරීක්ෂණ මේ පරීක්ෂණ මොකවත් නෑ. තිබුනද දන්නෙත් නෑ.
දැන් ඉතින් රජයට (රජය කිව්වට ඒකෙ ලොක්ක, නැත්නම් ශ්‍රීමතාණන්ට) ඕනි උනා මේකට ඔෆීශියල් සහතිකයක් ගන්න.
ඕකට දාපු ගැටේ තමයි ඉන්දියාවේ හැදුව කියල ගහපු පොඩි පෙට්ටි කෑල්ලක් අරගෙන වයර් කෑලි ටිකක් ඇතුලට දාල අමුනපු එක.
ඔය පෙට්ටිය එවකට පරමාණු අදිකාරියේ ලොක්කට දීල අමුතුම ගැටළුවක් විසදන්න කිව්ව. "මේ පෙට්ටියෙන් බෝම්බයක් පුපුරන්න පුළුවන්ද? බැරිද?".....  වැඩි කතා නෑ, හාද? බෑද? විතරයි. "පුළුවන්" කිව්වොත් කචල් එකක් නෑ. "බෑ" කිව්වොත් ආචාර්ය ග්‍රැන්විල්ටත්(ලොක්ක) ඉතින් දෙවියන්ගෙ පිහිටයි. ඔන්න ඔතෙන්දි තමයි හැමෝම හරියටම දැනගත්තෙ මේ කරන්නෙ අන්තිම කුප්ප බොරුවක් කියල.
සරලවම කිව්වොත් ඔය  "made in Kalkata" කියල ගහල තිබ්බ මේ පෙට්ටියට ටිකක් හයියෙන් ගැහුවහමත් කැඩෙන සයිස් එකක්. හැබැයි පෙට්ටිය හොයාගෙන තියෙන්නෙ බෝම්බෙ පුපුරපු තැන තිබිලලු. (එහෙම කියන්නෙ සී.අයි.ඩී එක) ඒත් පෙට්ටියට කිසිම හානියක් නෑ. බබා වගේ තියනව.
දැන දැන කළු ගල්වලඔලුවගහගන්න අකමැති හින්ද ග්‍රැන්විල්තුමා තෝරාගෙන තියෙන්නෙ "ඔව් බෝම්බයක් පුපුරන්න පුළුවන්" කියන උත්තරේ.
එක අතකට අහපු ප්‍රශ්නෙට උත්තරේ හරි මොකද ඒ පෙට්ටියේ තිබ්බ වයර් කෑලි වලින් බෝම්බයක් පුපුරන්න බෑ කියන්නත් බෑනේ. ඔහොම පෙට්ටියක් බෝම්බයක් ලග තිබිල ඉතුරු වෙන්නෙ නෑ කියන එක අහපු ප්‍රශ්නෙට අදාල නෑනෙ.
පෙට්ටිය පරික්ෂා කරන අතරේ ඔතෙන්ට ආපු රහස් පොලිසියෙ ලොක්කෙකුටත් ඔය ගැටළු දෙක ඉදිරිපත් කෙරුවම, පොරගේ උත්තරේ තමයි "මේකනේ මල්ලී, නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ අපි දායක සබාවේ කට්ටියනෙ,, ම්ම්ම්ම් මම කෝකටත් ලොකු බොස්ට කියන්නම් එතකොට හොදට සිද්දිය ගලපගන්න පුළුවන් වෙයි"
ඔතනින් වැඩේ ක්ලෝස්,, ලොකු බොස්ට කියල කට්ටියට ගලපගන්න දෙයක් නෑ. බඩුත් හාමුදුරුවන්ගෙලුනෙ. වැඩි සද්ද බද්ද මොකවත් නෑ. බෝම්බෙ තිබුනෙ ගිය වාහනෙම සීට් එක යට කියල කව්රුත් කිව්වෙ නෑ. මොකද අද වගේ සුදු වෑන් නෙමේ කෙලින්ම ටයර් එකක් ඇතුලේ, නැත්නම් දහ දුක් විඳ විඳ මස් වැදැල්ලක් වෙනකන් වධකාගාරයක.
...........................................
අන්තිමට ඉතින්  සහතිකයක් නිකුත් උනා මේක කොටි බෝම්බයක්ම තමයි කියල. අර "බිම් බෝම්බ" කතාව මුලින් කිව්වේ නෑ වගේ කැපිල ගිහින් "තවත් වාහනයක අටවපු, වාහන බෝම්බයක්" බවට පත් උනා.
පොස්ට් එක මෙතනින් අවසන් උනාට කතාව ඉවර උනේ නෑ. උගුල් එකක් පස්සේ එකක් ආව.
"රෝහණ විජේවීරට වැඩේ දීපු රන්ජන් විජේරත්නට ඊට අව්රුදු දෙකකට විතර පස්සෙ ශ්‍රීමතානන් වැඩේ දුන්න වගේ, ඊටත් අව්රුදු දෙකකට පස්සෙ ශ්‍රීමතානන්ටත් බාබු ගෙන් ගේම හම්බු උනා". අපි ඉතින් දායක සබාවේ කට්ටියනේ,,,,,,

20 comments:

  1. රන්ජන් විජේරත්න සිද්ධිය ගැන අහලා තිබුණෙ නෑනෙ.. ස්තූතියි!

    ReplyDelete
  2. මේක නම් මාරයි...

    ස්තුතියි, සැගවුන අදුරු අතීතයෙන් බිදක් හෝ නිරාවරණය කිරීම ගැන.

    ReplyDelete
  3. වැඩක් නෑ මෙව්වා ගැන කථා කරලා.....

    ReplyDelete
  4. මම දේශපාලන දේවල් වලට ඇඟිලි ගහන්නෙ නෑ. ඒත් අවි ගත්තෝ අවියෙන්ම නසිති කියන කියමන සත්‍ය බව ඔප්පු වෙනවා. එදත් එහෙමයි අදත් එහෙමයි, හෙටත් එහෙමයි. අපරාධ කරල හැඟෙන්න බැහැ. කොහොම හරි පල දෙනවා. දැන් හොරෙන් මිනීමරල වැජඹෙන ඒවුන්ටත් එහෙමයි.

    ReplyDelete
  5. විසිතුරු ඉපදුනේ 89න් පස්සෙ නේද?

    ReplyDelete
  6. රටේ දේශපාලන සංසිද්ධි අතර විරල ගනයේ වගේම සුලභ ගනයේ දේවල් අනන්තයි.මේ සිදුවීම වගේම තමයි කොබ්බෑකඩුව මහත්තයාගේ ඝාතන සිදුවීමත්.දේශපාලනයේ පවිටු පැත්ත

    ReplyDelete
  7. විජය කුමාරණතුංග , රෝහණ විජේවීර , රංජන් විජේරත්න, විජය විමලරත්න

    ඔය හැමෝටම මැරෙන්න වුණේ නමට විජේ කෑල්ලටක් තිබ්බ නිසා කියලත් කතාවක් තියෙනවනෙ. ඒත් අන්තිමට ජනාධිපති වුණේත් විජේ කෙනෙක්මයි . ඩී බී විජේතුංග

    ReplyDelete
  8. ඔව ඔහොම තමා ලොක්කා..කල දුටු කලට වල ඉහ ගන්නවනේ...

    ReplyDelete
  9. "දූපත්" වල සැඟවුන රහස්...

    තව මේ වගේම දේවල් තියෙන්න පුලුවන්...

    ඒවත් හෙමීට ලියල දැම්මනම් අගෙයි..

    ReplyDelete
  10. සරත් ගුණතුංග කියපු දේ තමයි කියන්න තියෙන්නෙ , මිනි මරු ශ්‍රි මතානන් ගේ පුත්තර රත්නය ආයේ ඒ වගේ යුගයක් ගේන්න හදන කොට ඇඟ කිලිපොලා යනව නේ ? අපි එච්චර අවසනාවන්ත නොවේ කියල හිතමු . මොන අඩුපාඩු තිබ්බත් දැන් ඊට වඩා සිය ගුණයක් හොඳයි !

    ReplyDelete
  11. පොලිටිකල් වනාහි කලටිපොල්ය! මුං ගැන කතා කරල වැඩක් නැත

    ReplyDelete
  12. විජේවීර කියන්නේ බලයට කෑදර අමුම අමු පෙරේත බල්ලෙක්.

    ReplyDelete
  13. මමත් ඔය ජේ.වී.පී. එකටනම් එතරම් කැමැත්තක් නෑ. එයාල හින්ද හුඟක් තරුණ කට්ටිය නිකරුනේ මැරුම් කෑව. සමහරු දේශපාලනය ගැන දන්නෙවත් නැති බොහොම පොඩි උන්.
    ඔය වගෙ අපරාධ හින්දම තමයි අද ඒ ගොල්ලො කැඩිල බිඳිල ගිහිල්ල වැලේ වැල් නැතුව ඉන්නෙ.
    ඒ වුනාට අනෙක් පක්ෂවල අය මේව පාඩමකට ගන්නෙ නැති එකයි වැරැද්ද ...
    [දැන් මෙහෙම ලීව කියල මම ධනපති පංතියෙ එකෙක්ය කියල හිතන්ට එහෙම එපා .. ඕං ....]

    ReplyDelete
  14. වටින පොස්ට් එකක්..

    ReplyDelete
  15. රටේ විනිවිද පෙනෙන නීති සමුදායක් නොමැති වූ විට, පවත්නා නීති රටෙහි පාලකයන් අමු අමුවේ උල්ලංඝනය කරා විට සාමාන්‍ය ජනයා නීතිය අතට ගැනීම මෙන්ම වෙනත් ක්‍රම වලින් තම විරෝධය පල කිරීම ඉතාම සාමාන්‍ය දෙයක්. මෙහි අවසාන ප්‍රතිඵලය 88-89 යුගයේ වැනි භීෂණ යුගයක්! අවාසනාවට ලාංකිකයන් වන අප පසු ගිය සිද්ධීන් වලින් පාඩම් ඉගෙන නොගන්නා අමන ජාතියක් නිසා එකම චක්‍රයක් තුල තවම අපි සිර වී සිටිනවා. බුද්ධියට නොව හැඟීම් වලට අනුව තම චන්ද අයිතිය භාවිතා කරන බහුතරයක් නිසා අප විසින් පත් කර ගන්නා පාලකයන් බුද්ධිමත් සුලුතරය පවා වල පල්ලට දක්කනවා. මේ තත්වය සැබැවින් ම ශෝචනීයයි.

    ReplyDelete
  16. සරත් ගුණතුංගත්, ජනරඟ දේවසුරේන්ද්‍රත් යන දෙන්නගෙ අදහස් වලට මමත් එකගයි.

    ReplyDelete
  17. චානකගෙ කතාවත් මම අහල තියනව. නමුත් පරශ්නෙ තියෙන්නෙ විජේල මැරුණේ 4ක් උනාට තව 60000කුත් මලානෙ. ඔතන සිල්ව, ප්‍රනාන්දු, අල්ගම වගේ කට්ටිය බුරුතු පිටින් එන්න ඇති.
    නමුත් ඔය විජේ කතාවත් රටේ ජනප්‍රියයි.

    ReplyDelete
  18. Anon,kumaraya,Raj නමුත් අපි අපිමනේ චන්දෙ දීල කට්ටියව පත්කරගන්නේ.

    සුළග, රත්නේ , පෙදරේරුවා ඇතුළු හැමෝටම ස්තුතියි.

    ReplyDelete
  19. මේක ඇහුවේ පලවෙනි සැරේට ...

    ReplyDelete
  20. පරණ උනත් රාජ්‍ය රහස්නෙ "මගේ කවි", හැමතැනම නෑ.

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,